සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය - ගෘහ පාලනය හා මනා කළම නාකාරිත්වය පිළිබඳව දේශනා පාඨයක්
අංගුත්තර නිකාය ‘කුල’ සූත්‍රය තුළ ඇතුළත් වෙයි. බුද්ධ දේශනාව ඇසුරෙන්
එය පැහැදිලි කරන්න.
පිළිතුර - යානි කානිචි කුලානි භෙගෙසු. මහන්ත තං පත්තානි විරට්ඨිතා කාකි
භවන්ති සබ්බානි තානි චතූහි ඨානෙහි එතෙසං වා අඤ්ඤතරෙන කතමෙහි චතූහි.
භෝගයෙහි දියුණුවට (මහත්වයට) පැමිණි කුලයෝ (පවුල්) සතර කරුණකින් හෝ ඒවා
අතරෙන් එක් කරුණකින් හෝ ස්ථාවර පැවැත්මක් තිබිය යුතුය.
එම කරුණු නම්
* නට්ඨං ගවෙසන්ති - විනාශය නාස්තිය නිතර සෙවිය යුතුය.
* ජිණ්ණං පටිසංඛරොන්ති - දිරාගිය තැන් නැවත ප්‍රතිසංස්කරණය කළ යුතුය.
* පරිමිත පාන භෙජනා හොන්ති - ආහාරපාන පරිභෝජනය පිළිබඳව ප්‍රමිතියක්
පැවතිය යුතුය
* සීලාවන්තං ඉත්ථිං මා පුරසං වා ආධිපච්චෙ ඪපෙන්ති - ප්‍රධාන තැනැත්තා හෝ
තැනැත්තිය සීලාචාර (සිල්වත්) පැවැත්මක් ඇත්තෙකු විය යුතුය.
ප්‍රශ්නය - උපකාරය ‘මනුස්සභූතස්ස බහුතාරා ගොන්ති’ මිනිසෙකුට බෙහෙවින් ම
අවශ්‍ය වෙයි. බුදුදහම එවැනි උපකාර කයන් පිළිබඳව සඳහන් කරයි. ඒ මොන වාද?
පිළිතුර - සත්පුරුෂ ආශ්‍රය , ධර්ම ශ්‍රවණය, නුව ණින් මෙනෙහි කිරීම,
ධර්මානුකූල දිවි පැවැත්ම යන සතර වේ.
ප්‍රශ්නය - ථූපාරාහත පුද්ගලයෝ (පිරිනිවීමෙන් අනතුරුව ස්ථූප කිරීම) සතර
දෙනෙක් පිළිබඳව සූත්‍ර දේශනාවන්හි සඳහන් වෙයි. මේ ‘ථූපාරහ’ ස්ථූප
කිරීමට සුදුසු පුද්ගලයින් සිව්දෙනා කවුරුන්ද?
පිළිතුර - තථාගතයන් වහන්සේ, පසේ බුදුවරයන්වහන්සේලා, තථාගත ශ්‍රාවකයන්
වහන්සේලා, සක්විති රජවරුන් වේ.
ප්‍රශ්නය - බුදුදහමෙහි ‘සෙය්‍යා’ යනුවෙන් සඳහන් වන්නේ ‘යහන්ගත’ වීමයි.
හෙවත් නිදා ගැනීමයි. යහන්ගතවීමපි ළිබඳ එක්තරා ක්‍රමවේදයක් පිළිවෙලක්
බෞද්ධ ආචාරධර්ම වල ඇතුලත් වෙයි. සයනයෙහි ඉරියව් හතර මොනවාද?
පිළිතුර - පෙතසෙය්‍යපා - පේ‍්‍රතයෙකු සේ නිදා ගැනීම
කාමභෝගීසෙය්‍යා - කාමාශක්ත තැනැත්තෙකු ගේ සයනය
සීහා සෙය්‍යා - සිංහයෙකුගේ යහන්ගත විලාසය
තථාගත සෙය්‍යා - තථාගතයන් වහන්සේගේ සැතපෙන ස්වභාව.
