සීදුවේ සුමනවංස නා හිමියන් වෙත සන්නස් පත්‍ර ප්‍රදානය 25 වන දා
			
			 
			 ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සමස්ත ලංකා 
			ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සීදුව රද්දොළුව 
			අභිනවාරාමවාසී පණ්ඩිත සීදුවේ සුමනවංස හිමියන් වෙත අමරපුර මහා නිකායේ 
			ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව මඟින් පිරිනමන ලද ගෞරව නාමය සහිත නායක 
			පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මෙම 25 වන දා රද්දොළුව 
			අභිනවාරාමයේ දී පැවැත්වේ. 
			අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම 
			උත්සවයට මැති ඇමැතිවරු ඇතුළු මහ නා හිමිවරුන් හා මහා සංඝරත්නය ද සහභාගී 
			විමට නියමිත ය.  |