UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හල්පේ ශ්‍රී සාංඝිකාරාමය



බුද්ධ ප්‍රතිමා වහන්සේ

කොළඹ සිට රත්නපුර මාර්ගයෙන් හල්පෙ ශ්‍රී සාංඝිකාරාමයට පැමිණෙන්නේ නම් කුරුවිට නගරයෙන් කුරුවිට ගොරකඇල බස් මාර්ගයෙන්ද පානදුර සිට රත්නපුර මාර්ගයෙන් පැමිණෙන්නේ නම් ගොරකඇළ මංසන්දියෙන් පිටත්වන ගොරකඇළ කුරුවිට බස් මාර්ගයෙන්ද පැමිණිය හැකිය.


වගවත්තේ සුමංගල හිමි

සබරගමු පළාතේ ශාසනික වශයෙන් වැදගත් පෞරාණික විහාරස්ථානයක් වන හල්පෙ ශ්‍රී සාංඝිකාරාමයේ ආරම්භය 1949 පමණ සිදුවී ඇත.

එම විහාරස්ථානය ආරම්භ කිරීමෙහි පුරෝගාමි වූ ස්වාමීන් වහන්සේ වූයේ අපවත් වී වදාළ කිරිඇල්ලේ උපනන්ද ස්වාමීන් වහන්සේය. ආරම්භක යුගයේ විහාරස්ථානයකට අවශ්‍ය වන සියලු විහාරාංග සකස් කර තිබිණි. දැනට ඉතිරිව ඇත්තේ සීමා මාලකය හා බෝධීන් වහන්සේ පමණි.

හල්පේ උපනන්ද විද්‍යාලය ආරම්භ කර ඇත්තේ ද එම පුණ්‍ය භූමිය පවත්වාගෙන යනු ලැබේ.

1980 දී පමණ උපනන්ද ස්වාමීන්වහන්සේ මෙම විහාරය මහනුවර මල්වතු විහාරයට පවරාදී භාවනා කටයුතු සිදු කිරීම සඳහා වනගත විය. ඉන්පසු වරින් වර භීක්ෂුන් වහන්සේ වැඩම කළද නේවාසිකව වූයේ නැත.

පුරා වසර 27 ක කාලයක් විහාරය අරාජිත වීම නිසා විහාර අංගද විනාශ මුඛයට පත්විය.

2006 ජුනි මස 19 වන දින වත්මන් විහාරාධිකාරි වගවත්තේ සුමංගල හිමියන් වැඩම කරන ලදී. භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට තිබූ සංඝාවාසය වූයේ හල්පෙ එක්සත් අවමංගල්‍යාධාර සමිතිය පවත්වාගෙන ගිය කාමරයක් සහිත ශාලාවකි.

එහි වැඩ සිටිමින් මේ වනවිට වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ කුඩා විහාර මන්දිරයක් බෝධීන් වහන්සේගේ් ආරක්ෂාවට මළුව සහිත ප්‍රකාර බැම්ම සත්බුදු ප්‍රතිමා, ඝණ්ඨාර කුළුණ තුළය, මේ වන විට විහාරයට යාබද ඉඩමේ පාසල ධර්ම ශාලාව හා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් දායක දෙපලකින් ධන පරිත්‍යාගයෙන් ඉදිකර ඇත.

ස්වාමින්වහන්සේලාට වැඩ සිටීමට කුඩා කාමරයක් පමණක් ඇති හෙයින් සංඝාවාස ගොඩනැගිල්ලද ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. 2011 ජනවාරි මස 16,17, 18, 19,, 20 යන දිනවලදී පින්කම් මාලාවක් පැවැත්වේ.

මූලික අරමුණ වශයෙන් අපවත් වී වදාළ කිරිඇල්ලේ උපනන්ද ස්වාමින්වහන්සේට හා එම විහාරයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ වශයෙන් වැඩ සිට අපවත් වී වදාළ දෙල්ගමු රජමහා විහාරාධිපති එල්ලාවල  ප්‍රඤ්ඤානන්ද නා හිමියන් ඇතුළු සතර පේරුවේ මියගිය දායක දායිකාවන්ට පින් පැමිණවීම හා සුමංගල හිමියන්ගේ පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උපකාර කළ මුංහේනේ මෙත්තාරාම ස්වාමීන්වහන්සේ ට හා පොල්ගහවෙල විනයපාලි දසසිල් මාතාව ඇතුළු සියලු ගිහි පැවිදි ඇත්තන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමයි.

එම පින්කම් මාලාවට සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම, ශීල, භාවනා වැඩසටහන්, බෝධිපූජා 19 වන දින රාත්‍රී අලි ඇතුන් උඩරට, පහතරට, සබරගමු නැටුම් සහිත දර්ශනීය පෙරහර සංඝගත දක්ෂිණාවන් පිරිනැමීමද සිදු කෙරේ.

ඝණ්ඨා කුළුණ බෝධීන්වහන්සේ බුදුමැදුර

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා පූර්වභාග 03.53 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]