මිනිස් මහිම
ඩී. නිහාල් විජේගුණරත්න
මේ විශ්වයෙහි මිනිසාට ඒකීය වූ ද වැදගත් වූ ද තත්ත්වයක් දෙමින් මිනිසා
දෙවිවරුනට වඩා උච්ච ස්ථානයක තබන ලද එකම ශාස්තෘවරයාණන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ යි. සැබවින්ම මෙලොව මිනිසාට වඩා උතුම් වූ අන් දෙයක්
නොමැති අතර මිනිසා තුළ සිතට වඩා උතුම් වූු දෙයක් නොමැත.
මිනිසා තුළ පවත්නා ශක්තිය හා හැකියාව ලෝකෝන්තර සර්ව බලධාරී දෙවි
කෙනෙකුගේ ආධාරයක් නොමැතිව අධ්‍යාත්මික වර්ධනය පිළිබඳ මුදුන් පෙත්ත
දක්වා දියුණු කළ හැකි බව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සේවයෙහි යෙදුණු
පන්සාළිස් වස පුරා අවධාරණයෙන් යුතුව දැක් වූ සේක. බුදුකෙනකු වීමේ
භාග්‍යය පවා ලබා ඇත්තේ මිනිසකු බව සලකා බලන කළ විශ්වයෙහි මිනිසා සතුව
පවත්නා අත්‍යුත්තම තත්ත්වය පිළිබඳ සැකයක් නැත.
ආගමික ශාස්තෘවරයන් අතර බාහිර ආධාරයක් නොමැතිව ස්වකීය විමුක්තිය
වෙනුවෙන් ක්‍රියාකිරීමට මිනිසා සතුව ඇති බලය පිළිබඳ තත්ත්වාකාරයෙන්
දැනගත් එකම උතුම් බුදුරජාණන් වහන්සේ යි. මනුෂ්‍යත්වය නගාලීමෙහිලා
ක්‍රියාකරනු ලබන ආකාරයෙන්ම නියම උතුමකුගේ අගය මනිනු ලබනුයේ නම්
ශ්‍රේෂ්ඨ උත්තමයකු ලෙස බුදුරජාණන් වහන්සේ හැර අන් කවරකු හැඳින්විය
හැකිද? මිනිසාට ඉහළින් අන් කෙනෙකු තබා මිනිසා පහත හෙළනු වෙනුවට
බුදුරජාණන් වහන්සේ මිනිසා ප්‍රඥාවේ හා කරුණාවේ මුදුන් පෙත්තට නැංවූසේක.
භෞතික දැයෙහි ඇලී ගැලී සිටින නූතන මිනිසාට අධ්‍යාත්මික ආලෝකය ලබාදී
සියලු බැමිවලින් මිදීමෙන් ලැබෙන අවසාන විමුක්තිය කෙරෙහි යොමුව ඇති
මාර්ගය බුදු දහමින් පෙන්වා දී ඇත. ආධ්‍යාත්මික වහල් භාවයෙන් යුතුව අන්
ආගම් විසින් විශේෂ වරප්‍රසාද ලත් තැනැත්තෙකු වෙනුවෙන් වෙන්කොට තබා ඇති
මිනිස් සිත, ස්වාධීන උත්සාහයකින් සාමකාමී වූද, සමාන්තභද්‍ර වූද, දුබල
ආධ්‍යාත්මික වාතාවරණයකට ගමන් කරවන අන්දම බුදුරජාණන් වහන්සේ මිනිසාට
දක්වා වදාළහ. එසේ කිරීම මගින් උන්වහන්සේ මිනිසාට ඉහළම ගෞරවය දී වදාළහ.
සම්භාවනීය දර්ශනවාදියකු මෙන්ම පඬිවරයකු ද වන රාධ ක්‍රිෂ්ණතුමා ඉහත
දැක්වෙන අදහස සනාථ කර ඇති අන්දම පහත සඳහන් පාඨයෙන් පැහැදිලි වෙයි.
‘’ස්වකීය වගකීම්භාරය බාහිර මඟකින් ඉටු වනතුරු මිනිසා බලාසිටින තෙක් ඔහු
ජීවිතයේ සුබ අංශය නගාගැනීම සඳහා තමන් සතුව පවත්නා බලය නොයොදවයි’.
බුදුදහමට අනුව මිනිසා සංශෝධනය කළ නොහැකි පව්කාරයෙකු ලෙසද සදාකාලික
වැරැදි කරුවෙකුගේ ඉරණමකට මුහුණ පා සිටින්නකු ලෙසද හඳුන්වනු නොලැබෙයි.
