භාරතයේ කන්හේරි ලෙන් විහාර
බොදු උරුමය
ලේඛකයා, භාරතීය කලා කේන්ද්‍රයේ සාමාජිකයෙකි.
රොහාන් එල්. ජයතිලක
කන්හේරි ලෙන් විහාර ගල් පර්වත වලින් කැනීම් කර ඇති අතර එහි සිට
නැගෙනහිර දිසාවේ ගිරි දුර්ග සහ ඝණ වනාන්තර දැකිය හැකිය. මහාරාෂ්ට්‍ර
ප්‍රාන්තය එසේ කනින ලද ලෙන්විහාර වල විශාල සංඛ්‍යාවකට නෑකම් කියනමුත්
කන්හේරි පෙර දවස භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විශාලම විහාර සංකීර්ණය වේ.
මෙම පුදබිම පිහිටා ඇත්තේ කොන්කන් වෙරළ අසබඩය.
දකුණු පසට ගමන් කරන විට එක් එක්
තලවල කනින ලද ලෙන් විවිධ පරිමාණයට දැකිය හැකිය. මේ සියල්ල භික්‍ෂු ආරාම
ය. පසුකාලයේ දීර්ඝ කාලයක් භික්‍ෂුන්ට වස් විසීමට පහසුකම් එනම් අසුන්
ගැනීමට සහ සයනය කිරීමට ශෛලමය බංකුද ඉදිරිපස ආලින්දයක් ද සලසා ඇති
බැවින් පෙනී යනුයේ මුල් අවස්ථාවේ දහම් සේවාවේ යෙදෙන භික්‍ෂූන් වහන්සේ
මෙහි කෙටි කාලයක් වැඩ සිටි බවකි.
භාරතයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවර වූ මුම්බායි (පැරණිතම බොම්බාය)
විශේෂයෙන් ලොව පතලව ඇත්තේ බොලිවුඩ් නමින් හැඳින්වෙන චිත්‍රපටි
සම්ප්‍රදායටය. මුම්බායි අගනුවර ජනගහණයද අති විශාලය.
වාණිජ හා කර්මාන්ත කේන්ද්‍ර ස්ථානයක් වන මුම්බායි අසල අතීතයේද වත්මනද
තුරුලතා වලින් සපිරි ජාතික උද්‍යානයක් තිබීම දුටුවන් විමතියට පත් කරනු
ඇත. මෙම උද්‍යානය නම් බොරිව්ලි ජාතික උද්‍යානයේ නැගෙනහිර අන්තයේ ඇති
කන්හාරි පෙදෙස බොදු සමය භාරතයේ අතීතයේ ප්‍රචලිතව තිබූ බවට එහි ඇති ලෙන්
විහාර දෙස් දෙති.
බොරිව්ලි ජාතික උද්‍යානය ආසියාවේ ඇති විශාලතම ජෛව විවිධත්වයක් සහිත
විශාලතම එක් උද්‍යානයකි. කන්හේරි බොදු ලෙන් අසපුවට ගමන් කරන අයෙකුට
විවිධ තුරුලතා උණ ස්ටර්කුයුලා, රොස්වුඩ්, සිල්ක්, කොටන්, ස්ටුන්ග්ලර්,
පිග්ස්, යුකිලිප්ටස් යන විවිධ ශාක නෙත ගැටේ. මෙම පුදබිම මුම්බායි ඇති
ගාලගෝට්ටියෙන් විරල ශාන්ත දාන්ත පරිසරයක පිහිටා ඇත.
කන්හේරි ලෙන් විහාර ගල් පර්වත වලින් කැනීම් කර ඇති අතර එහි සිට
නැගෙනහිර දිසාවේ ගිරි දුර්ග සහ ඝණ වනාන්තර දැකිය හැකිය. මහාරාෂ්ට්‍ර
ප්‍රාන්තය එසේ කනින ලද ලෙන්විහාර වල විශාල සංඛ්‍යාවකට නෑකම් කියනමුත්
කන්හේරි පෙර දවස භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විශාලම විහාර සංකීර්ණය වේ.
මෙම පුදබිම පිහිටා ඇත්තේ කොන්කන් වෙරළ අසබඩය.
