ඉල් පුර පසළොස්වක 
			පෝදා පින්කම්
			
			දළදා මැදුරේ පින්කම්
			
			 
			මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී නොවැම්බර් 21 – 22 දිනවලදී විශේෂ 
			පින්කම් මාලාවක් කොබවක, ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන 
			පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී සුමනාරාම දායක – 
			දායිකාවන්ගේ දායකත්වයෙන් පැවැත්වේ. 
			ඉල්මස පුර පසළොස්වක පෝය දා සවස 6.30 ට ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් 
			පවත්වනු ලබන ගිලන්පස බුද්ධ පූජා පින්කමකි. 22 වන දින පෙ.ව. 6.00 ට 
			අමුතු මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාව හා චීවර පූජාව පවත්වා ඉන් 
			අනතුරුව මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේදී මහා සංඝරත්නය උදෙසා 
			පිරිනැමෙන සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද වේ. 
 
			 
			අනුරාධපුර මහා විහාරය
			
			අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක 
			ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය 
			ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී නොවැම්බර් මස 
			21 දින පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩ සටහන මෙසේ ය. පුන් පෝ දින පෙරවරු 
			06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06.30 – 
			07.00 බුද්ධ පූජාව, 08.00 – 08.05 මහා විහාර සන්නිපාත ශාලාව අසල දී 
			ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අතින්, මරණයට කැප වූ ගවයකුට අභය 
			දානය ලබාදීම, 08.05 – 08.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී ආචාර්ය 
			පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය 08.30 – 09.15 ධර්ම දේශනය, 
			09.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 
			ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, 11.00 – ප.ව. 12.30 
			පුණ්‍යානුමෝදනාව, පස්වරු 12.30 – 02.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී, 
			ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා 04.00 
			– 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය 05.15 – 06.00 මහා 
			විහාර සන්නිපාත ශාලාවේ දී භාවනා 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් 
			අබියස දී බෝධි පූජාව, 07.00 – 07.30 ගිලන්පස සඳහා විවේකය, 07.30 – 
			08.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය 08.30 – 09.30 භාවනා 
			09.30 – 10. 00 පිරිත් සජ්ඣායනය පුන් පෝ දිනට පසු දින පෙ.ව. 05.00 – 
			05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 05.30 – 06.00 විවේකය, 06.00 
			ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය. 
 
			 
			 
			කතරගම කිරිවෙහෙර
			
			 
			කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ ඉල්පෝදා දවස පුරා පින්කම් රැසක් 
			ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම 
			කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත 
			නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එදින උදෑසන උපාසක උපාසිකාවන් 
			අටසිල් සමාදන් කරවීම මල්පහන් ගිලන්පස කිරිආහාර පූජාව ශබ්ද පූජාව 
			මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය වටා බෞද්ධ කොඩි 300 ක් පැළදවීමේ කප්රුක් 
			පූජාව පැවැත්වේ. භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව 
			තිස්සමහාරාම වීරගල ශ්‍රී ශාන්ති නිකේතනාරාමාධිපති ප්‍රවීනාචාර්ය 
			බොරලැස්ගමුවේ විජිතසිරි නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී 
			පැවැත්වේ. ගාමිණීපුර බෞද්ධ සමිතියේ මල්පෙරහර කිරිවෙහෙර රාජ මහා 
			විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතු පැවැත්වීමෙන් අනතුරුව උපාසක 
			උපාසිකාවන් වෙනුවෙන් ගිලන්පස පිරිනැමීම සිදුකෙරේ.  
			කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල්පෙරහර කිරිවෙහෙර 
			රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් 
			පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව බෝධිපුජාව 
			පැවැත්වීම කිරිවෙහෙර රාජ මහා විහාරවාසී අෂ්ඨ ඵල බෝධි තේවාව භාර 
			මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට සෙත්පැතීම 
			සිදුකෙරේ. කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පුජාව 
			පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු 
			විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ. 
			කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන 
			උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම 
			පින්කම් සංවිධානය කර ඇත. 
 
