බක් පුර අටවක 2011.04.11
අනන්‍යතාව රැක ගැනීමට නම්....
මිනිස් චින්තනයේ උල්පත වන භාෂාව සුවිශේෂී සංස්කෘතික මෙවලමකි.
මිනිසා අනෙකුත් සත්ත්වයන් ගෙන් වෙන කළ මේ මහා සංස්කෘතික මෙවලම
ඔහු ගේ සැබෑ අනන්‍යතා පත්‍රය යි. එහෙත් වර්තමාන ගෝලීයකරණ අවධිය
තුළ සංස්කෘතිය යනු වේගයෙන් වෙනස් වන හා අනුකරණයෙන් තීරණය වන
සාධකයක් ලෙස සැලැකේ. සංස්කෘතික අනන්‍යතාව තහවුරු කැරෙන තවත්
අංගයක් ලෙස පැවැති ඇඳුම අද වන විට මෝස්තර ලෝකයේ කාලීන ප්‍රවණතා
පිළිබඳ සාක්කියක් පමණි. ඇඳුමට අත් වූ මේ ඉරණම භාෂාවට ද අත්වන
තත්ත්වයක් අද උදා වී තිබේ. ජංගම දුරකතන භාවිතය නිසා ඇති වී ඇති
තත්ත්වය මෙයට එක් උදාහරණයකි. සිංහල භාෂාව කතා කරන්නන් විසින්
පවා කෙටි පණිවිඩයක් යැවීමේ දී භාවිත කළ යුත්තේ ඉංගී‍්‍රසි
භාෂාව ය. අන්තර්ජාල භාවිතය ආදිය මඟින් ද ඉංගී‍්‍රසි භාෂාවේ
ආධිපත්‍යය තහවුරු කැර තිබේ. මෙහි දීර්ඝ කාලීන ප්‍රතිඵලය වන්නේ
සිංහල භාෂාව වැනි සෙසු භාෂා මළ භාෂා බවට පත්වීම ය.
මෙ සේ බොහෝ ජාතීන් ගේ අනන්‍යතාව මැකී යමින් පවතින තත්ත්වයක්
යටතේ තව දින දෙකකින් එළඹෙන සිංහල අලුත් අවුරුදු උළෙල පිළිබඳ ව
අපට කතා කිරීමට සිදු වී තිබේ. සිංහල බෞද්ධ අනන්‍යතාව සහිත
ප්‍රධාන උත්සවයක් බවට පත් ව ඇති බක්මහ සැණකෙළිය කෘෂි ආර්ථිකය
සමඟ මනා ලෙස බද්ධ වූවකි. ඒ බව අලුත් අවුරුදු චාරිත්‍ර කෙරෙහි
අවධානය යොමු කළ විට පැහැදිලි වනු ඇත.
සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ගේ ‘ඥාන දර්ශන’ නමැති
කෘතියෙහි සිංහල අවුරුදු චාරිත්‍ර පිළිබඳ ව මෙ සේ සඳහන් ය.
‘සශ්‍රීකත්වය හා සෞභාග්‍ය ළඟා කර ගැනීමට අපට ඉර හඳ මෙන් ම
අව්ව, වැස්ස, ගින්න වැනි ස්වභාවික හේතූන්ගෙන් පිහිටාධාරය
අවශ්‍ය ය. පුරාණ මිනිසා මෙ වැනි ස්වභාවික වස්තූන් දේවත්වයේ ලා
සැලකුවේ එ බැවිනි. අලුත් අවුරුදු චාරිත්‍ර අතර ළිප් ගිනි
මෙළවීම වැදගත් කාර්යයකි. ගිනි දෙවියා පිදීම ආදියේ පැවැති
චාරිත්‍රයකි. පරණ ළිපේ අළු සියල්ල ඉවත්කොට අලුත් ළිපක් බැඳ
අලුත් හැළි වළං යොදාගෙන අලුත් සහලින් අලුත් කිරිබතක් උයාගෙන
නැකතට අනුභව කිරීම නිසා මුළු අවුරුද්ද පුරා ම කුසගින්නේ නො සිට
ආහාර හිඟයකින් තොර ව සශ්‍රීක ජීවිතයක් ගත කිරීමට අවුරුදු නැකත
මෙන් ම ජලය ද ඔවුන් ගේ ජීවිතය සඳහා වැදගත් විය. අලුත්
අවුරුද්දේ අප ගේ මුල් ම ගනුදෙනුව සිදුවන්නේ ද ළිඳක් සමඟ ය.
පඬුරු දැමීමෙන් පසු ලබා ගන්නා ජලයෙන් මුහුණ කට සෝදා ගැනීමත්,
අවුරුදු දිනේ ලබාගන්නා ජලය ඊළඟ අවුරුද්ද දක්වා ගෙදර තබා
ගැනීමත් නිසා ඔවුහු සශ්‍රීකත්වය බලාපොරොත්තු වෙති. ජලයේ පවතින
ජීව ශක්තිය තමා වෙත පමුණුවා ගැනීමේ යහපත ගැන ගැමියාට
විශ්වාසයක් ඇත. ඉස් සෝදා නෑමත් පිරිත් පැන් මුසුකොට නානු සාදා
ගැනීමත් නිසා මුළු අවුරුද්ද පුරා ම නිරෝගී ජීවිතයක් ගත කිරීමට
හැකිවන බවට ද ගැමියා තුළ විශ්වාසයක් පවතියි. ආරක්‍ෂාව සඳහා කරන
චාරිත්‍ර අතර දෙවියන් උදෙසා කරන විවිධ පුද පූජා වැදගත් ය. උඩරට
ගම්වල පත්තිනි දෙවියන් උදෙසා කරන විවිධ පූජා චාරිත්‍ර හා
සොකරි, අං කෙළි, ඔලිඳ වැනි චාරිත්‍ර ඒ සඳහා ඉවහල් කර ගනිති.
නොනගත කාලේ කරන ආගමික චාරිත්‍ර අතර නොනගත පිරිත ද වැදගත් ය.
පුණ්‍ය ක්‍රියාවල යෙදෙනු පිණිස දෛවඥයන්ගෙන් අපට උපදෙස්
ලැබෙන්නේ සංක්‍රාන්ති කාලයේ නැකතක් නැති බැවිනි. නොනගතේ
අවසානයත් සමඟ ම පරණ අලුත් අවුරුදු කියා වැඳීම කරන්නේ ආරක්‍ෂාව
පිණිස ය.’
‘පවුලේ සමඟිය සඳහා කරන කටයුතු අතර විශේෂ තැනක් ගන්නේ දෙමාපිය
දරුවන්ගේ හමුවීම හා එකිනෙකාහට ගෞරව දැක්වීමයි. පවුලේ සියලු
දෙනා කොතැනක වෙන් වී සිටිය ද අවුරුද්දට එක්වීම වැදගත්
චාරිත්‍රයකි. දෙමාපිය වැඩිහිටියන්ට බුලත් දී ගරුකොට තමන් අතින්
සිදු වී ඇති යම් වරදක් වේ නම් සමාව අයැදීම මේ චාරිත්‍ර අතර ඉතා
වැදගත් වේ. පවුලේ සමඟිය මෙන් ම ගමේ සමගිය ඇති වන තවත්
ක්‍රමයක් නම් පුරාණ ගම්වල ඇති එකට ජීවත්වීමේ අරමුණයි. අඳේ,
කයිය, අත්තම වැනි ක්‍රමවලින් එය අද දිනත් ක්‍රියාත්මක වන අතර
ගමේ වැඩිහිටියන් බැහැදැකීම, පිදිය යුත්තන් පිදීම හා සත්
චාරිත්‍රයන් පැවැත්වීම මඟින් එම කටයුත්ත සිදු වේ. ගමේ
පන්සලටත්, ගමේ වෛද්‍යවරයාටත්, තමන්ට ශිල්ප දෙන ගුරුවරුන්ටත්,
ඉඩම් හිමියන්ට හා රැකියාවේ ස්වාමියාටත් ගරු බුහුමන් කිරීම මෙහි
අරමුණයි.’
‘විනෝදාස්වාදය සඳහා කෙරෙන ක්‍රීඩා අතර පැරැණි ක්‍රීඩා බොහෝ ඇත.
ඒවාට මෙ වැනි අවස්ථාවල දී ජීවයක් ලැබෙන අතර අලුත් අලුත්
විනෝදාත්මක අංගයන් ද එකතු වේ. අවසාන වශයෙන් කෙරෙන කටයුතු ගැන
සලකන විට අලුත් අවුරුද්දේ සුබ නැකතින් ආරම්භ කරන සියලු ම
කටයුතු එ නම් අනුභවය, ගනු දෙනුව ස්නානය, රැකී රක්‍ෂා ආදී හැම
කටයුත්තක් ම චාරිත්‍රානුකූලව සිදුවන නිසා තම ජීවිතය අලුත් මඟකට
යොමු කිරීම පිණිස, අඩිතාලමක් ලබා ගනියි. සිංහල අලුත් අවුරුදු
දිනය ඒ සඳහා කදිම අවස්ථාවකි.’
‘මිනිස්කම ඉස්මතු වන්නේත්, එය ආරක්‍ෂා වන්නේත්, ආගම දහම පදනම්
කරගත් අප ගේ චිරාගත චාරිත්‍ර වාරිත්‍ර හැකි පමණින් අනුගමනය
කිරීමෙන් පමණෙකි.’
අප ගේ අනන්‍යතාව අභියෝගයට ලක් වී ඇති මෙ කල සිංහල අලුත්
අවුරුද්ද වඩාත් අර්ථවත් ලෙස සැමරිය යුතු බව මෙයින් නො පෙනේ ද? |