බිහිසුණු සොරකු වූ අංගුලිමාල චරිතය ගැන සලකා බලන කල්හි දරුණු
මිනීමරුවකුට පවා යහපත් උවදෙස් ලැබීම හේතුවෙන් එක් භවයකදීම රහත් තත්ත්වය
ලබා ගත හැකි වූු බව පැහැදිලි ය. ඇත්ත වශයෙන්ම අංගුලිමාල රහතන් වහන්සේ
කෙනකු බවට පරිවර්තනය කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. ඈත අනාගතයේදී
දේවදත්ත පසේබුදු තත්ත්වයට පත්වනු ඇත. සර්ව නිර්දෝෂි තත්ත්වයට පත්වීම
වෙනුවෙන් මිනිසා සතුව පවත්නා අසීමිත බලය මෙයින්ම ඔප්පු වන්නේ්ය.
මහණනි, භික්ෂුවක මගේ සිවුරු කොනෙහි එල්ලි මා පසුපස පියවරෙන් පියවරට
ගමන් ගනිතත් ඔහු මසුරුබවින් යුක්ත නම්, කම්සැප කෙරෙහි තද ඇල්මක්
දක්වනුයේ නම්, ක්‍රෝධ කරයි නම්, දූෂිත නම් ඒ තැනැත්තා මා කෙරෙන් ඈත්ව
සිටින්නේ ය. මමද ඔහු කෙරෙන් ඈත්වම සිටින්නෙමි. මෙයට හේතු කවරේද? මහණනි,
ඒ තැනැත්තා ධර්මය නොදකී. ධර්මය නොදැකීමෙන් හෙතෙම මා නොදකියි. එහෙත්
මහණනි, එම භික්ෂුව මා කෙරෙන් යොදුන් සියයක් ඈත්ව විසුවද ඔහු මසුරු නොවේ
නම්, කම්සැප කෙරෙහි තදින් එල්බ නොගනුයේ නම් ඔහු මා සමීපයෙහි සිටින්නේ
ය. මමද ඔහු සමීපයෙහිම සිටින්නෙමි. මෙය මෙසේ වනුයේ ඇයි? එම භික්ෂුව
ධර්මය දකින්නේ ය. ධර්මය දැකීමෙන් හෙතෙම මා දකින්නේ ය. කෙනෙක්
සුපරික්ෂාවෙන් යුතුව බෞද්ධ ග්‍රන්ථ කියවනුයේ නම් විමුක්ති මාර්ගය ඔස්සේ
දියුණුව ලබා ගැනීමෙහිලා පෞද්ගලික වෑයමෙහි තමා කෙරෙහි විශ්වාසය තැබීමෙහි
හා අප්‍රමාදයෙහි ඇති අගය පිළිබඳ අවධාරණයෙන් සඳහන් කොට ඇති අන්දම
පැහැදිලි වනු ඇත. ඉන් අවස්ථා කීපයක් මෙසේ උපුටා දැක්විය හැකි ය. සුත්ත
නිපාතයෙහි බුදුරජාණන් වහන්සේ මෙවැනි ප්‍රබෝධ කරවන සුලු වාග් මාලාවකින්
භික්ෂුවට අවවාද කොට ඇත. ‘අවදි වනු, උදාසීන නොවනු, විමුක්තිය වෙනුවෙන්
අනලස්ව ක්‍රියා කරනු’.
අංගුත්තර නිකායෙහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂූනට මෙසේ අවවාද කොට ඇත.
මහණෙනි, මේ ධර්මය උත්සාහවන්තයාට කාර්යශූර වූ කාර්යක්ෂම වූ, ධීර වූ
තැනැත්ාටම ය. කුසීතයාට නොවෙයි. නැවතත් බුදුරජාණන් වහන්සේ මජ්ඣිම
නිකායෙහි දී අනුස්මරණීය වූ ද, සිත්ගන්නා සුලු වූද, වාග් මාලාවකින්
භික්ෂූන් අමතා ඇත. මහණනි, සැබවින්ම උත්සාහවන්ත තැනැත්තාට මෙලොව ලබාගත
නොහැකි සැපත කුමක්ද? සම් , ඇට, නහර පමණක් ඉතිරි වී ශරීරගත ලේ මස් වියළී
ගියද පුරුෂ ධෛර්යයෙන් වීර්යයෙන් හා අප්‍රමාදයෙන් ලබාගතහැකි එම තත්ත්වය
ලබාගන්නා තුරු ධෛර්යයෙහි නම් අඩුවක් කරගත යුතු නොවේ.