			 
			පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව
			
			 
			මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් 
			වහන්සේගේ අනුශාසනා පරිදි පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුව මඟින් යොවුන් 
			දූ දරුවන්, වැඩිහිටියන් උදෙසා ඉල් පුන් පොහෝ දා පවත්වනු ලබන පින්කම් 
			මාලාව මෙසේ ය. පෝදා පෙ.ව. 06.00 – 07.00 දක්වා අෂ්ඨාංග උපෝසථ සීලය 
			සමාදන් වීමෙන් අනතුරුව දිය නුමුසු කිරිපිඬු බුද්ධ පූජාව පැවැත්වේ. 
			අනතුරුව ජයමංගල ගාථා සජ්ඣායනා කැරේ. පෙ.ව. 08.00 – 09.30 දක්වා සූත්‍ර 
			දේශනාවක් අනුසාරයෙන් පවත්වනු ලබන ධර්ම දේශනය මහමෙව්නාවේ ස්වාමීන් 
			වහන්සේ නමක් විසින් මෙහෙයවනු ලැබේ. පෙ.ව. 09.30 දක්වා අනුස්සති භාවනාව 
			සිදුකර පෙ.ව. 10.30 – 10.45 බුදු ගුණ සිහිකොට පැමිණි පිරිස සමඟින් දහවල 
			බුද්ධ පූජාව පැවැත්වීම, ප.ව. 12.30 – 01.00 සූත්‍ර සජ්ඣායනාව. ප.ව. 
			1.00 – 02.30 ධර්ම දේශනය මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු 
			කර ප.ව. 02.30 – 3.00 විදර්ශනා භාවනාව පැවැත්වේ. ප.ව. 03.15 – 04.00 
			ධර්ම සාකච්ඡාව, ප.ව. 05.00 – 07.00 සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා 
			සම්බුද්ධ පූජාව පැවැත්වීම. සවස 07.30 – 09.00 ධර්ම දේශනය, රාත්‍රී 
			09.00 – 10.00 පිරිත් සජ්ඣායනා කිරීම පසුදින අලුයම 05.00 – 06.00 සිල් 
			පවාරණය, කෙටි ධර්මානුශාසනාවක් සිදු කැරේ. 
 
			 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ 
			ඉල් පෝදා තරුණ සීල සමාදානය
			
			 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන ඉල් පෝදා පින්කම මෙසේ 
			ය. පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ 
			පූජාව පණ්ඩිත ශාස්ත්‍රපති උඩදුම්බර ලංකානන්ද හිමි, 08.00 – 09.00 
			භාවනාව, වැලිමඩ පසන්නාමානස හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව මීතිරිගල 
			සෝරත හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය ධර්ම දේශනාව හා බුද්ධ පූජාව 
			ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ 
			නිවේදනය හා පුණ්‍යානුමෝදනා, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ 
			අම්පිටියේ සද්ධාවාස හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති 
			පණ්ඩිත පාණදුරේ පසන්ත හිමි, 02.00 – 03.00 වෙසෙසි දෙසුම, ආචාර්ය සීතා 
			නන්දනී ගුණතිලක මහත්මිය, 03.00 – 04.00 ධර්ම දේශනාව මිරහවත්තේ 
			පඤ්ඤාසිරි මාහිමි, 04.15 – 05.00 ධම්මපදය පණ්ඩිත ගම්බෙල වජිර හිමි, 
			05.00 – 06.00 ධර්ම දේශනාව, දියතලාවේ පියදස්සි හිමි, 06.00 – 06.30 
			බෝධි පූජාව මෙහෙයවීම පණ්ඩිත ගබ්බෙල වජිර හිමි. 
 
			 
			කුප්පියාවත්තේ ජයශේඛරාරාමය
			
			 
			කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම විහාරස්ථානයේ ඉල්පුර පසළොස්වක 
			පොහෝදා ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් සල්පිටි හේවාගම් දෙකොරළයේ 
			ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද 
			නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ 
			පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 06.00 – 06.30 
			දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිකාරී රජවත්තේ වප්ප හිමි, 
			07.00 – 07.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ 
			සිරි මහින්ද නාහිමි, 08.00 – 09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ 
			වප්ප හිමි, 09.15 – 10.15 ධර්ම දේශනාව, 10.15 – 11.00 දක්වා සම්බුද්ධ 
			පූජාව මෙහෙයවීම, තලල්ලේ සිරි මහින්ද නාහිමි, 12.30 – 01.00 සෙත් පිරිත් 
			සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 01.00 – 02.00 
			දක්වා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරි 
			මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 02.15 – 03.00 ට භාවනා 
			වැඩසටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි, 03.30 – 04.30 ධර්ම දේශනය දෙමටගොඩ 
			මහා විසුද්ධාරාම ත්‍රිපිටකාචාර්ය පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත වෑවල 
			පඤ්ඤාසිරි හිමි, 04.30 – 05.30 ධර්ම දේශනය කතිකාචාර්ය ශ්‍රාස්තපති 
			පණ්ඩිත කොස්ගොඩ චන්ද්‍රජෝති හිමි, 06.00 ට සිල් පවාරණය, තලල්ලේ සිරි 
			මහින්ද නාහිමි, 07.00 – 07.30 මල් පහන්, ගිලන් පස සහිත සම්බුද්ධපූජාව 
			හා අටවිසි බුද්ධ පූජාව, 07.45 – 08.45 රාත්‍රී ධර්ම දේශනය. 
 
			 
			තලවතුගොඩ - සංඝමිත්තාරාමය
			
			 
			තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී ඉල් පුන් පොහෝ දින අලුයම 05.30 ට 
			විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, 
			පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් 
			පැවැත්වේ. පෙරවරු 08.00 සිට 09.30 දම් දෙසුම රුහුණුපුර සුගතාරාමවාසී 
			චන්දරතන හිමි 09.45 – 11.00 දක්වා කටුනායක පාරමී දසසිල් මාතාව විසින් 
			පවත්වන ධර්ම දේශනාවක් ද 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව ප.ව. 12.30 
			සිට ප.ව. 01.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 රත්නපුරේ 
			ආනන්දි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 02.15 – 03.00 කඩවත 
			විමුක්ති දසසිල් මාතාව පවත්වන ධර්ම දේශනයක් ද 3.00 – 4.00 මහරගම 
			ධර්මායතනවාසී සද්ධානුසාරී හිමියන් විසින් පවත්වන ධර්ම දේශනයක් ද 4.00 – 
			5.00 පාතලුවේ සතීමා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 
			5.00 තුන්සූත්‍ර දේශනය දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6 ට 
			මල්, පහන්, ගිලන් පස, අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් 
			පවත්වනු ලැබේ. 
 
			 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම 
			
			 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ඉල්පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන 
			මෙසේය. පෝදා පෙරවරු 06 -07 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ 
			පූජාව, හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 08 -09 භාවනාව – වැලිමඩ පසන්න මානස 
			හිමි, 09- 10 ධර්ම දේශනාව, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
			අගලකඩ සිරිසුමන හිමි, 10.00 -11.00 අභිධර්ම කතාව – පියදාස මුතුගම මහතා 
			, 11.00 -11.15 බුද්ධ පූජාව , බියගම කමලධම්ම හිමි, බංගලිදේශයේ 
			සංඝරක්ඛිත හිමි, පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 
			,12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ඇළහර විජිතවංස හිමි, බංගලිදේශයේ 
			සුමණවංස හිමි, 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත 
			උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00 - 03.00 ධර්ම දේශනාව –වජිරාරාමවාසී 
			මීගොඩ සුඛිත 03.00 -03.30 විශේෂ අනුශාසනාව - අතිපූජ්‍ය වැලිගම ඥානරතන 
			මහනාහිමි 03.45 -05.00 ධර්ම දේශනාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 05.00 - 
			06.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 06.00 -06.30 
			බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය 
			අනුරුද්ධ හිමි. 
 
			 
			බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය
			
			 
			බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ මාසිකව සිදු කරනු ලබන සීල සමාදානය 
			ඉල් පොහොය දා විහාරාරක්‍ෂක දායක සභාව සහ ආර්ය මහිලා සමිතිය මෙහෙයවීමෙන් 
			පැවැත්වේ. පෙරවරු 06.00 සීල සමාදානය සහ අනුශාසනාව කටුගහ පියදස්සි හිමි, 
			06.30 සම්බුද්ධ පූජාව, 08.15 භාවනාව ආටිගල අමිතදේව හිමි, 09.30 බුදුසරණ 
			පත්‍රය බෙදාදීම, තිලංක හා හසිත දියඹලනගේ සොහොයුරන්, 11.00 සම්බුද්ධ 
			පූජාව, පස්වරු 01.30 ධර්ම දේශනාව, අම්බුළුගල සුමංගල හිමි, 03.00 ධර්ම 
			දේශනාව මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 04.30 ධර්ම සාකච්ඡාව 
			ශාස්ත්‍රපති වහුමුවේ විජයවංස නා හිමි, 06.00 සීල පවාරණය හා අටවිසි 
			බුද්ධ පූජාව දොළොස්බාගේ ශාන්ත නාග හිමි. 
 
			 
			හුණුපිටිය විජයසුන්දරාරාමය
			
			 
			වත්තල, හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ ඉල් පුර පසළොක්වක 
			පෝදින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දාන, සීල, භාවනා ඇතුළු 
			වැඩසටහන් රාශියක් පැවැත්වේ. පෙරවරු 06.00 ට සිල් සමාදන් කරවීම වලවෙල 
			හේමානන්ද හිමි, 08.00 භාවනාව, වෑගල්ලේ රාහුල හිමි. 09.00 ධර්මදේශනාව, 
			අම්බලන්ගොඩ නන්දහිමි 10.00 ගිහි දේශනය, මාතෘදාස ලියනගේ මහතා 11.00 දවල් 
			බුද්ධ පූජාව, විජේරියේ විජිතනන්ද හිමි, පස්වරු 01.00 ට ධර්මදේශනාව, 
			බුත්කන්දේ රතනජෝති හිමි, 02.00 පිරිත් දේශනාව හුණුවල පියදස්සි හිමි, 
			03.00 ධර්ම සාකච්ඡාව, මාලිබොඩ සිරිසුගතානන්ද හිමි, 04.00 ධර්මදේශනාව, 
			මීගම ධර්මාරාම හිමි, 06.00 අටවිසි බුද්ධ පූජාව හසලක අමිතසිරි හිමි, 
			රාත්‍රී 07.00 ගුණ සමරු පින්කම් මාලාවේ කඨිනානිශංස ධර්මදේශනාව වලවෙල 
			හේමානන්ද හිමි. 
 
			 
			කැලණි තරුණ බෞද්ධ සමිතිය
			
			 
			කැලණි තරුණ බෞද්ධ සමිතියේ දී ඉල් පුර පෝදා පැවැත්වෙන පින්කම් මාලාව 
			මෙසේ ය. පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප 
			හිමි, 07.00 බුද්ධ පූජාව 08.15 භාවනා වැඩසටහන උපුල්විල ශාසන සුමන හිමි, 
			09.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව පස්වරු 01.00 ධර්ම දේශනය හුණුපලගම 
			බුද්ධරක්ඛිත හිමි, 02.15 ධර්ම දේශනය 04.15 ධර්ම දේශනය, 05.00 බෝධි 
			පූජාව , 06.00 සිල් පවාරණය. 
 
			 
			බම්බලපිටිය වජිරාරාමය
			
			 
			පෝදා පෙරවරු 06.00 -07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව 
			:-සිරිවජිරාරාමාධිපති , රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනා හිමි, 
			08.00 -09.00 ධර්මානුශාසනාව - ඉසිපතනාරාමාධිපති ශ්‍රාස්ත්‍රවේදී 
			කිහිඹියේ විජිත හිමි, 09.00 -09.30 විශේෂ ධර්ම දේශනාව අග්ගමහාපණ්ඩිත 
			අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහා නා හිමි, 9.30 -11.00 භාවනාව සහ අනුශාසනාව 
			බෝපාගම තපෝවනයේ අනුශාසක ගම්පහ පාසාදික හිමි, පස්වරු 11.00 -11.15 බුද්ධ 
			පූජාව සිරි වජිරාරාමවාසී පැරකුම්පුර විශාරද හිමි, 12.30 -01.15 
			සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය සිරිවජිරාරාම වාසී, වේරදුවේ මහින්ද 
			හිමි, 01.15 -02.45 ධර්මසාකච්ඡාව වැලිගෙපොල ශීලවංශ හිමි, 03.00 -04.00 
			ධර්මානුශාසනාව සිරි වජිරඤාණ වාසී දියතලාවේ පියදස්සි හිමි, 04.00 -05.00 
			ධර්මානුශාසනාව කුඩාකත්නෝරුවේ විනීත හිමි, 05.00 -06.00 ධර්මානුශාසනාව 
			දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 06.00 -06.30 අටවිසි බුද්ධ පූජාව සහ 
			බෝධි පූජාව සිරි වජිරාරාම වාසී ස්වාමීන් වහන්සේලා 
 
			 
			මාතර තරුණ බෞද්ධ සමිතිය 
			
			පෝදා පෙරවරු 06.30 සීල් සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිලම හිමි 08.00 
			බුදු ගුණ වන්දනාව, 09.30 විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිය චන්ද්‍රා 
			රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල 
			පඤ්ඤාසිරි හිමි පස්වරු 01.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව, 
			ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි, 2.00 ධර්ම දේශනාව 
			ශාස්ත්‍රවේදී ගම්මැදගම චන්ද්‍රජෝති හිමි, 3.00 ධර්ම සාකච්ඡාව - බන්දුල 
			උදයකුමාර මහතා, 5.00 සිල් පවාරණය - ශාස්ත්‍රවේදී දිගාමඩුල්ලේ බෝධිසීහ 
			හිමි. 
 
