මැදවෙල
රජමහා
විහාරය
ඉන්දික පොල්කොටුව
ඓතිහාසික මැදවෙල රජමහා විහාරයෙහි චෛත්‍යය හා
ටැම්පිට විහාරගෙය |
ලාංකේය ඉතිහාසය මෙන්ම මෙරට බෞද්ධ ඉතිහාසය තුළද වට්ටගාමණී අභය හෙවත්
වළගම්බා රජුට හිමි වන්නේ අතිශය සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන් වළගම්බා
රජු කරවූ බවට ඉතිහාසයේ සඳහන් වෙහෙර විහාරස්ථාන රාශියකි. ඉන් ක්‍රි.පූ.
88 දී කරවූ බව සඳහන් මැදවෙල රජ මහා විහාරය බොහෝ දෙනෙකුගේ පූජනීයත්වයට
වන්දනීයත්වයට පාත්‍ර වන ඓතිහාසික සිද්ධස්ථානයකි.
මකර තොරණ සහිත ටැම්පිට විහාරගේ දර්ශනයක් |
දර්ශනීය කඳු මුදුනේ පිහිටි මෙම විහාරස්ථානය අතිශය දුර්ලභ පූජනීය ස්ථාන
කිහිපයකින් සමන්විතය. මෙම විහාරස්ථානයේ විහාර මළුවට පිවිසීමට පෙත්මං
දෙකක් තිබේ. විහාර මළුව තුළ ඉපැරැණි ඓතිහාසික ටැම්පිට විහාරගෙය හා
අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය දක්නට ලැබේ. විහාරස්ථානයේ අතිශය වැදගත්
අංග වන්නේ පුරාණ ටැම්පිට පිළිමගෙය හා ඒ තුළ නිමවා ඇති මකර තොරණ සහිත
දේව විමානයද, බුදුපිළිමය හා මහනුවර යුගයේ චිත්‍රයන්ය. එමෙන්ම පහළ
තැන්නක ඇති සංඝාවාස ගොඩනැගිලි, ඉපැරැණි දාගැබ හා පැරැණි ක්‍රමයේ පෝය
ගෙය මැදවෙල රජමහා විහාරස්ථානයේ ඓතිහාසිකත්වය මැනවින් පෙන්නුම් කරයි.
1755 කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් ගේ තඹ සන්නසෙහි විහාරස්ථානය පිළිබඳ
ඓතිහාසික රජු කරවූ බව සඳහන් මෙම විහාරස්ථානය කුරුණෑගල සිවුවන පැරකුම්බා
රජු දවස (ක්‍රි.ව. 1326) අලුත්වැඩියා කිරීම ආරම්භ කරනු ලැබීය. එම
වකවානුවේ නාගල වනරතන මහා තෙර විසින් කරන ලද ඉල්ලීමකට අනුව දැදිගම
ප්‍රාදේශීය රජවරයකු විසින් දෙමහල් විහාරස්ථානයක් මෙහි ඉදිකරවන ලදී.
අනතුරුව තුන්වන වික්‍රමබාහු රජු විසින් මෙම විහාරස්ථානයට ඉඩම් පූජාවක්
කැර ඇති අතර 1755 තඹ සන්නසට අනුව සම සතරැස් සැලැසුමකින් සිටුවන ලද මිටි
ගල් කුලුණු මත (ටැම් මත) විහාරගෙයක් සාදා ඇත. ඒ අනුව මෙම විහාර ගෙය අදද
ඓතිහාසික මැදවෙල ටැම්පිට විහාරය ලෙසින් වන්දනීයත්වයට පාත්‍රව තිබේ.
විහාරස්ථානයේ නව විහාර ගෙය |
විහාර ගෙයි උඩුමාලයේ බුදුපිළිම තුනක්ද, වියන් චිත්‍ර හා බිත්තිවල අඳින
ලද චිත්‍ර 119 කින්ද සමන්විත වන අතර පහත මාලයේ මකර තොරණක්, ඒ යට
වජ්‍රාසනයෙන් වැඩහිදින බුදු පිළිමයක්ද ශක්‍ර, බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වර
දේව රූපද පිහිටුවා බුද්ධ චරිතයේ කතා හා ජාතක කතා වලින් බිත්ති අලංකාර
කැර ඇත.
