- 02 |
ප්රත්යවේක්ෂා කිරීම - 03
දියුණුවන දහම් මඟ
නාවලපිටියේ අරියවංශ හිමි
අපි ප්‍රත්‍යාවේක්ෂා කරන්න ඉගෙන ගත්තොත් අප තුළ කලබලයක් නැහැ. කලබලයක්
තියෙන තැන ප්‍රත්‍යවේක්ෂා කිරීමක් නැහැ. දැන් ගොඩකට තියෙන්නේ කලබලයක්
නේ. ඉක්මනින් මේක කරන්න ඕන කියන හැඟීමක් තමයි තියෙන්නේ. ඉක්මනින් කරන්න
ඕන කියන හැඟීමක් එන තැන ම නුවණින් කල්පනා කිරීමක් නැහැ. එනිසා මේ
ප්‍රත්‍යවේක්ෂා කරන එක හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගන්න කෙනා නිතැතින්ම ඉවසන
කෙනෙක් බවට පත් වෙනවා. ඉවසීමත් එක්ක සම්බන්ධයි ප්‍රත්‍යවේක්ෂා කිරීම.
හොඳට ඉවසන්න පුළුවන්කම ඇතිවෙනවා නුවණින් කල්පනා කරන කෙනාට. ඒක නිසා
හොඳට මේක තෝරාබේරා ගන්න. හැබැයි අමාරුයි. අමාරුයි කියන්න බෑ කියන එක
නොවෙයි.
බණ අහනකොට වේවා, දේශනා කියවනකොට හෝ වේවා, භාවනා කරන කොට හෝ වේවා අපට
සැප පහසුවක් දැනෙනවා නම් අප කොහොමද තෝරාබේරා ගත යුත්තේ? මේ ධර්මයේ
හැසිරීම නිසයි මේ සුවය ලැබෙන්නේ කියල තෝර බේර ගන්න ඕන. එතනින් තමයි
ප්‍රත්‍යක්වේෂාව කිරීම පුරුදු වෙන්නෙ. ඉතින් ඒක තෝර බේර ගන්න බැරිනම්,
දිගටම එයා ඒ කටයුත්ත කරන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් එයාට
තේරෙන්නේ නැහැ.
ආරම්භයේ පටන්ම අප තෝරා බේරාගත යුතු තව කාරණයක් තියෙනවා. මෙයත්
ප්‍රත්‍යවේක්ෂා කිරීමටම සම්බන්ධයි. ඒ ප්‍රත්‍යවේක්ෂා කරන්න දන්න කෙනාට,
දක්ෂ කෙනාට වාසනාවක් ඉපදෙනව සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ කරගන්ට. ඒක
තමයි ප්‍රත්‍යවේක්ෂා කරන්න දක්ෂ කෙනාට ලැබෙන ලොකුම ලාභය. ඉතින් ඒක
ආරම්භයේදී ම සිදුවිය යුතු දෙයක්. ආරම්භයේදී ම ප්‍රත්‍යවේක්ෂා කරන්න
දක්ෂ කෙනා සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ කර ගන්නවා. ඒ කෙනා ධර්ම
මාර්ගයෙන් බැහැරට විසිවෙන්නේ නැහැ. හැබැයි ප්‍රත්‍යවේක්ෂා කිරීම දුර්වල
වෙනකොට එයාගේ ගමන අඩාලයි. වේගය අඩුවෙනවා.
එතකොට බලන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න අපට පුළුවන්නම් සෝතාපත්ති අංග
ජීවිතයට සම්බන්ධ කරගන්ට භාග්‍යය උපදිනවා. එවිට නොදත් ධර්මය ශ්‍රවණය
කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ ධර්මය ශ්‍රවණය කිරීමේ දී අපේ සිතේ ප්‍රබෝධය
ඇතිවෙනවා. එවිට එයාට වැටහීමක් තියෙන්න ඕනෙ මේ ප්‍රබෝධය ඇතිවුණේ කුමක්
මුල්කරගෙනද කියලා. කළ්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ
මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මෙන්න මේ කරුණු හතර මුල්කරගෙන තමයි
එයාට ඒ සුවපහසුව ඇතිවුණේ. ඉතින් එයා ඒක තේරුම් ගත්තොත් ඒ අංග සතර
ජීවිතයට සම්බන්ධ කර ගන්නවා. ඒ විදිහට ඒ අංග සතර ජීවිතයට සම්බන්ධ කර
ගන්නේ ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් කෙනාමයි. ප්‍රත්‍යවේක්ෂා කරන්ට
බැරි කෙනාගේ ජීවිතයට ඒ සෝතාපත්ති අංග සම්බන්ධ වෙන්නේ නැහැ.
