UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදාකාලික සැප ලැබීමේ මඟ

අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරනුයේ සැපෙන් බර දුකෙන් තොර ජීවිතයකි. දුක්වි විඳීමට මෙලොව ජීවත්වන කිසි සතකු කැමැති නොවේ. දුක ඒ තරමට ම අපට පීඩාකාරී දෙයකි. අපේ එකම උත්සාහය දුක් විඳීම අත්හැර දැමීමට ය. උපතේ සිට විපත දක්වාා ම අපි දුක් අත්හැර සැප සොයමු. දුක යන ආරංචියක් වත් ලැබීමට අපි අකමැති වෙමු. දුක ඒ තරම්ම භයානක ය. සැපෙන් සනීපෙන් ජීවිතය ගත කළ හැකි සෑම පියවරක්ම ගැනීමට අපි උත්සුක වෙමු. මට පමණක් නොව මගේ කියන කිසිවකුටත් දුකක් යයි කියන කිසිවක් නොවිය යුතු යන්න අපේ බලාපොරොත්තුව යි. ආසාව යි. එතරම් පීඩාකාරි කිසිවක් මෙලොව ඇත්තේ නැත. අප ජීවත්වන ලෝකය කිසි දුකක් නැති ව නැත්තට ම නැති ව දුක මෙලොවෙන් ම තුරන්වන්නේ නම් එය කළ හැකි ඉතා වැදගත් ම කාරණය වන්නේ ය. මෙලොව සිටින කිසි ම සතකු දුක් නො ලබන නොවිඳින තැනට පත් වන්නේ නම් අපේ කැමැත්ත එය වන්නේ ය. මෙතෙරම් ම අප්‍රසාද ජනක දෙයක් ලොව ඇත්තේ නැත. මෙතරම් පිළිකුල් දෙයක් ලොව ඇත්තේ නැත. දුක යන වචනය පවා අපේ හදවත පාරවයි. කෙනෙකුගේ දුක ද අපට දුකකි. අපේ දුක ද දුකකි. කරදරයකි. පීඩාවකි. එබැවින් ඉතා දුක් මහන්සියෙන්වූවත් අප කළ යුත්තේ දුක මෙලොවින් අතුගා දැමීම යි. මෙතරම් එපාකළ මෙතරම් පිළිකුල් සහගත, මෙතරම් භයානක, මෙතරම් හානිදායි දුක කියන්නේ් කුමක්ද? දුක් ලෙස අප හඳුන්වන්නේ මොනවාද? සැප ලැබීම සඳහා අත් හැරිය යුතු දුක ලෙස අප හඳුන්වන්නේ මොනවාද? අපේ ජීවිතයෙන් පළවා හැරීමට අප උත්සාහ දරනුයේ මොනවාද? අපේ සියලු වස්තූන් විය පැහැදම් කරමින් අප ලබන්නට යන සැප වලකා ලන්නේ මොනවා ද? කෙටියන් කියතොත් දුක කියන්නේ කුමක් ද?

මෙලොව ඉපදීම දුකකි. උපතේ දී අපට මෙය නො තේරුණ බැවින් අප මෙය දන්නේ පසුව බැවින් අපට එය දුක යැයි නො පෙනේ. නො දැනේ. පසුකාලීන ව කල්පනාකර බලන විට ඇත්තෙන් ම ඉපදීම මහා දුකකි. දුක ලැබෙනුයේ ඉපදෙන නිසා ය. එබැවින් එය සියලු දුක්වලට ම මුල වෙයි. උපත මහා දුකක් වන්නේ මහා දුක් ගොඩකට එය මුල්වන නිසා ය. නො එසේනම් උපතේ දී ඇතිවන කිසි දෙයක් අප දන්නේ නැත. එය දැනෙන ෂට සිහි කරන විට පවා ඇතිවන්නේ දුකකි. වේදනාවකි. මෙනිසා මෙලොව ඉපදීම දුකකි. හොඳයි අප මේවා කිසිවක් නො දන්නා බැවින් ඉපදීම දුකක් නැතැ’යි සිතමු. උපතේ සිට අපට ඇතිවන, උපත නිසා අප අප වෙත එළඹෙන වයෝවෘද්ධ භාවය, හෙවත් වියපත්වීම, නො එසේ නම් දිනෙන් දින අපේ ජීවිතයේ සිදුවන ක්‍ෂයවීම, වැයවීම, දිනෙන් දින අපෙන් ගෙවෙන වයස අප දින දින ජරාජීර්ණ තත්ත්වයට යාම දුකක් නොවේ ද කුඩා කළ අපේ අදහස වියපත් වීම ය. වියපත් වීමේ භයානක බව අපට වැටහෙන්නේ අප ජරාජීර්ණ තත්ත්වයට වයසට ගිය විට ය. එවිට අපට නැවත ළමා වියට යා හැකි නම් හොඳ යැයි සිතේ. ඒත් කිසිදු දිනෙක එය සිදු නොවනු ඇත. උපතක් ලැබූ ඕනෑ ම අයකු වැඩිහිටි ජරාජීර්ණ තත්ත්වයට යනු ඇත. වැඩි ම වුවහොත් අපට සිටිය හැකි වන්නේ ජීවිතයෙන් අර්ධයකි. එතැන් සිට අප ජරාවට යාම ආරම්භ වන්නේ ය. එදා සිට අපට දුක ඇති වෙයි. අනේ මම වයසට නො ගොසින් අඩු ම තරමින් මේ තත්ත්වයෙන් වත් සිටීමට ඇත්නම් කොතරම් හොඳ දැ’ යි අපට සිතේ. මන් ද අප දුක් විඳීමට අකමැති නිසා ය. එහෙයින් උපත මෙන්ම වැඩිහිටිවීම ද දුකකි.

