පරිපූර්ණ වීමට අවශ්‍ය වන්නේ
සීල පාරිශුද්ධියයි
ශාස්ත්‍රපති
තලල්ලේ චන්දකිත්ති හිමි
භාග්‍යවතුන් වහන්සේ වදාළා
සීලය යනු අපේ ජීවිතය වටා තිබෙන ආරක්ෂක පවුරක් බව. වෙරළ කියන්නේ මුහුද
ආරක්ෂා කරන සීමාව. යම් දෙයකට වැටක් ගසන්නේ තාප්පයක් බඳින්නේ
ආරක්ෂාවටයි. මුහුද රැල්ල පෙරළිගෙන පෙරළීගෙන ඇවිත් වෙරළ
ඉක්මවා යන්නේ නැහැ.
සීමාව හඳුනාගත් ජල තරංග නැවත
මුහුදට ඇදී යනවා. ඒ වගේ අප වටා තිබිය යුතු ආරක්ෂක වළල්ල තමයි සීලය කියා
කියන්නේ. සීලය තුළින් පුද්ගලයාගේ
සංවරකම යහ පැවැත්ම තහවුරු කිරීම මෙන්ම සදාචාර සම්පන්න
පුද්ගලයෙක් බිහි කිරීමත්
සිදුවෙනවා.
මනුෂ්‍ය ජීවිතයක සාර්ථකත්වය රඳා පවතින්නේ ඔහුගේ හෝ ඇයගේ කායික වාචසික
හික්මීම තුළයි. මිනිස් වර්ගයාගේ සාර්ථකත්වය මුදල් මත පමණක් රඳා
පවතින්නේ නැහැ. එයට සීලය හෙවත් හික්මීම ද අත්‍යවශ්‍යයි. භාග්‍යවතුන්
වහන්සේ වදාළා සීලනය එහෙම නැත්නම් සීලය යනු හීලෑකම බව. හීල කියන්නේ
සංවර, සංසුන්, තැන්පත් බවටයි. වෙනත් ආකාරයකට නම් දමනය වීම සීලයයි. තමාට
හෝ තමාගේ සිතට අවශ්‍ය වන විදිහට තමාගේ ඉන්ද්‍රියන් පාලනය කර ගන්න
පුළුවන් එය සීලයයි.
භාග්‍යවතුන් වහන්සේ වදාළා සීලය යනු අපේ ජීවිතය වටා තිබෙන ආරක්ෂක පවුරක්
බව. වෙරළ තියෙන්නේ මුහුද ආරක්ෂා කරන සීමාව. යම් දෙයකට වැටක් ගසන්නේ
තාප්පයක් බඳින්නේ ආරක්ෂාවටයි. මුහුද රැල්ල පෙරළිගෙන පෙරළීගෙන ඇවිත්
වෙරළ ඉක්මවා යන්නේ නැහැ. සීමාව හඳුනාගත් ජල තරංග නැවත මුහුදට ඇදී යනවා.
ඒ වගේ අපි වටා තිබිය යුතු ආරක්ෂක වළල්ල තමයි සීලය කියා කියන්නේ. සීලය
තුළින් පුද්ගලයාගේ සංවරකම යහ පැවැත්ම තහවුරු කිරීම මෙන්ම සදාචාර
සම්පන්න පුද්ගලයෙක් බිහි කිරීමත් සිදුවෙනවා. පංචසීලය කියන්නේ විශ්ව
සාධාරණ ධර්මතාවයක්. එයින් සදාචාර පුද්ගලයෙක් බිහි කරනවා. පංච සීලය
කියන්නේ බෞද්ධයන්ට පමණක් ආවේණික වූ, සීමා වූ දෙයකුත් නොවේ.
සිල්වත්ව සිටින පුද්ගලයාට සීලය කැඩීමට අවස්ථාවක් යෙදෙන හැම මොහොතකම
සීලය මතකයට එනවා. ඔහු තමා සමාදන් වූ සිල්පද මතකයට ගන්නවා. තමාගේ සීමාව
හඳුනාගෙන එයින් වැළැකෙනවා. තමා සමාදන් වන සිල්පද කැඩෙන්න තිබෙන අවස්ථා
වැඩිවන තරමට තමයි සිල්පදවල උදව් අවශ්‍ය වන්නේ. නමුත් හික්මීමක් නැති
පුද්ගලයා තමාට සිල්පද කඩන්න අවස්ථාව ඇති වූ විටම සිල්පද කඩා ගන්නවා.
සීලය රැකිය යුත්තේ සිල් කැඩෙන තැනයි. සිල් කැඩෙන තැන සිල් නොකඩවා ඉන්න
පුළුවන්නම් එය සංවරකම.
මේ පිළිබඳව තවත් සරළව අපි සාකච්ඡා කරමු. මේ සිල්පද වල විශේෂතා දෙකක්
තිබෙනවා. පළමුඑක තමයි විරමනය. දෙක තමා සමාදානය. විරමනය කියන්නේ වේරමණී
කියන එකයි. රමණී කියන්නේ ඇලෙනවා. විරමනය කියන්නේ වළකිනවා.