දැන් මෙහෙම සිතන්න. ඔන්න කෙනෙක් භාවනාවක් කරගෙන යනවා. එයාට යම්
සමාධියක් ඉපදෙනවා. එයාට ඒ සමාධිය මුල්කරගෙන සැප සතුට ලැබෙනවා. එයාට තෝර
බේරගන්න බැරිවුණොත් මේ සැප ලැබෙන්නේ, සුවය ලැබෙන්නේ කළ්‍යාණමිත්‍ර
ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග
සතර මුල්වෙලා කියලා. එයා කොහොමද කල්පනා කරන්නේ? මම භාවනා කළා මට සමාධිය
ලැබුණා. මම තමයි මේක උපදවා ගත්තේ. මේක මගේ... මම තමයි සමාධිය තියෙන
කෙනා...’ අදහසටයි එයා එන්නේ.
ධර්මය ඉගෙන ගත්තාම එයාට දහම් දැනුම ඇතිවෙනවා. සැප සතුට තියෙනවා. ඉතින්
එයාට තෝරාගන්න බැරිවුණොත් එහෙම මේ කළ්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්මය
ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග සතර එයා
කොහොමද හිතන්නේ ‘මම ඉගෙන ගත්තා. මට දැනුම තියෙනවා. මේ දැනුම මගේ. මේක
මම ‘’ කියලා කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නෙ. එයාගේ ජීවිතයට සෝතාපත්ති
අංග සම්බන්ධ වෙන්නේ නැහැ. එයාගේ ජීවිතය ‘මම, මගේ, මගේ
ආත්මය’ කියන අදහස තුළම පවතිනවා.
සෝතාපත්ති අංග සම්බන්ධ වෙන කෙනාගේ ජීවිතය තුළින් ‘මම, මගේ, මගේ ආත්මය’
කියන අදහස බැහැර වෙනවා. එයාගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මොකක්ද? කළ්‍යාණ
මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව.
ඒ අංග හතර සම්බන්ධ වෙන්නේ නුවණින් කල්පනා කරන්න පුළුවන් කෙනාටයි.
නුවණින් කල්පනා කරන්න බැරි කෙනා හිතන්නෙ මේක ‘මම, මගේ , මගේ ආත්මය
කියලා’. සමාධිය ඉපදුනත් එහෙමයි. දහම් දැනුමටත් එහෙමයි.
එයා කල්පනා කරනවා ‘මේක මගේ එකක්. මමයි කළේ. මටයි ලැබුණේ. මා තමයි මේ
සමාධිය තියෙන කෙනා. මා තමයි දැනුම තියෙන කෙනා...’ කියලා කල්පනා කරනවා.
ඒ නිසා හොඳට තේරුම් ගන්න පොත පත බලල අප තමයි ඉගෙන ගන්නේ, භාවනා කරල අපි
තමයි සමාධිය උපදවා ගන්නේ. වෙන කෙනෙක් නොවෙයි. එසේ වූ පමණින් ඒක මා කළා.
මගේ කියලා යම් කෙනෙක් ගත්තොත් එයා නොමඟ. මේ ධර්මයේ හැසිරීම පටන් ගත්තේ
කොහෙන්ද?
අන්න එයාට තේරෙනවා කළ්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ
මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන අංග සතර මඟින් තමයි මට මේ සැප
ලැබෙන්නේ කියලා. අන්න එයා ඒ සෝතාපත්ති අංග හතරට කැමැති වෙනවා. ඒ
සෝතාපත්ති අංග හතර මුල්වෙලා තමාගේ ජීවිතයට ඇතිවුණ ඉපදුන ඒ සැප සතුට මම,
මගේ කියල ගන්න කැමැති වෙන්නෙ නැහැ.
එයා තමයි මහන්සි වෙලා භාවනා කළේ. වෙන කෙනෙක් කරල දුන්නේ නැහැ. නමුත්
තමාම මහත් සේ මහන්සි වෙලා උපදවාගත්ත ඒ සමාධිය වුණත් මම, මගේය කියල
ගන්නේ නැත්තේ ඇයි? එයා දන්නවා මේ සෝතාපත්ති අංග මුල්වෙලයි මට මේක
ලැබුණේ කියල. එයාට තමා නොවෙයි වටින්නේ.
සෝතාපත්ති අංග. එයාට වටින්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර. එයා දන්නව ඒක
මුල්කරගෙන තමයි මේ සියලු ලාභ මට ලැබන්නේ කියල. අන්න ඒ විදිහට එයා ඒ
ධර්මයට සම්බන්ධ වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම ජීවිතයට පුරුදුකරගෙන
හිටියොත්. ඒ නිසා හොඳට බලන්න. අපට හැමදාමත් මේක සිහිකරන්න පුළුවන්
දෙයක්.
