පි‍්‍රය දේ නිසා
හට ගන්නා දුක
තපෝවනයේ සුමේධ හිමි
යේ කේචි සෝකා පරිදේවිතා
දුක්ඛා ව ලෝකස්මිං අනේක රූපා
පි‍්‍රය පටිච්ච පහවන්ති
එතේ පියේ අසන්තේ න භවන්ති ඒතෙ
(බුද්ධක නිකායේ උදාන පාලිය)
ලොවෙහි නන් වැදෑරුම් ශෝක, හඬාවැළපීම්, දුක්ඛ දෝමනස්සයන් ඇත් ද ඒ සියල්ල
පි‍්‍රය වස්තු හේතු කොට උපදින්නේය. පි‍්‍රය වස්තු නොමැති කල්හි මෙම
කිසිවක් පහළ නොවන්නේය.
ඛුද්ධක නිකායේ උදාන පාලියේ – පාටලීගාමිය වග්ගයට අයත් විශාඛ සූත්‍ර
දේශනයේ සඳහන් මෙම විස්තරය විශාඛා මහෝපාසිකාව උදෙසා තථාගතයන් වහන්සේ
විසින් දේශනා කරන්නට යෙදිණි.
විශාඛා උපාසිකා තොමෝ තම මිණිබිරියකගේ හදිසි මරණයක් සිදුවීම නිසා ඇයගේ
අවසන් කටයුතු සිදුකොට තථාගතයන් වහන්සේ වෙත තෙත් වූ වස්ත්‍ර සහිතව හා
තෙත්ව ගිය හිස් කෙස් සහිතව පැමිණියාය. එවිට තථාගතයන් වහන්සේ
විශාකාවගෙන් අසන ලද්දේ සැවැත්නුවර යම්තාක් මිනිසුන් ඇත්ද ඒතාක් දරු
මුණුබුරුන් ඔබට ඇත්නම් කැමැති වන්නේද යන්නය. එවිට විශාඛාව එයට තමා
වඩාත් කැමැති බව ප්‍රකාශ කළාය. පසුව තථාගතයන් වහන්සේ අසන ලද්දේ
සැවැත්නුවර දිනකට පුද්ගලයන් කොපමණ පිරිසක් මිය යන්නේ ද යනුවෙනි. එවිට
විශාඛාව දිනකට මිනිසුන් 10 දෙනෙකු හෝ සැවැත් නුවර මිය යන බවට ප්‍රකාශ
කළාය. බුදුරජාණන් වහන්සේ මින් පසුව කරන ප්‍රකාශය ඉතා වැදගත්ය. දිනකට 10
දෙනෙකු මිය යන්නේ නම් විශාඛාවනි! සැවැත්නුවර ජීවත්වන මිනිසුන්ගේ
ප්‍රමාණයට ඔබට දැරූ මුණුමුරන් ඇත්නම් දින පතාම තෙත්වූ වස්ත්‍ර හා තෙත්
වූ හිස කෙස් සහිතව විසීමට ඔබට සිදුවනු ඇතැයි එදා බුදුන් වහන්සේ
විශාඛාවට පැවසූහ.
මෙම විශාඛ සූත්‍ර දේශනයෙන් තථාගතයන් වහන්සේ දේශනා කොට ඇත්තේ
නිරන්තරයෙන්ම පුද්ගලයා ඇති කරගන්නා පි‍්‍රය යැයි සම්මත බොහෝ දෑ නිසා
තමාට නොදැනීම ශෝක දුක්ඛ දෝමනස්සයන් තමා පසුපස හඹා පැමිණෙන බවය.
තථාගතයන් වහන්සේ විශාඛාවට ප්‍රකාශ කරන කාරණය නම් විශාඛාවනි! යම්
අයෙකුටය පි‍්‍රය වස්තු 100 ක් ඇත්ද ඔහුට දුක්ඛ දෝමනස්සයන් 100 ක්
ඇතිබවය. එසේම යමෙකුට පි‍්‍රය වස්තු එකක් ඇත්ද ඔහුට එක් දුක්ඛ
දෝමනස්සයක්ම ඇතිබවය.එමෙන්ම යමෙකුට පි‍්‍රයවස්තු කිසිවක් නොමැති තැන
ඔහුට කිසි දුකක්, ශෝකය හෝ රාගාදී ක්ලේශයක් නැත්තේ යැයි දේශනා කළ සේක.
මෙම කාරණය තේරුම් නොගන්නා තෙක් ජීවිතයේ අප කැමැති පි‍්‍රය වස්තූන්
ලැබෙන විට සතුටෙන් සිනාසෙමින් සියල්ල වැළඳ ගන්නා අතර එම පි‍්‍රය
වස්තූන් නොසිතූ අවස්ථාවක සමුගත් විට ශෝක කිරීමට, හඬා වැලපීමට
සිදුවනු ඇත. මිනිසකු වශයෙන් පුද්ගලයෙක් ලොව එළිය දකින විට මවුපියන්
පමණක් නොව සමහර විට බොහෝ සහෝදර සහෝදරියන් සිටියා විය හැකිය. ඔවුන්
සියලුදෙනා පවුලට නව සාමාජිකයෙකු පැමිණියා යැයි සතුටු වෙති, සිනාසෙති.
