පිළිවෙළ දැන
භාවනා වඩමු
ප්‍රත්‍යවේක්‍ෂා කිරීම
නාවලපිටියේ
අරියවංශ හිමි
සමථය හෝ වේවා විදර්ශනාව හෝ වේවා ඒ කුමන භාවනාවකින් හෝ ආරම්භයේදී සමාධිය
ඇතිවෙන පිළිවෙළ, රටාව. අන්න ඒ පිළිවෙළ මතක තියා ගන්න. හැබැයි ඒව හොයන්ට
එපා. අපි කරගෙන යනකොට
ඒව තේරෙයි. තේරෙන කොට හඳුන ගන්න එච්චරයි.
ඒව හොය හොයා භාවනා කළොත් එයාට භාවනාව දියුණු කර ගන්න බෑ. අදාළ තැන පහු
කරන කොට තේරෙයි මම දැන් මෙතන
ඉන්නෙ කියල.
අපි සමථයත් විදර්ශනාවත් දෙකම පුරුදු කරන්ට ඕනෑ. සමථ භාවනාවත් විදර්ශනා
භාවනාවත් අර්ථය විදියට වෙනස්, සමාධි එකිනෙකට වෙනස්. ඒව අපි තේරුම් ගන්ට
ඕනෑ. ඒවයින් ඇතිවන ප්‍රතිලාභය එහෙම නැත්නම් ප්‍රයෝජනය එකිනෙකට වෙනස්.
නමුත් ආරම්භයේදී ඒ සමාධි වැඩෙන ස්වභාවය වැඩෙන රටාව එක වගේ. ඒ නිසා අපි
ඒ රටාව තේරුම් ගන්ට ඕනෑ. ඒ රටාව තේරුම් ගත්තොත් අපිට පුළුවන්කමක්
තියෙනව ඒ සමාධි ක්‍රමානුකූලව දියුණු කර ගන්න. හැබැයි ඒ සමාධිවල ස්වභාවය
වෙනස් කියන එකත් මතක තියා ගන්න. සමථය මඟින් ඇතිවන සමාධිය වෙනස්
විදර්ශනාවෙන් ඇතිවන සමාධියට වඩා ඒ දෙක එක සමාන නෑ. ඒ නිසා ඒ දෙකෙන් එක
විදියෙ සමාධිය ඇති කර ගන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනැ. දෙයාකාරයකින්
තමයි අපි ඒ සමාධි පුරුදු කර ගත යුත්තේ.
අපි තේරුම් ගන්ට ඕනෑ ඉතා වැදගත් කරුණක් තමයි ඒ සමාධි වල වෙනස්කම්
තිබුණා වුණත් ආරම්භයේදී ඒ සමාධි දියුණු වෙන්නෙ එක රටාවකට කියල. ඒ රටාව
තමයි අකුසල් එහෙම නැත්නම් නීවරණයට පත් වුණාට පස්සෙ සිත ප්‍රමුදිත බවට
පත්වෙනව. සමථය විදර්ශනාව දෙකම පුරුදු කරන්ට ඕනෑ. ඒ විදිහට පුරුදු කරන
කොට අපි ක්‍රමක් ක්‍රමයෙන් අකුසල්, නීවර්ණ අඳුරගෙන බැහැර කරන්ට ඕනෑ. ඒ
තමයි ආරම්භය. ඒ නීවර්ණ බැහැර කිරීමත් සමඟම සිතේ නැවුම් බවක් ප්‍රබෝධයක්
අලුත් බවක් හට ගන්නව. සිත ප්‍රමුදිත බවට පත්වෙනවා. ප්‍රමුදිතයි කියල
කියන්නෙ නීවරණ වලින් ලැබෙන පීඩා අඩුවෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙ එයා
පහසුවෙන් භාවනාව කරගෙන යනවා. ඒ විදිහට භාවනාව කිරීමත් එක්ක නීවරණ දුරු
වෙනව. සිත විවේකයට පත් වෙනවා. එයාට විවේකයෙන් ඒ භාවනාව කර ගන්ට
පුළුවන්. මේ විදියට භාවනා කරගෙන යන කොට පී‍්‍රතිය ඇති වෙනව. ඊට පස්සෙ
එයා පී‍්‍රතියෙන් යුක්තව භාවනාව කරගෙන යනව. ඊට පස්සෙ පී‍්‍රතිය නැති
වෙලා කය සැහැල්ලු වෙනව. ඒ සැහැල්ලුව සහිතව තව දුරටත් සුව පහසුවෙන්
භාවනාව කරගෙන යන්ට පුළුවන්. ඊට පස්සෙ එයාගෙ සිතට සැපය ඇති වෙනව. දැන්
එයා සැප සේ භාවනාව කරගෙන යනව. මේ විදියට කලක් ඒ සැපවත් වූ සිතින්
භාවනාව කරගෙන යන කෙනාට සමථ විදර්ශනා ධර්මයන් පහළ වෙනව. පිහිටනව. එතන
ඉඳල තමයි බලවත් සමාධිය ඇති වෙන්නෙ.