දැන් බලන්න ඔයගොල්ලන්ට ගැටලු ඇති වෙනවා. ප්‍රශ්න ඇතිවෙනවා. ඒ ප්‍රශ්න
ඇතිවුණායින් පස්සේ ඉතාම පීඩාවෙන් ඉන්නව නේද? ඔන්න ඊට පස්සේ කළ්‍යාණ
මිත්‍රයෙක් හමු වෙනවා. කළ්‍යාණ මිත්‍රයා කරුණු කියනවා. ධර්මය කියනවා.
ඊට පස්සේ අපට ඒ ප්‍රශ්නෙ විසඳිලා යනවා. කලින් තිබුණ සිතේ පීඩාව
දුරුවෙලා යනවා. එහෙම නේද වෙන්නේ.
දැන් නුවණ තියෙන කෙනා කල්පනා කරනව ‘’මම දුක් වින්දා. පීඩා වින්දා. ඇයි
ඒ? ඒ ධර්මයේ නොහැසිරුන නිසා. ධර්මයේ හැසිරීමක් තිබුණ නම් පීඩාවක්
විඳින්නේ නැහැ. මා ධර්මයේ හැසිරුණේ නැහැ. ඒ කියන්නේ සිතෙන් ධර්මය
පුරුදු කළේ නැහැ. අධර්මක මා හිටියෙ. එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයේ
හිටියෙ. පීඩාවක් ආවා මා කළ්‍යාණ මිත්‍රයා මුණ ගැහුණා. ධර්මය ශ්‍රවණය
කළා. ඒ ධර්මයට අනුව මා සිතුවා. යෝනිසෝමනසිකාරය කළා. පීඩාව දුරුවුණා.
සැප පහසුව ලැබුණා. දැන් මේ විදිහට කල්පනා කළොත් එයා දක්ෂ වෙනව නේද?
කළ්‍යාණ මිත්‍ර ඇසුර හඳුනා ගන්න. කළ්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම
ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන මේ අංග සතර මගින්
සැප සොම්නස ලැබෙනවා කියන කාරණය එයා තේරුම් ගන්නවද? නැද්ද? තෝර බේරා
ගන්නවා. එයා ඒකට අදක්ෂ වුණොත් කළ්‍යාණ මිත්‍ර ඇසුර ජීවිතයට සම්බන්ධ කර
ගනී ද? නැහැ.
බලන්න ඒ සිතේ ඇතිවෙච්ච පහසුව. සිතේ යම් පහසුවක් ඇතිවුණා නම් ඒ පහසුව
ඇති වුණේ සිතේ රාග, ද්වේෂ, මෝහ තුනීවෙලා. අකුසල් තුනී වෙලා. ඒ අකුසල්
තුනී වෙලා පහසුව ඇතිවෙන්න බලපෑ කාරණා මොනවාද? සෝතාපත්ති අංගයි.
සෝතාපත්ති අංග පුරුදු කිරීමෙන් සිතේ් සුවපහසුව ඇති වුණා. අන්න ඒක අප
තෝරා බේරා ගත්තොත්, ආරම්භයේ ඉඳන්ම අප සෝපාපත්ති අංග ජීවිතයට බද්ධ කර
ගනීද? නැද්ද? බද්ධ කර ගන්නවා.
එහෙනම්, භාවනාවකින් සාර්ථක ප්‍රතිඵල කැමැතිවන්නා වූ යම් කෙනෙක් සිටීද?
අන්න එයා විසින් ආරම්භයේ සිටම පුරුදු කරගත යුතු මහත්ඵල, අතිශයින්ම
වටිනා, පරම ගම්භීර වූ ධර්මය මොකක්ද? කුසල් දහම් නුවණින් කල්පනා
කිරීමයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නේ කුසල් දහම්
ප්‍රත්‍යවෙක්ෂා කිරීම බොහෝ උපකාර ලැබෙන දෙයක් කියලා. ඒනිසා අප කාටත් මේ
ධර්මයෙන් අවම හෝ පිහිටක් පිළිසරණක් ලබා ගැනීම පිණිස ඒ උතුම් ධර්මය
‘ප්‍රත්‍යවේක්ෂා කිරීම’ කියන උතුම් දෙය අපේ ජීවිතයට පමුණුවා ගැනීම
පිණිස උතුම් වූ භාග්‍ය උදාවේවා! කියල අපි ආශිර්වාද කරමු. |