|
|
කොළඹ, හුණුපිටිය
ගංගාරාමාධිපති ගලබොඩ ඤානිස්සර හිමියන්ගේ
ආරාධනයෙන් මෙරටට පැමිණි තායිලන්ත බෞද්ධ
දානපතීන් විහාරස්ථාන 200 කට අරමුදල්
පරිත්‍යාග කිරීම අරලියගහ මන්දිරයේ දී 4
වැනි දා සිදු කෙරිණි. රට පුරා අඩුපාඩු
සහිත විහාරස්ථාන 3500 ක් නගා සිටුවීම
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ
සංකල්පයක් මත ක්‍රියාත්මක කර ඇති අතර අදාළ
පරිත්‍යාග මේ යටතේ සිදු කෙරිණි. මේ
කටයුතුවලින් අනතුරුව ජනාධිපතිවරයා සහ
ජනාධිපති ආර්යාව අතින් මහ සංඝරත්නය
විෂයෙහි දහවල් දානය පිරිනැමූ අවස්ථාව.
ඡායා - සුදත් සිල්වා. |
|
|
ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා
විහාරයට
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවා මුරය මාරුව මල්වතු
මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට බාරදීමේ චාරිත්‍රය මල්වතු අස්ගිරි
අතිගරු මහ නා හිමිවරුන්ගේ සහ දියවඩන නිලමේතුමාගේ සහභාගිත්වයෙන් නිකිණි
පුර පසළොස්වක පෝයදිනට පසුදින එනම් දවල් පෙරහර දින පැරැණි
චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කැරිණි.
ඉතිරිය»
|
|
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා
බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.
මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|