වහලුන්ගේ පළමු විමුක්තිදායකයාණෝ
මෙත්තෙය්‍ය හිමි
වහල් මෙහෙය පිළිබඳ ඉතිහාසය හද සසල කරවන්නකි. එහෙත් පුදුමයකි. තම
සහෝදරයා වහල් මෙහෙයෙන් මුදාගත යුතු වුවත් ඔහු විසින් ම ඒ සහෝදරයා
විකුණුවේය. එසේ ම වහල් මෙහෙයෙන් නිදහස් කර ගත යුතු තම සහෝදරයා දාසයකු
සේ සිර කොට, අවහිරකොට තබා ගන්නේ කෙසේද? කෙසේ වෙතත් කවරදා හෝ ලොව පැවති
හෝ පවතින වහල් මෙහෙය මිනිස්කමට නින්දාවක් නොවන්නේද?
එසේ තිබියදී සියලු ආගමික ගුරුවරුන් අතරින් බුදුන් වහන්සේ සිය සහෝදර
සහෝදරියන් වහල් භාවයෙන් නිදහස් කර ගැනීමට ක්‍රියා කිරිම හුදෙක් උන්
වහන්සේගේ යශෝකීර්තිය පිණිස හේතු වන්නේ මය. එසේම උන් වහන්සේ වහල්
වෙළෙඳාමෙන් වැළකී සිටීමටත්, වහල් සේවාවේ යොදා ගත්තවුන් මුදා ගැනීමටත්
අයැද සිටියහ.
යුරෝපය, අපි‍්‍රකාව හා ඇමරිකාවේ වහල් වෙළෙඳාමේ ඉතිහාසය ගැන කියවන විට
කෙනකුගේ හදවත සලිත වෙයි. මහා ඇලෙක්සැන්ඩර් ගේ ගුරුවරයා වූ ඇරිස්ටෝටල්
වහල් මෙහෙය අනුමත කළා පමණක් නොව, එය සාමාන්‍ය ව්‍යවහාරයක් බවට
පිළිගත්තේය. ගී‍්‍රසියේ පශ්චාත් ආචාරධර්ම සම්ප්‍රදාය ද,අදිමදි කරමින්
වහල් මෙහෙය අනුමත කළේය. එහිදී නැති බැරි සහ අහිංසක පිරිමි, ගැහුනු සහ
දරුවෝ ද නොයෙක් දුක්පීඩාවනට ලක් කරනු ලැබූහ. වහල් සේවාවේ යොදවනු ලැබ
මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි කරනු ලැබූ කම්කරු පරම්පරාවෝ සීමාවකින්
තොරව දඬුවම් මඟින් පීඩාවට ලක් කරනු ලැබූහ.
එහෙත් බුදුන් වහන්සේගේ අනුගාමිකයකුවූ අශෝක අධිරාජයා අසරණයන් සඳහා
ක්‍රියා කළේ එසේ නොවේ. ඔහු රෝගී මිනිසුන් පමණක් නොව සතුන් සඳහා ද
එපිරස්හි ගිලන්හල් පිහිටුවීය. එහෙත් ජූලියස් සීසර් වරක් ගේල්හිදී
අත්අඩංගුවට ගත් 63,000 ක් දෙනා වහලුන් ලෙස විකුණා දැමීය.
මූලික රෝම නීතිය අනුව වහලුන්ගේ හිමිකරුට ඔවුන් පිළිබද පූර්ණ අයිතිය
පවරා දී තිබිණ. එය කෙතරම් පුළුල් වූවක් ද යත්, වහලාගේ ජීවිතය හා මරණය
පිළිබඳ අයිතිය පවා වහල් හිමියා අත රැඳිණ. වහලුන් කීප දෙනකු තමන්
සන්තකයේ තබා ගැනීමේ අයිතිය ඇති රෝම ධනවතුන්ගේ සංඛ්‍යාව අති විශාල විය.
ඇතැම් ධනවතුනට එකකුට වහලුන් දසදහසක අයිතියක් තිබිණැයි කියනු ලැබේ.
ඩෙලෝස්හි ඊජියන් දූපතේ රෝමන් වහල් වෙළෙඳුන් විසින් එක් දිනක් තුළ
වහලුන් දසදහස බැගින් විකුණන ලද බව සඳහන් වෙයි.
ක්‍රි.පූ. 71 දී ඉතාලියේ 60,000 ක් වහල්ලු සහ ගොවියෝ ස්පාර්ටකස් වටා
රොක්වී රෝමන් වහල් ක්‍රමය පෙරළා දමන්නට යත්න දැරූහ. එහිදී සියල්ලෝ
කඩුගා දමනු ලැබූහ. සටන් වැදුණු ස්පාර්ටකස් තමාම මරණයට පත්විය.
