UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ගලගම අත්ථදස්සී අනු නාහිමියෝ 91 වන වියට පා තබති

ස්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක ඓතිහාසික මහියංගණය රජ මහ විහාරය, මාතලේ උරුලෑවත්ත පන්සල, අලව්ව හුම්බුළුව රාජ මහ විහාරය, අස්ගිරිය මහා විහාරයේ උරුලෑවත්ත පන්සල, හෙවන්පොල පන්සල යන විහාරස්ථානයන්හි අධිපති ගලගම ධම්මසිද්ධි ධම්මානන්ද අත්ථදස්සි අනු නාහිමිපාණන් වහන්සේගේ 91 වන ජන්මෝත්සවය ජනවාරි 11වෙනිදාට යෙදී ඇත.

අස්ගිරි අනුනා හිමිපාණන් වහන්සේ, විද්‍යෝදය පිරිවෙනේ ත්‍රිපිටක පරීක්ෂණ උපාධි සහ මධ්‍යම භාණක උපාධිය ද හිමි කරගෙන විචිත්‍ර පරිත්තනභාණක දේශක හිමි නමක් වශයෙන් ද සිය ආචාර්ය පරම්පරාවෙන් පැවත එන ආසන දෙකේ ආසන පහේ ආසන හතේ යන ධර්‍මදේශනාවල වත් පිලිවෙත් හා සම්ප්‍රදායන් ගරු කරමින් ධර්‍මදේශනා ඉදිරිපත් කරමින් පැවැත්වීමෙහි බෞද්ධ ජනතාව අතර ප්‍රසාදයට පත් මහ තෙර නමකි.

ශ්‍රී දළදා මාලිගාවේ අවස්ථා ගනනාවකදීම තේවාව බාරව දළදා තේවා සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් තේවාව සිදුකර ඇති අනු නාහිමියෝ දළදා වහන්සේගේ ප්‍රදර්ශන ගණනාවකටම සහභාගි වී එම තේවා කටයුතු වගකීම් ඉටුකර ඇත්තේ ගිහි පැවිදි දෙපිරිසකගේම ගෞරවයට ලක් වෙමිනි.

 

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා අපර භාග 12.44 ට ලබයි.
09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 16 වන දා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]