2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු
සුදුසුම ඉහළම සැරසිල්ල -
ප්‍රතිපත්තියෙන් පිදීමයි
කලාභූෂණ, ශාසනදීපන, ශාස්ත්‍රපති
සිරිපාල මාදුවගේ
පන්සාළිස් වස් මෙත් කරුණාවෙන් සත්වග වෙත අපමණ සුව සැලසූ ශාන්ති
නායකයාණන් වහන්සේ අනුත්තර වූ සම්‍යක් සම්බුද්ධ රාජ්‍යයට පත්ව, එළඹෙන්නා
වූ 2600 වර්ෂය මහත් ගෞරව සැලකිල්ලෙන් පිළිගැනීමට ලෝකවාසී, බෞද්ධයෝ
යුහුසුළුව පෙරමුණ ගෙන සිටිති. “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය
පිළිවෙතින් පෙළ ගැසෙමු” යන්න තේමාව මේ වනවිටත් සිත් සතන්හි පැළ පදියම්
වී හමාරය. රාජ්‍ය අනග්‍රහය ද පිළිවෙතින් සපුරාලීම පිළිබඳවය.
නොයෙක් අවස්ථාවල ප්‍රතිපත්තිය ඈත් වෙමින් ශාසනාර්බුද පහළවීම් දක්නට
ලැබෙයි. සසුනට හානි වනකළ ප්‍රතිපත්තිය ගිලිහෙන කළ, යම් යම් දුර්දශා
අර්බුද ඇතිවන කළ වරින්වර සංඝායනා සිදුවෙමින් දුසිල් මහණුන් බැහැර
කරමින් ශාසනාවෘද්ධි සිදු වූ අයුරු පෙනේ. මෑත වකවානුවල ද සසුන් පිරිහුණ
අවස්ථාවන්හි මහතෙරුන් මුල්ව විදේශයෙන් උපසම්පදාව රැගෙන සියම්, අමරපුර,
රාමඤ්ඤ ආදී නිකායන් බිහි විය.
පැවිදි පක්ෂයේ ආගමික ජීවිතය අගයන්නේ ධර්ම දේශනා වතාවත් ආදියෙන් නොව
බදුදහමින් පෙන්නුම් කරන ශික්ෂාකාමිත්වයෙන් හෙබියා වූ භික්ෂුව, සංඝයා
වහන්සේ තුළ තිබිය යුතු අනුගමනය කළයුතු ධර්මතාවයන් අනුගමනය කිරීම මත ය.
සිඳීන මඩින සඳුන් හරයකින් සුවඳ විහිදෙන්නාක් මෙන් මතුවෙමින්, සුවඳවත්
වන්නාක් මෙන් ගුණගරුක භික්ෂුන් ගේ හැම ඉරියව්වක්ම ක්‍රියාවක්ම
ප්‍රසාදය ගෙන දෙන්නේ්ය. ප්‍රතිපත්තියට මුල් තැන දෙන භික්ෂුව දැකීම
ඇසුරු කිරීම යහපතට මග පාදන්නේය.
පර්යාප්තියෙන් ප්‍රතිපදාව තේරුම් ගත් ප්‍රතිපත්ති ගරුකව වසන භික්ෂුව
සිල් පුරන බව, බොජුන්හි පමණ දන්නාබව, නිදිවැරීමෙහි යෙදීම සිහිනුවණ ඇති
බව (මහා නින්දේස පාළි) යනුවෙන් සිව් පිරිසුදු සිල් පුරා සම්‍යක්
ප්‍රතිපදා ශාසනය සපුරයි. ඊටම අනුගත සතර සතිපට්ඨානය සතර සම්මක්
ප්‍රධානය, සතර සෘද්ධිපාදය, පංචේන්ද්‍රිය , පඤ්ච බලය, සප්ත බොධ්‍යංගය ,
ආර්ය අෂ්ටාංගික මාර්ගය යන නිර්වාණ ගාමිණි ප්‍රතිපදා සංඛ්‍යාත සත්තිස්
බෝධිපාක්ෂික ධර්ම මැනවින් සපුරන්නේ ද වන්නේය.