පාණාතිපාතා වේරමණී. ඒ කියන්නේ සතුන් මැරීමට තිබෙන රමණය , ඇලීමයි. එතකොට
වේරමණී කියන්නේ ඒ කැමැත්ත නැතුව එයින් වළකිනවා. වැළකෙනවා එක පැත්තක්.
අනෙක් එක තමා සමාදියාමි. සමාදියාමි කියන්නේ කැමැත්තෙන් දෙයක් වැළඳ
ගැනීමයි. ස්ව කැමැත්තෙන් වැළඳ ගන්නා හොඳ දේවල් මෙහිදී හඳුන්වා දෙන්න
පුළුවන්. අප මේ සිල් පද රැකීමෙක් සිදු කරන්නේ සතුන් මැරීමෙන් වැළකීමයි.
සතුනට රිදවන දෙයින් වැළකීමයි. සමාදන් වන්නේ සතුන්ට කරුණාව, මෛත්‍රී
දැක්වීම, දයාව, අනුකම්පාව දැක්වීම, ජීවත්වීමට තිබෙන අයිතිය සුරැකීම ආදි
හොඳ පැවැත්ම. මේ අංශ දෙකෙන්ම සම්පූර්ණ පුද්ගලයාට සිල්වතා කියා කියනවා.
අද සමාජයේ වැඩියෙන්ම කියන කතාවක් තමයි මම සතුන් මරන්නේ නැහැ, සොරකම්
කරන්නේ නැහැ, කාමය වරදවා හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, සුරා
පානයෙන් තොරයි. මම කාගෙවත් දේ බලෙන් ගන්නේ නැහැ, පාඩුවේ ඉන්නේ. මම
හොඳයි. ඒ නිසා පන්සල් යන්න ඕනත් නැහැ යනුවෙන් මතයක් තිබෙනවා.
ඔබ දන්නවා සතුන් මරන්නේ නැතුව ඉන්නේ ඇයි? සතුන් මරණ එක නරක නිසා. ඒ
නිසා සතුන් මරණ එකෙන් වළකිනවා. ඒ නිසාම ඔහු නරක දේ කරන්නේ නැහැ. නරක දේ
කරන්නේ නැතිකම නිසාම පුද්ගලයෙක් හොඳ වෙන්න හේතුවක් ද? යැයි ප්‍රශ්නයක්
මතු වෙනවා. නරකින් වැළකී සිටීමම කෙනෙකුට හොඳ වෙන්න හේතුවක් නොවේ. එහෙම
නම් සතුන් නො මරන පුද්ගලයා හඳුන් වන්න තිබෙන වචනය තමයි නරක නැහැ කියන
වචනය. නරක නැත්තේ නරක වැඩ කරන්නේ නැති නිසා. එහෙනම් හොඳ වෙන්න නම් හොඳ
කරන්න ඕනෑ. හොඳ කළොත් පමණයි ඒ වචනයෙන් ඔහුව හඳුන්වන්න පුළුවන් වන්නේ.
සමහර පුද්ගලයන් සිටිනවා සතුන් මරන්නේ නැහැ. නමුත් මැරෙන්න කෑ ගැසුවත්
බේර ගන්න යන්නෙත් නැහැ. සොරකම් කරන්නෙත් නැහැ. නමුත් කාටවත්ම කිසිම
දෙයක් දෙන්නෙත් නැහැ. එනිසාම ඔහු නරකින් ගැලවුන පමණින්ම හොඳ වෙන්නෙත්
නැහැ. හොඳ දේවල් කරන්න ඕන. එය තමයි කුසලය කියන්නේ. නරකින් වළකින එකත්
කුසලයක් තමයි. නමුත් ඒ කුසලය පරිපූර්ණ වන්නේ හොඳ පුරුදු කළ විටයි. ඒ
ආකාරයෙන් අනෙක් සිල්පදත් අප ගලපා ගන්න ඕනෑ.
සීලය බුදුදහමේ දී විස්තර වන්නේ කොටස් හතරකටයි. ඒ හතරට කියන්නේ
චතුපාරිශුද්ධ ශීලය ලෙසයි. සිව්පිරිසුදු සිල්. එය ප්‍රාතිමෝක්ෂ සංවර
ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ප්‍රත්‍යසන් නිශි‍්‍රත ශීලය, ආජීව
පාරිශුද්ධ ශීලය ලෙසයි.
ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ් විනය ශික්ෂා පදය
ලෙස පනවපු දේයි. උපසම්පදා සහ සාමණේර ස්වාමින් වහන්සේලා රැකිය යුතු සිල්
වෙන් වෙන් වශයෙන් තිබෙනවා. එය සමාධිය දියුණු කිරීම පිණිසත් නිවන
පිණිසත් උපකාර වන සිල්පදයි. ගිහියාට භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා අනුදැන
වදාළේ පංච ශීලයයි.