සීහ සෙය්‍යාව නම් සිව්පා සතුන්ගේ රාජත්වය උසුලන (මිගරාජ) සිංහයා පාපිට
විය.
මදක් ඇද තබා දෙකළ වේ. වළිගය බහා තබා (නංගුට්ඨං අනුපක්ඛිපිත්වා) දකුණු
ඇළයෙන් සයනය කරයි. හේ අවදිව උඩුකය නගාගෙන කටකය විමසා බලයි. එවිට තම
ශරීරාවයන් විසිරීමක් වේ නම් ඔහු අසතුට පත්වෙයි.
තථාගත සෙය්‍යාවනම්,
තථාගතයන් වහන්සේ ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ය ධ්‍යානවල පිහිටා
සැතපීම යි.
ප්‍රශ්නය -ශ්‍රාවකයෙකු විසින් නොසිතිය යුතු (අචින්ත්‍ය) කරුණු 04 ක්
පෙළ දහම්හි සඳහන්ව ඇත. ඒ මොනවාද?
පිළිතුර - යම් කරුණක් පිළිබඳව සිතීමෙන් උමතුබවට හෝ දුකට පත්වන්නේ නම්
ශ්‍රාවකයා විසින් එයින් වැළකිය යුතුය.
එබඳු කරුණු 04 කි.
1. බුද්ධ විෂය
2. ධ්‍යාන විෂය
3. කර්ම විපාකය
4. ලෝක විෂය
ප්‍රශ්නය - තිදොරින් සුචරිතවත් මිනිසා සත්පුරුෂයෙකි. ඔහුගේ වචී සුචරිතය
පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර - සත්‍ය වචනය, කේළම් නොකීම, මුදු මොලොක් වචනය (සණ්හවාචා) හිස්
වචනයෙන් වැළකීම (මත්තාභස්සං) පමණ දැන කථා කිරීම,
සච්චා වාචා - අපිසුණාවාචා - සණ්හ වාචා, මත්තා භස්සං.
ප්‍රශ්නය - දැහැමි අඹුසැමි යුවලකට දෙව්ලොව උපතට ද විවාහය හේතු කාරකයක්
වෙයි. පෙල දහමට අනුව දැහැමි විවාහක සබඳකම් පිළිබඳව දේශනා මගින්
පැහැදිලි කරන්න.
පිළිතුර - අං. නි. පඨම සංවාස සූත්‍ර
උභො සද්ධා වෑඤ්ඤ ච
සඤ්ඤතා ධම්ම ජීවිනො
තෙ හොන්ති ජානි පතයො
අඤ්ඤ මඤ්ඤං පියං වදා
සැදැහැ සිත් ඇති සීල සංවරයෙන් යුත් දානපති යුවළක් දැහැමින් දිවිපෙවෙත
ගෙන යන්නේ නම් ඒ අඹුසැමි දෙපල ජනයාට පි‍්‍රය දර්ශනයක් වනු ඇත.
සමසිල් ඇති ඔවුනොවුන්ගේ අභිවෘද්ධියෙහි වගකීම දෙදෙනා සතුව පවුරක් මෙන්
ආරක්ෂිත වෙයි.
ඉධ ධම්මං චරිත්වාන සමසීලතා උභො නන්දිතො දෙවලොකස්මං මොදන්ත් කාමකාමි
නොති.
මෙලොව සමාන සිල්වත් ගුණ ඇති ඒ දෙදෙනා දැහැමි දිවිපෙවෙතින් සතුටු වූවාහු
දෙව්ලොව ද සතුටු සිතින් කාමසම්පත් විදින්නාහු ප්‍රමුදිත වෙති.