ලෙන් විහාර කැනීම් අතිවිශාල කාල පරාසයක් අතර එනම් ක්‍රි.පූ. තෙවැනි
සියවස සිට ක්‍රි.ව. හයවැනි සියවස දක්වාය. භාරතයේ ව්‍යවස්ථාවේ ජාතික
ප්‍රතිපත්ති මූලධර්‍ම ප්‍රකාර සියලු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති
සියලු ස්ථාන (දැනට 3776 ක්) ඉන්දීය පුරා විද්‍යා සමීක්‍ෂණය යටතේ අයිතිය
සංරක්‍ෂණය පාලනය යටතේ පැවැත්වෙන අතර එම අයිතිය හා භාරකාරත්වය කිසිදු
අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකිය. එබැවින් එම පුරා විද්‍යා අංශය මගින්
මනා පාලනයක් පුරා විද්‍යා ස්ථාන පවත්වා ගෙන යන අතර එය එකම පූර්ණ බලැති
අධිකාරියකි.ඉන්දියාවේ මෙම කාර්යය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා එම
දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්ගේ බලයට අයත් නොවන මධ්‍යම සංස්කෘත
අධිකාරිය වැනි ආයතනයකට බලය දෙකඩ කිරීමක් සිදු වී නොමැති අතර යුනෙස්කෝ
මූල්‍ය ආධාර එම සමීක්‍ෂණයට එක එල්ලේ ලැබී අවශ්‍ය කැනීම් සංරක්‍ෂණය හා
පරිපාලනය සිදු කරයි.
මෙම සමීක්‍ෂණ අධිකාරිය සියයකට අධික මෙම ලෙන් විහාර (ලෝක උරුම ස්ථානයක්
ස්ථාන සංඛ්‍යාව දැනට 29 කි.) අංක යොදා හඳුනාගෙන සියලු විස්තර හා
ඡායාරූප පරිගණක ගත කර ඇත. ලෙන් විහාර සංඛ්‍යාව අති විශාල බැවින් අංක
3,10,11 හා 90 ගැන පමණක් මෙහි ලා විස්තර කරමු.
මෙම ලෙන් තුළ විශාල චෛත්‍යය හා භික්‍ෂු ආරාම වෙන් වෙන් වශයෙන් කුඩා
ලෙන් අනුව සකසා ඇති අතර එහි මුළු තැන් ගෙයක් හා ධර්ම ශාලාවක් ද ඇත. මෙම
ලෙන් අතර අංක 03 දරන ලෙන අති විශාලය. මෙම ලෙන් දොරටුව දෙපස අඩි 23 ක්
පමණ උසැති විශාල බුද්ධ ප්‍රතිමා දෙකකි. මෙය ගෘහ නිර්මාණ ශිල්පයේ
විශ්මිත කාර්යයක් නොව ලෙන් කැනීමේ තාක්‍ෂණයේ නිර්මාණයකි. මෙම ලෙන කැනීම
පර්වතයේ ඉහළ කොටස සිට අරඹා එය පහළට හා අභ්‍යන්තරයට කැනීම් කර ඇත. ඩොම්
ජෝ ඇඩ් නමැති පෘතුගීසි ප්‍රධාන පාලකයා මෙම ලෙනට පැමිණ මෙසේ වාර්තා කරන
ලදී. මෙම ලෙන් විශ්මිත වන අතර මෙය මිනිසුන් කළ කාර්ය නොව මෙය යම් ගුප්ත
බලයකින් සිදු කර ඇතැයි යන්න සැකයෙන් තොරව පිළිගත හැකිය යන්නය.
මෙම ලෙන් විහාරය ඉදිරි කොටසේ ඇති ශෛලමය කුලුනක ඇති ශිලා ලේඛනයේ මෙය
ප්‍රසිද්ධ සතවාහන
රජ පෙළපතේ ක්‍රි.ව. 106 සිට 130 දක්වා රජකළ ගෞතම පුත්‍ර සතකර්නි රජ
සිදු කළ බැව් සඳහන් වේ. මෞර්ය රජ පෙළපතේ අභාවයට පසු (ක්‍රි. පූ. 322 –
123) මෙම ප්‍රදේශයේ රාජත්වය සතවාහිනී රජ පෙළපතට හිමිවිය. තවද එම ශිලා
ලේඛනයේ කල්යාන (ශ්‍රී ලංකාවේ කැලණිය නොහොත් කල්‍යානි නමින් කොළඹ
ප්‍රදේශයේ ගංගානාමය මෙයට සම්බන්ධ බැව් වෙළඳ සම්බන්ධතා මත) සොප්රා
(සුප්පාරක) විජයකුමරි ශ්‍රී ලංකාවට පැමිණීමට නැව් නැගි බටහිර ඉන්දියානු
වරාය (සහ තානි යන ප්‍රදේශවල ජනතාවද මෙම නගර ඔස්සේ තවලම් මගින්
වෙළහෙළදාමේ යෙදුන ධනවත් වෛශ්‍ය සෙට්ඨින්ද මෙම ලෙන් විහාර හා ආරාම
කැනීම් හා පවත්වා ගෙන යෑමට බර පැනට දායක වූ බැව්ද සඳහන් ය.
