ක්‍රෝධය අක්‍රෝධයෙන්
ජයගැනීම
දිවුලපිටිය –බලගල්ල
සරස්වතී මහ පිරිවෙනෙහි ආචාර්ය
පහලගම ධම්මික හිමි
ක්‍රෝධය යනු
මනසේ ඇතිවන්නා වූ
දරුණු මානසික තත්ත්වයකි.
එය ඍණාත්මක
සිතිවිල්ලකි. මනසේ
පවත්නා ධණාත්මක
මානසික මට්ටම
වෙනස්වීම
ක්‍රෝධය නම් වෙයි.
“ කොධ” යන්න “කොපෙති “
යන පාලි පදයෙන් සැකසී තිබේ.
සමාජ වටපිටාවක් සමඟ ඒකාබද්ධ වී ඔවුනොවුන්ගේ ඕනෑ එපාකම් සමඟ ගැටී ජීවත්
වීමේදී විටෙක අප බොහොම සතුටෙන් සෙනෙහසින් කරුණාවෙන් දයාවෙන් කටයුතු
කරණු ලබයි. තවත් විටෙක තරහව වෛරය පළිගැනීම ක්‍රෝධයෙන් යුක්තව කටයුතු
කරනු ලබයි. මෙසේ මිනිසා විටෙක මිත්‍රශීලි පුද්ගලයෙකු වීමටත්, විටෙක
අමිත්‍රශීලි පුද්ගලයෙකු වීමටත් හේතු සාධක බුදුදහමට අනුව ඉස්මතු කර ගත
හැකිවේ.
සමාජයෙන් තමා වෙත ගලා එන ලාභ ප්‍රසංශා යසස සැප යන තත්ත්වයන් ඉදිරියේ දී
ධනාත්මක මානසික මට්ටමකින් යුක්තව ඒවා වැළඳ ගැනීම සිදුකරනු ලබයි. නමුත්
අලාභ, නින්දා, අයස, දුක වැනි මනසට විඩාබර මානසික මට්ටම්වල දී
ක්‍රෝධාන්විතව මිනිසා සමාජය සමඟ ගැටීමට පෙළඹෙයි. ඊට හේතුව තමන්ට
අන්‍යයන්ගේ ප්‍රතිචාර දරා ගැනීම හා ඉවසීම පුරුදු පුහුණූ කොට නොමැති
කමවේ.
ක්‍රෝධය යනු මනසේ ඇතිවන්නා වූ දරුණු මානසික තත්ත්වයකි. එය ඍණාත්මක
සිතිවිල්ලකි. මනසේ පවත්නා ධණාත්මක මානසික මට්ටම වෙනස්වීම ක්‍රෝධය නම්
වෙයි. “ කොධ” යන්න “කොපෙති “ යන පාලි පදයෙන් සැකසී තිබේ.
එහි ධාතුව, කුප ,කොපෙ, කිපීමෙහි, පවත්නා මානසික තත්ත්වය වෙනත්
ස්වරූපයකට පත්වී ආවේගාත්මක ස්වරූපය ක්‍රෝධයෙහි මූලාරම්භයයි. එය බද්ධ
වෛරය පළිගැනීම වැනි සිතිවිලි නිර්මාණය කරයි. එය සංවර්ධනය කළහොත් නින්දා
කිරීම් අපහාස කිරීම් තාඩන පීඩන වලිනුත් නොනැවතී වද හිංසා ප්‍රාණඝාතය
තෙක් දිවයන්නේ ක්‍රෝධ සිතිවිල්ලයි. ක්‍රෝධය බහුල පුද්ගලයාගෙන් සමාජයට
සාධාරණයක් සිදු නොවෙයි.
නිතර ක්‍රෝධාන්විතව කටයුතු කරන්නාගේ කීර්තිය පිරිහීමට ලක්වෙයි. මජ්ඣිම
නිකායේ මූලපණ්ණ,සකයේ ඕපම්ම වර්ගයේ එන කකචූපම සූත්‍රයේදී සඳහන් වන
ආකාරයට වේදහිකා ගෘහපතිනිය නම් ඤාණාන්විත කාර්යෙහි දක්‍ෂ සත්පුරුෂ ගුණ
ධර්මයන්ගෙන් යුක්ත තැනැත්තියක් බව සමාජය තුළ රැව්පිළිරැව් දෙමින්
තිබිණි.ඇයට බොහොම කඩිසර විනීත කාලි නමින් සේවිකාවක් වූවාය. සියලු
කටයුතු නොපිරිහෙලා මෙම කාලිය තුළින් සිදුවූවාය.
දිනක් තම ස්වාමි දියණියගේ පවත්නා ගුණ යහපත්කම කෙබදු දැයි පරීක්‍ෂා
කිරීමේ අදහසින් සුපුරුදු පරිදි උදෑසනින් අවදිවෙන කාලිය එදා දවල් වී
අවදිවූවාය. ඒ කෙරෙහි කිපුණු වේදහිකා ගෘහපතිනිය තම සේවිකාවගේ හිසට
දණ්ඩකින් පහර දී තාඩන පීඩන පමුණුවන්නට වූවාය. එකී ක්‍රියා කලාපයෙන්
වේදහිකාවගේ සත්ගුණ ධර්ම නොමැති බව සමාජයේ පැතිරෙන්නට විය. ක්‍රෝධය සිතේ
ඇතිවන්නේ ඊට සුදුසු පරිසරයක් සකස් වූ විටය. බෝසත් සමාජයක නම් ක්‍රෝධ
නොවී සිටීමට පහසුය. නමුත් විෂම ගති පැවැතුම් ඇති සංකීර්ණ සමාජයක
අක්‍රෝධීව ජීවත්වීම අතිශ්‍යය වැදගත්ය. බුදුදහමට අනුව සිතේ ඇති වන්නා වූ
ක්‍රෝධය නමැති මනෝ තත්ත්වය පාලනය කිරීමට විවිධ ක්‍රමවේද
සූත්‍රානුසාරයෙන් ඉගැන්වීම් හමුවෙයි.
මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයේදි ක්‍රෝධ වැනි ඍණාත්මක මානසික
තත්ත්වයක් සිතට ඇති වුවහොත් එයින් මිදීමේ අනඟි ක්‍රම හතක් උගන්වා ඇත.
1. දස්සනා - දැකීමෙන්
2. සංවරා – සුසංවරයෙන්
3. පටිසේවනා – නැවත විමසා බැලීමෙන්
4. අධිවාසනා – ඉවසීමෙන්
5. පරිවජ්ජනා – දුරුකිරීමෙන්
6. විනොදනා - බැහැරකිරීමෙන්
7. භාවනා – වැඩීමෙන්
දස සංයෝජනා දී අකුසල පාක්‍ෂික සිතිවිලි නුවණික් දැක ඒවා සිතට ඕනෑ
ආකාරයට ක්‍රියාත්මක වීමට නොදීම දැකීමෙන් පාලනය කිරීම කළ හැකිය. ඇස, කණ,
නාසය, දිව, ශරීරය ආදි පස ඉඳුරන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු
සමඟ ගැටීමේදී ක්‍රෝධය ඇති වෙයි. එවිට ඉඳුරන් සංවර කරගැනීමෙන් පාලනය
කරගත හැකිය. ආහාර පාන බෙහෙත් හේත් යානවාහන වාසස්ථානාදිය භාවිතයේදි සිතේ
ස්වභාව වෙනස් වන්නේ නම් එකී මූලික අවශ්‍යතා පිළිබඳ මෙනෙහි කිරීමෙන්
ක්‍රෝධය පාලනය කරගත හැකිය. අන්‍යයන්ගේ නින්දා අපහාස ඇණුම් බැණුම් රළු
කායික වේදනා ඉවසීමෙන් සිත ක්‍රෝධයට පත්වීම වළකාගත හැකිය. තමන් අයහපතට
ක්‍රෝධී පුද්ගලයකු බවට පත්කරන මිත්‍ර ප්‍රතිරූපකයන් නුසුදුසු පරිසරය
ආදිය බැහැර කිරීමෙන් ක්‍රෝධය පාලනය කරගත හැකිය. සිතට ඇතිවෙන ක්‍රෝධයේ
ස්වභාවය පිළිබඳ සිතා එහි ප්‍රතිවිපාකවල දරුණුකම මනසින් දැක තමාත්
අන්‍යයන් කෙරෙහිත් නිතර මෛත්‍රීයෙන් යුක්තව ක්‍රියාත්මකවීම තුළින්
වැඩීමෙන් ක්‍රෝධය පාලනය කළ හැකිය. නිතර සිනාවෙන් සතුටින් ජීවත්වීමට නම්
සිතේ ඇතිවන්නා වූ ක්‍රෝධය පාලනය කළ යුතුම වෙයි. එවිට ආතතියෙන් තොරව
සැහැල්ලුවෙන් ජීවත්වීමට හා සුහදශීලි පුද්ගලයකුවීමට හැකියාව උදාවෙයි.
ධම්මපදයේ දී ක්‍රෝධය හා ඒ ආශි‍්‍රත තවත් මානසික මට්ටම් ජය ගැනීමේ
ක්‍රමවේදයක් උගන්වනු ලබයි. එනම්,
“අක්කෝධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ,
ජිනෙ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං”
ක්‍රෝධ කරන පුද්ගලයාට මෛත්‍රී කිරීමෙන් ද හොඳ ගුණ නැත්තාට
මනාගුණවත්කමින් ද තද මසුරු පුද්ගලයාට දීමෙන්ද බොරු කියන්නාට සත්‍ය
වාදීවීමෙන් ද ජයගත හැකි බව උගන්වනු ලබයි. ක්‍රෝධය අභිමුවෙහිදී
අක්‍රෝධීව කටයුතු නොකළ හොත් වෛරය සංසිදීමක් ඇති නොවෙයි. එනිසා ක්‍රෝධය
හමුවෙහි මෛත්‍රී සහගත විය යුතුය. එම යහපැවැත්ම දෙව්සැප කෙරෙහි හේතුවන
බව මෙසේ දැක්වේ.
“ සච්ච භණෙ න කුජඣෙය්‍ය
දජ්ජාප්පස්සාමිං යාචිතො,
එතෙහි තීහි ඨානෙහි
ගච්ඡේ දෙවසන්තිකෙ”
ඇත්ත කියන, නො කිපෙන, යමක් ඇල්ලූ අයට සුළු දෙයක් ඇති කල්හි පවා
දෙන්නේය. නොකිපීම හෙවත් අක්‍රෝධී බව පරිත්‍යාගශීලිත්වයක් පුරුදු පුහුණු
කළ යුතුය.
කිපීම තුළින් නිතර සත්‍ය ඈත් වෙයි. අසත්‍ය සත්‍ය සේ පෙනෙන්නට ගනී. එයට
මානසික පෙරළිය බෙහෙවින් බලපානු ලබයි. එම නිසා ක්‍රෝධයෙන් වෙන් වී
සිහියෙන් යුක්තව මෛත්‍රි සිත් පෙරදැරිව අන්‍යයන්ට නිතර ආමන්ත්‍රණය
කරන්නේ නම් ක්‍රෝධය අක්‍රෝධයෙන් ජය ගත හැකිවේ. |