ඇසළ අමාවක 2010.08.09
භික්ෂු කේන්ද්‍රීය අධ්‍යාපනය
අප මුහුණ පා සිටින බරපතළ සමාජ ගැටලු විසඳා ගැනීම පමණක් නො ව
ඒවා නිසි පරිදි හඳුනා ගැනීම ද විශාල අභියෝගයකි. වසර තිහක් පුරා
අප අත්විඳි බෙදුම්වාදී සන්නද්ධ ක්‍රියාකාරකම් නමැති ගැටලුව
මෙන් ම විශ්වවිද්‍යාල නවකවදය ද ඵලය මිස හේතුව නො වේ. එ බැවින්
විනාශකාරී ඵලය නැසූ පමණින් ඒවා බිහිවීමට බලපෑ හේතු නො නැසෙනු
ඇත. එහෙත් කුඩා හේතුවක් මත විනාශකාරී විශාල ඵලයක් හටගැනීමත්,
හේතු රාශියක් නිසා එක් ඵලයක් හට ගැනීමත් සිදුවිය හැකි ය. මෙහි
දී වඩා වැදගත් වන්නේ අවම වශයෙන් එ බඳු ගැටලුවක් ඇති බව හෝ
තේරුම් ගැනීම ය.
උපාධිය ලබාගන්නා භික්ෂූන් වහන්සේ සිවුරු හැර යෑම බරපතළ සමාජ
ගැටලුවක් ලෙස හඳුනා ගැනීමට උසස් අධ්‍යාපන ඇමැති එස්. බී.
දිසානායක මහතා දරා ඇති උත්සාහය දෙස අප ගේ අවධානය යොමු වන්නේ
එ බඳු පසුබිමෙක ය. පසුගිය දා පැවැති හඟුරන්කෙත, මාදන්වල රජමහා
විහාරීය පිරිවෙනේ ස්වර්ණ ජයන්ති වැඩසටහනෙහි සමාරම්භක උත්සවයේ
දී ඇමැතිවරයා මෙ සේ කියා තිබිණි.
‘ මෙ රට බෞද්ධ විශ්ව විද්‍යාල මඟින් උපාධිය හදාරන භික්ෂූන්
වහන්සේ අතරින් සියයට අසූවක් පමණ සිවුරු හැරයෑම බරපතළ සමාජ
ප්‍රශ්නයක්. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ සහ බෞද්ධ
හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන භික්ෂූන් වහන්සේ පිළිබඳ
ව කළ සමීක්ෂණයක දී මේ තොරතුරු අනාවරණය වී තිබෙනවා. ලෝකයට
ආදර්ශවත් භික්ෂුවක් බිහි කිරීමේ අරමුණින් ඇරැඹි භික්ෂූ විශ්ව
විද්‍යාල වලින් පිටවන සංඝරත්නය සිවුරු හැර යෑමෙන් රජයේ අරමුණු
ද ඉටුවන්නේ නැහැ’.
මෙය සංකීර්ණ ගැටලුවක් වුව ද උසස් අධ්‍යාපන ඇමැතිවරයා ගේ අවධානය
යොමු වී ඇති බැවින් අධ්‍යාපන විෂයට අදාළ ව ඒ දෙස බැලීමට මෙහි
දී උත්සාහ දරමු.
අනුරාධපුර මහා විහාරය මධ්‍යස්ථානය කොට ගෙන ඇරැඹි භික්ෂූ
කේන්ද්‍රීය ථෙරවාද බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය දඹදෙණි යුගය වන
විට සම්පූර්ණයෙන් ම වෙනසකට භාජනය විය. දඹදෙණි සමය තුළ බිහි වූ
පරාක්‍රමබාහු පිරිවෙන, බෙලිගල බුවනෙකබාහු පිරිවෙන, දෙවුන්දර
නන්දන පිරිවෙන කුරුණෑගල මහේන්ද්‍රබාහු පිරිවෙන, අභයරාජ
පිරිවෙන, මයුරපාද පිරිවෙන, පතිරාජ පිරිවෙන, අස්සදනා පිරිවෙන,
මහින්දසේන පිරිවෙන, නන්දි පිරිවෙන, අනුරාධපුර බුවනෙකබාහු
පිරිවෙන ආදිය දෙස අවධානය යොමු කළ විට විධිමත් අධ්‍යාපන
ක්‍රමයක් එ කල ව්‍යාප්ත ව පැවැති බවට සැකයක් නොමැත. කෙ සේ වුව
ද උඩරට රාජධානියෙහි අවසානය වන විට (විජය රාජසිංහ රජු (1739 -
1747) ගෙන් පසු කාලයේ) භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම පවා
අපහසු වූ බව පැවැසේ. වෙදකම හා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ආදියෙහි
නිරතවෙමින් විහාර දේපළ පරිහරණය කළ ගණින්නාන්සේ ලා බිහිවීම ද
භික්ෂූ කේන්ද්‍රීය අධ්‍යාපනය බිඳ වැටීමේ එක් ප්‍රතිඵලයකි.
ඉංගී‍්‍රසි යටත්විජිත සමය වන විට භික්ෂූ අධ්‍යාපනය යළි
ශක්තිමත් වී තිබේ. අස්ගිරි මහා විහාරයේ ලේකම් පොත් මිටියේ
ඇතුළත් තොරතුරු අනුව ක්‍රි.ව. 1853 - 1868 අතර කාලයේ දී
අස්ගිරි විහාරයෙහි අනුනායක පදවි දැරූ පැපලේ අත්ථදස්සී හිමියන්
ගේ අධ්‍යාපන සුදුසුකම් ඊට කදිම නිදසුනකි. මෙහි පහත දැක්වෙන
සුදුසුකම් උන්වහන්සේ සතු ව තිබිණ.
1. අක්ෂර ලිවීමේ හා කියවීමේ හැකියාව, 2. රූප සිද්ධි ආශි‍්‍රත
ව්‍යාකරණ ඥානය, 3. සූත්‍ර, විනය, අභිධර්ම හා පිටකත්‍රයට අයත්
දේශනා පදගතාර්ථ වශයෙන් විස්තර කරලීමේ හැකියාව, 4. විනය
ප්‍රඥප්ති හා භික්ෂූ විභංගයවාචෝද්ගත කොට ධාරණය කර තිබීම, 5.
විනය ප්‍රාතිමෝක්ෂය ධාරණාර්ථයෙන් විනයධර වීම, 6. සූත්‍ර,
අභිධර්ම ධාරණාර්ථයෙන් ධර්මධර වීම, 7. උපසම්පදාදී විනය
කර්මයන්හි දී කර්මාචාර්ය වීම,
මේ භික්ෂූ කේන්ද්‍රීය අධ්‍යාපනයට අත් වූ ඉරණම 1956 බෞද්ධ
තොරතුරු පරීක්ෂක සභාවේ අවධානයට යොමු වී ඇත. එහි මෙ සේ සඳහන් ය.
‘’මූලික පිරිවෙන සහමුලින් ම පාසලක මුහුණුවරින් යුක්ත විය.
ඉංගී‍්‍රසි අධ්‍යාපනය ගැන වැඩි සැලකිලි දැක් වූ ඇතැම් මූලික
පිරිවෙන් සම්පූර්ණයෙන් ම වාගේ් ඉංගී‍්‍රසි පාඨශාලා බවට
පරිවර්තනය විය’’.
එම වාර්තාවේ ඇතුළත් නිගමන අතුරින් එකක් මෙහි උපුටා දක්වමු.
‘’පැවිදිවීමට දරුවන් පුහුණු කරවන අභ්‍යාස ස්ථාන කීපයක් ඇති කළ
යුතුය’’.
“ පැවිදි වූ පසු මූලික අධ්‍යාපනය පිරිවෙන් මඟින් ලැබීමට ඉඩ දී
ඉන්පසු ධර්ම ප්‍රචාරය, සමාජ සේවය, ආදී කටයුතු පිණිස අවශ්‍ය
ඉගෙනීම ලබාදීම සඳහා භික්ෂූ අභ්‍යාස විද්‍යාල කීපයක් ඇති කළ
යුතු ය”.
උසස් අධ්‍යාපන ඇමැතිවරයා ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ්
වත්මන් භික්ෂු අධ්‍යාපනය ගැන යළි සිතා බැලිය යුතු බව නො වේ ද? |