ජය ගත නොහැකි
අභියෝගය
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
මරණයේ ගුණ වැනීම පරාජිකාවක් ලෙස
බුදුරජාණන් වහන්සේ
උපසම්පදා භික්‍ෂූන්
වහන්සේට වදාරා ඇත.
මරණය දෙස අංශ දෙකකින් බැලීමේ හැකියාව තිබේ. පළමු කරුණ ලෙස තමන් සිතින්
කයින් වචනයෙන් කරන හැම ප්‍රකාශනයකදීම සිතිවිල්ලකදීම තමනුත් මැරෙන
කෙනෙක්ය.
මරණයට මම යටත් ය. මට මරණය ඉක්මවා යා නොහැකි බව සිතන්න
කල්පනා කරන්න. එය
මරණාණුස්සති භාවනාව ලෙස බුදු දහමෙහි ඉගැන්වේ
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ධර්මය සමාජගත කරනවිට පැහැදිළි
කළ එක කරුණක් වන්නේ මරණය පිළිබඳවයි. මරණයෙහි අංශ දෙකක් දක්නට ලැබේ.
පළමු කරුණ ලෙස තමන් සිතින් යම්කිසි සිතිවිල්ලක් සිතන විට ඒ සිතිවිල්ල
සමාජගත කිරීමට පෙර “ මමත් මැරෙන කෙනෙක්” ය , යන හැඟීම ඇතිකර ගත යුතුයි.
කටින් යම්කිසි ප්‍රකාශයක් කරන විට එම ප්‍රකාශය කිරීමට පෙර දැනගත
යුතුයි.
මමත් යම්කිසි දවසක මැරෙන කෙනෙක් යැයි කල්පනාවට ගත යුතුයි. කයින්
කිසියම් වූ ක්‍රියාවක් කරන විට එම ක්‍රියාව කිරීමට පෙර “ මමත් යම් දවසක
මැරෙන කෙනෙක් “ බව සිතිය යුතුයි. මරණය නිතර මෙනෙහි කළ යුතු සිහිපත් කළ
යුතු යහපත් දෙයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ.
මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ ඕනෑම පුද්ගලයකුට ජීවිතයේ
ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කිරීමට ශක්තිය තිබෙන නමුත් ඒ සඳහා ගමන් කළ
යුතු මාර්ගය සොයා ගැනීම පමණක් ඇතැම්විට ප්‍රමාද වන බවයි. ජයග්‍රහණය
නොකළ හැකි අභියෝගය වන්නේ මරණයයි.
මරණයේදී කවුරුත් යටත් වේ මට මරණය ඉක්මවා යාමට බැරි බව නිරන්තරයෙන්ම
සිහිපත් කළ යුතුයි. මරණය ලෝකයේ කිසිම පුද්ගලයකුට ජයග්‍රහණය කළ නොහැකි
කවුරුත් පරාජයට පත්වන කාරණාවක් බවද බුදුදහම පෙන්වා දෙනු ලැබේ.
දෙවන කරුණ නම් තවත් කෙනෙකුට මරණය පිළිබඳව පැහැදිළි නොකළ යුතු බව
බුදුරජාණන් වහන්සේ දන්වා තිබීමයි. මරණයෙහි ගුණ වර්ණනා නොකළ යුතුයි.
උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක් යම්කිසි කෙනෙකුට මරණයේ ගුණ වර්ණනා කරලා
මරණය හොඳයි කියන අදහසත්. එම අදහස පිළිගෙන මරණය හොඳයි යන අදහසින් එම
පුද්ගලයා මරණයට පත්වුවහොත්, එම භික්‍ෂූන් වහන්සේ ප්‍රාණඝාත අකුසලයක් කළ
කෙනෙක් බවට පත්වේ.
එපමණක් නොව එම භික්‍ෂූන් වහන්සේ මහණකමටත් නුසුදුසු බව වදාරා ඇත.
මරණාසන්න කෙනෙකු සමීපයෙහි කතා කරන අවස්ථාවක ඔහුගේ සිත සනසන අදහසින් “
ඔබ සමාජයට යහපත් වැඩ කරමින් යහපත්ව ජීවත් වූ අයෙක්. ජීවත්වෙලා ඉන්න
කාලයේදී හොඳට හිටපු අයකු ලෙස ඔබ මළාට කමක් නැහැ” යනුවෙන් කියූ විට එම
පුද්ගලයා ඒ කතාව අසා සිත සනසාගෙන මරණයට පත්වුවහොත් ඒ මරණයේ ප්‍රාණඝාත
අකුසලය එන්නේ එළෙස පැහැදිලි කරපු අයටයි.
මරණයේ ගුණ වැනීම පාරාජිකාවක් ලෙස බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්‍ෂූන්
වහන්සේට වදාරා ඇත. මරණය දෙස අංශ දෙකකින් බැලීමේ හැකියාව තිබේ. පළමු කරුණ
ලෙස තමන් සිතින් කයින් වචනයෙන් කරන හැම ප්‍රකාශනයකදීම සිතිවිල්ලකදීම
තමනුත් මැරෙන කෙනෙක්ය. මරණයට මම යටත්ය. මට මරණය ඉක්මවා යා නොහැකි බව
සිතන්න කල්පනා කරන්න. එය මරණාණුස්සති භාවනාව ලෙස බුදු දහමෙහි ඉගැන්වේ.
