ඉල් පුර
පසළොස්වක පොහොයේ
වැදගත් සිදුවීම්
පේ‍්‍රමසර ඈපාසිංහ
මෙම වසරේ ඉල් පුර පසළොස්වක පොහෝදිනය, 2010 නොවැම්බර් 21 වන ඉරිදාට,
යෙදී ඇත. සකල ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ ජනතාවට, මෙකී පෝය වැදගත් වේ. සැම
තැන සිල් සුවද පැතිරේ. වෙහෙර විහාරවල විශාල සැදැහැවත් දායකදායිකාවන්
පිරිසක් දක්නට ලැබේ. දාන, ශීල , භාවනා ආදියට ප්‍රමුඛත්වය ලැබේ. වස්සාන
ඍතුවේ අවසන් පොහොය ලෙස, මෙම ඉල් පුර පසළොස්වක පොහොය සැලකිය හැකිය. අප
ශාසන ඉතිහාසයේ අති වැදගත් සිද්ධි දාමයන් රැසක්, මෙම ඉල් පුර පසළොස්වක
පොහෝ දිනයේදී සිදුවී ඇත.
විවරණ ලැබීම
මෙම ලිපිය කියවන ඔබත් , මමත්, ඇතැම්විට, මතු කේතුමතී රාජධානියේ පහළ වන
මෛත්‍රි බුදුරජාණන් ඉදිරියේදී එකම ධර්ම මණ්ඩපයක දී සුවය මෛත්‍රි
බුදුරජාණන් වහන්සේගේ අගනා දේශනාවක් අසා විමුක්තිය නිවන් සුවය ලබාගන්නවා
ඇත.
මෙයට සාර සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනකට පසුව අනාගතයේ බුද්ධත්වයට පත්වන අජිත
නම් වූ බෝධි සත්වයාණන් වහන්සේ, වසර බිලියන ගණනකට පසුව බුද්ධත්වයට පත්
වන සේක. එම බෝසතාණන් වහන්සේ නියත වශයෙන් බුද්ධත්වයට පත්වන බවට නියත
විවරණ ලබාගත්තේ අද වන් ඉල් පුර පසළොස්වක දිනයකදීය. ඉන් පසුව මෛත්‍රී
බෝධිසත්වයන් තුසිත දෙව්ලොව උපත ලද බවත්, එම දෙව්ලොව දෙවිවරුනට ද නව
ධර්මය දේශනා කරන බවත් පැවසේ. මෛත්‍රී බුදුන්වහන්සේ ථෙරවාද සහ මහායාන යන
බෞද්ධ කොට්ඨාස දෙකේම ගෞරවයට පාත්‍රවී ඇත.
ධර්මදූත සේවය ආරම්භය
අප තථාගත ගෞතම බුදුපියාණන් වහන්සේ
වෙසක් පොහෝ දිනයක බුද්ධත්වයට පත්ව, පසුව, තම දර්ශනය “ බහුජන හිතාය,
බහුජන සුඛාය “ පිණිස ජනතාවට බෙදාදීම සදහා ධර්මප්‍රචාරක ව්‍යාපාරය අරඹන
ලද්දේද ඉල් පුර පසළොස්වක දිනයකදීය. ධර්ම දූතයන් හැටනම ධර්ම ප්‍රචාරය
සඳහා ගමන් ආරම්භ කළේ ද ඉල් පෝ දිනකය.
බෞද්ධ ධර්ම ප්‍රචාරයන් හා වෙනත් ආගමික ධර්ම ප්‍රචාරයන් අතර පැහැදිලි
වෙනසක් දක්නට ලැබේ. බෞද්ධ ධර්මදූතයන්, සිය බෞද්ධ ධර්මය බලහත්කාරයෙන්,
කඩුවේ , කිණිස්සේ බලයෙන් ප්‍රචාරය කළේ නැත. බෞද්ධ දර්ශනය ගැන නිවරදි
අවබෝධයක් ලබා ගැනීමෙන් පසුව බුදුදහමට ජනතාව නැඹුරු වූහ.
තුන්බෑ ජටිල දමනය
අප තථාගත බුදුපියාණන් වහන්සේ විසින් උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප , නදී
කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් දමනය කරන්නට උරුවෙල් දනව්වට වැඩම කිරීමත්,
පසුවස් පවාරණ කළ යුතු දිනයවීමත්, චීවර මාසයේ අන්තිම පොහොයවීමත්,
කඨිනාස්කරණ විනය කර්මය කළ හැකි අවසන් දිනයත්, ඉල් පුර පසළොස්වක පෝය
දිනයට යෙදී ඇත. කඨිනය ඉතා ශක්තිමත් බලවත් ගරු කුශල කර්මයක් වශයෙන්
සැලකේ.
පඨවිරින ජාතු කම්පතෙ
න චලති මේරු රිවාති වායුනා
වජිරමිවි න භිජ්ජතෙ ඝනං
තමිදමතො කඨිනන්ති වුච්චති
එහි අරුත නම් , කඨින චීවර දානමය කුශලය මහා පොළොව මෙන් කම්පා නොවන්නකි.
මහා මේරු පර්වතය මෙන් සුළඟට නොසෙල්වන අතර වජ්‍ර පර්වතය මෙන් නොබිදෙන
සුලුයැයි පැවසේ.
සැරියුත් හිමි පිරිනිවන් පෑම
ගෞතම බුදුපියාණන්ගේ අග්‍රශ්‍රාවකයන් දෙදෙනා වූයේ සැරියුත්, මුගලන්
දෙනමය. මෙම දෙපලගෙන් , සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය
සිදුවූයේ ඉල් මස පර පසළොස්වක පුන් පොහෝ දිනයේ දීය.
සැරියුත් කතාව
සැරියුත් - මුගලන් දෙනම එකම දිනයේ උපත ලැබූහ. මේ දෙදෙනාගෙන් පළමුවැන්න
මොග්ගල්ලාන නමින්ද, සාරි බැමිනියගේ පුතු වූ උපතිස්ස , ඉතා කුළු පග
මිතුරන් වූහ. වරක් “ ගිරග්ග සමජ්ජ “ මහා සැනකෙළිය නැරඹීමෙන් පසුව, මේ
දෙදෙනාම , අමරණීයත්වය සොයන්නට පටන් ගත්හ. එදා සිටිය සුප්‍රසිද්ධ
ශාස්තෘවරයෙක් වූ සංජය බෙල්ලට්ඨිපුත්‍ර යටතේ විමුක්තිය සෙවීමේ නිරතවූහ.
දිනක් , සාරිපුත්ත, රජ ගහ නගරයේ වීදියක ගමන් කරමින් සිටි අවස්ථාවකදී ,
බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ගෙන් එක් අයෙකු වූ අස්සජි තෙරුන්
මුණගැසුනේය. සාරිපුත්ත , ඉතාමත් සැනකින් ගමන් ඇති මේ සුවිශේෂ
භික්ෂුවගෙන් උන්වහන්සේ වතගොත විචාළේය.
“මා භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගෝලයෙක්. උන්වහන්සේ ජාති,
ජරා, මරණ ආදියෙන් මිදී ලබාගත හැකි උත්තරීතර නිවන් මග පසක් කොට ඇති අතර
උනුන්ටද නිවන් මග හෙළි පෙහෙළිකොට ඇත්තාහ.
අස්සජී තෙරුන්ගෙන්, බුදුදහමේ හරය ඇසීමෙන්ම, සැරියුත් හිමියෝ සෝවාන් ඵල
ලාභියෙක් බවට පත්විය. පසුව තම මිතුරා වූ කෝලිතට බුදුදහම ගැන අවබෝධ
කරදුන් උපතිස්සයන් (සැරියුත්) බුදුන් සරණ සොයා ගියහ.
මෙම දෙදෙනා බුදුන්වහන්සේගේ අග්‍රශාවක තනතුරුවලට පත්කළ අතර, තථාගත
බුදුපියාණන් වහන්සේ සාරිපුත්ත තෙරුන්හට “ ධම්මසේනාපති “ පදවිය
පිරිනැමීය.
චීවර මාසයේ අවසන් දිනය
චීවර මාසයේ අවසන් දිනය ලෙස ඉල් පුනු පොහෝ දිනය සැලකේ. වසරකට වරක් එළඹෙන
මෙම පින්කම මහත්ඵල මහානිසංස පුන්‍යකර්මයක් වශයෙන් සැලකේ.
සැරියුත් හිමිගේ අවසන් ගමන
තමාගේ ආයුසංස්කාරය තවත් සතියකින් අවසන් බැව් දැන අන්‍ය ආගම් ලබ්ධිකයෙක්
වූ තම මෑණියන් වහන්සේ මාර්ගඵලාවබෝධයට පත්කරනු පිණිස, තමන්ගේ මව්තුමිය
හමුවන්න යාමට පෙර තථාගත බුදුරජාණන් වහන්සේ හමුවීමට සැරියුත් හිමියෝ
වැඩියහ.
“ස්වාමීනි මගේ සම්බුදු පියාණෙනි, මාගේ පරිනිර්වාණ කාලය ළඟාවී ඇත. මා
විසින් ආයු සංස්කාරය අවසන් කොට තිබේ. “
මෙසේ පවසා, මගධ ජනපදයේ නාලක ගම තමන් උපත ලද නිවසට ගොස්, සැරියුත්
හිමියෝ සිය මෑණියන් වහන්සේ වන රූපසාරි බැමිනියට දහම් දෙසු සේක. ඉන්
අනතුරුව, රූපසාරි බැමිනිය සෝවාන් මාර්ගඵලය ලබාගත්තාය.
බුදුන් වහන්සේ වස් විසූ ස්ථාන
ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව වසර 20 ක් විවිධ ස්ථානවල
වස් විසූ බැව් සඳහන් වේ. ඉසිපතනයේ දම්සක් සූත්‍රය දේශනා කිරීමෙන් පසුව
පළමු වස්වැසීම සිදු කළසේක. රජගහ වේළුවන, විසාලානුවර, මකුල පර්වතය ,
තව්තිසා, දෙව්ලොව, තා නුවර සුංසුමාර පවර්තය, හේසකලා වනය, කොසඹෑ නුවර
ඝෝෂිතරාමය, පාරිලෙය්‍ය වනය, ඒකනාලා බමුණුගම, වේරංජාව, සැවැත්නුවර ,
කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමය,අලව් නුවර, රජගහ වේළුවනාරාමය ආදී ස්ථානවල
බුදුන්වහන්සේ වස් විසූ බව සඳහන් වේ.
අරිට්ඨ මහ රහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වස් විසීම
අකු ධාතුන් වහන්සේ නිධන්කොට ථූපාරාමය තැනීම
ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉල් පොහොය ආශි‍්‍රත සිදුවුණු
වැදගත් සිදුවීමක් ලෙස, අනුබුදු මහින්ද හිමියන් ශ්‍රී ලංකාවේ බුදුදහම
පිහිටුවීමෙන් පසුව, ප්‍රථම සිංහල භික්‍ෂූන් වහන්සේ වූ අරිට්ඨ මහ රහතන්
වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා , මිහින්තලාවේ මිස්සක පබ්බතයේ අටසැට
ලෙන්වල වස් සමාදන්වූහ.
බුදුන් වහන්සේ ගේ අකු ධාතුන් වහන්සේ මිහින්තලාවේ සිට අනුරපුරයට වැඩමවා
ශ්‍රී ලංකාවේ මුල්ම චෛත්‍යය වන ථූපාරාම චෛත්‍යයේ නිදන් කරන ලද්දේ ද ඉල්
මස පුර පසළොස්වක පොහොය දිනයේ දීය.
ඔබ සැමට තෙරුවන් සරණයි!
උල්හොල්ලන පෝය
“ඉල් පෝයට උල්හොල්ලනවා” යැයි එදා අපේ මුතුන් මිත්තෝ කීහ. මේ කියමන
පැරණි ජන කියමනකි.
ඉල්පෝය හා බැඳුණු ජන කියමනක් ගොඩ නැඟීමට හේතුවක් ද ඇත. ඊට මුල් වූයේ
මේ පෝය උදාවත් සමඟ විශාල ලෙස වැස්ස ලැබීම ය.
ඉල් පෝයදා වහින අධික වර්ෂාව නිසා
තව දුරටත් වැස්ස නුවුමනා තරම් ය. උල්හොල්ලනවා කියන්නේ පොළොවට දරා ගත
නොහැකි තරම් දියවර මතුපිටින් ගලායෑමයි. අධික ලෙස වර්ෂාව වැටෙන විට පොළොව
මතුපිටින් කුඩා දිය පාරවල් සෑදෙයි.
මෙසේ උල්දිය දැමීම වැඩිපුර සිදුවීම ඉල්පෝය දිනයේ ඇතිවන විශේෂ
ලක්‍ෂණයකි. වර්ෂාව තද නිසා
වැටෙන ජලය යට වී නැවත මතු වී ගලායයි.
පන්සල් මළු ද ඉල්පෝයට මෙසේ
උල් හොල්ලන තත්ත්වය ඇති වේ. මේ නිසා මේ පෝයට උල්හොල්ලන පෝය යන ජන වහර
ඇතිවී තිබේ.
කඩවත ගුණානන්ද හිමි
|