			 
			උයන්වත්ත
			වාලුකාරාමය
			
			පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි 
			07.00 බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්ද්‍රරතන හිමි, 08.00 ගුවන් 
			විදුලි ධර්ම දේශනාව, 10.30 බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි, ප.ව. 
			01.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී 
			වීරකැටියේ සුමන හිමි, 4.00 ධර්ම දේශනාව බුත්තල මෙත්තානන්ද හිමි, 07.00 
			අටවිසි බුද්ධ පූජාව බෙංගමුවේ චන්ද්‍රරතන හිමි. 
 
			 
			සිරිමංගල 
			පිරිවෙන් විහාරය
			
			පෝදා පෙරවරු 06.00 සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්‍යජී මයුරවංශ මහා 
			ස්වාමීන්ද්‍රයන්වහන්සේ, 06.30 බුද්ධ පූජා වන්දනාව, ශාස්ත්‍රවේදී 
			කුඩාගොඩ ඤාණවංශ හිමි, 08.30 භාවනා වැඩසටහන බලංගොඩ සාන්තසිරි හිමි, 
			10.30 බුද්ධ පූජා වන්දනාව, ප.ව. 01.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 
			ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, 4.00 
			ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ අජිත හිමි, 6.00 සිල් පවාරණය, 
			06.30 අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි.  
			
			මාතර සිරි වජිරඤාණ ධර්මායතනය
			
			පෝදා පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ 
			සුවිනීත හිමි, 07.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති 
			රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි 10.00 ධර්ම දේශනාව 
			රත්මල්කැටියේ සිරිධම්ම හිමි, 11.00 බුද්ධ පූජාව, ප.ව. 01.00 සෙත් 
			පිරිත් දේශනාව පොඩි ස්වාමීන් වහන්සේලා, 01.30 කෙටි දේශනය, බෙරලපනාතර 
			ශාන්ත හිමි, 06.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරී 
			හිමි. 
 
			වැලිවේරියේ 
			මන්තින්දාරාමය
			
			පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම පණ්ඩිත විටියල කුසුමසිරි නාහිමි, 
			07.00 බුද්ධ පූජා වන්දනාව හිත්තැටියේ සමිත හිමි, 08.00 ගුවන්විදුලි 
			ධර්ම දේශනාව, 10.30 බුද්ධ වන්දනාව හොරපාවිට රාහුල හිමි, ප.ව. 1.00 සෙත් 
			පිරිත් සජ්ඣායනාව, 02.00 ධර්ම සාකච්ඡාව අතුරලියේ ජිනානන්ද හිමි, ප.ව. 
			4.00 ධර්ම දේශනාව වරාපිටියේ මංගල හිමි, 06.00 සිල් පවාරණය විටියල 
			කුසුමසිරි හිමි, 06.30 අටවිසි බුද්ධ පූජාව අතුරලියේ තිලකානන්ද 
			හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ. 
 
			 
			 
			ගොඩගේවත්ත පින්කම
			
			වෝල්ටර් දයාරත්න – අනුරාධපුර දිසා විශේෂ 
			 
			අනුරාධපුර සංඝමිත්තා මාවත ගොඩගේවත්ත උපේක්‍ෂාරාමාධිපති නුවරඑළියේ 
			සුභාෂනී මෙහෙණින් වහන්සේ ගේ අනුශාසනා මත පැවැත්වෙන සීල සමාදානපින්කම 
			ඉල් පුර පසළොස්වක් පොහෝදින උපේක්‍ෂාරාමයේ දී පැවැත්වේ. 
			මෙම සීල සමාදානයේ යෙදෙන උපාසිකා මාතාවන්හට අනුරාධපුර පෑතිස්පුර සමෘද්ධි 
			ගම්මාන සමිති ඒකාබද්ධව ගිලන්පස පිරිනැමීම සිදුකරන බව සමෘද්ධි සංවර්ධන 
			නිලධාරිනී ශ්‍යාමලී සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය. 
			 
			   |