වස්සානයේ ඇරැඹුම
කොල්ලුපිටිය වාලුකාරාමාවාසී
ගෞරව ශාස්ත්‍රවේදී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
භික්‍ෂුව ගිහියාට වඩා ප්‍රතිපදාවේ වේගයෙන් ගමන් කරයි. ඒ සඳහා කුසල
හෙවත් කෞශල්‍ය ඇති කරගත යුතු ය. එහෙයින් සාමාන්‍ය බෞද්ධයෙකුට එහා ගිය
ප්‍රතිපත්ති මාලාවකින් භික්‍ෂුව සම්පූර්ණ වීම අවශ්‍ය ය. මේ පදනම මත
පිහිටා බෞද්ධ සූත්‍ර හා විනය මූලාශ්‍ර වල සඳහන් වන ආකාරයට බුදුරදුන්
පනවන ලද ශික්‍ෂා දෙවර්ගයකි.
බුදුරජාණන් වහන්සේගේ නිරන්තර අවවාදය වූයේ භික්‍ෂුව වනාහි පැහැදීම ජනිත
වන අයුරින් විසිය යුතු ය.
අප්පසන්නානං වා පසාදාය
පසන්නානං වා භීය්‍යො භාවාය
මෙයින් කියවෙන්නේ නොපැහැදුනන්ගේ පැහැදීම පිණිසත් පැහැදුනන්ගේ වඩා
පැහැදීම පිණිසත් භික්‍ෂුව විසීමේ අවශ්‍යතාවයි. භික්‍ෂු සමාජය ආදර්ශවත්
සංස්ථාවක් බවට පත්වීම විෂයෙහි වරින් වර විවිධ ප්‍රඥප්තීන් පවා පැනවීමට
සිදුවූයේ ඉහත සඳහන් අරමුණ සාධනය කිරීම විෂයෙහිය.
වස් සමාදන් වීම විෂයෙහි භික්‍ෂුනට ප්‍රඥප්තියක් පනවන ලද්දේද එහෙයිනි.
ශාසන ඉතිහාසය තුළ භික්‍ෂූන් විෂයෙහි පනවන ලද සෑම විනය ශික්‍ෂාවකටම යම්
හේතුවක් විය. හේතුඵලවාදී දහමක් වන බුදුදහම විනය විෂයෙහිද ප්‍රායෝගිකව
එය ක්‍රියාත්මක විය. ප්‍රඥප්තිය යනු පැනවීමකි. වස් සමාදානය ද විනය
ප්‍රඥප්ති ගණයට අයත්ය. බෞද්ධ විමුක්ති මාර්ගයෙහි ගමන් ගන්නන් ප්‍රධාන
වශයෙන් කොටස් දෙකකි. එය ගිහි සහ පැවිදි වශයෙන් නම් කළ හැකි ය. මෙසේ
වර්ග කිරීමේදී මෙම දෙපිරිසද අතර පවතින වෙනස තේරුම්ගත යුතු ය. ප්‍රධාන
වෙනස ඇත්තේ ප්‍රතිපදාව තුළ නොවේ. එය මෙම ප්‍රතිපදාවේ ගමන් කරන වේගය
අනුවය. භික්‍ෂුව ගිහියාට වඩා ප්‍රතිපදාවේ වේගයෙන් ගමන් කරයි. ඒ සඳහා
කුසල හෙවත් කෞශල්‍ය ඇති කරගත යුතු ය. එහෙයින් සාමාන්‍ය බෞද්ධයෙකුට එහා
ගිය ප්‍රතිපත්ති මාලාවකින් භික්‍ෂුව සම්පූර්ණ වීම අවශ්‍ය ය. මේ පදනම මත
පිහිටා බෞද්ධ සූත්‍ර හා විනය මූලාශ්‍ර වල සඳහන් වන ආකාරයට බුදුරදුන්
පනවන ලද ශික්‍ෂා දෙවර්ගයකි.
1. පොදුවේ ගිහි පැවිදි දෙපක්‍ෂයම රැකිය යුතු ශික්‍ෂා
2. ප්‍රඥප්ති හෙවත් භික්‍ෂූන් වහන්සේ රැකිය යුතු ශික්‍ෂා වශයෙනි.