මෙලොව ජීවත් වන්නකුට ඊළඟට මුහුණ පාන්නට සිදුවනුයේ ලෙඩ දුක්වලට ය. එය තවත් දුකකි. අසනීපයෙන් තොර ව අපට විසීමට ඇත්නම් දුකක් නැත. එහෙත් අප නො සිතූ ලෙඩ දුක් අපට ඇති වේ. අසනීප වන ආකාරයන්ගෙන් වැලකී සිටීමට කෙතරම් උත්සහ කළ ද ඒ සියල්ල නිශ්ඵල වන්නේ ය. මන්ද අසනීප වන ලෙඩදුක් වන සියලු මාර්ග අත්හල ද කුමන හෝ ලෙඩක් පැමිණෙන්නේ ය. අසනීපවලින් මිදීමේ මගක් ඇත්තේ නැත. කුමන වෛද්‍යවරයා වෙත ගිය ද අසනීප නො වැළඳී සිටීමට බෙහෙතක් නැත. අසනීප නොවී සිටින්නකු මෙලොව ඇත්තේ නැත.

කරදරකාරී දුක්දායි කුමන හෝ අසනීපයක් වැළදෙන බව නම් අපි දනිමු. මෙසේ ලෙඩදුක්වලින් බිහිවන්නේ දුකකි. කෙටියෙන් කියතොත් ලෙඩ හෙවත් අසනීප නිසා දුක් එළඹෙයි. එහෙයින් මෙලොව ඇති ඊළඟ කාරණය උපත වයසට යාම ජරාජීර්ණ වීම දුක්වනවා වගේ ම ලෙඩදුක් ඇති වීම හෙවත් අසනීප වීම ද දුකකි.

ඊළඟ අපට සිදුවන මරණය දුකකි. එය සිදු දූ දිනක නො වේවා’යි අප ප්‍රාර්ථනා කරවන දුකකි. එය ඒ තරම්ම භයානක දුකකි. මරණය අවසාන දුක නො වන්නේ යළිත් උපතක් ලබා දෙන බැවිනි. එබැවින් මරණය තවත් දුකක් ඇති කරවන්නකි. මරණයට බය නැති විය හැක්කේ යළිත් උපතක් නො වුවහොත් පමණි. එහෙත් මරණයෙන් දුක්වල කෙළවරක් නොවේ. එය නැවත යළිත් එකතු වන දුක් වන උපතට හේතුවන බැවින් මරණය ඉතා ‍ෙඛ්දනීය දුකකි.

ජීවත්වීමේ දී අපට අවශ්‍ය සියලු දෙයක් ම සම්පූර්ණ කරගත නො හැකිය. අපේ ආසාවන් අපේ පරමාර්ථ අපේ කැමැති සම්පුර්ණ කර ගැනීමට අපට නො හැකි වන්නේය. අප කැමැති දෙයක් කැමති ආකාරයෙන් නො ලැබෙන බැවින් එය තවත් දුකකි. යම් කැමති දෙයක් නො ලැබේ නම් එය දුකක් වන්නේ ය.

