බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			සම්බුද්ධත්ව ජයන්තිය
			නිමිත්තෙන් දරුවන් 100 සසුන් කෙතට 
			
			 
			සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් දරුවන් සිය දෙනෙක් පැවිදි කරවීම හා 
			ඔවුන්ට ධර්ම විනයානුකූ®ල පුහුණුවක් ලබාදීමට කොළඹ 7 ග්‍රෙගරි පාරේ ශ්‍රී 
			සම්බෝධි විහාරය කටයුතු යොදා ඇත. 2011 මැයි මස මුල් සතියේ මහියංගන සෑ 
			රදුන් අබියස පැවිදිකරවීම, විශේෂ ධර්ම විනය හා භාවනා පුහුණුවක් සඳහා 
			තායිලන්තයේ බැංකොක් නුවර “ ධම්මකාය “ භාවනා මධ්‍යස්ථානයේ මාස 06 ක 
			විශේෂ පුහුණුවක් ලබාදීමද සිදුකැරෙන බව කියයි. ධර්මදූත මෙහෙවරෙහි යෙදීමට 
			මේ නවක භික්ෂූන් වහන්සේලාට පැරණි ආරණ්‍ය ප්‍රතිපදා පිරීම සඳහා ආරණ්‍ය 
			සේනාසනයක් සකසා ශ්‍රී‍්‍ර ලංකාවේ ත්‍රිපිටක ධර්මය හා භාවනා ක්‍රම 
			පිළිබඳ විශේෂයෙන් ඉගැන්වීමක් කර ඔවුන් බෞද්ධයා “ රූපවාහිනි නාලිකාව 
			හරහා ධර්ම සන්නිවේදන කාර්යයට යොමු කරවීමට අපේක්‍ෂා කරන බවද කියයි. වැඩි 
			විස්තර සඳහා :- දුරකථන - 0117215288 ,0112689307, ෆැක්ස් 0112689308 
			මගින් දැනගත හැකිය.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					ඉල් පුර පසළොස්වක පෝය 
					
					ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා 
					සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 
					දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය. 
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |