දිවුලපිටිය බලගල්ල
සරස්වති මහ පිරිවෙනෙහි ආචාර්ය
පහළගම ධම්මික හිමි
නිතර සිහියෙන් කටයුතු කරමින් පැමිණෙන
අවස්ථාව තේරුම් ගැනීම හා එයට ඉවසිලිවන්තව ප්‍රතිචාර දැක්වීම නිසා
ගුණවත්කම සුරැකේ.
ඉපැරැණි වුවත් අර්ථයෙහි පැරැණි බවක්
නොපෙනෙන උපදේශයක් වන්නේ ‘ඉවසීමෙන්
සැනසීම ලැබෙයි’ යන්නයි. සුළු මොහොතකට ඉවසා සිටීම තුළින් මහත්
විනාශයක් වළකා ගැනීමට හැකිවන අවස්ථා ඇත.
කුඩා කාලයේ දී කෙනකු ජීවත්වන පරිසරය ඔහුගේ වත්මන්
ක්‍රියා කලාපයන් හැඩගැස්වීමට බෙහෙවින් බලපායි. හොඳ
ගුණවත් සද්පුරුෂ මවුපියන්ගේ දාරක පේ‍්‍රමය ලබමින්
ගොඩනැඟුණහොත් යම් අයකු තුළ සමාජමය වශයෙන් හිතකර තත්ත්වයන් පෙන්නුම්
කෙරේ.
විසම ගති පැවැතුම් බහුල පුද්ගලයන් වෙසෙන සමාජයක ඇතැම් අය යහපත , සෙත
ශාන්තිය, අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන අතර තවත් සමහරු මංපැහැරීම්,
ප්‍රාණඝාත වැනි පවිටු ක්‍රියාවන් හි යෙදෙති. මෙම විසමකාරී බවට
ප්‍රමුඛතම හේතු සාධකය වන්නේ ඔවුනොවුන්ගේ ජීවන පරිසරය සහ මානසික
මට්ටම්ය.
කුඩා කාලයේ දී කෙනකු ජීවත්වන පරිසරය ඔහුගේ වත්මන් ක්‍රියා කලාපයන්
හැඩගැස්වීමට බෙහෙවින් බලපායි. හොඳ ගුණවත් සද්පුරුෂ මවුපියන්ගේ දාරක
පේ‍්‍රමය ලබමින් ගොඩනැඟුණහොත් යම් අයකු තුළ සමාජමය වශයෙන් හිතකර
තත්ත්වයන් පෙන්නුම් කෙරේ. ඒ සමඟම ආශ්‍රය කරන සමාජ කණ්ඩායම්, නිසි
අධ්‍යාපනය, වෘද්ධත්වය, නිලතල සහ වගකීම් යන දෑ ක්‍රමවත්ව ලැබෙන විට
නැණවත්කම, ගුණවත්කම ඇති පුද්ගලයකු නිර්මාණය වෙයි. ඔහු ඉක්මනින් නො
කිපේ. නමුත් හැදුණු වැඩුණු යහ පරිසරය, මවුපිය මඟපෙන්වීම අධ්‍යාපනය ආදිය
අසම්පූර්ණ වූ අය බෙහෙවින් සමාජමය වශයෙන් අහිතකර ලෙස ජීවත්වන අවස්ථා
දක්නට ලැබේ.
එය කෙසේ වෙතත් මෙවැනි අහිතකර තත්ත්වයක් වුවද තමාගේ පුද්ගල ශක්තියෙන් ,
සිතා විමසා කටයුතු කිරීමේ හැකියාවෙන් ජයගත හැකිය. මවුපියන් ඇතුළු
වැඩිහිටියන්, පරිසරය, අධ්‍යාපනය යන දෑ කෙතෙක් අවහිර, බාධා, ඇති කරන ලෙස
පැවැතියත්, ඒවා අභිබවා ගොඩනැගුණු සද්පුරුෂයන් ගුණවතුන් අපට හමුවන
අවස්ථා ඇත. මෙසේ බාහිර සාධකවල උපකාරයක් ඇතද නැතද සිය ගතිගුණවල යහපත් බව
ඉස්මතු කරගෙන නැඟී සිටින යම් සද්පුරුෂයකු වේද ඔහු තුළ අනිවාර්යයෙන්ම
දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණයක් වන්නේ ඉවසනසුළු බවයි.
