මහණවෙන්න
මට අවසර දෙන්න
ජයසුමනා ද සිල්වා
රොබට්සන්
තරුණ පුතා :- අම්මෙ මට මහණවෙන්න අවසර දෙන්න
මව :- අනේ මගෙ බුදු පුතා, මොනවද මේ කියන්නේ ! පුතා මහණ උනාම අපට
සලකන්නේ කවුද?
පුතා :- ඇයි අම්මේ, අම්මටයි තාත්තටයි සලකන්න මගේ නංගියි මල්ලියි ඉන්නෙ!
එයාල මම සලකනවටත් වැඩිය හොඳට අම්මලාට සලකාවි!
මව :- අපි වයසට යන කොට අපිව මගහැරල යන්න පුතාට කනගාටු නැද්ද?.
පුතා:- අම්මේ පරමාර්ථය උතුම් නම්, මේ ලෝකෙ මොකක්ද දරාගන්න බැරි
දුක! කොහොම උණත්, මහලු කාලයේදි අම්මලාට සලකන්න කෙනෙක්. උපස්ථාන කරන්න
කෙනෙක් නැත්නම් මම පිඬු සිඟා ගොස් ලබන ආහාර අම්මලාට වළඳවන්නටත් සිවුරු
සඳහා පූජා කරනු ලබන වස්ත්‍ර අම්මලාගෙ ප්‍රයෝජනේට දෙන්නත් මට
පුළුවන්නේද? මෙවැනි පින්කම්,අපේ මහා කාරුණික බුදුඅමාමෑණියන් වහන්සේ පවා භික්‍ෂූන්
වහන්සේට තහනම් කරල නැහැ.
එතකොට අපට කෙතරම් පී‍්‍රතියෙන් ඉන්න පුළුවන්ද?
මව :- ඉතින් රත්තරන් පුතේ, පුතා මහණ උණාම අපි කිසිකෙනෙක් ළඟ නැතිව
පුතාට ඉන්න පුළුවන්ද?
පුතා : අම්මේ, අපේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සෙ දේශනා කොට වදාරා ඇති
පරිදි, මෙසේ ආදරවන්ත අයට තදින් බැඳී සිටීම වැනි බැමි ලිහන තරමටයි. හිතේ
සැපතත්, නිදහසත්, ඇතිවන්නෙ.
“පියතො ජායතී සොකො - පියතො ජායති භයං
පියතො විසමුත්තස්ස - නÀථි සොකො කුතො භයං “
අම්ම , තාත්ත, සහෝදර, සහෝදරියන් පවුලේ අය යනාදින් වෙනුවෙන් ඇති ආදරය,
මුළු ලෝක සත්ත්වයා කෙරෙහි දක්වන්ට පටන්ගත් තැනයි, නියම සැපත ඇතිවන්නෙ.
මම පැවිදි උණාම එක අම්ම කෙනෙකුගෙ පුතෙක් නෙවෙයි. හැම අම්මලාගෙම පුතා.
එක පුතෙකුගෙ පියෙක් නෙවෙයි. හැම පුතාගෙම පියා. එවිටයි අම්මෙ, කාටත්
පොදුවේ මෛත්‍රී කරන්න, කරුණාව දක්වන්න. සේවය කරන්න මට පුළුවන් වෙන්නෙ.
එසේ ලැබෙන සැපයට වැඩි සැපතක් තියෙනවද! ශක්තියක් තියෙනවද! නිදහසක්
තියෙනවද!
මව :- ඉතින් මගේ බුදු පුතේ, මහණ උණාම පුතාට දුක් විඳින්න වෙනව නේද!
පුතා :- අම්මේ, ඒ ඒ දේවල් තම කැමැත්තෙන් අත්හැරීම ලැබෙන සැපයට වැඩි
සැපයක් මෙලොව වෙන මොන දේකින්වත් ලබාගන්නට පුළුවන්කමක් නැහැ.
නෛෂ්ක්‍රම්‍යයේ අගය අප අමාමෑණියන් වහන්සේ කෙතරම් අවස්ථාවලදී දේශනා කරල
තියෙනවද! ඊටත් වැඩිය අම්මේ මේ සැපය, සතුට කියන දේ සිතේ ඇතිවන දෙයක්
මිස, ඉන් බාහිර වූදෙයක් නෙවෙයි. ඉතින් අම්මේ, පැවිදි ජීවිතය සැපෙන්
ගෙවීමට මගේ හිත හදාගෙන තියෙනව නම්, බාහිර දෙයින් මට කොහොමද දුකක්
එන්නෙ?
මව :- ඇයි රත්තරන් පුතේ යම් යම් අවස්ථාවල පුතාට දානෙ වැරදුණොත් එහෙම.
පුතා :- පින්වත් අම්මේ ඕකත් කණගාටුවෙන්න ඕන දෙයක්ද? වේලක් දෙකක්
බඩගින්නෙ ඉන්න එක ඔය තරම් දුෂ්කර දෙයක්ද? ! කුසට ආහාර නැති උණාට අම්මේ,
අපට පන්සලේ දී මොළේට ආහාර නම් අඩුවෙන්නෙ නැහැනේ. අපගේ බුදු අමාමැණියන්
වහන්සේ දේශනා කරන ලද ධර්මය ඇතුළත් පොත් කියවන විට ඒ මිහිරි ධර්මයට
ඇහුම්කන්දෙන විට, මොන බඩගින්නක්ද? සාරා සංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක්
මුළුල්ලේ දානාදි පාරමිතාවන් පුරා ආ, අප මහා කාරුණික බුදුපියාණන්
වහන්සේට ඒ ඒ අවස්ථාවලදි දානවේල වැරදුණා නම් අපි වගේ පුහුදුන් අය ගැන
මොන කතාද?
මව :- අනේ මගෙ බුදු පුතා නම් සුදුසු මහණදම් පුරන්නමයි. ඒ උණත් පුතේ,
අපි කොහොමද පුතා නැති පාළුව ඉවසාගෙන ඉන්නෙ?
පුතා :- ඕකත් අම්මේ, කනගාටුවෙන්න දෙයක්ද? මට මහණවීමට කැමැත්ත ආපු එක
ගැන අම්ම සතුටුවෙන්න ඕන. ළමයෙක් මහණ කළොත් හතර වරිගෙම නිවන් දකිනවයි
කියලා අම්මත් කියල තියෙනව නේද?
මව :- ඒක නම් ඇත්ත තමයි පුතේ. මගේ බුදු පුතාගෙ අදහස්වල වටිනාකම මට
මොහොතෙන් මොහොත වැටහෙනව.
තම පුතා ගිහිගෙන් නික්මෙල මහණවී සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන කොට, ඒ
ගැන අම්මට කොච්චර සතුටුවෙන්න පුළුවන්ද?
පුතා :- මම සිවුරු පොරවාගෙන පිරිසිදු සිල් ආරක්‍ෂා කරන කොට එයින් ලැබෙන
මහත්පල මහා ආනිසංස අම්මලාටත් ලැබෙනව නේද? බුද්ධ පුත්‍රයෙකු ලෙස මම එක
පවුලකට සීමානොවී, මුළු සමාජයටම ආශිර්වාදයක් වෙමින් ජීවත්වීම දකින විට,
අම්මාට කෙතරම් විශාල නිරාමිස පී‍්‍රතියක් ලබන්ට පුළුවන්ද?
මව :- මගෙ රත්තරන් බුදු පුතේ, මා පුතාට පෙවු මවු කිරිවල ණය ගෙවෙන්නට,
පුතා මා දහම් කිරිවලින් පෝෂණය කරනවා වගෙයි.
පුතා :- අප මහා කාරුණික බුදු අමාමැණියන්වහන්සේ දේශනාකොට වදාරන ලද ඒ
උතුම් දහම් කඳ ආරක්‍ෂා කරන මහා සංඝ රහත්නයේ සාමාජිකත්වය ලැබීමට වඩා
උතුම්’ ශ්‍රේෂ්ඨ තත්ත්වයක් නිලයක් මේ මිහිපිට තවත් ඇත්ද?
මව :- සාදු සාදු මගෙ පුතාගෙ කැමැත්ත එසේම ඉෂ්ඨවේවා!
පුතා :- පින්වත් අම්මේ, අප ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ ඒ මහඟු
සම්බුදු පදවිය පවා ලබාගැනීමට, ප්‍රථමයෙන් විවරණ ලැබුණේ තම දයාබර
මැණියන්ගෙන් නේද? මාතුපෝසක ජාතක කථා වස්තුවට අනුව අප බෝසත් තරුණයා
දිනක් සිය දයාබර මෑණියන් සමග මුහුදු නැවක යාත්‍රා කරන කල මේ යාත්‍රාව
අනතුරකට පත්ව මුහුදේ ගිලෙන්නට වූයෙන් අප බෝසත් වීරයා, සිය මව කරපිට
තබාගෙන ඒ රුදුරු සාගරයේ එතෙර බලා පිහිනන්ට වූයේ, තම මෑණියන් ගලවා
ගැනීමේ පරම චේතනාවෙන්.
මව :- ඔව් මගෙ රත්තරන් පුතේ, තම ආදරණීය මවගේ ජීවිතය බේරාගැන්මට ඒ රුදුර
සාගර මාරයා සමග තම පෙම්බර පුත්‍ර රත්නය කරගෙන ගිය භයානක සටන දැක
කම්පනයට හා මහා සංවේගයට පත් පින්වත් මවගේ මුවින්, එකෙණෙහිම පිටවූයේ “
පුතේ ඔබ බුදුවේවා” යන හැඟුම්බර වදනයි.
පුතා :- ඉතින් මගෙ පින්වත් අම්මේ. මගෙ අම්මත් මට එසේ ආශීර්වාද කරමින්
මගේ බැගෑපත් ඉල්ලීම අනුමත කරල. සබ්බ දුක්ඛ නිස්සරණාය නිබ්බාන
සච්ඡිකරණත්ථාය “ උදෙසා යොමුවු අති දුෂ්කර ගමන යෑමට මම පියවර ඔසවන්නම්.
මව :- දයාබර පුතේ, මම මගේ හද පත්ලෙන්ම නැගී එන මෙත් සිතින් මගේ රත්තරන්
පුතාගේ කැමැත්ත ඉටු කරගැන්මට අවසර දෙන්නම්.
ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ චීවරය පොරවා ගැනීමට කැමැත්ත පළකරන්නෙමි. මගේ දයාබර
පුත්‍ර රත්නයට ත්‍රිවිධ රත්නයේම ආශීර්වාදය ලැබේවා!
පුතා :- පින්වත් මැණියනි,මේ කුමන අසිරියක්ද? ඔබතුමියගේ සෙනෙහබර
බැමිවලින් ඈත්වීම සඳහා මට අවසර! දෙවනුවද, තෙවනුවද අවසර! “දිනේ පටන් මා
උපන්න - මව් විඳි දුක් බැරි කියන්න.
දොහොත් මුදුන් තබා මෙන්න - වඳිමි මව්නි පව් අරින්න “
අඬන කලට මා නලවා -ආදරයෙන් නිදි කෙරුවා
කැත කුණු මගෙ අත ගෑවා - මව්තුමි ඔබ බුදුවේවා “ |