මිද්දෙණිය පුරාණ මහා විහාරය
කන්දෙකුඹුරේ
සුධම්ම හිමි
චෛත්‍යයේ දසුනක් |
ඓතිහාසික රුහුණු පුරවරයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාසයේ උතුරු ගිරුවාපත්තුව මිද්දෙණිය නගරය
කේන්ද්‍රකොටගෙනමිද්දෙණිය පුරාණ මහා විහාරස්ථානය පිහිටා ඇත.නුවර යුගයේදී
භික්‍ෂු සංඝයා හිස් වූ අවධියේදී විහාරස්ථාන බොහෝමයක් ආරක්‍ෂා කරන ලද්දේ
සිල්වතුන් විසිනි. මිද්දෙණිය, වගේගොඩ, හාතාගල යන විහාරස්ථාන ආරක්‍ෂා
කරන ලද්දේ උඳුපිටියේ සිල්වත් තැනය.
එතුමා මිද්දෙණිය පුරාණ මහා විහාරස්ථානයේ වැඩ සිටිය බවට එතුමා කරවපු
ඝණ්ඨාරය සාක්‍ෂි දරයි. එහි මෙසේ සදහන් වේ. “දෙදහස් දෙසිය අසූ පහට
පැමිණි බිනරපුර ගුරු දින උදුපිටියේ සිල්වත් තැන කරවාපු ඝණ්ඨාරය යි” .
උදුපිටියේ සිල්වත්තුමා කරවපු ඝණ්ඨාරය පෘතුගීසින් කොල්ල කාගෙන ගිය බවත්
එහිදී අධික බරකින් යුත් දඹරන් පිළිම වහන්සේ ද පැහැරගෙන යාමට කටයුතු
කළත් එය බර වැඩි නිසා සිරස් පත පමණක් කපාගෙන ගිය බව සඳහන් ලිපියක්ද ඇත.
අද ද එම පිළිමයේ සිරස් පත නොමැත. 1858 මිද්දෙණියේ සංඝරක්‍ඛිත තෙරුන්
රනින් බුදු පිළිමයක් කරවා එහි සර්වඥ ධාතු තැන්පත් කර ධාතු කරඬුව ලෙස
සකස් කරගෙන තිබුණි. දැනුදු ඒ පිළිම වහන්සේ සුරක්‍ෂිතව විහාරස්ථානයේ වැඩ
සිටිති.
බෝධීන් වහන්සේ |
උඩුවාව්වේ රාජපක්‍ෂ මුදියන්සේ රාළහාමි උදුපිටියේ සිල්වත්තුමාට නෙටුලඟ
ඉරිකොන්ද නැමති කුඹුර පූජා කිරීමේ ලිපිය. ඉන්පසු වගේගොඩ ඉන්දසාර හිමියන්
1769 සැප්තැම්බර් 01 වැනි දින නැවත සින්නක්කර ගැනීමේ ලිපිය .ක්‍රි.ව.
1750 උදුවප් පුර අටවැනි දින මාතර ඕලන්ද දිසාපතිතුමාගේ තුප්පහි තැන වූ
දොන්ජුවන් තුප්පහි රාළහාමි විසින් කුඹුරු දෙකක් පූජා කිරීමේ ලිපිය.
එසේම විහාරස්ථානයට ලැබුණු පුද පූජා පිළිබඳ ලන්දේසි බසින් ලියන ලද ලිපි
රාශියක් සුරක්‍ෂිතව පවතී.
මෙම විහාරස්ථානය 18 වන සියවසේ පවා ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ
විහාරස්ථානයක් බව ලිපි ලේඛන පිරික්සීමේදී පැහැදිලි වේ.
