UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

සිතුල්පව්ව රාජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම පසුගියදා සිදු කැරිණි. එහිදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම චෛත්‍යයේ චූඩා මාණික්‍යය නිරාවරණය කළ අවස්ථාව. සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නා හිමියෝ ද මෙහි වෙති.

පැවිදි පින්කමක්

2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව කුරුණෑගල උයන්දන ශ්‍රී ඛේත්තාරාම පුරාණ විහාරස්ථානයේ දී ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කෝවාන ශ්‍රී සුමංගල පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති කෝවානේ පාලිත හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් ජපන් ජාතික යසෂිරෝ මහතා සමග මහවිලච්චියේ ධම්මික මධුෂාන් ශිෂ්‍යයා, ජපානයේ සුදම්ම හිමි නමින් සහ මහවිලච්චියේ ප්‍රබෝධ හිමි නමින් පැවිදි බිමට පත්විය. එම අවස්ථාවට සහභාගිවූ ජපන් ජාතික යුසී සිමාධන හිමියන් සමග ජපන් ජාතික නියෝජිත පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ පැවැති ධර්ම දේශනාව සඳහා දෙහිවල සාරානාත් බෞද්ධ නිකේතනාධිපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එළමල්දෙනියේ සාරානන්ද හිමියන් දම් දෙසූ අයුරු සහ ප්‍රාථමික අංශ ප්‍රධානී මුදිතා මදනායක මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසුවියන් ඒ සඳහා සහභාගි වූ අවස්ථාව. ඡායාරූප – වාසිත පටබැඳිගේ

කලාශූරී විල්ෆඩ් මෙන්ඩිස් ගුණසේකර මහතාගේ අවුරුදු 100 ජන්ම දිනය නිමිත්තෙන් අභයදාන පින්කමක් ඒ මහතාගේ දරුවන් විසින් සිදු කරන ලදී.

 
 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33 න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය

මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]