කෙල්ට්වරු තමන් අල්ලා ගත් සැක්සන්වරුන් වහල්කමට යොදා ගත්හ. වහල් බවට
පත් සැක්සන්වරු පළිගැනීමට ලක්වූහ. මුල් යුගයේ බ්‍රිතාන්‍යයේ වහලුන්ට
ලෝහ කරපටියක් පළඳින්නට බලකරනු ලැබිණ. වහලා සහ ඔහුගේ ස්වාමියාගේ නමක්
එහි සටහන් කළ යුතු විය. ස්කොට්ලන්තයේදී දහ අට වැනි සියවස දක්වා මෙවන්
කරපටි පළඳින ලද්දේ “ නිත්‍ය වහල් සේවක” තත්ත්වයට නිල කරන ලද්දවුන්
විසිනි.
මෑත ඉතිහාසයේ වින්ස්ටන් චර්චිල් විසින් හෙළි කරන ලද කනගාටුදායක පුවතකට
අනුව නොයෙක් ප්‍රොතෙස්තැන්ත දේවස්ථානයන්හි දේවගැතිවරුන් විසින් වහල්ලු
666,000 කට වැඩි පිරිසක් සේවාවෙහි යොදවා ගනු ලැබ සිටියහ.
ජී.සී. කෝල්ටන් ඔහුගේ “ සෝෂල් ලයිෆ් ඉන් බ්‍රිට්න් “ කෘතියෙහි මෙසේ
සඳහන් කරයි. “ සාන්ත තෝමස් ඇක්වයිනාස් දායකත්වය ආර්ථික වශයෙන් වාසිදායක
බව සලකා විශේෂයෙන් අනුමත කර රැක ගනී. ආගමික නීතිය විසින් ද දායකත්වය
අනුමත කරන ලද්දේ ද, බල ගන්වන ලද්දේ ද විය. එංගලන්ත සභාවේ
සාමාජිකයන්ගෙන් විශේෂයෙන් දේවගැතිවරු නියත වශයෙන්ම ධනවත් ප්‍රවේණි
දාසයන්ගේ හිමිකරුවන් අතර මුල්තැන ගත්හ.”
සියවස් ගණනාවක් පුරා වහලුන් ලබා ගත්තේ නොමිලයේය. එහෙත් ක්‍රිස්තියානි
පල්ලියේ උසස් නිලධරයන් විසින් වහල්ලු විකුණනු ලැබූහ. වර්ෂ 1051 දී
රෝමයේ පැවති දේවස්ථාන සභාවක් අසරණ තත්ත්වයට පත් බොහෝ කාන්තාවන් වහල්
ගණයට නම් කොට පල්ලියේ නොයෙක් සේවා සඳහා යොදු ගනු ලැබිණ, වර්ෂ 1029 දී
දෙවැනි උර්බානෝ පාප්වහන්සේ කිසිදු කටයුත්තක් සඳහා නොයෙදිය හැකි
කාන්තාවන් වහල් සේවාවට යොදා ගන්නා ලෙස නියෝගයක් පැනවූහ.
වෙස්ටර්මාර්ක්ගේ “ ඔරිජින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඔෆ් ද මොරල් අයිඩියා “
කෘතියෙහි වහල් හිමියන් අතර ක්‍රිස්තියානි දේවගැතිවරුන් සහ
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරකයන් සිටි බව කියවන්නට ලැබෙයි. වහල් සම්පත
නිසා ඔවුන්ගේ පැවැත්ම තහවුරු විය.
නීග්‍රෝ වහල් මෙහෙය වඩාත් ශෝකජනකය. එච්.බී. බොනර් මැතිනිය සිය
“ක්‍රිස්ටිනිට් ඇන්ඩ් කන්ඩක්ට්” කෘතියෙහි මෙසේ සඳහන් කරයි. “ සියලු
පරිවාරක සන්ත්‍රාසය , වහල් ආක්‍රමණයේ ක්‍රෑරත්වය, වහලුන් පුරවා ගත්
නැව් සහ වහල් වෙළෙඳපොළ ආදි නොයෙක් නව පන්නයේ වහල් මෙහෙය ආරම්භ කරන
ලද්දේ ඊනියා ධාර්මික නැවියා වන ජෝන් හෝකින්ස්ය. ඔහුගේ “ ජේසුස්” නෞකාව
නීග්‍රෝ වහලුන් පැහැර ගැනීම සඳහා පළමු සංචාරය මෙහෙයවූයේ බටහිර
අපි‍්‍රකාවටය. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය යටතේ මේ සංචාරය
දියත් කළේ වර්ෂ 1564 ඔක්තෝබරයේය.
“ යුරෝපයේ සහ ඇමරිකාවේ සියලු ක්‍රිස්තියානි ආණ්ඩු විසින් නීග්‍රෝ වහල්
ව්‍යාපාරය අනුමත කරන ලදී. එපමණක් නොව එයට පැවිදි පරපුරේ ප්‍රමුඛයන්
බුරුත්තේ අනුබලය ද ලැබිණ.