ගිහි ජනතාව සම්බන්ධයෙන් ද වැදගත් වන්නේ බුද්ධ දේශනාවේ දක්වන්නා වූ
ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කිරීමය. මේ සම්බුද්ධෝත්පාද කාලයයි. ශ්‍රී
සද්ධර්මය පවතී. ඒ වටහා දෙන්නට පැවිදි පක්ෂය සිටිති. මාර්ගය පැහැදිලිය.
යන්නට දෙනෙත් ඇත. මං මුළාව එහා මෙහා යාමට කිසිදු අවශ්‍යතාවයක් නොපෙනේ.
‘තුම්මේහි කිච්චං ආතප්පං’ (ධම්මපද) තෙපි තොපම කටයුතුය. තම විමුක්තිය
සකසා ගත යුත්තේ තමන් විසින්මය. පිළිවෙත් සපුරාලීමෙන් ඒ ඉටුවෙයි.
මහත් ඉහළින් සැමරීමට අදහස් කරනු ලබන 2600 සම්බුද්ධත්ව ජයන්තිය
ප්‍රතිපත්තියෙන් පිදීම මුල් කරගත් හෙයින් ඒ ගැන වඩ වඩාත් අවධානය යොමු
කිරීම අවශ්‍ය ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500 මහත් ඉහළින් සැලකිණි
සම්බුද්ධත්වයෙන් වසර 2600 ද ඉහළින් සැලකීම අදහසය. මෙහිදී ප්‍රතිපත්තියට
මුල්තැන දීම විශේෂිතයි. අනුරාධපුර අවධියේ සිට මහත් ඉහළින් වෙසක් උත්සව
පැවැත් වූ ශ්‍රී‍්‍ර ලාංකික බෞද්ධයෝ මේ 2600 වෙසක් ද නිසි වෙසක් ලෙස
කටයුතු කළ යුත්තේ ය.
අද බොහෝ විට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විසිතුරු මාලාකර්ම, ලතාකර්ම
ආදියෙන් ගේ්දොර මග දෙපස මොනවට සරසාගෙන නානා විසිතුරු පහන් දල්වාගෙන,
උසට උසේ මහා තොරන් බැඳගෙන වෙසක් දින වෙසක් සැරසිලි බලමින් විනෝද
චාරිකාවේ හැසිරෙන පින්වතුන්ගෙන් සැබෑ වෙසක් සැරසිල්ලක් සිදු නොවේ. මහා
ඝෝෂා නගමින් සල්පිල් බණ, දමන බණ නාට්‍යානුසාර බණ මේ ආදි අනේකවිධ
පින්කම් ලෙසින් සලකන පින්කම්ය. ගම්බද ජනතාව වෙසක් බැලීමට නගරයට ඇදීයාම
නිසා වෙසක් දින විහාර පන්සල් අඳුෙර්ය. වෙසක් තොරණ ගලවන කල තොරණ පිටුපස
හිස් අරක්කු බෝතල් එමටය. මාරක ළිදේ බයිසිකල් පැදීම, ඔලු බක්කන් නැටවීම
මේ ආදිය තුළින් පරමාර්ථය මුදල් විනා ප්‍රතිපත්තියක් නොවේ. වෙසක් බලමින්
නිදිකිරා, තෙමි තෙමී පිනි බබා ලෙඩදුක් හදාගෙන රෝහල් ගතවන්නෝ කෙතෙක්
දෙනෙක් ද? ඊර්ෂ්‍යාව, ක්‍රෝධ මාන ආදී ක්ලේශයන් වඩවන නිස්සාර වැඩ වෙසක්
සැරසිලි නොවේ. කට්ටි බෙදාගෙන වෙසක් සැරසිලි කිරීමට ගොස් කැති පොලු
සටන්වැදී ජන්මාන්තර වෛර වූ ගම්මාන ඇත. මේ සැරසිලි ප්‍රදර්ශනය
කරන්නන්ගේද සැරසිලි බලන්නන්ගේ ද ඇතුළත වැඩෙන ගුණදහම් කවරේද? කෙලෙස්
ගිනි නිවන, කෙලෙස් ලෙඩ සංසිදුවන වෙසක් සැරසිල්ලේ අගය කියාදිය යුතුය.
දහස් ගණන් මුදල් වැය කරමින් නිදි වර්ජිතව කරන බාහිර සැරසිලිවලට වඩා
ගිලානෝපස්ථානය, අනාථ සංග්‍රහය ආදී වටනා බොහෝ දේ වන්නේ ය.
‘’වෙසක් බෞද්ධයින්ට’’ සැබෑ වෙසක් සැරසිල්ල කියා දිය යුතුය. වෙසක්
බෞද්ධයින් යනු වෙසක් කාලයට පමණක් එළියට එන බෞද්ධ පිරිස් ගැනයි.
බුදුදහම භක්ති මාර්ගයක් නොවේ. ඇදහිලි පුද පූජා මාර්ගයක් නොවේ.
ගතානුගතික අන්ධ විශ්වාසයට, පාරම්පරික ඇඳහිලිවලට, අර්ථ ශූන්‍ය
පුදපූජාවලට මුල්තැන දෙන මුල් බැසගත් ආගමික දෘෂ්ඨි ලොව කොතෙකුත් ඇත.
එහෙත් බුදුදහම එසේ නොවේ. බුදුදහම නිදහස් චින්තනයට විමංසනයට,
මනුෂ්‍යත්වයට,, ප්‍රත්‍යක්ෂයට, අත්දැකීමට ප්‍රඥාවට මුල්තැන දෙන්නකි.
තුණුරුවනට නිග්‍රහ කැරෙන, බෞද්ධකම කෙලෙසන, බෞද්ධ පරිසරය නසන, ශ්‍රද්ධාව
පලුදු කරන, අගනා කාලය නිකරුණේ වනසන, දහස් ගණන් මුදල් විනාශකරන ශ්‍රමය
නාස්තිකරන හා අන්‍යාගමිකයින් සිනහ ගන්වන, සැබෑ බෞද්ධයින් කලකිරවන මහා
පුණ්‍යෙීත්සව නාමයෙන් මහා මෝඩ වැඩ කරන බෞද්ධයින් ගැන වර්තමාන බෞද්ධ
තත්ත්වය විග්‍රහ කරන කල පෙනී යයි.
බුදුපියාණන් වහන්සේ වදාළේ ධර්මානුකූ®ලව ප්‍රතිපත්ති මාර්ගයේ යෙදීමෙන්
සිය විමුක්තිය සලසා ගැනීම ගැනය.
ධම්මානුධම්ම ප්‍රතිපන්නව, සාමිචි පටිපන්නව ධර්මානුචරකව යම් භික්ෂුවක්
ප්‍රතිපත්ති පූජාවෙන් තථාගත බුදුපියාණන් වහන්සේ පුදන්නේය. යන දේශනයෙන්ද
ප්‍රතිපත්තියම ශ්‍රේෂ්ඨ බව වදාළහ.
බුදුරදුන්ගේ රූපකාය බලමින් විසීමට පි‍්‍රයකළ වක්කලී තෙරුන්හට වදාළේ
යමෙක් දහම් දකීද හේ මා දකී යන්නය.
බුදුරදුන් පිරිනිවන් පානා බව අසා බොහෝ භික්ෂුහු උන්වහන්සේට ගෞරව
දැක්වීමට පැමිණියද ධම්මාරාම භික්ෂුව නොපැමිණියෙන් අනෙක් භික්ෂුහු ඒ
පිළිබඳව සැල කළහ. ධම්මාරාම භික්ෂූන් වහන්සේගෙන් විමසුකල ධම්මාරාම
භික්ෂුව බුදුරදුන්ට වදාළේ ඔබවහන්සේ තෙමසකින් පිරිනිවන් පාන බව දනිමි.
එහෙයින් ඔබ වහන්සේට ගෞරවය දැක්විය යුතු වන්නේ වැඳුම් පිදුම් කිරීමෙන්
නොව භාවනායෝගිව ඔබ වහන්සේ පිරිනිවන් පාන්නට පෙර රහත් වීමෙනැයි සිතා එසේ
භාවනානුයෝගිව විමසුවෙමැයි යනුවෙනි. බුදුරදුන් ‘සාධු සාධු මට ගරු කරනු
කැමති මහණෙක් වේ නම් ධර්මාරාම භික්ෂුව මෙන් ගරුකළ යුතුය. ධර්මානුකූ®ලව
පිළිපැදීමෙන්ම මට ගරු කළ යුතුය.’ යි වදාළහ. පිටස්තර ගරු බුහුමනට වඩා
ප්‍රතිපත්තිය උතුම් කොට සැලකූ® බව මෙයින් පෙනේ.
