කුලුණු බර දෑසින්
ලොවට
සෙත ශාන්තිය
බෙංගමුවේ නාලක හිමි
දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම්
බුදුරජාණන් වහන්සේ යනු මෙතෙක් ලොව බිහි වූ අය අතර
ශ්‍රේෂ්ඨතම පුද්ගලයා මෙන්ම අග්‍රගණ්‍ය ප්‍රඥාවන්තයාය.
ඒ බුදු බව ලැබීමට පදනම් වූයේ ද සියලු සතුන් කෙරෙහි පතළ කරුණාවයි. එදා
සුමේධ තාපසයා ලෙස සිටි අවධියෙහි දීපකංර බුදුරදුන් හමුවෙහි නිවන් දැකීමට
තිබුණු අවස්ථාව පසෙක දමා බොහෝ දුක් ඇති සසර කතරට පිවිසුණේ “මා වැනි
කෙනෙක්
අන් අය ද සසර දුකින් එතෙර කිරීමට ක්‍රියා කරනු මිස තනිවම
නිවන් දැකීම තරම් නොවේ” යන කුලුණු බර හැඟීම නිසාම යි
මීට වසර 2320 කට පෙර පොසොන් පොහෝ දිනයක සිංහල දීප නමින් හැඳින්වුණු අපේ
රටේ මිහින්තලා පවුවෙහි අපූරු දෙයක් සිදු විය. දික් විජය අත්හැර ධර්ම
විජය ක්‍රියාත්මක කළ දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ගිහි කල පුත් වූ
පසුව බුදු පුත් බවට පැමිණි මහා මිහිඳු මහ රහතන් වහන්සේ මිස්සක පව්වට
වැඩම කිරීම ඒ අපූරු සිදුවීමයි. මෙරට එදා නායකයා වූ දෙවනපෑතිස් රජතුමා
තම පියාණන්ගේ නොදුටු මිතුරකු බව මිහිඳු මාහිමියෝ හොඳින් දැන සිටියහ.
රජතුමා දඩ කෙළියෙහි යෙදී සිටියදී එතුමා හමුවීමට තීරණය කිරීම ද අපූරුය.
මිහිඳු මාහිමියෝ මිස්සක පවුව මත වැඩ සිටියදී දුනු හී රැගෙන මුවකු
ලුහුබඳීන රඡු තිස්ස තිස්ස ‘ නමින් අමතූ®හ. තමන්ට නම කියා කතා කරන්නේ
කවුදැයි විමතියෙන් බලන රජුට මිස්සක පව්ව මත වැඩ සිටි මිහිඳු හිමියන්
ඇතුළු පිරිස නෙත ගැටුණේය. “මගේ නම කියා කතා කරන්න ඔබ කවුද” කියා රජතුමා
එදා ප්‍රශ්න කලාට කිසිදු සැකයක් නැත. මිහිඳු හිමියන්ගේ පිළිතුර වූයේ
මෙයයි.
‘සමණා මයං මහා රාජ
ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බුදීපා ඉධා ගතා’
“මහ රජ ධර්ම රාජයාණන්ගේ ශ්‍රාවක වූ අපි ශ්‍රමණයෝ වෙමු ඔබටම අනුකම්පා
පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු”
අපි ධර්මරාජයාණන් ගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු’යි මිහිඳු හිමියන් වදාළ
විට මේ පිරිස කවුදැ’යි රජතුමාට වටහා ගත හැකි විය. කුමක් හෙයින් ද යත්
තම මිතුරා වන ධර්මාශෝක රජතුමා තුනුරුවන් සරණ ගොස් දැහැමි කෙනෙකු වී ඇති
බවත් එතුමාගේ ධර්ම දූත මෙහෙවර ගැනත් කල් ඇතිව අසා දැන සිටි බැවිනි.
මිහිඳු හිමියන්ගේ පිළිතුර වූයේ ‘තවේව අනුකම්පාය ජම්බු දීපා ඉධා ගතා’
ඔබටම අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යන ප්‍රකාශයයි. මෙහි
ආවේ මොනවටදැයි ඇසීමට රජුට අවකාශ නොලැබුණි. රජතුමාට එනම් රටට ම අනුකම්පා
පිණිස පැමිණි බව උන්වහන්සේ එක එල්ලේම පැවසූහ. පිළිතුරෙහි එන ශ්‍රේෂ්ඨතම
වැකිය එයයි. එහිද ‘තවේච අනුකම්පාය’ යන්න වඩාත් වැදගත් වෙයි. එම වදනින්
කුළුගැන්වෙනුයේ අන් කිසිවක් නොව කරුණාවයි.