“ ක්‍රිස්තියානි විශ්වාසයේ ප්‍රවේණි ආරක්ෂකයාව සිටි තුන්වැනි ජෝර්ජ්
එකහෙළා වහල් මෙහෙය අනුමත කළ අතර එය තහනම් කිරීම පිළිකුලින් යුතුව හෙළා
දුටුවේය. එහිලා ඔහු වර්ජිනියාවේ ආණ්ඩුකාරයාට සිය අත් අකුරින්ම ලියන ලද
නියෝගයක්ද නිකුත් කළේය. වහලුන් ප්‍රවාහනය පිළිබඳ නොයෙක් අඩුපාඩු
විෂයයෙහි ඔහු සිය උපරිම නොසතුට පළ කරන අතර කවර හේතුවක් නිසා හෝ වහලුන්
පිටරටින් ගෙන්වීම තහනම් හෝ බාධා නොකළ යුතු බව ද කියා සිටියේය.
“ ක්‍රිස්තියානීය වහලුන් නිදහස් කළේ නැත. එය වහල් මෙහෙය අනුමත කළේය.
ක්‍රිස්තියානි දේවගැතිවරු එය ආරක්ෂා කළහ. ක්‍රිස්තියානි වෙළෙන්දෝ
මිනීමස් හා මිනිස් ලෙයින් නීති විරෝධි ලෙස ගනුදෙනු කළහ. එමඟින් අතරමඟ
විස්තර කළ නොහැකි තරම් භීතිය ජනනය කරවා ලාබ උපදවන ලදී. ක්‍රිස්තියානි
වහල් හිමියන් සිය වහලුනට සැලකුවේ තමන්ගේ කුඹුරුවල වැඩට යොදා ගත් ගවයනට
මෙනි. ඔවුහු ඔවුන් වැඩෙහි යෙදවූහ, ඔවුනට කසපහර දුන්හ, ඔවුන් විකුණා
දැමූහ.”
පළමුවෙන්ම ඇමරිකාවේ වහලුන්ගේ විමුක්තිය ගැන ප්‍රසිද්ධියේ කතා කළේ තෝමස්
පේන්ය. එතැන් සිට ඒ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන ලදී. ඉක්බිති වසර හැත්තෑ
පහකට පසු ජයග්‍රහණය විෂයයෙහි පුරෝගාමියා වූයේ ඒබ්‍රහම් ලින්කන් ය.
සහතික වශයෙන් ම ලින්කන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානුවෙක් නොවේ.
උපරිමයෙන් ගතහොත් ඔහු දේවවාදියෙකි. එහෙත් එය වුවත් සැක සහිතය. ලින්කන්
කියවීමෙහි දැඩි ලෝලියකුවූ අතර තෝමස් පේන් සහ වොලනි කෙරෙහි දැඩි ලෙස ගරු
කළ කෙනෙකි. ඔහු ලිඛිතව ම ක්‍රිස්තියානිය දැඩි ලෙස විවේචනය කරමින් පහර
ගැසීය.
“ ඇමරිකා එක්සත් ජනපදය තුළ වහල්කමේ ශාපය පසුපස ඉසිලිය නොහැකි බරක් ලෙස
තබා ගොස් ඇත්තේ වර්ණ භේදය පිළිබඳ ගැටලුවයි. එයට ප්‍රබල සාධකයක් වන්නේ
පල්ලිය පවා එයට විසඳුමක් සොයන්නට උත්සාහ නොදැරීමයි. මානව සහෝදරත්වය
පිළිබඳ ක්‍රිස්තියානි පරමාදර්ශය නම්,දෝංකාර නංවනු ඇසේ. එහෙත් 1910 දී
වොෂින්ටනයේ පැවති ලෝක ඉරිදා දහම් පාසල් සංගමයේ සුදු සහෝදරයන්ගේ පෙරහැරට
දායක වන්නට, කළු ජාතික ඉරිදා දහම් පාසල් ගුරුවරුනට සහ ශිෂ්‍යයනට තහනම්
කරන ලදී. “
“ ද කින්කර්ස් ලයිබ්‍රරි “ නම් පුස්තකාලයේ අංක 04 වෙළුමෙහි මෙසේ
කියවන්නට ලැබෙයි. “ ක්‍රිස්තියානි දේවගැතිවරු බොහෝ කලක් තිස්සේ වහල්
මෙහෙයට දිරි දුන්හ. පරණ තෙස්තමේන්තුව නැවත නැවතත් විශේෂ නීති මඟින්
වහල් මෙහෙය අනුමත කළේය. අලුත් තෙස්තමේන්තුව එය අවලංගු කිරීමේ
ප්‍රකාශයක් නිකුත් කර නැත. “
“ අලුත් ලෝකය හා පැරණි ලෝකය අතර ස්පාඤ්ඤ – ඇමරිකා වහල් වෙළෙඳාමට පදනම
දමන ලද්දේ ක්‍රිස්තියානි රජකු හා භක්තිමත් ක්‍රිස්තියානි ශ්‍රාවක
පස්වැනි චාල්ස්ය. වසර 1800 ක් පුරා මුළුමනින්ම වාගේ ක්‍රිස්තියානුවෝ
වහලුන් තබා ගත්හ. වහලුන් මිලට ගත්හ. වහලුන් විකුණූහ, වහලුන් බෝ කළහ,
වහලුන් සොරකම් කළහ. භක්තිමත් බ්‍රිස්ටල් හා ධාර්මික ලිවර්පූල් වසර
දහසකට නොඅඩු කලකට පෙර විවෘතව ම වහල් වෙළෙඳාමෙන් ධනවත් විය. නව වැනි
සියවස අතරතුර ගී‍්‍රක ක්‍රිස්තියානුවෝ සරකන්ස්වරුනට වහලුන් විකුණූහ.