එසේ වදාරණ බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව දෙවන විග්‍රහයේදී තවත්
කෙනෙකුට තමන්ගේ ලාභය වාසිය පිණිස හෝ වෙනත් කෙනෙකුගේ සිතට මරණය හොඳයි
කියන හැඟීමක් එන ලෙසට මරණය සැපයි කියන ලෙස මරණය පැහැදිලි නොකළ යුතුයි .
තමුන් දැන සිටීම භාවනාවක් වුවත් අනුන්ට එය පැහැදිලි කර දීම අකුසලයකි.
අනුවණ පුද්ගලයන්ට කේන්තියක් ආ විගස එය දරාගත නොහැකිවේ. තමන් කවුද යන බව
හදුනාගැනීමට බැරි තරමටම එම කේන්තිය ප්‍රබලයි. කේන්තිය වෛරය, තරහව, වාද
විවාද ගත් විට එය එතරම් ප්‍රබලයි. තමන්ගේ තරාතිරම තත්වය තේරුම් ගත
නොහැකිය.
තමන්ට නිවැරදිව කළ හැකි කාර්යය නොතේරේ. එවිට තමන්ගේ ශරීරය පුරාම රුධිරය
ලෙස ගමන් කරන්නේ වෛරයයි. වෛරය කේන්තිය පුද්ගලයාගේ මනසට පැමිණි විට එම
පුද්ගලයාට මරණය නොපෙනේ. මම මැරෙන කෙනෙක්, මම මරණයට යටත් කෙනෙක් යන බව
නොසිතේ. ඔහුට එන එකම සිතිවිල්ල නම් අනෙක් පුද්ගලයා සම්පුර්ණයෙන්ම විනාශ
කළ යුතුය යන බවයි. එම පුද්ගලයාගේ චරිතය මැරිය යුතුය.
එසේ නැතහොත් ඔහුගේ මනස අකර්මණ්‍ය කළ යුතුය. නැතහොත් සිත අවුල් කළ
යුතුයි ආදි වශයෙනි. ඔහුගේ දියුණුව වළක්වා ලීමයි. සමාජය ඔහු පිළිබඳව කලු
ලප තැබීමට උත්සාහ කරයි. එය වෛරී මනසේ ස්වභාව යයි.
”පරෙ ච න විජානන්ති
මය මෙත්ත යමා මසේ
යේච තත්ථ විජානන්ති
තතෝ සම්මන්ති මේධගා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුයේ මරණය පිළිබඳ අවබෝධයක් සහිත
පුද්ගලයා කළහ නොකරන බවයි. කළ යුතු දෙය පමණක් කරන බවයි. ආරවුලකට පළමුව
මත ප්‍රකාශ කිරීමක් වේ.
එහිදී අනෙක් මත ඉවසා දරා ගැනීමට නොහැකි වූ විට තමන්ගේ මතය නිවැරැදි
බවත් අනෙකාගේ මතය වැරැදි බව ප්‍රකාශ කරමින් ඔහු ආරවුලකට ගමන් කරයි.
ලෝකයේ බොහෝ වැරැදි දේ මෙන්ම බොහෝ නිවැරැදි දේ තිබේ. ඒ ඒ අයගේ ඤාණ
ප්‍රමාණය අනුව ඒවා දකින ශක්තිය පමණක් වෙනස්වේ.
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදි දේශනා කරන ලද්දේ යම් පිරිසක් කළහ
කරනු ලබනවා නම් ඒ පිරිස සිටින දෙසවත් බැලීමට තථාගතයන් වහන්සේ අකැමැති
බවයි.
බුදුරජාණන් වහන්සේ පාරිල්‍යෙය වනයට වැඩම කළ බවට ශාසන ඉතිහාසයේ සඳහන්
වේ. බුදුරජාණන් වහන්සේ පාරිල්‍යෙය වනයට වැඩම කිරීමට මූලික වූ කාරණය
වූයේ භික්‍ෂූන් වහන්සේලා අතර හටගත් ගැටුමයි. ගැටුමේ මූලික ආරම්භය
ඇතිවන්නේ පුද්ගලයාගේ ඔලු කටුව තුළයි.
අදහස හොඳීන් සිතා නොබලා අවශ්‍ය අනවශ්‍ය තැන තේරුම් නොගෙන කිය යුතු
නොකිය යුතු පුද්ගලයා තේරුම් නොගෙන අදහස ප්‍රකාශ කිරීමෙන් පසුව තවත්
අයකුට එය ගැටුමක් බවට පත්වේ. එය මිනිසාගේ දැනුම් තේරුම්කම අනුව ආරවුලක්
බවට පත්වේ.
ආරවුලෙහි ස්වභාවය මානසික තත්වයකි. මානසික තත්ත්වය කායික වශයෙන් පිරිමසා
ගැනීමට යාමෙන් එම වෛරය පුද්ගලත්වයට ආරෝපණය කර ගනී. එය මානසික ගැටුම
පුද්ගල ගැටුමක් බවට පත්වේ. එම ගැටුම නිවෙස් තුළ නිවාස නිවාස අතර ජාතීන්
ජාතීන් අතර රට රටවල් අතර විය හැකිවේ.
එම ගැටුමට පළමුව තමන් පිළිබඳව සිතිය යුතු බව බුදු දහම පෙන්වා දෙනු
ලබයි. “ මම මරණයට යටත්ය, මම මැරෙන කෙනෙක්ය “ යනුවෙන් සිතන කෙනෙකුට මෙම
ගැටලුව විසදා ගත හැකිවේ. |