බුදුරජාණන් වහන්සේ යනු මෙතෙක් ලොව බිහි වූ අය අතර ශ්‍රේෂ්ඨතම පුද්ගලයා
මෙන්ම අග්‍රගණ්‍ය ප්‍රඥාවන්තයාය. ඒ බුදු බව ලැබීමට පදනම් වූයේ ද සියලු
සතුන් කෙරෙහි පතළ කරුණාවයි. එදා සුමේධ තාපසයා ලෙස සිටි අවධියෙහි දීපකංර
බුදුරදුන් හමුවෙහි නිවන් දැකීමට තිබුණු අවස්ථාව පසෙක දමා බොහෝ දුක් ඇති
සසර කතරට පිවිසුණේ “මා වැනි කෙනෙක් අන් අයද සසර දුකින් එතෙර කිරීමට
ක්‍රියා කරනු මිස තනිවම නිවන් දැකීම තරම් නොවේ” යන කුලුණු බර හැඟීම
නිසාම යි. ජාතක කතා බොහොමයක් කුළු ගැන්වනුයේ ද බෝසතාණන් වහන්සේගේ කරුණා
ගුණය යි.
මේ බව අමාවතුර, බුත්සරණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය වැනි පැරැණි සිංහල
සාහිත්‍ය කෘති මගින් දැක්වෙන බුදු දහමෙන් අපේක්‍ෂිත පරමාර්ථය වන නිවනට
යොමු වීමට නම් පළමුව ආත්මාර්ථකාමිත්වයෙන් එනම් මමත්වයෙන් බැහැර වීමට
උත්සාහ කළ යුතුය. ඒ සඳහා උපකාර වන මූලික ගුණය වනුයේද අනුන්ගේ දුකට
පිහිටවන හදවතක් අතිකර ගැනීමේ කරුණා ගුණයයි. බුදුරජාණන් වහන්සේටද මහා
කාරුණිකයාණෝ යැයි පවසති. බුදු සසුනද කරුණා ශාසනය නමින්
හැඳින්වෙයි. කරුණා ගුණය බුදුරදුන් කෙරෙහි මෙන්ම බුදු සසුන පිළිබඳව ද
මොනතරම් බලපෑමක් කර ඇද්දැයි ඉන් පැහැදිලි වෙයි.
බුද්ධත්වයෙන් නවවන මාසයේ බුදුරජාණන් වහන්සේ අපේ රටේ මහියංගණයට ද පස්වන
වසරෙහි නාගදීපයට ද වැඩම කළේ මහා කරුණා ගුණය නිසාම ය. උන්වහන්සේ සුනීත,
සෝපාක, රජ්ජුමාලා වැනි අසරණ අයට මෙන්ම අංගුලිමාල, ආලවක වැනි දරුණු අයටද
පිහිට වූයේ මහා කරුණාවෙන් බලා වදාරා ඔවුන්ගේ ස්වභාවය හොඳින් දැනගෙනයි.
උන්වහන්සේගේ බුද්ධ ඤාණයට, සර්වඥතා ඤාණයට පදනම් වූයේ මහා කරුණාවයි.
අනුන්ගේ දුක දැක හදවතෙහි ඇතිවන කරුණාව කවරෙක් තුළ හෝ ඇති නොවෙතොත් ඔහු
තුළ කිසිදු ගුණ දහමක් නොපිහිටයි. සැබෑ කරුණාව යනු ව්‍යාජ බවට හා කුහක
බවටද ප්‍රතිපක්‍ෂවූ ගුණය යි. අනුබුදු මිහිඳු මහරහතන් වහනසේ තුළද
පැවැතියේ කරුණා ගුණය යි. දෙවනපෑතිස් රජතුමා නුවණැතියකු බව වටහා ගෙන
නුවණැතියන්ට ගැළපෙන ‘චුල්ලහත්ථිපදෝපම සූත්‍රය’ ඔහුට දේශනා කළ ද ඉන්
පසුව පොදු ජන දහම් හමුවෙහි දී උන්වහන්සේ දේශනා කළේ විමාන වත්ථූ, පේත
වත්ථු වැනි දේශනාවන්ය. එසේ කෙළේ පොදු ජනතාව කෙරෙහි පැවැති කරුණාව
නිසාය. අපේ රට ලෝකයේ ප්‍රකට වූයේ ද මහා ශිෂ්ටාචාරයකට හිමිකම් ලැබුවේ ද
බුදුරජාණන් වහන්සේගේ මෙන්ම අනුබුදු මිහිඳු මාහිමියන් ගේ කරුණාව අප වෙත
යොමු වුණු නිසාම ය.