එකොළොස් වැනි සියවසේදී ගණිකාවන් ප්‍රසිද්ධියට පත් වූයේ රෝමයේදී වහලුන්
ලෙස විකිණීමෙනි. එහි ලාබය ගියේ පල්ලියටය.
“ විල්බර්ෆොර් වහල්, මෙහෙය තහනම් කිරීමට පක්ෂව කතා කරද්දී, ඉංගිරිසි
අධිකරණයෙන් මුළුමනින් සහාය ලැබුණු අතර, බිෂොප් මණ්ඩලයෙන් ඔහුට විරුද්ධව
දැඩි බලපෑමක් එල්ල විය. දැඩි ක්‍රිස්තියානි භක්තික තුන්වැනි ජෝර්ජ් රජ
වහල් මෙහෙය අවලංගු කිරීම පිළිබඳ මතිමතාන්තර පිළිකුලින් යුතුව හෙළා
දුටුවේය. ක්‍රිස්තියානි සාමී මන්ත්‍රී මණ්ඩලය වහලුනට නිදහස ප්‍රදානය
කිරීම ගැන තරයේ විරුද්ධ විය.”
වර්ෂ 1923 රාජකීය ගැසට් පත්‍රය මෙසේ කියයි. “අපේ වහලුන් නිදහස් කරන්නට
අපි ඉඩ නොදෙමු. ඔවුහු අපේ නීත්‍යනුකූල සම්පතකි. ඔවුන් ආගමික භක්තිය හා
අවබෝධය ඇත්තන් බවට ඔප්පු කරන්නට ඔබට හැකි වන තුරු ඔවුහු අපේ වහල්ලු
වන්නෝය”
වර්ෂ 1790 දී ඇමරිකා එක්සත් ජනපදය තුළ වහල් මෙහෙය තහනම් කිරීම අනුමත වූ
කල්හි, දකුණු කැරොලිනාවේ දේවගැතිවරුන් වහල් මෙහෙය හෝ වහල් වෙළෙඳාම
සදොස් යැයි කරුණු නොදැක්වූ බවට තර්ක කරන්නට දකුණු කැරොලිනාවේ
නියෝජිතයාට හැකි විය. ජෝර්ජියානු නියෝජිත ජැක්සන් කරුණු දැක්වූයේ
බයිබලයේ පළමුවැනි උත්පත්ති කථාවේ සිට අවසාන එළිදරවුව තෙක් ම වහල් මෙහෙය
පිළිබඳ දෘෂ්ටියට බව ඔප්පු කරනු සඳහාය. කෙසේ වෙතත් වහලුන්ගේ නිදහස පිණිස
පක්ෂපාත වූවාහු සිරගත කරනු ලැබූහ. දඬුවම් කරනු ලැබූහ. පුලුස්සා දමනු
ලැබූහ. එතෙක්නිර්දය වන්නට තරම් පල්ලිය බලසම්පන්න විය. “
මීඩ්ල්වීක්හි අධ්‍යක්ෂ ගරු ෆ‍්‍රැන්සිස් මින්ටන් පියතුමා ඔහුගේ නූතන
ව්‍යක්ත ග්‍රන්ථයෙහි කම්කරු අරගල ගැන කියද්දී, සියවස් කීපයකට පෙර,
ක්‍රිස්තියානිය පැතිර ගිය රටවල් පුරා දිව්‍ය වරමක් ලෙස වහල් මෙහෙය
පිළිගෙන තිබෙන්නට ඇතැ”යි නිගමනය කරයි.
“ සත්තකින්ම වහල් ව්‍යාපාරය දහහත් වැනි සියවසේදී ක්‍රිස්තියානි
ස්කොට්ලන්තයේ තිබී ඇත.එහිදී නැෙගනහිර ලෝකියන් ප්‍රදේශයේ සුදු ජාතික
අඟුරු කම්කරුවෝත්, ලුණු කම්කරුවොත් තිස් වසරකට පෙර පටන් දකුණු
ජනපදයන්හි ඔවුන්ගේ නීග්‍රෝ සහෝදරයන් මෙන් චංචල දේපොළ ලෙස සැලකුණාහ. “
ජේ.එම්.රොබට්සන් මෙසේ කියයි. “ ස්කොට්ලන්තයේ ප්‍රොතෙස්තන්ත දේවගැතිවරු
ඔවුන්ගේ ඇස්පනා පිට ක්‍රියාත්මක වූ වහල් මෙහෙයට විරුද්ධව කිසි විටක
හඬක් නොනැඟුහ. “
ඉන්දියාව තුළ ආදී ඉස්ලාම් ඉතිහාසයෙහි ද වහල් මෙහෙය සමඟ සම්බන්ධයක් ඇත.
