UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අලුත්ගම - කළුවාමෝදර ශ්‍රී කල්‍යාණාරාම පුරාණ විහාරය


සැතපෙන පිළිම වහන්සේ

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ අලුත්ගම කළුවාමෝදර ශ්‍රී කල්‍යාණාරාම පුරාණ විහාරය දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් ප්‍රදේශයේ පෞරාණික විහාරයකි. මෙම විහාරස්ථානය ආරම්භ වී ඇත්තේ බුද්ධ වර්ෂ 2389 දී එනම් මීට වසර 165 කට පමණ පෙරය. වස්කඩුවේ තාලරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ තල්ගහවත්තේ ධම්මතිලක නා හිමිපාණෝ කල්‍යාණාරාම විහාරය පිහිටි භූමියේ කුඩා ආවාසයක වස් සමාදන් වී ඇති අතර වැල්ලබඩ ධීරක්ඛන්ධ, වස්කඩුවේපඤ්ඤාරතන හා මොරගල්ලේ ධම්මානන්ද නාහිමිවරුද මෙම ස්ථානයේ විටින් විට වස් සමාදන් වී ඇත. කල්‍යාණාරාම පුරාණ විහාරය ආවාස පන්සල නමින් ප්‍රසිද්ධ වූයේ මෙ නිසාය. මෙම විහාරය දීප්තිමත් වන්නට පටන් ගත්තේ සිරි සුගත ශාසනවංසාලංකාර මොරගල්ලේ සීලානන්ද නා හිමියන්ගේ පාලන කාලයේදී ය. වර්ෂ 1887 දී මහ විහාර මන්දිරය ඉදිකොට එහි චිත්‍ර නිර්මාණය කොට ඇත.

ශිලා ලිපියක සඳහන් පරිදි බු.ව. 2442 දී සීමා වත්ත නමින් හඳුන්වන කල්‍යාණාරාම විහාරස්ථානයට අයත් ඉඩමේ දෙමහල් සීමා මාලකයක් තනවා ඇත. භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා එහි විශාල සංඝාවාසයක් ඉදිකොට තිබී ඇත.

මෙම විහාරයේ තැන්පත් කොට ඇති කිරි ගරුඬ පිළිම වහන්සේ වසර 175 ක් පමණ පැරණි බව පැවසේ. එය භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුක්තය. එය එවකට බුරුම රටින් කරන ලද පරිත්‍යාගයකි. මෙම නිසා 2005 ජූලි 08 වන දින මෙම ස්ථානය පුරා විද්‍යා ස්මාරකයක් ලෙසට නම්කොට ඇත. කල්‍යාණාරාම පුරාණ විහාරය කඩිනම් සංවර්ධනයකට යොමු වූයේ 90 දශකය තුළය. ඒ වත්මන් විහාරාධිපති කහවේ මෛත්‍රී හිමිපාණන්ගේ කාලය තුළය. නව සංඝාවාසය ඉදිකිරීම, විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය, බෝධි ප්‍රාකාර හා ආවරණ තාප්ප ඉදිකිරීමද උන් වහන්සේ ගේ අනුශාසනා පරිදි සිදු වී ඇත. වැඳුම් පිදුම් කිරීම සඳහා අවැසි සියලු අංගයන්ගෙන් සපිරි කල්‍යාණාරාම පුරාණ විහාරය මේ වන විට ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ පමණක් නොව විදෙස් ජාතිකයින්ගේද සිත් පහන් කරන ස්ථානයක් බවට පත්ව ඇත.


බිතු සිතුවමක්

විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් අරඹා ඇති විවිධ සමිති සමාගම් රැසකි. ප්‍රදේශයේ ජනතාව හා මනා සබඳියාවකින් විහාරය සංවර්ධනය කර ගැනීමට විහාරාධිපති හිමි ඇතුළු විහාරස්ථ භික්ෂූන් වහන්සේ කටයුතු කොට තිබීමද මෙහිලා අගය කළ යුතුව ඇත.

 

 

 

 

 


මකර තොරණ


විහාර මන්දිරය

 

 

ශුද්ධ වෙසක් අමාවක පෝය

ශුද්ධ වෙසක් අමාවක පෝයජුනි මස 11 වනදා සිකුරාදා අපර භාග 06.34 ට ලබයි. 12 වනදා සෙනසුරාදා අපර භාග 04.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 12 වනදා සෙනසුරාදාය. මීළඟ පෝය
ජුනි මස 19 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]