UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වසර 300 ක් පමණ පැරැණි මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය

මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය දැනට වසර 300 ක් පැරණි කොළඹ ප්‍රදේශයේ පිහිටි  ඉපැරණි විහාරස්ථානයකි.


බුදු මැදුරේ දසුනක්

නම් පොතේ සඳහන් සම්මුඛ දේවාලය පිහිටියේ මෙම ස්ථානයේය. එම දේවාලය වසර 500 කට වඩා පැරණි එකකි.

දේවාල දෙපස නාගස් සහ සල්ගස්වලින් පිරී තිබූ බැවින් නාගවනාරාමය ලෙස මෙම පුද බිම නම් කරනු ලැබ ඇත.

ජනාකීර්ණ පරිසරයක මෙම විහාරස්ථානය පිහිටා තිබුණද විහාර භූමියට පිවිසුණු විට දැනෙන්නේ මේ තුළ ඉතා ශාන්ත පරිසරයක් නිර්මාණය වී ඇති බවයි.

කාලයාගේ ඇවෑමෙන් නාගවනාරාම පුරාණ විහාරය ජනතාවගෙන් ඈත් වී වල් බිහිවී ගරා වැටුන පුද බිමක් විය. මීතොටමුල්ල වැසියන් බොහෝ අවස්ථාවල එය නගා සිටුවීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ අතර පසුව එම කර්තව්‍යට උරදුන් රවීන්ද්‍ර උදයශාන්ත නම් තරුණ ව්‍යාපාරිකයා තම ධන පරිත්‍යාගයෙන් සර්වඥ ධාතු නිදන් කර චෛත්‍යයක් ඉදි කළේය.

මීතොටමුල්ල ග්‍රාම වාසීන් බහුතරයකගේ සහාය ඔහුට ලැබුණු අතර අද මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය අංග සම්පූර්ණ වූ පින් බිමකි.

ශ්‍රී නාගවනාරාමයේ විහාර මන්දිරය දැනට වසර 300 කට පෙර ඉදිවූවකි . එය දැනට පුරා විද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබේ. මෙහි පඩිපෙළ සහ ඝණ්ඨාකාර කුළුණ ඉදිවූයේ මීට වසර 75 කට පමණ ඉහතදීය. ශ්‍රී කුලඟන සමිතිය එයට දායක විය.


චෛත්‍යය සහිත විහාර භූමියේ දසුනක්

විහාරස්ථානයට නම ලැබුණු පැරැණි නාගසද තවමත් නිරුපද්‍රිතව ඇති අයුරු මෙම පින්බිමේදී දැක ගන්නට ලැබෙයි. වසර 500 ක් පමණ පැරැණි සම්මුඛ දේවාලය නිසා ප්‍රසිද්ධියට පත් දිගු ඉතිහාසයක් ඇති ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය ප්‍රදේශයේ මෙන්ම ලක්වාසී ජනතාවට මහත් ශාන්තියක් වී ඇති විහාරස්ථානයකි.


පැරැණි දේවාලය

තොරතුරු සැපැයීමෙන් සහාය දැක්වූ විශ්‍රාමලත් පාඨාශාලාචාර්ය ටියුඩර් පෙරේරා මහතාට ස්තුතියි.

 

 

 

 

 

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 26 වනදා බදාදා පූර්ව භාග 05.17 ට ලබයි.
27 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 26 වනදා බදාදාය.

මීළඟ පෝය නොවැම්බර් 2 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]