ඝූස්නියේ මහමුද් විසින් මථුරා නගරයේ කරන ලද සංහාරයෙන් පසු අත්අඩංගුවට
ගනු ලැබූ අහිංසකයෝ වහලුන් ලෙස විකුණනු සඳහා ඝස්නි වෙත ගෙන යනු ලැබූහ.
ඉක්බිති, මහමුද්, බන්දෙල්ඛාන්ද්හිදි කීර්තිමත් රාජපුත් වීරයාවූ
චන්ද්‍රපාල් ඝාතනය කළේය. අනතුරුව ඔහු සිය අගනුවර වූ ඝස්නි වෙත ආවේ ධන
තෘෂ්ණාවේ සීමා ඉක්මවා රත්රන් රිදී හා මැණික් කොල්ල කාගෙන ය. ඒ සමඟ ම
ගෙනෙන ලද විශාල වහලුන් ප්‍රමාණය නිසා ඒ යුගයේ අපකීර්තිමත් වහල්
වෙළෙඳපොළ උතුරා ගියේය. තුර්කිස්ථානය, ඉරාකය සහ ඛුරාසන් යන ප්‍රදේශ
වහලුන්ගෙන් පිරිණ. රන්වන් සහ කාළවර්ණ ද, පොහොසත් සහ දුප්පත් ද යන
සියල්ලෝ එකම වහල් භාවයට මෙහෙයවනු ලැබූහ.
මහා කාරුණිකයාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිගෙන තිබුණේ නම් ලෝකයට එතරම්
දුක්පීඩා වලින් තැවෙන්නට සිදු නොවනවා ඇත. එසේම ලෝකය විසින් එවන් වහල්
සේවාව වැනි නිර්ලජ්ජී සහ කුරිරු ව්‍යාපාරයක් අනුගමනය නොකරන්නට තිබිණි.
රොබට් බ්ලැච්ෆෝල්ඩ් ඔහුගේ “ ගෝඩ් ඇන්ඩ් මයි නේබර් “ කෘතියෙහි මෙසේ
සඳහන් කරයි. “ බුදුදහම වහල් මෙහෙය සහ හිංසනය අනුමත නොකළේය. එය අනුමත
කළේත්, ඉගැන්වුයේත් සමානාත්මතාව, ශික්ෂණය සහ මානව දයාව යි. එය සදාචාරය
සහ සමස්ත මානව වර්ගයා විෂයයෙහි සහෝදරත්වය පිළිබද සංකල්පය ඉදිරිපත්
කළේය. “ බුදුන් වහන්සේ ක්‍රිස්තියානි යුගයට පෙරාතුව සදාචාරය සහ විශ්ව
සහෝදරත්වය පිළිබඳ ආගමක් ඉගැන්වූහ. එසේ ඉගැන්වුවා පමණක් නොව එය
ප්‍රායෝගික ලෙස දිවි පැවැත්මට බද්ධ කරන ලද්දේ ද විය. ක්‍රිස්තියානියට
කිසිදාක එය ඉක්මවා යන්නට නොහැකි විය. අදටත් එසේ කළ නොහැකි ය.
“ තව දුරටත් බෞද්ධයෝ තමන්ගේ මානව දයාව සහ විශ්ව සහෝදරත්වය පිළිබඳ ආගම
කඩුවේ හෝ තුවක්කුවේ බලයෙන් ව්‍යාප්ත නොකළහ. බෞද්ධයෝ වහලුන් නිදහස් කළහ.
තිරිසන් සත්ත්ව සන්තතිය කෙරෙහිත් මෛත්‍රිය පැතිරවූහ.”
කරුණා නිධාන වූ ද, මෛත්‍රි සාගර වූ ද බුදුරජාණන් වහන්සේ වහල් භාවයෙන්
මිදෙන්නට සහ වහල් වෙළෙඳාමෙන් වළකින්නට සමස්ත ලෝකයට ම ආයාචනය කළ සේක.
උන්වහන්සේ පාගමනින් කෙතරම් ගවු ගණන් දිවා රෑ නොතකා, වෙහෙස නොබලා සැරි
සරන්නට ඇද්ද? පැරණි හින්දු ග්‍රන්ථයන්හි නොයෙක් ගණයේ වහලුන් ගැන සඳහන්
කර ඇතත්, අශෝක අධිරාජයාගේ පිතාමහවූ චන්ද්‍රගුප්තයන්ගේ රාජසභාවේදි
ගී‍්‍රක තානාපති මැගස්තීන්ස්හු මෙසේ සඳහන් කරති.