අපේ සිතේ රුචිකත්වය, ලෝලත්වය තමයි පවට ඇදී යාමේ ඉඩකඩ වැඩිබව. ඒ පවට ඇදී
යන සිත හොඳ පැත්තට ඇද ගැනීම අපහසු කාර්යයක් නමුත් එතැනදී තමයි සීලය
නමැති සීමාව අවශ්‍ය. මේ සියලුම දේ අයත් වන්නේ ප්‍රාතිමෝක්ෂ ශීලයටයි.
ඉන්ද්‍රිය සංවර ශීලය ලෙස කියා දුන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන
ඉන්ද්‍රිය සංවර කර ගැනීමයි. මේ ඉන්ද්‍රියන් පවත්වාගෙන යන විට තමාටත්
අන් අයටත් දෙපිරිසටම කරදරයක් හිරිහැරයක් නොවන ආකාරයට අප ජීවත් වෙන්න
ඕන. අනෙක් පුද්ගලයන්ගේ සංවර ඉන්ද්‍රියන් අසංවර වන ආකාරයට වැඩ කිරීම
තුළින් මේ සිල්පදය කැඩෙනවා. තමාගේ තෘප්තිය පිණිස තව කෙනෙකුට බාධාවක්
කරන්න හොඳ නැහැ. ඒ නිසා මේ ඉන්ද්‍රිය පිනවීමේදී බොහෝ සංවර විය යුතුයි.
ඉන්ද්‍රියන් අසංවර වූ විට තමාම දුකට පත්වෙනවා.
ප්‍රත්‍යයසන්නිශි‍්‍රත ශීලය ලෙස වදාළේ සිව්පස පරිභෝගයේදී සංවර වීමයි.
පැවිදි ශ්‍රාවකයෙක් ලෙස ජීවත් වීමේදී අවශ්‍ය වන කොටස් හතරක් තිබෙනවා.
චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය ලෙස. ගිහි පිරිසට නම් ඇඳුම්
පැළඳුම්, ආහාර, නිවාස සහ බෙහෙත් ආදීය සඳහන්. මේ දේවල් පරිභෝජනයේ දී
සංවරයක් තිබෙන්න ඕනෑ. අධි පරිභෝජනය ගැලපෙන්නේ නැහැ. මේ සිල් පදයෙහි
අසංවර පුද්ගලයා අධි පරිභෝජනයට පත්වෙනවා. තෘප්තිමත් නැහැ. තව තව වැඩි
වැඩියෙන් ආශාවන් ගොඩ ගසා ගන්න මහන්සි වෙනවා. කවදාවත් සෑහීමකට පත්වන්නේ
නැහැ. එනිසා මේ සිල්පදයෙහිද අප සංවර වෙන්න ඕනෑ.
ආජීව පරිශුද්ධ ශීලය- යනුවෙන් අදහස් කරන්නේ තමාගේ ජීවිකාවේ ඇති
පිරිසුදුකමයි. ජීවත්වීමට අපි රැකී රක්ෂා කරනවා. නොයෙක් ආකාරයෙන් ධනය
උපයනවා.එය ධර්මානුකූ®ලව උපයා ගැනීම තමයි සීලය කියා කියන්නේ. අප උපයන
වැටුපට සාධාරණ සේවයක් ලබා දෙන්න ඕන. දහඩිය මහන්සියෙන් දෑතේ වීර්යෙන්
මුදල් හම්බ කළ යුතුයි. උපයන වැටුපට කායික හෝ මානසික වෙහෙසක් දරන්න ඕන.
ඒ වගේම ඒ මුදල් ධර්මානුකූ®ලව උපයා ගන්නත් ඕන. එසේ සොයන මුදල් පරිභෝග
කරනවිට ගැටලුවක් ඇති වන්නේ නැහැ. අධාර්මිකව මිථ්‍යා ආජීවයෙන් මුදල්
සොයනවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාළා ඊට වඩා හොඳයි රත්කළ යකඩ ගුලි
ගිලින එක කියලා. එසේ වදාළේ ඒ පුද්ගලයා එසේ කළවිට මැරෙන්න පුළුවන්.
නමුත් ඒ පව නැවත නැවත කිරීමක් සිදුවන්නේ නැහැ. නැවත නැවත ඒ පව සිදු
කළොත් සංසාරයේ දී විඳවන්න වෙනවා.
එනිසා වාසනාවට ලැබුණ මනුස්ස ජීවිතය අවාසනාවන්ත නොකර සීල පාරිශුද්ධයෙන්
යුතුව තමන්ගේ පැවැත්ම, සංවරකම, උපදවාගෙන නරක දෙයින් වැළකිලා හොඳ දේ
කරමින් පරිපූර්ණ මිනිසෙක් වන්නට ඔබත් උත්සාහ කරන්න.
සාකච්ඡා කළේ - නයනා නිල්මිණි |