|
|
මිය ගිය
රණවිරුවන්ට පින් අනුමෝදන් කරමින්
කිලිනොච්චිය යුද හමුදා පුහුණු පාසලේදී
ඉකුත් 19 -20 දිනවලදී සර්ව රාත්‍රික
පිරිත් දේශනයක් සහ දවල් සපිරිකර සංඝගත
දක්ෂිණාවක් පැවැත්විණි. එහිදී මහා
සංඝරත්නය රණවිරුවන් සමග සමූහ ඡායාරූපයකට
පෙනී සිටි අවස්ථාව. ඡායාරූපය - චිත්‍රරත්න
කළුආරච්චි හිදෝගම සමූහ |
|
|
දොළොස් මහ පිරිත් පින්කමේ සමාප්තිය හා තුන් දහස් නමක් විෂයෙහි
පිරිනැමෙන
සංඝගත දක්‍ෂිණාව 28 වන දා
අනුරාධපුර ඓතිහාසික මහමෙව්නා උයනේ පිහිටි රුවන්වැලි චෛත්‍ය රාජයාණන්
වහන්සේ අබියසදී, දෙදහස් නමයේ දුරුතු මස පුර පසළොස්වක් පොහෝ දින
(2009.01.10) ආරම්භ කරන ලද දොළොස්මහේ පරිත්‍රාණ ධර්මදේශනය මහා සංඝරත්නය
විසින් අඛණ්ඩව සජ්ඣායනා කිරීමෙන් අනතුරුව 2010 පෙබරවාරි 28 දින අලුයම
සමාප්ත කිරීමට නියමිතව ඇත.
ඉතිරිය»
|
|
නවම් අමාවක පෝය
නවම් අමාවක පෝය පෙබරවාරි 13 වන දා පූර්ව භාග
05.41 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 08.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.
මී ළඟ පෝය පෙබරවාරි 22 වන දා සඳුදා ය.. |
|
|
|
|
|
|