පුද්ගලයා කේන්ද්‍ර කොට ගෙන ඉවසීම විවිධ සීමා මායිම් සිසාරා ගමන් කරයි.
අන්‍යයන්ගේ මතවාද, තමන් තුළ නොයෙක් විට මතුවන රෝගාබාධ, බාහිර තාඩන පීඩන
, ජීවත්වෙන පරිසරයේ විවිධ කාලගුණික හා දේශගුණික වෙනස්වීම ආදි සියලු
කාරණා ඉදිරියේ අකම්පිතව සිටීම දරා ගැනීම ඉවසීම නම් වෙයි. එහෙත් යම් යම්
සංසිද්ධීන් නිසා ඉවසීම දෙදරා යන අවස්ථා හමුවෙයි.
අංගුත්තර නිකායේ තික නිපාතයේ දී පුද්ගල මානසිකත්වයේ ස්වභාව අනුව ලොව
ජීවත්වන පුද්ගලයන් විවිධ කොට්ඨාසවලට බෙදා පෙන්වයි. “ තයො මේ භික්ඛවේ
පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං කතමේ තයො අරුකුපචිත්තො පුග්ගලො
විජ්ජුපමචිත්තො පුග්ගලො වජිරූපචිත්තෝ පුග්ගලො “ යනුවෙනි. වණයක ස්වභාව
වන්නේ ලේ සැරව නිතර එයින් වැගිරීම හා අධික වේදනාව දැනීමය. එවැනි වණයක්
බඳු සිතක් ඇත්තා නිතර කිපෙයි. කෝපාන්විතව කටයුතු කරයි. නොසතුට ප්‍රකාශ
කිරීම සුපුරුදු කාර්යක් සේ සිදුකරයි. අසුබවාදීව සිතයි. යෑමේදී සිටීමේ
දී හිඳීමේ දී නිදාගැනීමේ දී නොනිදා සිටීමේ දී ද්වේෂයෙන් කටයුතු කරයි.
ගමන් කරන අතරතුර කකුල පොළොවේ තදින් වැදුණහොත් පවා පොළොවෙන් පළිගත යුතුය
යන සිතුවිලි වහා සිතේ ක්‍රියාත්මක වෙයි. මෙම සිතුවිලි ඇති අය අරුකුපම
පුද්ගලයන් වශයෙන් හඳුන්වනු ලබයි. විසුද්ධි මාර්ගයේදී සමස්ත පුද්ගලයන් ම
චරිත වශයෙන් කොටස් හයකට වෙන් කරන්නේ ඔවුනොවුන්ගේ මානසික මට්ටම්
මුල්කරගෙනය. එම චරිත හය පහත පරිදි වේ.
රාග චරිත
දෝස චරිත
මෝහ චරිත
සද්ධා චරිත
බුද්ධි චරිත
විතක්ක චරිත
මෙම චරිත ස්වභාවයන් අනුව සලකා බැලුණද එකී පුද්ගලයන් ඉවසීම අමතක කර
කටයුතු කරන අවස්ථා හා එහි දී සිදුවන අයහපත් ප්‍රතිවිපාක අපට දැක ගැනීමට
හැකිය. චරිත ස්වභාව කුමක් වුවත් ඉවසීම තමාට පුරුදු පුහුණු කරගත හැකිය.
නො ඉවසීමෙන් කටයුතු කරන්නා එහි අයහපත් ප්‍රතිඵල පිළිබඳ සිතා ඉවසීම,
පුරුදු කරගත යුතුය. ඉවසා සැනසීම උදාකර ගත හැකි බව සිතිය යුතුය.
ඉවසීම පවතින්නේ පුද්ගලයාගේ සිතේය. සිතේ පවත්නා ඉවසීම කායික , වාචසික
ක්‍රියාවන්ගෙන් නිරූපණය වෙයි. කායික වශයෙන් ප්‍රාණඝාතයෙන්, සොරකමින්,
කාම මිථ්‍යාචාරයෙන් හා සුරාපානයෙන් වැළැකීමද කායික ඉවසීම ප්‍රකට
කරන්නකි. වාචසික වශයෙන් බොරුකීමෙන්, හිස් වචන කීමෙන්, පරුෂ වචන කීමෙන්
හා කේළාම් කීමෙන් වැළැකීමෙන් වාචසික ඉවසීම ප්‍රකට කරයි. නිතර සිහියෙන්
කටයුතු කරමින් පැමිණෙන අවස්ථාව තේරුම් ගැනීම හා එයට ඉවසිලිවන්තව
ප්‍රතිචාර දැක්වීම නිසා ගුණවත්කම සුරැකේ.
