ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ
උළෙල 6 වන දා
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කොළඹ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ
නායක පදවියෙන් සහ
සිරි පඤ්ඤාලංකාර වංසාවතංස ත්‍රිපිටක ධර්ම සාහිත්‍ය විශාරද ගෞරව නාමයෙන්
පිදුම් ලද
ශාස්ත්‍රවේදී කුඩාහීල්ලේ රතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ
උළෙල 6 වන දා
මට්ටක්කුලියේ ශ්‍රී කල්‍යාණි ගංගාරාමයේ දී
ඉතිරිය»
ජය ශ්‍රී මහා බෝ සමිඳු අංකුර නමක්
බංග්ලාදේශයට වැඩම වූ දා..
තිලෝගුරු අමාමෑණී ලොව්තුරු බුදු රජාණන් වහන්සේ හතළිස් පස් වසරක්
මුළුල්ලේ සියලු ලෝ වැසියනගේ හිතසුව පිණිසම ක්‍රියා කළ සේක. අසරණව දුකට
පත් මිනිසුන් දුකින් මුදා ගන්නට තමන් වහන්සේගෙන් ඉටු විය යුත්තේ
කවරක්ද? යන්න උන් වහන්සේ නිරන්තරයෙන්ම විමසා බැලූහ. ශ්‍රී සම්බුද්ධ
පිරිනිර්වාණයත් සමඟම බුදු රජාණන් වහන්සේගෙන් සිදු වූ මේ උතුම් අසමසම
මෙහෙවර වෙනුවෙන් පුද සත්කාර පිරි නමන්නට සැදැහැවත්තු පෙළ ගැසෙන්නට වූහ.
වෙහෙර, විහාර ඉදිකරවා පිළිම වහන්සේ සහ බෝධීන් වහන්සේ ඉදිරියේ විවිධ පුද
පූජා පවත්වන්නට පටන් ගත්හ. ඒ අතරින් බෝධීන් වහන්සේ අබියස පූජා පවත්වා
වන්දනා මාන කිරීම බෞද්ධ බැතිමත්හු ප්‍රධානත්වයෙහිලා සැලකූහ. යමෙක්
ජීවමාන බුදු රුවට සලකනු ලබන්නේ යම් සේද ඒ ආකාරයෙන්ම මහත් ඵල මහානිසංස
ගෙන දෙන උතුම් පුණ්‍ය කර්මයක් වශයෙනුයි අදටත් බෝධි වන්දනාව සලකනු
ලබන්නේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බැඳීම්
බිඳ දමන මඟ
මේ ඉන්ද්‍රිය පිනවමින් කම් සැපතෙහි ඇලුණු විට අපේ හිතේ බර ගතිය
වැඩිවෙයි. අනාගත බලාපොරොත්තු වැඩිවෙයි. ආශාව වැඩි වෙයි.
කාම සම්පත් වලට ඇති ඇලීම වැඩි වෙයි.
මේ නිසා සිතේ අසහනය වැඩි වෙයි.
ඉතිරිය»
|