තවද අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායෙහි මෙසේ ශ්‍රාවකයන්
ධෛර්වන්ත කර ඇත. අරුතක් පිදුරු වහලක් විනාශ කරන මෙන්, පුබුදු වී වෙර
වඩනු. ශාසනයෙහි වෙර වඩා ක්‍රියා කරනු. මෙසේ මාරයන් (කෙලෙස්) පලවා
හරිනු. මේ ශාසනයෙහි යම් කෙනෙක් සතියෙන් හා සුපරීක්ෂාවෙන් කල් යවනුයේ
නම්, ඒ තැනැත්තාට පුනරුත්පත්තියක් නොමැත. හේ දුකෙහි අවසානයක් දකින්නේ
ය.
සසර දුකින් විමුක්තිය ලැබීමට මිනිසා සතු බලය මෙයින් අපට පැහැදිලි වෙයි.
මහ පඬිවරුවනක් වූ රීස් ඩේවිඩ්ස් මහතා මෙසේ කියයි. මෙතරම් චාම්
ස්වභාවයක් උසුලන්නා වූද, අධිමානුෂික බලවේග කෙරෙන් නිදහස් වූ නිවහල් වූ
එමෙන්ම මැවුම්කාර දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීමකින් තොර වූ මෙවැනි
විමුක්ති මාර්ගයක් ගැන ලෝක ඉතිහාසයෙහි කිසි කලෙකත් දක්නට නොලැබිණි. මේ
ක්‍රමය සාවද්‍ය හෝ නිවරද්‍ය හෝ වේවා ආත්ම දමනය හා ප්‍රතිපත්ති වර්ධනය
වෙනුවෙන් වෙර වැඩීමෙන් චිත්තාභ්‍යන්තරයෙහි ඇතිකර ගත හැකි වෙනස පිළිබඳ
විවිධ ආගම් ඉතිහාසයෙහි අමුතු පිටුවක් පෙරළන ලද්දකි.
ග්‍රන්ථ කෙරෙහි විශ්වාසය පමණක් නො තබා කරුණු විග්‍රහකර බැලීමෙන් තමාට ඒ
ඒ දෑ අවබෝධ කර ගැනීමෙහිලා මිනිසා සතුව ශ්‍රේෂ්ඨ බලයක් ඇති බව,
බුදුරජාණන් වහන්සේ පිළිගත් සේක. පහත දැක්වෙන පාඨය මේ කරුණ මනා සේ
පැහැදිලි කරයි.
වාර්තාවලින් උරුමයෙන් හා මුඛ පරම්පරාගත දෙයින් සපයාගන්නා ලද දෑ පිළිබඳ
විශ්වාසයෙන් හෝ එසේත් නැතිනම් යම්කිසි සිද්ධාන්තයක් පිළිබඳ මෙනෙහි කොට
එය පිළිගැනීමෙන් පසු එසේ නැතිනම් එය පිළිගත යුතුªදෙයක් මෙන් පෙනෙන
බැවින් එසේත් නැතිනම් එවැනි දෘෂ්ටියක පිහිටා සිටින පරිබ්‍රාජකයකු
කෙරෙහි ගෞරවයෙන් හෝ කිසිවක් පිළිගැනීම අවශ්‍ය නොවේ යැයි බුදුන් වහන්සේ
දෙසූහ.
එහෙත් කාලාමයෙන් ප්‍රඥායන් විසින් මෙවැනි දෑ පිළිකුල් කරනු ලබන බව ඔබ
දන්නා කල මෙවැනි දෑ ක්‍රියාත්මක වූ කළ එය පිරිහීමට ශෝකයට තුඩුදෙන කල
සත්‍ය වශයෙන්ම එවැනි දෑ ඔබ විසින් එවැනි දෑ අත්හළ යුතු වෙයි. එහෙත්
ඕනෑම අවස්ථාවකදී මෙවැනි දෑ කෙනෙකුගේ සුබ සිද්ධියට ඉවහල් වනුයේ නම් ඒවා
දෝෂ සහගත දෑ ෙනාවෙයි. කෙනකුගේ සුබ සිද්ධියට හා පී‍්‍රතියට ඉවහල් වන
එවැනි දෑ පිළිගැනීමෙන් පසු ඔබ ඒවා පිළිපැදිය යුතුයි. (අංගුත්තර නිකාය)
භෞතික විද්‍යා හා කාර්මික විද්‍යා ක්ෂේත්‍රයෙහි මිනිසා විශාල දියුණුවක්
ලබා ඇත. මනුෂ්‍ය සිතෙහි බලපරාක්‍රමය හේතුවෙන් මිනිසා අද සුව පහසුකම්
රැසක් භුක්ති විඳින්නේ ය. සියලු සැප පහසුකම් හා බාහිර පී‍්‍රතිය ලබා
ගැන්ම උදෙසා මිනිසා භෞතික අවහිරකම් අබිබවා ඇත. එහෙත් ඔහු ස්වකීය සිත
පිළිබඳ පවත්නා ගුප්ත දෑ හෙළිකර ගැනීමට හා ස්වකීය චිත්තාභ්‍යන්තරයෙහි
සාමය හා පී‍්‍රතිය පිළිබඳ පවත්නා මහා නිධාන සොයා ගැනීම වෙනුවෙන් ස්වකීය
ශක්තිය හා උත්සාහය නොයෙදවීම කනගාටුවට කරුණකි. ඔහු අවකාශ තරණයට වැර වඩන
නමුත් තවමත් ඔහු තමා ජය ගැනිමට සමත් වී නොමැත.
මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන
භාසතිවා කරොතිවා
තතොනං සුඛ මන්වෙති
ඡායාව අනපායිතී’
සිත දියුණු කිරීම මගින් කෙනෙක් දිබ්බචක්ඛු ඤාණය ලබාගෙන ඒ ඒ සත්ත්වයා
ස්වකීය පින් පව්වලට අනුව මැරී ගොස් නැවත උපත ලබන අන්දම දැන ගැන්මට
අවස්ථාව ලබා ගනියි. මෙසේ හෙතෙම කර්ම නියාමය පිළිබඳ සත්‍යය ද දැක්මට
සමත්වෙයි. මොහුට පුර්වේනිවාසානුස්මෘති ඥානයද ලබාගත හැකි අතර, ඔහු තමන්
පිළිබඳ අතීත භව දහස් හෝ කෝටි ගණන් දක්වා ආපසු දැක්මට සමත් වෙයි. තවද
අතීත භවයන්හිදී තමා සතුව තිබුණු විශේෂ ලක්ෂණ හා සළකුණු ද ඔහුගේ සිහියට
නැගෙයි. මෙසේ මෙතෙම පුනරුත්පත්තිය පිළිබඳ ඉගැන්වීමෙහි ඇති සත්‍යතාව
තමාම දකියි. තවද, අන් අයගේ සිත් කියවීමට ද මොහුට හැකියාව ලැබෙයි. මසුරු
තැනැත්තා මසුරු ලෙස ද නොමසුරු තැනැත්තා නොමසුරු ලෙසද, යන ආකාරයෙන් යථා
තත්ත්වය දැක්මෙහි හෙතෙම සමත් වෙයි. තවද, මොහුට ඉද්ධි බලය ද උපදවා ගත
හැකි යි. එක් තැනැත්තෙකු මෙන් සිට බොහෝ රූ මවා ගැනීමෙහි හෙතෙම සමත්
වෙයි. මෙසේ බොහෝ රූප මවා ගැන්මෙන් පසු ඔහුට නැවත එක් තැනැත්තෙකු ද විය
හැකි ය. කිසිම අවහිරයක් නොමැතිව මොහුට පවුරු කඳු හරහා ද අවකාශයෙහි ගමන්
ගන්නාක් මෙන් යා හැකි ය. පොළොව මතුපිට ගමන් කරන්නාක් මෙන් මොහුට දියෙහි
ද ගිලීමක් නොමැතිව යා හැකි ය. මේ සියල්ලටම වඩා ඔහු ශ්‍රේෂ්ඨතම
ජයග්‍රහණය ලබා ගැන්මෙහි සමත් වෙයි.
එනම් සියල්ල ක්ෂය කිරීමෙන් ලබන චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම ලැබීමයි.
මෙවැනි ඤාණ ලබා ගැනීමට ඉවහල් වන පිළිවෙත බෞද්ධ ග්‍රන්ථයන්හි පැහැදිලි
ලෙස දක්වා ඇත. කෙටියෙන් පවසනුයේ නම් එය සිල්වත් දිවිය, ඉන්ද්‍රිය
දමනය, සතිය වැඩීම පැහැදිලි චින්තනය හා සන්තුෂ්ටියෙන් යුක්තවීමය. දෙවැනි
පියවර වන සමාධිය ලබා ගැන්ම සඳහා මේවා බෙහෙවින් අවශ්‍ය වෙයි.
සිත සමාධිගත වීමත් සමග සිතට බාධකව පවත්නා පංචනීවරණ ධර්ම යටපත් වීමෙන්
සිත නිසංසල වෙයි. එකඟ වෙයි. එමෙන්ම බලවත් වෙයි. ධ්‍යාන උපදවා ගැන්මෙහි
සමත් වෙයි. මෙවැනි සිතකින් කෙනෙක් ඒ ඒ දෑ පිළිබඳ පවත්නා යථා තත්ත්වය
දැක්මෙහි සමත්වන අතර ඉහත සඳහන් ඉද්ධි බල ද උපදවා ගනියි. |