ජීවිතයට අලුත්වීමක්
අවශ්‍යයි
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
හැමෝම උත්සාහ කරන්නෙ අලුත් අවුරුද්දෙ අලුත් වෙන්න. විශේෂයෙන්ම තරුණ
පරපුර මේ අතර මුල් තැනක් ගන්නවා. අලුත්වීමත් ධර්මයත් අතර වෙනසක් නැති
බව අපි තරුණ පරපුරට වටහා දිය යුතුයි. රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ
පරපුර ගුණ දහමට යොමු කිරීම පැවිදි ගිහි කාගේත් වගකීමක්
2012 අවුරුද්දක් උදාවුණා. අලුත් අවුරුද්දෙ බලාපොරොත්තු පොදියක්
බැඳගෙනයි. ගොඩක් උදවිය බලාගෙන ඉන්නෙ? හැම අවුරුද්දකම මේ විදිහට
බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන බොහෝ දෙනා කටයුතු කරත් දියුණුවේ කැපී
පෙනෙන වෙනසක් වුනාද කියන එකයි ප්‍රශ්නෙ.
හැමෝම උත්සාහ කරන්නෙ අලුත් අවුරුද්දෙ අලුත් වෙන්න. විශේෂයෙන්ම තරුණ
පරපුර මේ අතර මුල් තැනක් ගන්නවා. අලුත්වීමත් ධර්මයත් අතර වෙනසක් නැති
බව අපි තරුණ පරපුරට වටහා දිය යුතුයි. රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ
පරපුර ගුණ දහමට යොමු කිරීම පැවිදි ගිහි කාගේත් වගකීමක්.
පුර හඳ නැත්නම් පසළොස්වක පෝ දින බබළන හඳත් අප සමාජය අතර ඇත්තේ
පුදුමාකාර බැඳීමක්. අපේ ලේඛකයින්, කවියත්, සන්දේශකරුවන් හඳත් සමඟ
තිබුණා වූ බැඳීම වටහා ගැනීම අපේ ගැදි පැදි සාහිත්‍ය දෙස බැලීමෙන් වටහා
ගන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ ‘කලාවෙන් කලාව වර්ධනය වන අලුත් වන සඳ සේ නුඹලාගේ
ජීවිතයේත් අලුත්වීමක් තබාගත යුතු යැයි’ වදාළ සේක.
මෙහිදී තරුණ පරපුරේ අලුත්වීමයි, බෙහෙවින්ම වැදගත් වන්නේ තාරුණ්‍යයේ ඇති
ආශාවන් තෘප්තිමත් කර ගැනීම සාරධර්ම සහිත ඉඳිරිගමනට ලැබෙන්නා වූ පිටිවහල
ගැන තරුණයන්ට නිවැරැදි දැක්මක් අවශ්‍ය වනවා.
ජීවිතය රඳා පවතින්නේ එක් අරමුණක් වටා නොවේ.මගේ ජීවිතයේ අරමුණ උපාධිය,
රැකියාව, හොඳ විවාහයක්, දහමින් ජීවත්වීම, ජාතිය වෙනුවෙන් යමක් කිරීම,
එහෙමත් නැත්නම් මට වැඩක් කරගෙන රටටත් වැඩක් කිරීම මේ ආදි අරමුණු රැසක්
අපගේ අරමුණු අතර හිර වී තිබෙනවා.
මේ සියල්ල තරුණ ජීවිතයක කොටස් විය යුතුයි.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ මේ කොයි කරුණ උදෙසා වුවත්
අලුත්වීමක් අවශ්‍ය බවයි.
උදාහරණයක් ලෙස විවාහය අපේ ජීවිතයේ එක් අලුත්වීමක් ලෙස ගන්න පුළුවන්. ඒ
අලුත්වීම වුවත් අලුත් කර ගන්න යොදා ගත්ත ක්‍රම අප අතර දකින්නට පුළුවන්.
ඇතැම් අය තමන් පළමුව හමුවූ දිනය සමරනවා. තවත් අය විවාහ වු දිනය සමරනවා.
මේ සැමරුම බෞද්ධ දර්ශනයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
එහෙත් ඇතැම්, අය මූලධර්ම වාදීන්සේ පවසන්නේ ‘ඕව මහ බොරු වැඩ , වියදම්
විතරයි’ යනුවෙනි. ජීවිතයේ එක් පැත්තක් පමණක්ම බලා එසේ පැවසීම නිවැරැදිම
යැයි කියන්න බැහැ.