මෙයට අමතරව 14 වන සියවසට අයත් සඳකඩ පහනක්, ගජසිංහ රූ රැගත් කොරවක් ගල්ද
දැනටත් මෙම විහාරස්ථානයේ දැක ගත හැකිය. මැදවෙල තඹ සන්නසට අනුව
පෘතුගීසින් විසින් විහාරගෙය විනාශයට පත් කැර ඇති අතර පසුව කීර්ති ශ්‍රී
රාජසිංහ රජුගේ උපදෙස් මත දුනිවිල අධිකාරම් විසින් එය ප්‍රතිසංස්කරණ
කරනු ලැබ තිබේ.
විහාරස්ථානය පිළිබඳ වැදගත් තොරතුරු ඇතුළත් සෙල්ලිපියේ පේළි 16 න් පේළි
8 ක් පමණක් මේ වන විට පැහැදිලිව ඇති අතර අනෙක් පේළි සියල්ල අපැහැදිලි
තත්වයේ පවතී.
විහාරාධිපති සියම් මහා නිකායේ
මල්වතු පාර්ශ්වයේ හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත
දෙහිගම චන්දරතන නා හිමි |
පැහැදිලිව තිබෙන සෙල්ලිපි වලින් කියවෙන ගම්පොළ යුගයේ තුන්වන
වික්‍රමබාහු රජු සමයෙහි මෙම විහාරස්ථාන පරිශ්‍රය ප්‍රදේශයේ ආදායම් එකතු
කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පැවැති බවයි.
ටැම්පිට විහාරයෙහි ඇති සිතුවම් |
පවතින තොරතුරු හා පුරාවෘත්ත අනුව මේ වසර වන විට මැදවෙල රජමහා
විහාරස්ථානයට වසර දෙදහස් එකසියයක් සපිරේ. ඒ අනුව ගත් කළ මෙරට ඉපැරැණි
විහාරස්ථාන අතරට මැදවෙල විහාරස්ථානය එක්ව තිබේ.
සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා උතුම් සංඝ පීතෘවරයකු ලෙස ඉමහත් ශාසනික
මෙහෙවරක යෙදෙන මල්වතු පාර්ශ්වයේ හාරිස්පත්තුව ප්‍රධාන සංඝනායක
ශාස්ත්‍රපති පණ්ඩිත දෙහිගම චන්දරතන නාහිමි මෙම විහාරස්ථානයේ වත්මන්
විහාරාධිපති හිමියන්ය. ප්‍රදේශවාසීන් ගේ සහ දායක සභාවේ සහයෝගයෙන්
උන්වහන්සේ මෙම විහාරස්ථානය වත්මනෙහි සුවිශාල දියුණුවකට ලක්කරමින් පවතී.
මැදවෙල ශ්‍රී සුමංගල දහම් පාසල, රජමහා විහාරස්ථ උපාසක සමිතිය, තරුණ
බෞද්ධ සමිතිය, ඇතුළු බෞද්ධ සමිති සංවිධාන 15 ක් පමණ විහාරස්ථානයේ
කේන්ද්‍ර කැරෙගෙන මේ වන විට පවත්වාගෙන යනු ලබන අතර ඉතා ඈත දුර බැහැර
ප්‍රදේශවලින් පවා දෛනිකව මෙම විහාරස්ථාන වන්දනා මාන කැර ගැනීමට මෙන්ම
නැරඹීමට බොහෝ පිරිස් පැමිණෙති.
වළගම්බා රජුන් දවස කැර වූ මෙම විහාරස්ථානය තුළින් අදද සැබෑ ශාසනික
මෙහෙවරක් ඉටුවෙමින් තිබීම බෞද්ධ ජනයාට ඉමහත් සතුටක් ගෙන දෙනු ලබයි.
සිතුවම් කැර ඇති වෙස්සන්තර ජාතකය |
ඡායාරූප :- උදේනි රාජපක්ෂ
|