සති ධර්ම පන්ති
			
			කෝට්ටේ රාජ්‍ය සභා මාවතේ කථා නායක නිලනිවස ඉදිරිපිට දියවන්නා ඔය අසබඩ 
			සුගත සාසන සීල භාවනා පින්කම් සංවිධානයේ මෙහෙයවීමෙන් එම භාවනායතනයේ දී 
			සතිපතා ධර්ම පන්ති පැවැත්වේ. එම ධර්ම පන්ති නොමිලයේ පැවැත්වෙන අතර 
			අවශ්‍ය දහම් පොත්ද නොමිලේ සපයන බවද කියයි. මෙම 11 වනදා පස්වරු 02.00 ට 
			පැමිණ මෙම ධර්ම පන්ති සම්බන්ධ විස්තර දැනගෙන තමන්ට කැමැති පන්තිවලට 
			ඇතුළත් විය හැකි බව කියයි. පට්ඨාන අභිධර්ම පන්තිය, සමථ විපස්සනා භාවනා 
			පුහුණු පන්තිය, සාමාන්‍ය අභිධර්ම පන්තිය, සතර සතිපට්ඨාන විපස්සනා භාවනා 
			පන්තිය, ධම්ම පද ඉංගී‍්‍රසි ධර්ම පන්තිය, පාලි පන්තිය, බැති ගී බුදුගුණ 
			සජ්ඣායනා එහි පැවැත්වෙන පන්ති වේ.  |