උපත ජරාවට යාම ලෙඩවීම මරණය මෙන් ම ජීවිතයේ අප කැමති කැමති දේ නො ලැබීම ද දුකකි. මේ සියල්ල අප නො කැමැති දේ ය. ඒ සියල්ල දුක් ය. මේවායින් තොර ව සිටීමේ කැමැත්ත සිඳ බිඳී යාම තවත් දුකකි. එහෙත් මේ කිසිවක් අපට ඒ විඳින්තාක් දුක්ලෙස නො වැට හේ. උපත දුකකි. අපට එය නො වැටහේ. වියපත් වීම දුකකි. එය අපට නො වැටහේ. ලෙඩ වීම දුකකි. එය අපට නො වැටහේ. මරණය දුකකි. එය අපට නො වැටහේ. කැමැති දෙය නොලැබීම දුකකි. එය ද අපට නො වැටහේ. එබැවින් අප දුක්යැයි හඳුන්වන මේ සියල්ල එළඹෙන තෙක්දුක අපට වැටහෙන්නේ නැත. ලෙඩවීම දුකක් ලෙස වැටහෙන්නේ ලෙඩ වූ කල්හි ය.

අපට ඇතිවන මේ සියලු දුක්වල මුල අපේ නො වැටහීම ය. නො දැනීම ය. දුක දුකක් යැයි නො දැන අපි දුක් විඳිමු. ඇත්තෙන් ම අප දන්නේ් අප එහි ප්‍රතිඵල විඳින විට ය. පාඩම් නො කිරීමේ ප්‍රතිඵලය අප විඳින්නේ විභාග ප්‍රතිඵල ආ විට ය. එතෙක් අපට එය නො වැටහේ. මරණය දුකක් වන්නේ මරණය එළඹි විටය. එහෙයින් අපේ නො දැනීම නිසා අපට දුක් ඇති වේ. එහෙයින් දුක නම් කුමක්ද යන්න අප අවබෝධ කොට ගත යුතු ය. එවිට ඉහත කී සියලු කාරණා දුක් බව වැටහේ. ඉපදීම ජරාවට යාම ලෙඩවීම මරණය වගේම ජීවිතයේ කැමති දේවල් නො ලැබීම ද දුකකි. කෙටියෙන් කියතොත් මේ සියල්ලට ම මුල් වන අපේ මුලු ශරීරය ම දුක් ගොඩකි. ඉපදීම නිසා ජරාජීර්ණ වීම ද ජරාජීර්ණ වීම නිසා ලෙඩ වීම ද ලෙඩ වීම නිසා මරණය ද මරණය නිසා ඉපදීම ද ආදී වශයෙන් අපේ ජීවිතය තුළ සිදුවන සියලු ආකාරයේ සිදුවීම් අප නො කැමති දේ ය. අප නො කැමති අප නොපතන ලක්ෂණ ඇති සියලු දේ දුක් ගොඩක් අපට ලබා දේ.

දුකෙන් තොර ව සැපෙන් බර ව ජීවිතය ගත කිරීමට නම් අප මේ සියලු දුක් ක්‍රියාදාමයෙන් ම වෙන් විය යුතු ය. එයින් ඉවත් වූ අය සැපයට පැමිණෙති. සැපෙන් බව දුකෙන් තොර ජිවිතයක් ගත කළ හැක්කේ ඉහතකී දුක්කරදරවලින් ඉවත් වූ අයට පමණ ය. ඒ අය දුක කුමක්දැ’ යි අවබෝධ කොටගත් අය වෙති. ඒ අයට ඉතා සැපවත් ජීවිතයක් ගත කළ හැකි වන්නේ ය.

උපත ජරාවට යාම ලෙඩවීම මරණය මෙන් ම ජීවිතයේ අප කැමති දේ නො ලැබීම ද දුකකි. මේ සියල්ල අප නො කැමති දේ යන ඒ සියල්ල දුක් ය. මේවායින් තොර ව සිටීමේ කැමත්ත සිදී බිඳී යාම තවත් දුකකි. එහෙත් මේ කිසිවක් අපට විඳිනතාක් දුක් ලෙස නො වැටහේ. උපත දුකකි. අපට එය නො වැටහේ. වියපත් වීම දුකකි. එය අපට නො වැටහේත ලෙඩ වීම දුකකි. එය අපට නො වැටහේ. මරණය දුකකි. එය අපට නො වැටහේ. කැමැති දෙය නොලැබීම දුකකි. එය ද අපට නො වැටහේත එබැවින් අප දුක් යැයි හඳුන්වන මේ සියල්ල එළඹෙන තෙක්දුක අපට වැටහෙන්නේ නැත. ලෙඩවීම දුකක් ලෙස වැටහෙන්නේ ලෙඩ වූ කල්හි ය.