ඉපැරැණි වුවත් අර්ථයෙහි පැරැණි බවක් නොපෙනෙන උපදේශයක් වන්නේ ‘ඉවසීමෙන්
සැනසීම ලැබෙයි’ යන්නයි. සුළු මොහොතකට ඉවසා සිටීම තුළින් මහත් විනාශයක්
වළකා ගැනීමට හැකිවන අවස්ථා ඇත. සමහර පුද්ගලයෝ සිය ඉවසීමේ අඩු බව නිසා ම
ප්‍රවෘත්ති නැරඹීමේ දී පවා එහි නිවේදකයාටත් බැණ වදිති.ගීතයක් ප්‍රචාර
වන විට එකී ගීතයටත් බැණ වදිති. එම මොහොතේදී ඉවසීමෙන් වචනය රැකගතහොත්
කෙතරම් නම් සද්පුරුෂකමක් ඇතිකර ගත හැකිදැයි අප අපගේ සිතින් විමසිය
යුතුය. ඉවසීමෙන් ජනපි‍්‍රයත්වය මෙන්ම නිහතමානිත්වයද ඇතිවෙයි. එනිසා
ඛන්ති පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො
යනුවෙන් ඉවසීම ක්ෂාන්තිය උතුම් වූ තපස බව දක්වා ඇත. බුදුවරු නිර්වාණය
උතුම් බව ප්‍රකාශ කරති. අන්‍යයන් පෙළන්නා තාඩනයට, පීඩනවලට ලක් කරන්නා
පබ්බජිතයකු නොවේ. අන්‍යයන් වෙහෙස මහන්සි කරන්නා ශ්‍රමණයකු නොවේ. ඉවසීම
යනු තපස වෙයි. පැවිදි , ගිහි ආදි මොනයම් හෝ සමාජ ස්ථරයක් තුළ සිටියද
සැමදෙනාටම මොනයම් හෝ සමාජමය වගකීමක් ඇත. එකී වගකීම අර්ථවත් වන්නේ ඔහු
ඉවසන තෙක් පමණි. ඉවසීම බිඳුණු සැම තැනකදී ම යහපත වෙනුවට අයහපත ඉස්මතු
වෙයි. ඉවසීම අසීරුය. අසීරු වුවත් අතිශයින් ම ප්‍රගුණ කළ යුත්තකි. එයින්
සැනසීම ලැබෙන නිසාය. එනිසාය මංගල කරුණු අතර “ඛන්තීචසොවචස්සතා” යනුවෙන්
දක්වා ඇත්තේ දස පාරමිතා අතර ක්ෂාන්ති පාරමිතාව ලෙස ඉවසීමට විශේෂ
වැදගත්කමක් පිරිනමා ඇත.
ඉවසීම දෙලොව සැප සදයි. සැනසීම ඇති කරගැනීමේ මාවතයි. ඇතැම් විට ඉවසිය
යුත්තේ මොහොතක් පමණි. එකී මොහොත ඉවසිය යුතුමය. තමන්ට ඉවසීමට සීමා නැත.
ඒ නිසා සිතට නො ඉවසීම ඇති වේයැයි තමන්ට දැනෙන මොහොතේදී වහා ක්‍රියාත්මක
විය යුතුය. එම මොහොතේදි දැඩි ශක්තියක් යොදවා කායික, වාචසික, ක්‍රියා
පාලනය කර ගැනීමෙන් අවසානයේදී ඉතා පහසු, සැහැල්ලු, මානසික තත්ත්වයක්,
පි‍්‍රයජනක පරිසරයක් ඔබට ලැබෙනු ඇත. එය ඔබව ජයග්‍රහණයට, ගුණවත් බවට,
නැණවත් බවට, සැනසීමට සහ සද්පුරුෂ භූමියට ඔසවා තබනු ඇත. |