UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය



වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක සේත්‍රාරාම විහාරාධිපති,
ඕගොඩපොළ මහින්ද නා හිමි

පැවිදි නම – ඕගොඩපොළ මහින්ද නා හිමි.

වැඩවසන පන්සල - සේත්‍රාරාම විහාරය, දංඕවිට

උපන් දිනය – 1961 නොවැම්බර් 04 වන දින

පියා - කේ.ඩී. ජිනදාස මහතා

මව - පී.ඩී. සළිඳු මාතාව

සහෝදර සහෝදරියන් - සහෝදරයන් හය දෙනෙක් සහ සහෝදරියන් හතර දෙනෙක් පමණි.

ගිහි නම - කේ.ඩී. සමරවීර ජයතුංග

මූලික අධ්‍යාපනය – පහළ ඕගොඩපොළ විද්‍යාලය, කුරුණෑගල
වරකාපොල විද්‍යා ප්‍රකාශ පිරිවෙන. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන. නාපාගොඩ ත්‍රිපිටකෝදය පිරිවෙන නිට්ටඹුව,
බෞද්ධාලෝක පිරිවෙන, කුරුණෑගල

උසස් අධ්‍යාපනය – කැලණිය විශ්වවිද්‍යාලය සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය 1994

පැවිදි වීම – 1975 ජූනි මස 26 වන දින

උපාධ්‍යයන් වහන්සේ - පළමුරේ පඤ්ඤාරාම අධිකරණ නා හිමි.

ආචාර්යන් වහන්සේ - අපවත් වී වදාළ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මොරතිහ ජිනරතන තිස්ස නා හිමි.

උපසම්පදා දිනය – 1982 ජූනි මස 23 වන දින පෑලියගොඩ ජයතිලකාරාම සීමා මාලකයේ දී,

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් - සේත්‍රාරාම විහාරයේ විහාරාධිපති, මොරතිහ අශෝක බෝධිමළු විහාරයේ විහාරාධිකාරී.

තනතුරු ආදිය - ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කල්‍යාණි වංශික ශ්‍රී ධම්මාරාම සද්ධම්ම යුක්තික
පාර්ශ්වයෙන් වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම.
තාබුගල ශ්‍රී සෝමානන්ද පිරිවෙනේ පරිවේණාධිපති.
දහම් පාසල් - ප්‍රඥානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම.

වෙනත් – 1999 සිට 2008 වර්ෂය දක්වා තාබුගල ශ්‍රී සෝමානන්ද පිරිවෙනේ ආචාර්යවරයකු වීම.
2008 වර්ෂයේ දී ශ්‍රී සෝමානන්ද පිරිවෙනේ පරිවේණාධිපති ලෙස වර්තමානය දක්වා කටයුතු කිරීම.
වරකාපොල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ උප සභාපති ලෙස කටයුතු කිරීම.
ප්‍රඥානන්ද දහම් පාසලේ සංවර්ධන සමිතියේ සභාපති වීම.
විහාරස්ථානයේ කාරිය සාධක සමිතියේ සභාපති වීම ලෙස කටයුතු කිරීම.
ප්‍රදේශයේ අවමංගල්‍යාධාර සමිතියේ පැවිදි අනුශාසක ලෙස කටයුතු කිරීම.
මුළු දිවයිනටම සාමවිනිසුරු ලෙස කටයුතු කිරීම.

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]