මෙහිදී විශේෂ වශයෙන්ම අවධාරණය කර ඇත්තේ භික්‍ෂූන් විසින් කඩ නොකළ යුතු
ප්‍රඥප්තීන් සම්බන්ධවයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ විනය ශාසනයෙහි ආයුෂ
(විනයෝ නාම සාසනස්ස ආයු) බැවිනි. විනය එක්තරා ආකාරයකට සීලයකි. මෙලෙස
වරින් වර ශික්‍ෂා පැනවූයේ අහේතුකව නොවේ. විනය පිටකයේ පාරාජිකාපාලියට
අනුව විනය පැනවූයේ කාරණා 10 ක් සලකාගෙනය.
1. සංඝයාගේ යහපැවැත්ම
2. සංඝයාගේ පහසුව
3. නොදැමුණ පුද්ගලයන් දමනය කිරීම.
4. ශික්‍ෂාකාමී භික්‍ෂූන්ගේ පහසු විහරණය
5. ලෞකිකවශයෙන් පහළවන ආශ්‍රවයන්ගෙන් ආරක්‍ෂා වීම.
6. පාරලෞකික වශයෙන් පහළවන ආශ්‍රවයන්ගෙන් ආරක්‍ෂා වීම.
7. නොපැහැදුණන්ගේ පැහැදීම ඇතිවීම සඳහා.
8. පැහැදුනන්ගේ වැඩි පැහැදීම සඳහා.
9. බුද්ධ භාෂිතය බොහෝ කලක් පැවතීම.
10. භික්‍ෂු සංවරයට අනුබල දීම වශයෙනි.
මෙලෙස ගත්විට වස්සාවාසික ශික්‍ෂා පදයෙහි අරමුණ වූයේද සංවිධිත සංඝ
සමාජයක් ඇතිකිරීමයි. බුද්ධත්වයෙන් වසර විස්සක් යනතුරුම කිසිදු
ප්‍රඥප්තියක් නොපන වන ලදී. එහෙත් ඉන්පසු ඇති වූ විවිධ හේතු සාධක මත
වරින් වර විනය ප්‍රඥප්තීන් පනවන්නට වූහ. මුල් කාලසීමාව තුළ භික්‍ෂු
සංස්ථාවෙහි පැවැත්ම විෂයෙහි ධර්මය පමණක් ප්‍රමාණවත් වූහ. පැවැතියේ
ඕවාදප්‍රාතිමෝක්‍ෂය පමණි. සසුන ව්‍යාප්ත වීමේ දී මෙය ප්‍රමාණවත් නොවූ
හෙයින් ශික්‍ෂා පැනවීම ඇරඹුණි. එහි එක් ප්‍රබල අවස්ථාවක් ලෙස වස්
ශික්‍ෂාපදය සඳහන් කළ හැකි ය. මහාවග්ගපාලියට අනුව භික්‍ෂූන්ට වස්
වසන්නැයි ඉදිරිපත් කර ඇත්තේ චෝදනාත්මක මුඛයෙනි.
විනය පිටකයේ මහාවග්ගපාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකයට අනුව හේමන්ත,
ගිම්හාන, වස්සාන යන සෘතු 03 හිම ගම් නියම්ගම්හි සැරිසැරූ භික්‍ෂූන්
විෂයෙහි මහජනයා චෝදනා කළේ ය.
“පක්‍ෂීන් පවා වැසිකාලයේ දී තම කැදලි වලට වී සිටිති. මිථ්‍යාදෘෂ්ටික
ඇතැම් බමුණන්ද තම අසපුවන්හි සිටිති. කවර හෙයින් ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ
එසේ නොකරන්නේද? ඔවුහු හැදීගෙන එන තණ පාගමින් වැඩමකරති. එවිට ජීවීන් පවා
මියයති” ආදී වශයෙනි.
මෙම ප්‍රකාශය වස් විසීම විෂයෙහි ප්‍රබලව බලපාන ලදී. එපමණක් ද නොවේ.