“ ඉන්දියානුවෝ විදේශිකයකු පවා වහල් සේවාවේ යොදා නොගනිති. ඔවුන් තමන්ගේම
එකකු යොදා ගනිතොත් ඊටත් බෙහෙවින් අඩුවෙනි.”
දාසයන්ගේ නිදහස පිණිස ධර්ම දේශනා කළ බුදුන් වහන්සේ සේවකයනට තමන්ගේ
දරුවන් සේ සලකා ආදරය කරන ලෙස අයැද සිටි සේක. දුර්ලභ වූ ආහාරපාන ඔවුන්
සමඟ බෙදා හදා ගන්නා ලෙස අනුශාසනා කැරිණ. සිද්ධාර්ථ බෝධි සත්ත්වයන්
බුද්ධත්වය ලැබ සියවස් දෙකකට වැඩි කලකට පසුත්, සිය දිවි දෙවැනි කොට තබා
ධර්මයට සැලකු සැදැහැවත් අශෝක අධිරාජයාණෝ තමන් පිහිටු වූ නව වැනි පර්වත
ලිපියෙහි මෙසේ දක්වති.
“ අකුසලින් වළකින්නටත්, සෙත්සාන්තිය පිණිසත් ජනයා කුදු මහත් ලෙස උත්සව
සැලසුම් කරති. ලෙඩදුක්,ආපදා, දූපුතුන්ගේ ආවාහ විවාහ, දරුවන්ගේ උපන්දින,
මරණ ආදි නොයෙක් අවස්ථාවලදී විවිධ උත්සව සංවිධානය කරනු ලැබේ. මෙවන්
සියලු දේ සෙත් සාන්තිය පතා සැලසුම් කරන ධර්මානුකූල වත් පිළිවෙත් ය.
මෙහෙකරුවන් හා සේවකයන්ගේ ඇප උපකාර, ගුරු උපස්ථානය, සාහසිකත්වයෙන්
වැළකීම සහ සියලු ප්‍රාණීය සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය සහ පූජ්‍යයන්
කෙරෙහි භක්තිය එදිනෙදා පැවැත්මෙහි වත්පිළිවෙත් ය. “
මෙවන් සියලු යහපත් ගුණාංග ධර්ම මංගල හෙවත් දැහැමි උත්සව ලෙස සැලකේ.
දුබලයන් අසරණයන් සහ පීඩිතයන් කෙරෙහි උපස්ථානය ප්‍රමුඛතම විය යුතු බව
බුද්ධානුශාසනයයි. රහතුන් වහන්සේගේ ධර්මය උගත් ධර්මාශෝකයෝ ප්‍රමුඛතම
ධර්ම මංගලය වන්නේ මෙහෙකරුවන් හා සේවකයන්ගේ භක්තිමත් සහ කරුණාන්විත
සංග්‍රහය හෝ හැසිරීම බව කියති.
එකොළොස් වැනි ගිරිලිපි ආඥාවෙහි ධර්මාශෝකයෝ මෙසේ කියති. “ ධර්ම
පරිත්‍යාගයට (ධම්මදාන) සමාන වෙතත් පරිත්‍යාගයක් නැත. ජනතාව සමඟ ධර්ම
සංවාදයේ යෙදීම, ධර්මය ප්‍රචාරය කිරීම සහ ජනතාව ධර්මයෙහි ඥාතීන් බවට පත්
කිරීමට සමාන පරිත්‍යාගයක් නැත.
එහි වැඩිමනත් මෙසේ සඳහන් වෙයි. “ සේවකයන් සහ මෙහෙකරුවනට නිසි පරිදි
සංග්‍රහ කිරීම , මවුපියනට කීකරුවීම, ඇසුරු කරන්නන්, නෑදෑයන් සහ
පූජ්‍යයන් කෙරෙහි සැදැහැ සිතින් යුතුවීම, සත්ත්ව ඝාතනයෙන් වැළකීම “
යනුයි.
“ එබැවින් පියා, පුතා, සහෝදරයා , ස්වාමියා , මිත්‍රයා , සහචරයා සහ
අසල්වැසියා පවා එකී ධර්මය එකිනෙකාට කියා දිය යුතුය. එය ශ්‍රේෂ්ඨ
අභ්‍යාසයකි. එය නිතර භාවිතයෙහි යෙදිය යුතු සද්ධා සම්පන්න ක්‍රමවේදයකි.
එසේ නිතර ප්‍රායෝගික අභ්‍යාසයේ යෙදෙමින් ධර්මදානයේ යෙදෙන්නා මෙලොවත්,
පරලොවත් දිනා ගනී. එනම් වර්තමානයත්, අනාගතයත් සාර්ථක කර ගනී. මෙසේ යළි
යළිත් කාලිංග ජනතාවගේ යහගුණ හෙවත් සදාචාරය මහත් සේ අගය කරන පියදසීහු
(ධර්මාශෝක) තමා සේවක ජනයා සහ තමන්ගෙන් යැපෙන්නන් කෙරෙහි හැසිරෙන බව
කියති.”