ප්‍රශ්නය - කරණීය මෙත්ත සූත්‍රයෙහි එන පරිදි අත්ථ කුසලයා විසින් කටයුතු
වූ කරුණු අතර ‘කෞශල්‍ය’ (කුසලතාවය) බෞද්ධ පිළිවෙතෙහි පැවතිය යුතු
අවශ්‍ය තම අංගයකි. මෙම කෞශ්‍යල්‍යයෙහි (දක්ෂතාවෙහි) ආකාර තුනකි. ඒ
මොනවාද?
පිළිතුර - 1. ආය කෞශල්‍යය (අභිවෘද්ධිය දන්නා නුවණ)
2. අපාය කෞශල්‍යය (පිරිහීම දන්නා නුවණ)
3. උපාය කෞශල්‍යය (වැඩීම, පිරිහීම ආකාර දෙකට හේතුවන කාරණා දන්නා නුවණ)
ප්‍රශ්නය - බුදුදහමට අනුව මදයෙන් මත්වීම සදාචාරයට මෙන්ම දෙලොවටම අහිතකර
ක්‍රියාවකි. එවනි ‘මදයන්’ (මත්වීම්) තුනක් පිළිබඳව දේශනා පාලියෙහි
දක්නට ලැබේ. ඒ මොනවාද?
පිළිතුර - දී. නි. සංගීති සූත්‍රය
1.ආරෝග්‍ය මදය - නිරෝගීබව නිසා
උපදනා උඩගුකම
2. යෞවන මදය - තරුණකම නිසා
උපදනා උඩඟුකම
3. ජීවිත මදය - බොහෝකල් ජීවත්වීම සුවසේ ජීවත්වීම ආදී දිවි පැවැත්ම නිසා
උපදනා උඩඟුකම.
ප්‍රශ්නය - බොදුනුවකු සතු පින්කම් ආකාර තුනකින් යුතු වෙයි. ඒ
පින්කිරියවත් මොනවාද?
පිළිතුර - දානමය පුණ්‍ය ක්‍රියාව - ශීලමය පුණ්‍ය ක්‍රියාව භාවනාමය
පුණ්‍ය ක්‍රියාව.
ප්‍රශ්නය - බුදුන්වහන්සේ ගේ ‘අකු ධාතුව‘ තැන්පත් කොට යම් ස්ථූපයක්
ඉදිකළ බව වංශකථාවල දැක්වෙයි. බුදුන් වහන්සේ ගේ් තෙවන ලංකා වැඩමවීමේ
පුවතට අනුවද මෙම දාගැබ පිහිටි භූ®මිය සමවත් සුවයෙන් වැඩ සිටීම නිසා පෙර
සිටම පුණ්‍ය භූමියක්ව පැවැති බව ඓතිහාසික තොරතුරු වල සටහන්ව තිබේ. මෙම
ස්ථූපය කුමක්ද? එය කරවූ රජතුමා කවුරුන්ද?
පිළිතුර - අනුරාධපුර ථූපාරාම ස්ථූපය. දෙවන පෑතිස් මහරජතුමා විසින්
ක්‍රි.පූ. 250 - 210 අතර කාලයෙහි ඉදිවූ බව සඳහන් වේ.
ප්‍රශ්නය - බුදුදහමට අනුව අඹු - සැමි සබඳතාවේ ආරම්භය විවාහයි. එහිදී
ස්වාමිපුරුෂයා හා සමග ඇති බැඳියාව මත ස්වාමි දියණියන් වර්ග හතකි. ‘සත්ත
භරිය’ නමින් සඳහන් වෙයි. දහමෙහි සඳහන් එම භාර්යාවරු නාමිකව සඳහන්
කරන්න.
පිළිතුර - වදක භාර්යාව, ආර්ය භාර්යාව, භගිනී භාර්යාව, දාසී භාර්යාව,
චෝර භාර්යාව, මාතු භාර්යාව, සඛී භාර්යාව.
|