අප කවුරුත්, විශේෂයෙන්ම තරුණ පරපුර අවබෝධ කර ගත යුත්තේ මේ සැමරීම
ධර්මානුකූලව සිදු කළයුතු බවයි.
හොද්දට අවශ්‍ය පදමට ලුණු ඇඹුල් දමන්නාක් මෙන් ඒ බව අප වටහා ගැනීම
වැදගත්. කිරි හොද්දේ ප්‍රමාණයටම විශාල ලුණු හෝ ඇඹුල් දමන්නේ නැහැ. නියම
පදමට රසය ලබා ගැනීමට නම් ඊට ඉතා සුළු එමෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ලුණු
ඇඹුල් දැමිය යුතුයි. ධර්මය අපේ එදිනෙදා ජීවිතයට යොදා ගත යුත්තේ ඒ
අයුරින්. එවිට අපට ජීවිතය නීරස වන්නේ නැහැ. ධර්මයෙන් කිසිවිටෙක අදහස්
කෙරෙන්නේ නැහැ තරුණ දරුවකු හිස බූ ගාගෙන, සුදු ඇඳගෙන, නිරතුරුවම දහම්
පොත් කියවමින් වෙනත් නමකුත් යොදාගෙන පසෙකින් සිටිය යුතුයි කියා.
පැවිදි දිවිය හා ගිහි දිවිය යනුවෙන් අදහස් කරන්නේ ජීවිත මාර්ග දෙකක් බව
අප තේරුම් ගත යුතුයි. තරුණයන්ට පුළුවන් තම කාර්යයන් සඳහාම ධර්මය
යොදාගන්න.
තරුණ දරුවා බොහෝ විට පේ‍්‍රමයෙන් වෙලී සිටින අයෙක්. පේ‍්‍රමය ජීවිතයට
අත්‍යවශ්‍යය. මේ පේ‍්‍රම සම්බන්ධතා අවුරුදු ගණන් ඇදී යනවා, සමහර සබඳතා
මාසයයි දෙකයි මේ කොයි අවස්ථාවක් වුණත් දිනපතාම අලුත් වනවා. ඔවුන් හමුවන
සෑම අවස්ථාවක්ම අලුතින් හමුවූ අවස්ථාවක් වනවා. පේ‍්‍රමයක් අවසන් වන්නේ
විවාහයකින්.
නමුත් තවත් සමහර අය විවාහයෙන් පසු පේ‍්‍රමය සඳහා යොමු වීමට උත්සාහ
දරනවා. ගැටලු මතු වන්නේ එවිටයි. විවාහයෙන් පසු තම භාර්යාව උදෙසා හෝ
ස්වාමියා උදෙසා හෝ පමණක් කටයුතු කළ යුතුයි. තරුණ පරපුර මේ බව මැනවින්
තේරුම් ගත යුතුයි.
විවාහයට පෙර හමුවන හැම දිනයක්ම අලුත් දිනයක් වනවා නම්, සෑම දුරකතන
ඇමතුමක්ම අලුත් ඇමතුමක් වනවා නම්, සෑම එස්.එම්.එස් (කෙටි පණිවුඩ) එකක්ම
අලුත්වනවා නම් විවාහයට පසුවත් මේ තත්ත්වය රැක ගැනීමට බැරි ඇයි?
රැකියාවට යන සෑම දිනයක්ම අලුත් දිනයක් බවට පත් කර නොගන්නේ ඇයි? බොහෝ
විට අපි අලුත්වීමට උත්සාහ දරන්නේ ජනවාරි 01 වැනිදාට නැත්නම් සිංහල
අවුරුද්දට එහෙමත් නැත්නම් වෙනත් සැමරුම් දිනයකදී. මේ තත්ත්වය වෙනස් කර
රැකියාවට යන සෑම දිනක්ම අලුත් දිනයක් බවට පත් කර ගතහොත් එය තමාගේ පමණක්
නොව ආයතනයේත් රටේත් දියුණුවට හේතුවනවා.
ඉතිරි කොටස
ජනවාරි 16 දා පත්‍රයේ
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර |