බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති
දරණාගම කුසලධම්ම හිමි
මෙම බුද්ධ වන්දනා මහ
පින්කමත් සමඟ උතුරු
නැඟෙනහිර පිහිටි විහාරස්ථාන
ප්‍රතිසංස්කරණය සඳහා දායකවීමටත් කල්පනා කළා. එහි පළමු පියවර ලෙස ඒ
විහාරස්ථානවල බෝධි ප්‍රාකාර
ඉදිකරමින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිරිනැමීමට ද
කටයුතු යොදා තිබෙනවා
බුදු සිරිපා පහසින් ලක් දෙරණ පිවිතුරු වී වසර 2600 ක් සපිරෙන මොහොතේ
මියුගුණ මහා සෑ වන්දනාව අසදෘශ්‍ය මහා පින්කම සංවිධානය කළා. ඊට සහාය
දක්වමින් නන් අයුරින් අපේ රටේ බොදුනුවන් දායක වී මහා කුසලස්කන්ධයක්
රැස් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. එසේ දායක වූ සැමට තෙරුවන් සරණ
පතමින් පින්දෙමින් එය අගය කරන බව ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා
මාධ්‍ය ජලයේ සභාපති දරණාගම කුසලධම්ම හිමියෝ පැවැසූහ.
සම්මා සම්බුදු සිරිපා පහසින් ලක් දෙරණ පිවිතුරු වී වසර 2600 ක් සපිරේ.
ඒ නිමිත්තෙන් මියුගුණ මහා සෑ වන්දනාව, අසදෘශ්‍ය මහා පින්කම, සර්වඥ කේශ
ධාතු ප්‍රදර්ශනය, ලක්‍ෂයක් සැදැහැතියන් සිල් සමාදන්ව නෙළුම් මල්, පිච්ච
මල්, වන මල් කෝටියක් පූජා කිරීම, 2600 ක් අටපිරිකර, බුද්ධ ප්‍රතිමා
වහන්සේලා පූජා කිරීම, විදුලි බුබුළු පන්ලක්‍ෂයක් හා අසූහාර දහසක්
පහනින් පුදබිම ආලෝකවත් කිරීම ඇතුළු පින්කම් රැසක් දුරුතු පෝදා මහියංගන
පුදබිමේ දී සිදු කැරේ.
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිත මහ නාහිමියන්ගේ
අනුශාසනා පරිදි කොළඹ ග්‍රෙගරිපාරේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා
මාධ්‍ය ජාලයේ නිර්මාතෘ හා සභාපති දරණාගම කුසලධම්ම හිමියන්ගේ
මෙහෙයවීමෙන් එම මියුගුණ මහ සෑ වන්දනාව සහ අසදෘශ්‍ය මහ පින්කම පැවැත්වේ.
මියුගුණ මහ සෑ වන්දනාවට අසදෘශ්‍ය මහා පින්කමට
සැදැහැතියන් පිරිනමා තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා. |
බෞද්ධයා සහ ගුවන්විදුලියත් ශ්‍රී සම්බෝධි විහාරස්ථ සහ මහියංගණ රජ මහා
විහාරස්ථ දායක සභාවත් හා බෞද්ධ සංවිධානය එකමුතුව මඟින් එම මහඟු පින්කම
සංවිධානය කර ඇත.
“ බෞද්ධයා” රූපවාහිනිය මාධ්‍ය ජාලයේ සභාපති ශ්‍රී සම්බෝධි විහාරාධිපති
දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ එම පින්කම පිළිබඳව මෙසේ අදහස්
දැක්වූහ.
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මස අපේ රටට වැඩම කළා.
බුදුපියාණන් වහන්සේ තෙවරක්ම වැඩම කළේ මේ ධර්මද්වීපයට පමණයි.
අපේ රට බුදුපියාණන් වහන්සේට ඓතිහාසික අවස්ථා දෙකකදී අරමුණු වුණා. ඒ
බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ දී සහ පිරිනිවන් පෑමට සූදානම් වූ
අවස්ථාවයි. ඒ බව දීපවංශය මහාවංශය හා සමන්ත පාසාදිකා ආදී ග්‍රන්ථයන්හි
සඳහන්ව තිබෙනවා.