මෙම ලෙන තුළ ගෝලාකාර ස්තූ®පයක් ගල් කුළුණු මගින් වටකර සෑම අංශයකින්ම
පෙනී යනුයේ මෙම ස්ථානය ථෙරවාදී බෞද්ධ පුද බිමක් බවකි. මෙම විහාරයේ
ඉදිරිපස බිත්ති (ශෛලමය) මූර්තිමත් කළ පුද්ගල රූප මගින් එකල ස්ත්‍රී
පුරුෂ හිස් වැසුම් ගැන අවබෝධයක් ලැබේ.
දකුණු පසට ගමන් කරන විට එක් එක් තලවල කනින ලද ලෙන් විවිධ පරිමාණයට
දැකිය හැකිය. මේ සියල්ල භික්‍ෂු ආරාම ය. පසුකාලයේ දීර්ඝ කාලයක්
භික්‍ෂුන්ට වස් විසීමට පහසුකම් එනම් අසුන් ගැනීමට සහ සයනය කිරීමට ශෛලමය
බංකුද ඉදිරිපස ආලින්දයක් ද සලසා ඇති බැවින් පෙනී යනුයේ මුල් අවස්ථාවේ
දහම් සේවාවේ යෙදෙන භික්‍ෂූන් වහන්සේ මෙහි කෙටි කාලයක් වැඩ සිටි බවකි.
ලෙන් අසල පොළොව යට වැසි ජලය රැස් කිරීමට කුඩා තටාකද එම ජලය බැස යෑමට
සැලසුම් ජල මාර්ගද සලසා ඇත.
අංක දහය ලෙන (දැනට ස්වල්පයක් නටඹුන් පමණක් ශේෂව ඇත) තුළ විශාල මුළුතැන්
ගෙයක් තිබූ බවට සාක්‍ෂි දරති. මෙම මුළුතැන් ගෙය මගින් විහාරස්ථ
භික්‍ෂූන් වහන්සේ 60 සිට 70 දක්වා දාන මාන පිළියෙල කළ හැකි බැව්ද පෙනී
යයි. මෙම ලෙන ඉදිරිපස අංක අට ලෙන ඇති අතර එහි ඇති ශිලාලේඛනයක විහාරස්ථ
භික්‍ෂූන් වහන්සේට ජලය සැපයීමට ළිදක් තැනූ බැව් සඳහන් කරයි.අංක එකොළහ
ලෙන විශාල ධර්ම ශාලාවකි.එය ඉදිරිපස කුඩා ලෙන් විහාරද සකස් කර ඇත.
මධ්‍යතම ලෙන තුළ විශාල පද්මාසන බුද්ධ ප්‍රතිමාවකි. ප්‍රධාන ලෙන අවට
කුඩා ලෙන් භාවනා යෝගී භික්‍ෂූන් සඳහා වූ බවක් ද දිස්වේ. මෙම ලෙන්
ඉදිරිපිට තරමක් උසැති වේදිකාවකි. සැදැහැවතුනට හෝ අනිකුත් භික්‍ෂූන්ට
දේශනාවලට සවන්දීමට මෙහි ඇති විශාල ලෙන් විහාර විශාල මුළුතැන් ගෙවල් සහ
විශාල ධර්‍ම ශාලා කන්හේරි ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාලයක් ව පැවැති බවට
ස්ථිර සාධකයන් වෙති.
ගල් පඩි පෙළ ඔස්සේ පර්වත ඉහළට ගමන් කරන විට එම ඉහළ තලවල කනින ලද අති
විශිෂ්ඨ විහාර ආරාම දැකිය හැකිය.
අංක 55, 67, සහ 90 ලෙන් තුළ බුදුන් වහන්සේ භික්‍ෂු සංඝයා මූර්තිමත් කළ
ජනේල විහාර ආරාම ආලින්දයේ බිත්ති වල තිබේ. එම බුද්ධ මූර්ති විවිධ
මුද්‍රා වලින් අනුයුක්තය. එනම් පද්මාසන, ධර්ම චක්‍ර ප්‍රවර්තන භූමි
ස්පර්ශ ධ්‍යාන යනාදී වශයෙනි.මෙම ජනේල මහායාන බෞද්ධ සම්ප්‍රදායට අනුකූල
බවක් විදහා දැක්වේ.
කන්හේරි ශෛලමය ලෙන් කැණීම ගැන ප්‍රසිද්ධ වූ නමුත් සමහර අඳුරු ගුහාවල
සිවිලිමේ දුර්ලභ චිත්‍ර නිර්මාණය කර ඇත. මෙම චිත්‍ර සඳහා වර්ණ වශයෙන්
යොදා ඇත්තේ රතු හා සුදු වර්ණ පමණක් වන අතර සංකීර්ණද නොවේ. මෙම චිත්‍ර
මගින් ඉන්දීය චිත්‍ර කලාවේ මූලික අවස්ථා ගැන මනා අවබෝධයක් ලබා ගත
හැකිය. |