ඇතැම් පඬිවරු කරුණාව යනු ප්‍රඥාවේ ඵලයක් ලෙස හුවා දක්වති. එය ඔවුන්ගේ
නොදැනීමේ හෝ තමන් මහා නුවණැතියන් යැයි සිතා ක්‍රියා කිරීමේ අනිටු ඵලයක්
මිස ප්‍රඥාවන්තකමේ ලක්‍ෂණයක් නම් නොවේ. ලොව තතු ඇති ලෙස දකින ප්‍රඥාව
බුදුදහමට අනුගතව නුවණ වැඩීමෙන් ඇති කර ගත යුතුය. ඇතැම් විට පෙර භවයේ
නුවණ වැඩූ අය බෞද්ධ නොවූව ද ප්‍රඥාවන්තයන් වීමට ඉඩ ඇත. එහෙත් කරුණාව
එසේ නොවේ. එය ඕනෑම යහපත් මිනිසකු තුළ පැවැතිය හැකි උතුම් ගුණයකි.
බුදු සිරිත් හා බෝසත් සිරිත් පදනම් කරගෙන පොත් ලියද්දී එම කතුවරුන්
අතින් කරුණාව කුළුගැන්වෙන ලෙස ඒවා ලියවෙන්නේ ද එවැනි යහපත් මිනිසුන්
තුළ පවතින උතුම් ගුණ ධර්ම තුළින් හරි දේ හරි ලෙසත් වැරැදි දේ වැරැදි
ලෙසත් දකින නුවණ ද එක් වූ විටයි. එබන්දෝ මහා ගුණැත්තෝ මහා නුවණැත්තෝ
වෙති. එදා මිහිඳු මහරහතන් වහන්සේ තම හද තුළ පැවැති කරුණාව වචනයෙන් ද
ප්‍රකාශ කර රජු හා වැසියන් කෙරෙහි එය යොමු කිරීමේ ප්‍රතිඵලය වූයේ
බුදුසසුන, කරුණා ශාසනය රට තුළ ස්ථාපිත වීමයි. පොසොන් පොහෝ දිනයෙහි අප
ක්‍රියා කළ යුත්තේ කරණා පෙරදැරි සිත් ඇතිවයි.
භෞතික විද්‍යාවන් හා වෙනත් දැනුම් මත පිහිටා බුද්ධිය දියුණු කරගත් අයට
බුදු සිරිතෙහි මෙන්ම බුදු දහමෙහි ද එන වෙනත් චරිතවල හෝ දහම් හි නොමැති
ප්‍රඥාව ඉස්මතු වී පෙනෙනු ඇත. එසේ පෙනෙනු පමණින් කරුණාව ප්‍රඥාවේ ඵලයක්
යැයි හැඳින්වීම වරදකි. එය බුදු සිරිතට මෙන්ම අනුබුදු මිහිඳු මහා සිරිතට
ද නොගැළපෙන්නෙකි. තෘෂ්ණාව හා ද්වේශය නිසා ගිනිගෙන දැවෙන ලොවට සැනසුම
ලැබෙන්නේද කරුණාව පෙරදැරි කර ගත් ක්‍රියා මාර්ග තුළිනි. ඒ සඳහා කරුණාව
පමණක් යෙදීම ප්‍රමාණවත් නොවේ. ප්‍රඥාව හා කුසලතාවන් ද අවශ්‍ය වෙයි.
බුදු දහමේ එන ක්‍රමවේදය ද එයයි. පොසොන් සමයෙහි එම ක්‍රමවේදය දෙසට සිත්
යොමු කරමු. ලොවට සැනසුම උදාකර දීමට වෙර දරමු. මිහිඳු මා හිමියන් එදා
පොසොන් පොහෝ දිනයක අපට කුලුණු බර වී පිහිට වූවා මෙන් අපි ද කුලුණු බර
දෑසින් සමාජය දෙස බලා ලොවට සෙත සැලැසීමට අධිෂ්ඨාන කර ගනිමු. |