කිංචිගුණේ ඉන්දසිරි හිමි |
මෙම විහාරස්ථානයේ ආදී කර්තෘවරයා ලෙස වගේගොඩ ඉන්දසාර හිමි සදහන් කල
හැකිය. උන්වහන්සේ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ
ශිෂ්‍යයෙකි .පසුව උන්වහන්සේ වැලිවිට පන්සලේ වැඩ සිටිමින් රාජාධිරාජසිංහ
රජතුමාට සිංහල හා පාලි භාෂාව උගන්වා ඇත. රජුටත් ගුරු වූ ඉන්දසාර
හිමියන්ට “රාජගුරු “ යන ගෞරව නාමය ලබා දී තිබුණි. එසේම උදුපිටියේ
සිල්වත් තුමාගෙන් පසු මිද්දෙණිය, වගේගොඩ, හාතාගල යන විහාරස්ථාන තුනම
ගුරු පඬුරු ලෙස රාජාධිරාජසිංහ රජතුමාගෙන් වගේගොඩ ඉන්දසාර හිමියන්ට ලැබී
ඇත. මෙම විහාරස්ථානයන්හි මූලස්ථානය වගේගොඩ රන්කොත්මළු විහාරස්ථානයයි.
ශාඛා විහාරස්ථාන රාශියක් ලංකාව පුරාම ඇති අතර ඝණවොලියේ භික්‍ෂු සංඝයා
වගේගොඩ සඟපරපුර නමින් ප්‍රකට විය. වර්තමානයේ මිද්දෙණිය පුරාණ මහා
විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරනුයේ කිංචිගුණේ ඉන්දසිරි
හිමිපාණන්ය. උන්වහන්සේ විහාරස්ථානය දිනෙන් දින දියුණු කරමින් නව
ආලෝකයක් ප්‍රදේශයටම ලබා දී ඇත.
පිවිසුම් වාහල්කඩ |
විහාරස්ථානයකට අවශ්‍ය භෞතික සම්පත් පමණක් නොව ආගමික, සාමාජීය,
ශාස්ත්‍රීය වශයෙන් විශාල සේවාවන් සිදු කිරීමට අවශ්‍ය මානව සම්පත් ද
සකස් කර ඇත. ඒ අතර උපාධිධාරින් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන
භික්‍ෂූන් 8 නමක්ද කුඩා සාමණේර භික්‍ෂූන් 18 නමක්ද සකස් කිරීමට
උන්වහන්සේ අමතක නොකලහ.
මෙම විහාරස්ථානය මගින් ආයතන රාශියක් පවත්වාගෙන යමින් ආගමික සාමාජීය
ශාස්ත්‍රීය වශයෙන් විශාල සේවාවන් සිදු කිරීම කැපී පෙනෙන ලක්‍ෂණයකි.
ශ්‍රී සුමංගල දහම් පාසල මගින් දහම් දැනුමින් පෝෂිත දූ දරු පිරිසක් බිහි
කිරීමට ද ශ්‍රී සුමංගල විද්‍යාලය පවත්වාගෙන යමින් විශාල දූ දරු
පිරිසකගේ නැණ නුවණ පැදීමට ද ශ්‍රී සුමංගල සුචරිත ආදර්ශ පෙර පාසල
පවත්වාගෙන යමින් කුඩා දරුවන්ට මූලික අධ්‍යාපනය ලබා දීමට ද, ශ්‍රී
සුමංගල නැණසල පවත්වා ගෙන යමින් ප්‍රදේශයේ දූ දරුවන්ට පරිගණක අධ්‍යාපනය
ලබා දීමට කටයුතු කර ඇත. විහාරාධිපති වහන්සේ ශිෂ්‍ය පිරිසගේ ආශිර්වාදය
මැද දායක පින්වතුන්ගේ ගෞරවාදරයට ලක්වෙමින් ආගමික, සාමාජීය ශාස්ත්‍රීය
වශයෙන් සුවිශාල මෙහෙවරක් සිදුකරගෙන යනු ලැබේ.
පෙර පාසල් ගොඩනැගිල්ල |
|