අපට ඇතිවන මේ සියලු දුක්වල මුල අපේ නො වැටහීම ය. නො දැනීම ය. දුක දුකක් යැයි නො දැන අපි දුක් විඳිමු. ඇත්තෙන් ම අප දන්නේ අප එහි ප්‍රතිඵල විඳින විට ය. පාඩම් නො කිරීමේ ප්‍රතිඵලය අප විඳින්නේ විභාග ප්‍රතිඵල ආ විට ය. එතෙක් අපට එය නො වැටහේ. මරණය දුකක් වන්නේ මරණය එළඹි විට ය. එහෙයින් අපේ නො දැනීම නිසා අපට දුක් ඇති වේ. එහෙයින් දුක නම් කුමක් ද යන්න අප අවබෝධ කොට ගත යුතු ය. එවිට ඉහත කී සියලු කාරණා දුක් බව වැටහේ. ඉපදීම ජරාවට යාම ලෙඩවීම මරණය වගේම ජීවිතයේ කැමැති දේවල් නො ලැබීම ද දුකකි. කෙටියෙන් කියතොත් මේ සියල්ලට ම මුල් වන අපේ මුලු ශරීරය ම දුක් ගොඩකි. ඉපදීම නිසා ජරාජීර්ණ වීම ද ජරාජීර්ණ වීම නිසා ලෙඩ වීම ද ලෙඩවීම නිසා මරණය ද මරණය නිසා ඉපදීම ද ආදී වශයෙන් අපේ ජීවිතය තුළ සිදුවන සියලු ආකාරයේ සිදුවීම් අප නො කැමති දේ ය. අප නොකමැති අප නො පතන ලක්ෂණ ඇති සියලු දේ දුක් ගොඩක් අපට ලබාදේ.

දුකෙන් තොර ව සැපෙන්බර ව ජීවිතය ගත කිරීමට නම් අප මේ සියලු දුක් ක්‍රියාදාමයෙන් ම වෙන් විය යුතු ය. එයින් ඉවත් වූ අය සැපයට පැමිණෙති. සැපෙන් බර දුකෙන් තොර ජීවිතයක් ගත කළ හැක්කේ ඉහත කී දුක් කරදරවලින් ඉවත් වූ අපට පමණ ය. ඒ අය දුක් කුමක්දැයි අවබෝධ කොටගත් අය වෙති. ඒ අයට ඉතා සැපවත් ජීවිතයක් ලත කළ හැකි වන්නේය. ඒ අය ඉපදීම ජරාවට යාම මහලු වීම ලෙඩවීම මරණය ආදී දුක් පිළිබඳ අවබෝධ කොට ගත් අය වෙති. මේ නිසා කිසිදු දිනෙක එබඳු අයෙකුට එවැනි දුකක් ඇති නො වන්නේ ය. අවබෝධ කොටගත් තැනැත්තා සැප ලැබීමේ මාර්ගය තුළ ගමන් ගනී. එවිට දුක් කරදර පලාගොස් පූර්ණ සැපයකට එළැඹේ.

ඉහත කී කරුණු දුක් බව පිළිගන්නා අයෙක් එම දුකින් ගැලවීම පිණිස පිළිතුරු සොයනු විනා අන් යමක් නො කරනු ඇත. ජාතියෙන් මිදෙන්නේ කෙසේද? ජරාවට පත් නො වි සිටින්නේ කෙසේ ද? ලෙඩදුක් කරදර නැති ව සිටින්නේ කෙසේද මරණයෙන් මිදෙන්නේ කෙසේද අපි‍්‍රයයන් හා එක්වීම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම පැතූ යම් දෙයක් නොලැබීම දුක නම් එය ජය ගන්නේ කෙසේද යන ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම දුක තුරන් කිරීම නම් වන්නේය.

අතීතයේ බොහෝ දෙනා දුකින් මිදීම සඳහා බොහෝ දේවල් අත්හදා බැලූ හ. යාගහෝම ආදිය මුල්කොට මෙම දුක්වලින් මිදීම සඳහා නව මං සොයා ගියහත එහෙත් කිසිදු අයෙකුට දුකින් මිදීමේ මග ලැබුණේ නැත. දුකින් මිදීම සඳහා කළ යුත්තේ ආත්ම තාපනය හෙවත් තම ශරීරයට දුක්දීමයයි සිතූ ඇතැමෙක් පඤ්චතාප නමින් ගිනි ගොඩවල් පහක් දමා ඒ මැදට වී සිටියහ. ඇතැමෙක් ගව, එළු ආදි සතුන් ඝාතනය කොට පුද පූජා කළහ. ඇතැමෙක් අජවෘත, ගෝවෘත, ආදී වෘත සමාදන් ව තියන දුක් තව තවත් වර්ධනය කොට ගත් හ.

මතු සම්බන්ධයි

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]