අම්පිටියේ සිරිවිමල නා හිමියෝ අසූ වන වියට පා තබති
			
			 
			මහනුවර අම්පිටිය ශ්‍රී ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා 
			මධ්‍යස්ථානාධිපති, මාතලේ කූඹියන්ගොඩ විද්‍යාශේඛර පිරිවෙන් මූලමහා 
			විහාරාධිපති, ශ්‍රී ලංකාරාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සභික උත්තරී 
			මණ්ඩල සාමාජික ශ්‍රී සුමිත්ත ඉන්ද්‍රජෝති ධම්මිසසර් වංශාවතංස ශාසන 
			කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අම්පිටියේ සිරිවිමල 
			නාහිමිපාණන්ගේ අසූවෙනි (80) ජන්මෝත්සවය නිමිත්තෙන් ජූනි 06 වන දා සිට 
			15 දක්වා ආගමික සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් කුඹියන්ගොඩ ශ්‍රී 
			විද්‍යාශේඛර පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ දී, පරිවෙණාධිපති 
			ශාස්ත්‍රපති තලාතුඔය සමිද්ධිසිරි හිමියන් ප්‍රධාන විහාරස්ථ දායක සභාව 
			සහ කුලගන සමිතිය මගින් පැවැත්වීමට විධි විධාන යොදා ඇත. 
			සිරිවිමලනාහිමිගේ ජන්මෝත්සවය ජූනි 15 වෙනිදාට යෙදී ඇත. 
			2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව එම පින්කම් මාලාව මැයි 15 
			වෙනි දින ආරම්භ කරුණි. මෙම ධර්ම ශාස්ත්‍රීය වැඩසටහනේ ප්‍රධාන තැනක් ගනු 
			ලබන්නේ සිරි ධම්මිස්සර පුස්තකාල පීඨයයි. 
			මහනුවර අම්පිටිය ශ්‍රී ජෙමිසන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, 
			කුඹියන්ගොඩ විද්‍යාශේඛර පිරිවෙන් මූල මහා විහාරය, මාතලේ ශ්‍රී 
			විජේතිලකාරාමය, කලල්පිටිය ශ්‍රී ධර්මේශ්වරාරාමය යන සිද්ධස්ථානයන්හි 
			වත්මන් ශාසනික ආගමික අධ්‍යාපනික, සාමාජික දියුණුවේ අනූපමේය සේවයේ ඉමහත් 
			ශාසනික මෙහෙවරක් ඉටු කළ අම්පිටියේ සිරි විමලනා හිමියෝ අම්පිටිය ශ්‍රී 
			ජෙම්සන් බෞද්ධ භාවනා මධ්‍යස්ථානය දෙස් විදෙස් බැතිමතුන්ගේ සිත් සතන් 
			සනසන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කළහ.  |