පිරිනිවන් පානා මොහොතේ උන්වහන්සේට පූජා ලෙසින් අහසින් ගඳ මල් ආදිය ජනිත
වෙද්දී උන්වහන්සේ වදාළේ ‘’මෙපමණකින්ම තථාගතයන්ට ගරු බුහුමන් කළා නම්
නොවෙන්නේ ය. යමෙක් ධර්මානු ධර්ම ප්‍රතිපත්තිව සාමීචි ප්‍රතිපන්නව,
ධර්මානුකූ®ලව වෙසේ ද හේ තථාගතයන්හට පරම පූජාවෙන් ගරු බුහුමන් කරන්නේ
වේ’’ යනුවෙනි.
‘’ධම්මදායාද මෙ භික්ඛවෙ භවථ මා ආමිස දායාද’’ මෙහි ධම්මදායාද නම්
ප්‍රතිපත්ති පූජාය. ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උසස් බව
කියැවෙතත් දෙකෙන් එකක්වත් ප්‍රතික්ෂේප නොවේ.
බුදුපියාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයින්ට ආදර්ශයෙන් ද අනුශාසනයෙන්ද පහදා
වදාළේ බාහිර ආටෝපයන්ට නොරැවටී අධ්‍යාත්මික පාරිශුද්ධිය උපදවා ගන්නා
ලෙසය. උන්වහන්සේගේ ප්‍රතිපත්තිය සියලු විජයග්‍රහණය ලබා දෙන්නේ්ය. දහස්
ගණන් වැය කරමින් පුහු ආටෝපයට කරන සැරසිල්ල නොව වියදමින් තොරව
මහන්සියෙන් තොරව ගුණධර්ම වගා කැරෙන අධ්‍යාත්මික සැරසිල්ලම උතුම් වේ.
බෞද්ධ ජීවිතයේ අරටුව ප්‍රතිපත්ති පූජාවයි. ඵලය ආමිෂ පූජාවයි. ගසක්
වැඩීමට මේ දෙකම අවශ්‍යය. යමෙක් ප්‍රතිපත්තිය පසෙකලා ආමිෂයට ඇලී ගැලී
නම් එම ජීවිතය අරටුව නැති ඵලය පමණක් ඇති දුර්වල ගසක් බඳුවෙයි. කාලය ,
ශ්‍රමය, ධනය, ශ්‍රද්ධාව නාස්ති කරවන, පින්කම්වල නාමයෙන් සංවිධානාත්මක
මෝඩකම් නොකොට ත්‍රිහේතුක කුසල් ජනිතවන ආකාරයට ප්‍රතිපත්තියට නැඹුරුවන
ආකාරයට ආමිෂ පූජා පැවැත්විය යුතුය. අර්ථවත්ව, බුද්ධිමත්ව පුරුදු පුහුණු
කළ යුතුය. ආර්ය මාර්ගයේ ගමන් කිරීමට සූදානමක් ඉන් වෙයි.
එසේ සූදානම් වන ගිහි පැවිදි කවරෙකු වුවත් සීල භාවනා නමැති ප්‍රතිපත්්ති
සංඛ්‍යාත පා දෙකෙන් ඉදිරියට නොනැවතී යා යුත්තේ ය. තෙරුවන් සරණයාම
මුල්කොට ගෙන බෞද්ධ ජීවිතය පටන් ගැන්මේ සිට එහි අවසාන ඉලක්කය වූ අරහත්වය
දක්වා බෞද්ධයා විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මාලාව ගැන මනා
අවබෝධයකින් කි‍්‍රයා කිරීම බෞද්ධයාගෙන් විය යුතුය. 2600 ශ්‍රී
සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයේ දී ඔබගේ ජීවිත ප්‍රතිපත්තියෙන් පිදීම
පිළිබඳව ක්‍රියාකරමින් ඉදිරියටත් එසේම ප්‍රතිපත්ති මාර්ගයේ අධිෂ්ඨානය
එය විය යුතුය. නොකඩවා පංචශීල ප්‍රතිපත්තිය රැක ගැනීමේ අගය දත් ඔබ
ඔබගෙන් ඒ ඉටු නොවේ නම් එබඳු අධිෂ්ඨානයකට මේ කදිම වර්ෂයකි. |