බුදුපියාණන් වහන්සේ පළමුවරට මහියංගණයට වැඩම කළ අසිරිමත් ඓතිහාසික
මොහොතේ යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කළා. ඒ ඓතිහාසික සිද්ධිය ලෝකවාසී
බොදුනුවන් දන්නා ප්‍රකට කරුණකි. ශ්‍රී සුමන සමන් දෙවියන් බුදුරජාණන්
වහන්සේගෙන් ලබා ගත් ජීව කේශධාතූ නිදන් කර සත්රියන් උසැති දාගැබක් ඉදි
කළා. ශාසන ඉතිහාසයේ ආර්ය ශ්‍රාවක දේවතාවෙකු කරවූ මහා සෑය මහියංගණ
සෑයයි.
එදා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සරභූ රහතන් වහන්සේ විසින්
ගී‍්‍රවාධාතූන් වහන්සේ වැඩමවා දොළොස් රියන් උසැති කොට එම සෑය ඉදිකරවූහ.
රහත් හිමිනමක් මුල්වීමෙන් කරවූ මුල්ම දාගැබ මේ මියුගුණ මහ සෑයයි.
අනතුරුව උද්ධචූලාභය කුමරු මේ මහා සෑය තිස් රියන් උසැති දාගැබක් ලෙස ඉදි
කරවූහ. අඛණ්ඩ ඉතිහාසයක් ඇති ශාරීරික හා පාරිභෝගික වශයෙන් පිවිතුරු බවට
පත් චෛත්‍යයයි. එවන් ඓතිහාසික සිද්ධි රැසක් අනුස්මරණය කරමින් මෙම
ඓතිහාසික මියුගුණ මහ සෑ වන්දනාව අස්ගිරි පාර්ශ්වයේ මහානායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශීර්වාදයෙන් සංවිධානය කළා.
අටපිරිකරවලින් කොටසක්... |
පින්කම සංවිධානයේ දී මහියංගන රජ මහා විහාරාධිපති නාහිමියන් මෙන්ම
භාරකාර නාහිමියන් ද මෙහිදී විශේෂයෙන් ලබාදුන් සහාය ගෞරවයෙන් සිහිපත් කළ
යුතු යි. එසේම මෙම බුද්ධ වන්දනා මහ පින්කමත් සමඟ උතුරු නැඟෙනහිර පිහිටි
විහාරස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා දායකවීමටත් කල්පනා කළා. එහි පළමු පියවර
ලෙස ඒ විහාරස්ථානවල බෝධි ප්‍රාකාර ඉදිකරමින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා
පිරිනැමීමට ද කටයුතු යොදා තිබෙනවා.
විශේෂයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා
ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරුන් හා සිවිල් ආරක්‍ෂක අංශය ලබා දෙන සහාය
පින්දෙමින් අගය කරනවා. එමෙන්ම මේජර් ජනරාල් දයා රත්නායක මහතා ද සිහිපත්
කළ යුතු යි.
බෞද්ධයා නාලිකාව නරඹන සවන් දෙන හැම දෙනාම මේ මහා පින්කම සාර්ථක කර
ගැනීමට අටපිරිකර, සෙසු පිරිකර, බුද්ධ ප්‍රතිමා වහන්සේලා උතුරු නැඟෙනහිර
විහාරස්ථානවලට අවශ්‍ය කරන සෙසු පිරිකර ඇඳ පුටු මේස, ඇඳ ඇතිරිලි ආදී
විවිධ පූජා භාණ්ඩ දහස් ගණනින් පූජා කළා. සැදැහැසිතින් ඒ මහ පූජා
පින්කමට සහභාගි වූ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා.
උතුරු නැඟෙනහිර විහාරස්ථාන සංවර්ධනයට තව තවත් දායක වන්නැයි බොදු
ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට,
රජයට, ආරක්‍ෂක ලේකම්තුමාට, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට, පොලිස්පතිතුමාට,
සිවිල් ආරක්‍ෂක අංශයට දායක වූ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන
බවද දරණාගම කුසලධම්ම හිමියෝ පැවැසූහ.
සීසර් සුදුසිංහ |