සත්වැනි ටැම්ලිපි ආඥාවේ ධර්මාශෝකයෝ මෙසේ කියති. “මවිසින් කවර හෝ යහපත්
ක්‍රියාවක් කර තිබේ නම්, මා ආදර්ශයට ගෙන මානව වර්ගයාත් එසේම යහපත්
ක්‍රියා කර ඇත. ඉදිරියටත් ඔවුහු එසේ කරත්වා .”
බුදුන් වහන්සේගේ ප්‍රධාන දායකයා වූ අනාථපිණ්ඩික සිටුවරයා සිය
අන්තේවාසිකයන් සහ වෙළෙඳ කටයුතුවල නිරත වූවනට තම දරුවනට මෙන් සැලකු බව
සඳහන් වෙයි. එක්තරා පොහොය දිනයක සිටුවරයාගේ සේවකයෙක් රෝගී බවට පත්විය.
සිටුමැදුරේ කාර්ය සංවිධායකයා සිල් සමාදන්ව භාවනාවේ නිරතව සිටියේය. ඒ
තොරතුරු දැන ගත් සිටුවරයා චතුමධුර ආදී ගිලන්පස ගෙන ගොස් සුවදුක් විමසා
මෙසේ කීය.
” දරුව, කිමෙක් ද? නැඟී සිටින්න. මේ ගිලන්පස වළඳන්න.”
පුණ්ණා රහත් තෙරණිය කලින් අනේපිඬු සිටුවරයාගේ සේවිකාවකි. සිය
ස්වාමිදුවගේ හිරිහැර ඉවසනු නොහැකිව ගෙල වැල ලාගන්නට වනයට පිවිසි
රජ්ජුමාලා බුදුන් වහන්සේගේ අනුශාසනාවෙන් මෙහෙණක බවට පත් වූවාය. ඉක්බිති
ඕ තමා මෙහෙකාරකම කළ නිවෙස් හිමියා විසින් ම සිය දියණියක සේ රැක බලා
ගන්නා ලද්දීය.
වරක් ආනන්ද, අනුරුද්ද, දේවදත්ත ආදි ශාක්‍ය කුමාරවරුන් කීප දෙනෙකු
පැවිදි වන්නට බුදුන් වහන්සේ වෙත පැමිණියේ උපාලි නම් කපුවාත් සමඟ ය.
එහිදී බුදුන් වහන්සේ පළමුවෙන් ජ්‍යෙෂ්ඨත්වයේ තබා පැවිදි කළේ කරනවෑම්
උපාලිය. එබැවින් උපාලි හිමියෝ පළමුවෙන් වන්දනීයත්වයට පත්වූහ. ඉක්බිති
බුදුන් වහන්සේ විසින් විනයෙහිලා ප්‍රමුඛස්ථානයට පත් කරනු ලැබුවාහු ද
උපාලි හිමියෝය. විශාඛා මහා උපාසිකාව ද සිය සේවක සේවිකාවනට තමාගේ
දරුවනට සේ සෙනෙහස පෑවාය. වරක් ඕ ඇගේ වෙළඹ මැදියම් රාත්‍රී යාමයේ පැටවකු
බිහි කළ කල්හි හණික අස්හලට ගොස් සියතින් ම ඔවුනට සාත්තු සප්පායම්
කරන්නට තරම් කාරුණික වූවාය.
බුදුදහම හඳුනා ගනු ලැබූදා පටන් ම ශ්‍රී ලංකාවේ පාලනය කෙරෙහි ද පරම
මෛත්‍රීය පිළිබඳ දහම විසින් විශිෂ්ටත්වයෙන් ආභාෂය සපයන ලදී. පාලකයාත්,
පොදු ජනතාවත් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම සිය දිවි
පැවැත්මේදී ප්‍රායෝගිකත්වයට පත් කළහ.
වරක් සැදැහැවත් අටවැනි අග්බෝ රජතුමා සිය සේවකයකුට දාසයා යැයි අමතා
ඉක්බිති තමා රළු බසින් අමතන ලදැ යි කනගාටුවට පත්ව, තමාටත් එසේ අමතන ලෙස
සේවකයාගෙන් ඉල්ලා සිටි බව මහාවංසය සඳහන් කරයි. තව දුරටත් රජතුමා තමා
සේවකයකු ලෙස සංඝයාට පූජා කරන ලෙස මවගෙන් ඉල්ලා සිටි බවත්, ඔහු ඉන්
නිදහස ලබා ගත්තේ දක්ෂිණාවක් පිරිනමා බවත් සඳහන් වෙයි.
සිංහලයා සිය සේවකයනට මහත් සේ කාරුණාන්විත වූ බව රොබට් නොක්ස්
ප්‍රශංසාත්මකව සටහන් කරයි. “ සිංහලයා හැම අතින්ම තම සේවකයනට දියුණු
වන්නට උදවු කළේය .”