මේක තමයි සමථය හෝ වේවා විදර්ශනාව හෝ වේවා ඒ කුමන භාවනාවකින් හෝ
ආරම්භයේදී සමාධිය ඇතිවෙන පිළිවෙළ, රටාව. අන්න ඒ පිළිවෙළ මතක තියා ගන්න.
හැබැයි ඒව හොයන්ට එපා. අපි කරගෙන යනකොට ඒව තේරෙයි. තේරෙන කොට හඳුන ගන්න
එච්චරයි. ඒව හොය හොයා භාවනා කළොත් එයාට භාවනාව දියුණු කර ගන්න බෑ. අදාළ
තැන පහු කරන කොට තේරෙයි මම දැන් මෙතන ඉන්නෙ කියල. තමා ප්‍රමුදිතව ඉන්න
කොට තේරෙයි මම දැන් ප්‍රමුදිතව ඉන්නෙ කියලා නැත්නම් පටන් ගත්ත ගමන්
පී‍්‍රතිය කෝ? සැපය කෝ? කිය කිය හෙව්වොත් මොකද වෙන්නේ? එයාට කවදාවත්
භාවනා අරමුණට සිත ගන්ට බෑ. එයා සිහින මාළිගාවක් මව මවා ඉඳියි.
ඒ නිසා මේ මඟ හඳුනගෙන මාර්ගයේ ඈත බලමින් ඉන්ට එපා. ඉන්න තැන අඳුන ගන්න
මම මෙතන ඉන්නේ කියල. එතකොට තමන් ඒ ඒ තැන පහුකරගෙන යනකොට තමන්ට තේරෙයි.
අපි මඟ සලකුණු විතරයි ඉස්සෙල්ල අඳුර ගන්නෙ. මඟ සලකුණු අඳුර ගන්නව, ඊළඟට
දැන ගන්නව. ඊට පස්සෙ මාර්ගයේ යනකොට ඒ සලකුණු පෙනෙයි. මේ තමයි ප්‍රමුදිත
භාවය. පී‍්‍රතිය කියන්නෙ මේකයි. පස්සද්ධිය කියන්නෙ මේකයි. සැපය කියන්නෙ
මේකයි කියල. අපට කරන්ට තියෙන්නෙ අකුසල් (නීවරණ) ටික බැහැර කරමින් ඒ
භාවනා අරමුණ හොඳින් පවත්වාගෙන යාම, එතකොට අපේ සිත ටිකෙන් ටික වැඩෙන්ට
වැඩෙන්ට එහෙම නැත්තම් ඒ භාවනා අරමුණේ පිහිටන්ට පිහිටන්ට ඒ අදාළ දේවල්
මුණ ගැහෙයි. ඒව පහු කරගෙන සිත වැඩෙයි. ඒ නිසා ඒ සිත වැඩෙන රටාව ඉගෙන
ගන්න, තේරුම් ගන්න. ඒ රටාව හොය හොයා ඉන්ට එපා. නැත්නම් අපිට භාවනාව
පුරුදු කරන්න ගියාම යම් යම් ගැටලු ඇති වෙනව. ඒ කරුණු මතකතියාගෙන කලබල
නොවී ටික ටික පුරුදු කර ගන්න. එතකොට යම් දවසක අපිට හොඳින් සමාධිය
දියුණු කරගෙන මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් ඉපදෙයි. සියලු
දෙනාටම තෙරුවන් සරණයි.
|