නව සාමාජිකයා ටික දිනකින් තමා උපන් පවුලේ සාමාජිකයන් සමග බැඳීමක් ඇති
කරගන්නේය. එහෙත් ඇති කරගත් වූ බැදීමත් සමගම යම් දවසක මේ සියල්ල අත්හැර
දැමීමට සිදු වන්නේ යැයි ඔහු නොසිතු වා විය හැක.
මෙම යථාර්ථය පිළිබඳව කල්පනා කිරීමට සමහර දෙනා බිය වන්නේය. පවුලේ
සාමාජිකයන්ගෙන් තමාට කෙදිනක හෝ වෙන්ව යාමට සිදුවේ යැයි සිතන විට ධර්මය
ප්‍රගුණ නොකළ පුද්ගලයාට ඇති වන්නේ මහත් වූ බියකි, සන්තාපයකි. අප කෙතරම්
එම යථාර්ථයට බිය ඇති කරගත්තද ලෝකයෙහි සනාතනික ධර්මයක් ඇත. එනම් ලොව
හේතුන්ගෙන් හටගත්තා වූ සියල්ල වැනසෙන සුළු බවය. නිවෙසක 5 දෙනෙක් ඇත්නම්
කිසියම් දවසක මෙම නිවසෙහි හෝ ඉන් පිටත මරණ 5 ක් සිදුවනු නියතය.
මරණය යනු දුකක් ලෙස අපි දනිමු. මරණය නැමැති දුක එක් ජීවිතයකදී එක්
අයෙකුට ඇති වන්නේ එක් වතාවකි. ජීවත්ව සිටින පවුලේ අනෙක් සාමාජිකයන් වෙත
පැමිණියේ මරණ දුක නොව පි‍්‍රය තැනැත්තාගෙන් වෙන් වීමේ දුක බව මෙහි දී
දත යුතුය. තමා පි‍්‍රය කරන පුද්ගලයන් කෙරෙහි ඇති කරගත් බැඳීම, ජීවිතය
වෙත යම් දවසක ශෝකය ළඟාකර දෙන්නේ කෙසේද යත් විශාල ගිනිමැලයක් ලග සිටින
අයෙකුට එහි උණුසුම වඩා හොදින් දැනෙන්නා සේය. එහෙත් ගිනිමැලයට ඈතින්
සිටින පුද්ගලයෙකුට එහි කිසිඳු බලපෑමක් නැත්තේය. මේ ආකාරයෙන් තමා
කිසියම් වස්තුවක් හෝ පුද්ගලයෙකු කෙරෙහි ඇති කරගත් ආලය, බැදීමේ තරමට
එයින් වෙන්වීමේ දුක හටගන්නා බව මෙසේ දත යුතුය.
තථාගතයන් වහන්සේ වරෙක (සබ්බේ පියේහි මනාපේහි නානාභාවෝ විනා භාවෝ
ස්තියාවා පුරිසේනවා පබ්බජිතේණවා අහින්හං පච්චචික්ඛි තබ්බං ) වශයෙන්
දේශනා කරන ලදී. එයින් උන් වහන්සේ දේශනා කරන ලද්දේ පි‍්‍රය උපදවන
කැමැත්ත ඇති කර ගන්නා වූ යමක් ලොව තමා විසින් නිර්මාණය කරගත්තේ ද ඒ
සියල්ල නැසෙන සුළු බව ස්ත්‍රී පුරූෂයන් මෙන්ම භික්ෂූන් වහන්සේද නිතර
සිහි කළ යුතු බවය.
පි‍්‍රය වස්තූ®න් නිසා ඇතිවන්නා වූ දුක පිළිබඳ සලකා බලන කල්හි එය
පුද්ගලයෙකු නිසා පමණක් නොව යාන වාහන මිල මුදල් නිසාද ඇතිවන බව දත
යුතුය. මුදල් නැති පුද්ගලයෙකු කල්පනා කරනුයේ තමාට බොහෝ මුදල් ඇත්නම්
හොඳය යන කල්පනාවය. එම පුද්ගලයාට මුදල් නොමැති කම දුකකි. එහෙත් රුපියල්
ලක්‍ෂයක් ඇති පුද්ගලයා තුළ ඇත්තේ එම රුපියල් ලක්ෂය නිසා හටගත් දුක මිස
මුදල් නැති කම නිසා හටගත් දුක නොවන බව දත යුතුය.
රුපියල් මිලියනයක් ඇති පුද්ගලයා තුළ ඇත්තේ තමා ආශා කරන රුපියල් මිලියනය
නිසා හටගත් දුක මිස අනෙකක් නොවන බවද දත යුතුය. මේ ආකාරයට සලකා බලන
කල්හි පැහැදිළි වන්නේ ජීවිතය වෙත දුක, ශෝකය, හඩා වැලපීම පැමිණෙනුයේ
පිටස්තර ඇති කිසියම් බලපෑමක් නිසා නොව, තම තමා විසින්ම ඇති කරගන්නා වූ
විවිධ බැඳීම් සමුදාය නිසා බවය.
තෙරුවන් සරණයි |