භාරතීය ජනයා සෘග් වෛදික යුගයේ සිටම ස්වභාව දහමට ගරු කරන පිරිසක් වූහ.
බුදුරදුන් පවා භික්‍ෂූන්ට පැවසුවේ ගහක අත්තක් පවා කැඩීම නොකළ යුතු
බවයි. එසේම පැළවෙන බීජ ආහාරයට නොගත යුතුය යන්නයි. වස් අනුදැන වැදෑරීමට
මෙයද එක් සාධකයක් ලෙස හඳුනාගත හැකි ය. ධර්මය දේශනා කරන තැනදී
භික්‍ෂූන්ට නිරන්තර දේශනා කළේ,
රමණීයානි අරඤ්ඤානි
යත්ථන රමතී ජනො
වීතරාගා රමෙස්සන්ති
නතේ කාමගවේසි නො වශයෙනි.
එනම් මෙයින් පැවසෙන්නේ සාමාන්‍ය මිනිසා සිත් අලවන වනයන්ට කැමැති
නොවෙති. එහෙත් වස්තුකාම ක්ලේශකාම නොසොයන වීතරාගී රහතන් වහන්සේලා එබඳු
ආරණ්‍යයන්ට කැමැති වෙති. බොහෝ විට බුද්ධ අනුශාසනාව වූයේ,
“වනං ජින්දථ මා රුක්ඛං” ලෙසය එනම් කෙලෙස් වනය සිඳින්න. එහෙත් සොබාදහමේ
දායාද විනාශ නොකරන්න යනුවෙනි. ‘චරථ භික්ඛ වේ චාරිකං......’ ආදී
ඉගැන්වීමට අනුව නිරන්තර ධර්ම ප්‍රචාරක කටයුතු වල නියළෙන භික්‍ෂූන්ගේ
පහසුව සඳහා ද වස් විසීම අනුදැන වැදෑරීමට තවත් හේතුසාධකයක් විය.
මෙම ප්‍රඥප්තියට අනුව ගිලන් නොවූ සෑම උපසපන් භික්‍ෂුවක්ම පෙර වස් හෝ
පසුවස් සමාදන් විය යුතු ය. මෙසේ පැනවීමෙන් පසුව වස් විසිය යුත්තේ කවර
දිනයකදී ද යන ප්‍රශ්නය මතුවිය. එහිදී වස් විසිය යුතු දින දෙකක්
බුදුරදුන් දේශනා කර ඇත.
‘අනුජානාමි භික්ඛවේ වස්සා නෙ වස්සං උපගන්තුං ද්වේ මේ භික්ඛවේ
වස්සූපනායිකා පුරිමිකා පච්ඡිමිකා ච අපරජ්ජුගතාය.......’ (මහාවග්ගපාලිය
346 පිට)
මහණෙනි, වස්සාන කාලයෙහි වස් විසීමට අනුදැන වදාරමි වස් එළඹීම් දෙකකි.
එනම් පෙරවස් හා පසුවස් වශයෙනි. මේ වස් විසිය යුතු අවස්ථා දෙකයි.
(මහාවග්ගපාලිය 346 පිට)
මෙයට අනුව ලෝකවාසී බෞද්ධ භික්‍ෂූන් වස් විසීම සිදු කරයි. පෙරවස් සමාදන්
නොවූ භික්‍ෂුව පසුවස් සමාදන් වෙයි. මෙයින් කඨිනයක් පිළිගත හැක්කේ
පෙරවස් සමාදන්වන භික්‍ෂුවට පමණි. කඨින චීවර පූජාව ලෙස සිවුරක් අනුදැන
වදාරන්නේ ද වස්සාවාසික ශික්‍ෂාව පනවා තවත් කලකට පසුවය. ගිහි පැවිදි
දෙපක්‍ෂයේම ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීම සඳහා වසරේ අනෙක් කාල
සීමාවන්ට වඩා මෙය වස්කාලය උපයෝගී කරගත හැකිය. ඒ සඳහා තිර අදිටනකින්
කටයුතු කිරීම අප දෙපක්‍ෂයේම පරම යුතුකමකි. |