මින් වසර 200 කට පමණ පෙර වර්ෂ 1800 තරමේදී ශ්‍රී ලංකාවේ මෙහෙකරුවන්ගේ
තත්ත්වය වාර්තා කරනු පිණිස කොමසාරිස් මණ්ඩලයක් පත් කරන ලදී. එහිදී
ඔවුන්ගේ වාර්තාව සතුටුදායක එකක් විය. මෙහෙකරුවන් පිළිබඳ සිදුකරන ලද
කුරිරුකම් ගැන දැන ගන්නට ලැබුණේ කලාතුරකිනි. එහිලා “මෙහෙකරුවෝ බොහෝ
සෙයින් පවුලේ හදාවඩා ගත් දරුවන් සේ සංග්‍රහ කරනු ලැබුවෝ යැ” යි සඳහන්
කර ඇත. “ලෝකයේ අන් කිසි තැනක මෙහෙකරුවනට එවන් මුදු මොළොක් ලෙස සැලකූ
තැනක් නැතැ “ යි එහි දැක්වෙයි. වසර කීපයකට පෙර යටත් විජිත යුගයේ
එංගලන්තයේ මහජන මන්ත්‍රී මණ්ඩලයේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්
පාස්ෆීල්ඩ් සාමිවරයා කියා සිටියේ ධර්ම ද්වීපය වන ශ්‍රී ලංකාවේ ළමා
මෙහෙකාර සේවාවක් නැති බව යි.
බුදුන් වහන්සේ අංගුත්තර නිකායෙහිලා තමන්ගේ රෝගී මෙහෙකරුවනට ,සේවකයනට සහ
පණිවිඩකරුවන් වැනි ආවතේවකරුවනට නියමිත බේත්හේත්, ආහාරපාන සහ වෙනත්
නොයෙක් පහසුකම් සලසන ලෙස සිය ගිහි ශ්‍රාවකයනට ආයාචනය කරති.
බෝධිසත්ත්වයන් ධම්මපාල ජාතකයේදී සිය ගිහි ශ්‍රාවකයනට අනුශාසනා කරන්නේ
තමන්ගේ සේවකයනට ඔවුන්ගේ ආධ්‍යාත්මික සුබසෙත පිණිස කටයුතු කරන ලෙස යි. “
අපේ සේවකයෝත්, සේවිකාවෝත් කුසල් කරමින් සතුටු වෙති. ඔවුහු යහගුණ දම්
වඩති, ත්‍යාගශීලිවෙති, ප්‍රඥා වර්ධනයෙහි නිරත වෙති.
මෙසේ මෙලොව දිවි ගෙවමින් වර්තමානයේත්, අනාගතයේත් සතුටින් කල් ගෙවති” යි
මහා ධම්මපාල ජාතකයේදී බෝධිසත්ත්වයෝ කියති.
“අපි ධර්මය විසින් ආරක්ෂා කරනු ලබමු. අපි අපේ ජීවිත සාමකාමීව හා
සතුටින් ගත කරමු. අපි දීර්ඝායුෂ වලඳා බොහෝ කලක් ජීවත් වෙමු. අපේ පරපුරේ
අඩු වයසින් මිය ගිය කෙනෙකු ගැන අපි අසා නැත්තෙමු.”
සිඟලෝවාද සූත්‍රයේදී ද සේවකයන් කෙරෙහි කරුණාවන්ත වන ලෙස ඉල්ලා සිටිනු
ලැබේ. එනම්, දැසි දසුනට ඔවුන්ගේ ශක්ති පමණට කටයුතු දේ නියම කිරීම, දැසි
දසුනට දිවි පෙවෙත රැක ගත හැකි පමණට ආහාරපාන සහ චේතනය සැපයීම, ගිලන්වූ
දැසි දසුනට සුදුසු ආහාරපාන හා බෙහෙතින් උපස්ථාන කිරීම, ප්‍රණීත ආහාරපාන
ලද විට ඔවුන් සමග බෙදාහදා ගැනීම, විශ්‍රාමයට සුදුසු කල්හි මුදා හැරීම ද
වශයෙනි.
බුද්ධානුශාසනය අනුව කටයුතු කරන්නාහු ඉහත සඳහන් පරම යුතුකම් සිහි
කටයුත්තාහු ද, ප්‍රගුණ කළ යුක්තාහු ද වෙත්. ශාස්තෘන් වහන්සේට ගෞරව කළ
හැකි වන්නේ නැති බැරි හා අසරණයනට පිහිට වීමෙනි. ශ්‍රමාභිමානය විෂයයෙහි
බුද්ධ දේශනාව මගින් පෙරදිග ලෝකයට හඳුන්වා දෙන ලද ධාර්මික සම්ප්‍රදාය
වන්නේ එයයි.
(Mahabodhi Centenary Commemorative Volume -
SAMBHASHA
සඟරාවේ පළ කරන ලද මෙත්තෙය්‍ය හිමියන්ගේ
Lord Buddha –The First Liberator of Slaves ලිපියේ පරිවර්තනයකි)
පරිවර්තනය
නාරාවිල පැට්රික්
|