බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 තෛ‍්‍රනිකායික මහානා හිමිපාණන් 
						වහන්සේලාගේ උත්තරීතර අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වනු ලබන, 
						ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 40 වැනි සංවත්සරය 
						නිමිත්තෙන්, ධර්මපාල පදනමේ මූලස්ථානය වූ පයාගල, මලේගොඩ 
						පුෂ්පාරාම විහාරස්ථානයේ ඉදි කරන ලද ශ්‍රීමත් අනගාරික 
						ධර්මපාල ප්‍රතිමාව පසුගියදා විවෘත කරන ලදී. දම්පල් පදනමේ 
						සභාපති, දේශමාන්‍ය ජයන්ත සුමනසේකර මහතාගේ සංකල්පයක් අනුව 
						එම පදනමට සම්බන්ධ විහාරස්ථානවල සිරි දම්පල් පිළිරුව ඉදි 
						කෙරෙන අතර, මේ සිව් වැන්නයි. දම්පල් පදනමේ මහා ලේඛකාධිකාරී 
						මලේගොඩ නන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම ප්‍රතිමාව ඉදි 
						කළ අතර, එය නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ චිත්‍ර හා මූර්ති 
						ශිල්පි, කලා ශිරෝමණි පුෂ්පානන්ද දෙනිපිටිය මහතා විසිනි. 
						මෙම ප්‍රතිමාව අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක, 
						දවුල්දෙණ ඤාණිස්සර මහනාහිමි, අමරපුර මූලවංශික මහා නිකායේ 
						මහානායක, කොස්ගොඩ සිරි සරණංකර මහනාහිමි, අමරපුර සිරි 
						සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක, වස්කඩුවේ මහින්දවංස 
						මහනාහිමියන් විසින් විවෘත කරන ලද අතර, ප්‍රථම පුෂ්පෝපහාරය 
						සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ මහාභාරකාර දේශමාන්‍ය සරත් 
						සෙනෙවිරත්න මහතා විසිනි  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 පෑලියගොඩ විද්‍යාලංකාර 
						උපපරිවේණාධිපති නාවින්නේ සුගුණධම්ම හිමියන්ගේ ශාස්ත්‍රීය, 
						ශාසනික සේවාව අගයමින් සුගුණධම්ම මාහිමි ප්‍රණාම, 
						‘ප්‍රභාවී’ ශාස්ත්‍රීය සංහිතාව පසුගිය දින කොළඹ 07 ශ්‍රී 
						ලංකා පදනම් ආයතනයේ දී දොරට වඩින ලදී. එහි සංස්කාරකවරුන් වන 
						හප්පිටියේ පාලිත හිමියන් හා පි‍්‍රයන්ත සී. ඇල්ලෙපොල 
						ආරච්චි මහතා විසින් එම ශාස්ත්‍රීය ග්‍රන්ථය උන්වහන්සේට 
						පිළිගැන්වූ අවස්ථාව මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙම 
						“ප්‍රභාවී” ග්‍රන්ථයේ උපදේශක මණ්ඩල සභික කැලණිය 
						විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය 
						දේවාලේගම මේධානන්ද හිමියෝද මෙහි වෙති. මෙම උත්සවයේ මුලසුන 
						හෙබවූ ස්‍යාමෝපාලිවංශික මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ 
						අනුනායක අතිපූජ්‍ය ගලගම අත්ථදස්ස්‍යාභිධාන නායක 
						ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද මෙහි වැඩ සිටිති.  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ප්‍රංශයේ ජේතවනාරාමයේ කඨින පින්කම 
						වියට්නාම් , චීන, කාම්බෝජ, ලාඕස්, බුරුම, ප්‍රංශ හා ශ්‍රී 
						ලාංකේය බොදු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 
						පසුගියදා සිදුකැරිණි. එහිදී ජේතවනාරාමාධිපති 
						මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි, පැරිස් බෞද්ධ විහාරාධිපති 
						කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි 
						විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර 
						හිමි, වීරපානේ ජිනරතන හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ 
						මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමි, කැකණදුරේ 
						ධම්මසිරි හිමි, මාපලගම ජිනානන්ද හිමි, තලංගල්ලේ සුමංගල 
						හිමි, බුරුමයේ යූ.කුමාර හිමි, කාම්බෝජයේ ෆොං විමල හිමියන්ද 
						එම පින්කමට සහභාගිවූ  
						අවස්ථාව.  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					ඉල් පුර පසළොස්වක පෝය 
					
					ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා 
					සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 
					දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය. 
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |