ධම්මපද සැහැල්ල - 28 කොටස
බණ්ඩාර මඩුගල්ලේ
122. මා පපමඤ්ඤේථ පුඤ්ඤස්ස - න මං තං ආගමිස්සති
උද බින්දු නිපාතෙන - උදකුම්භෝ, පි පූරති
පූරති ධිරො පුඤ්ඤස්ස - ථොක ථොකම්පි ආවිනං
ටිකෙන් ටික පින් කරන – තැනැත්තාගේ දිවිය අන්තිමේ පින්වලින් පිරී
ඉතිරෙන්නේ... ය.
හිතවතුනි, පින්කමට- යොමු වීම පින්කමකි- පින් ම එක්රැස්වීම මහා සැප
උල්පතකි.
123. වාණිජෝ ව භයං මග්ගං - අප්පසත්ථෝ මහද්ධනෝ
විසං ජීවතුකාමෝව පාපානි - පරිවජ්ජයෙ
ධනවත්තු සැක සහිත - දුර ගමන් අත්හරිති - “ජීවිතය කැමැත්තෝ - වස විසෙන්
මග හරිති...
හිතවතුනි , හැම විට සිහි ඇතිව හැසිරෙන්න - එවිට හැමවිට ඔබට රැකවරණ
ලැබෙනු ඇත.
124. පාණිම්හි චෙ වණො නාස්ස - හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විස මන්වේති – නත්ථි පාපං අකුබ්බතො
හිත දැහැමි නොවේ නම් - පවට බර වන්නේය - පවක් සිදු නොවේ නම් දුක ද
නොලැබෙන්නේ ය.....
හිතවතුනි, හිත කිලිටි නොවන සේ රැක ගන්න . එවිට දුක් බැහැර වී සැප ම
හිමි වන්නේ ය..
125. යො අප්පදූට්ඨස්ස නරස්ස
දූස්සති සුද්ධස්ස ජොසස්ස අනංගණස්ස
තමේ ව බාලං පච්චේති පාපං
සුබුමොරජො පටිවාතං ව ඛිත්තො
උතුම් සිල්වත් අයට විපත් ඇති කරන්නා එහි නපුරු විපාකය නිසැකව ලබන්නේ ය.
හිතවතුනි , සිල්වතුන් පුදා පින් කර ගන්න. එය ඔබට නිසැක ලෙස දෙලොව සැප
සාදනු ඇත.
126. ගබ්භමෙකෙ උප්පජ්ජන්ති - නිරයං පාප කම්මිනො
සග්ගං සුගතිනො යන්ති - පරිනිබ්බන්ති අනාසවා
කෙනෙක් යළි දරු ගැබක තව කෙනෙක් සුගතියක - උපදිතත් රහත් වූ සියල්ලෝ
පිරිනිවෙති.
හිතවතුනි , මේ සසර ගමන් මග කෙදින හෝ “ නිවන “ නම් වූ තැනින් අවසාන කර
ගන්න.
127. න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගතිප්පදෙසෝ
යත්ථට්ඨිතෝ මුඤ්චෙය්‍ය පාපකම්මා
අහසේ ද පොළවේද ගුහාවක ද මුහුදේද සැඟවුණත් පාපයේ විපාකය එන්නේය.
හිතවතුනි, ඔබ අතින් කෙරෙන හැම වරදට ම නපුරු දුක් විපාකය ඔබ කරා එන්නේය.
128. න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ක්‍ධ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගදිප්පදේසො යත්ථට්ඨිතං
නප්පසහෙථ මච්චුති
අහසේ ද පොළොවේද ගුහාවක ද මුහුදේ ද සැඟවුණත් මරණයෙන් මිදෙන්නට නුපුළුවන.
හිතවතුනි ජීවිතය මරණයෙන් නිමා වේ. එයද අමතක නොකොට හොඳින් ජීවත් වන්න.
මතු සම්බන්ධයි |