  
			48 වන කොටස
			
			බණ්ඩාර මඩුගල්ලේ 213 පෙමතෝ ජායතී සොකො - පෙමතෝ ජායතී භයං 
			පෙමතෝ විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං  
			
			ආදරය කළ දෙයින්, සෝක බිය හට ගනී.  
			ආදරෙන්
			වෙන් වුණොත් සෝක බිය නූපදී 
			හිතවතුනි, ආදරය දුක මැවෙන මාවතකි.  
			එය
			හැඳින ජීවිතය ගෙවන්නේ නම් මැනවි. 
			 
			214 රතියා ජායතී සොකො - රතියා ජායතී භයං 
			රතියා විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං 
			ඇල්මකින් ශෝකය ද, භය ද හට ගන්නේ ය.  
			එයින්
			වෙන් වූ විට දි ශෝකයක් භයක් නැත. 
			හිතවතුනි, ඔබ ඔබේ, සිතේ වහලෙකු නොවී සිත 
			වහල් කර ගන්න. සිතූ ජය ලැබෙනු ඇත. 
			 
			215 කාමතො ජායතී සොකො - කාමතො ජායතී භයං 
			කාමතෝ විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං 
			කාමයෙන් ශෝකයද, භය ද හට ගන්නේ ය.  
			එයින්
			වෙන් වූ විටෙක භයක් සෝකයක් නැත. 
			හිතවතුනි, ඔබ ඔබේ, සිතේ වහලකු නොවී, සිත 
			වහල් කර ගන්න. සිතූ ජය ලැබෙනු ඇත. 
			 
			216 තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායතී භයං 
			තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං 
			තණ්හාව හේතුවෙන් භය සෝක හට ගනී.  
			එයින් වෙන්
			වූ විට දී භය ශෝක නූපදී. 
			හිතවතුනි, ආශාව, විපත් ගෙන දෙන්නේ ය.  
			ආශාව
			අඩු වුණොත් විපත් අඩු වන්නේ ය. 
			 
			මතු සම්බන්ධයි 
			  |