නවම් අමාවක පොහෝ දා 2010.02.13
ඕල්කොට්වාදී ජාතික ව්‍යාපාරයක්
කරා
පෘතුගීසි ආක්‍රමණයෙන් ඇරැඹි විදේශීය ආධිපත්‍ය නිසා යටපත් වූ
ජාතික අනන්‍යතාව යළි මතුකැර ගැනීම පිණිස දහනව වන සියවස පුරා
ශ්‍රී ලාංකිකයන් දැඩි උත්සාහයක් දැරූ බව අපි දනිමු. එම ජාතික
ව්‍යාපාරය 1818 හා 1848 කැරැල්ල, 1865 සිට 1873 දක්වා පැවැති
ක්‍රිස්තියානි - බෞද්ධ පංච මහා වාද, 1862 දී ලක්මිණ පහණ
පුවත්පතින් ඇරැඹි දේශානුරාගී සන්නිවේදන ක්‍රියාවලිය , 1849 සිට
1875 දක්වා කාලය තුළ පිරිවෙන් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම ආදි
විවිධ මුහුණුවර යටතේ ක්‍රියාත්මක විය. ඇමරිකානු ජාතික හෙන්රි
ස්ටීල් ඕල්කොට් තුමා (1832 -1907) ලංකාවට පැමිණීම එම ජාතිකවාදි
ව්‍යාපාර නව මඟකට යොමු කළ සිදුවීමකි. එය 1880 මැයි මස 17 වන දා
සිදු වු බව සඳහන් ය.
ඕල්කොට් තුමා ගේ ජීවන ගමන විචිත්‍ර නාටකයක් වැනි ය.
කෘෂි විද්‍යාඥයකු ලෙස එ තුමා ජීවිතය ආරම්භ කැරැ තිබේ. 1860 දී
ඇමරිකා එක්සත් ජනපදයේ දහසය වන ජනාධිපතිවරයා වශයෙන් තේරී
පත්වුණු ඒබ්‍රහම් ලින්කන් එ රට වහල් වෙළෙඳාම අහෝසි කිරීම නිසා
මතු වූ රාජ්‍ය විරෝධී කැරැල්ලට එරෙහි ව රජයේ හමුදාවට බැඳී සේවය
කළ එ තුමා එහි දී දැඩි ලෙස රෝගාතුර වී ඇත. රජයේ හමුදාවන්ට ජය
ගෙන දෙමින් එම කැරැල්ල නිමා වූ පසු එ තුමා හමුදා සේවයෙන් ඉවත්
ව නීති වෘත්තියට පිවිසි බව සඳහන් වේ. ඉන් පසු රුසියානු ජාතික
හෙලේනා බ්ලැවැස්කි මැතිනිය සමඟ, එක් වී ‘සත්‍යයට වඩා ඉහළ
ධර්මයක් නැත’ යන ආදර්ශ පාඨය යටතේ පරම විඥානාර්ථ සමාගම 1871
නොවැම්බර් මස 17 වන දා නිව්යෝක් නුවර දී පිහිටුවා ගත්තේ ය.
ඇමරිකාවේ දී පොතක් වශයෙන් ඉංගී‍්‍රසියෙන් පළ වූ ‘පානදුරේ වාදය
‘ කියැවීමෙන් පැහැදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සමඟ සබඳතා
පවත්වා ඇත.
අනතුරු ව මෙ රටට පැමිණි ඕල්කොට් තුමා ගේ මූලිකත්වයෙන් බෞද්ධ
පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම, බෞද්ධ අධ්‍යාපන අරමුදල ආරම්භ
කිරීම, බෞද්ධ පාඨශාලා බිහි කිරීම, බෞද්ධ කොඩිය බිහි කිරීම,
වෙසක් පොහොය දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම, බෞද්ධ
විවාහ රෙජිස්ට්‍රාර්වරුන් පත් කිරීමට කටයුතු යෙදීම ආදිය සිදු
විය. වසර විසිපහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට මෙ තරම් සේවයක්
ඉටු කළ ද ගරු සත්කාර ලබමින් මෙහි ගත කිරීමට උත්සාහ නො කළ එ
තුමා 1907 පෙබරවාරි මස 17 වන දා මියගියේ ඉන්දියාවේ මදුරාසි
නුවර දී ය.
සමාජ ක්‍රියාකාරිකයකු ලෙස එ තුමා මෙ රට ගත කළ කාලය වන විට
ඉන්දීය නිදහස් අරගලය සඳහා පෙළ ගැසීම ආරම්භ වී තිබිණ. එ තුමා
සිරිලකට පැමිණි ආකාරයට ම ලන්ඩනයේ විසූ අයිරිෂ් ජාතික කාන්තාවක්
වූ ඇනි බෙසන්ට් මැතිනිය ඉන්දියාවට පැමිණියා ය. නව ඉන්දියාව
(ව්ඥඹ ධ්දඤඪච) නමින් පුවත් පතක් 1893 දී ආරම්භ කළ ඇය
බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව තම ජාතික අභිමානය සඳහා සටන් කරන
ලෙස ඉන්දියානුවන්ට ආයාචනා කළා ය. එහෙත් ඕල්කොට් තුමා විසින්
අනුගමනය කරන ලද්දේ ඊට වඩා වෙනස් මඟකි. එ තුමා අනුගමනය කළ
ක්‍රියා මාර්ග පැති කිහිපයකින් සලකා බැලිය යුතු යැයි සිතමු.
1.උපතින් ලද ක්‍රිස්තියානි ආගම විවේචනාත්මක ව ඉවත දමා බුදු දහම
වැලැඳ ගැනීම.
2.1864 වසරේ ජනාධිපතිවරණයෙහි ප්‍රතිවාදියා ලෙස ඒබ්‍රහම්
ලින්කන්ට අභියෝග කළ ජෙනරාල් ජෝර්ජ් බී. මැකිලාලන් ගේ හමුදාවේ
සෙන්පතියකු වී සිටිය ද සටන්කාමී ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය
නො තැබීම.
5.බුදු දහම ප්‍රචාරය කිරීම සඳහා බෞද්ධ කොඩිය, බෞද්ධ අධ්‍යාපනය,
බෞද්ධ අරමුදල ආදී බටහිර ආයතනික ක්‍රමවේදයක් හඳුන්වා දීම.
4.ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය හුදු දේශපාලන සටන්පාඨ වලින්
තොර පිරිපුන් අධ්‍යාත්මික ක්‍රියාවලියක් බවට පත් කිරීම.
වසර තිහක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන් වී ඇති මේ මොහොතේ
අප සමාජය හමුවේ තිබෙන අභියෝග ජය ගැනීම සඳහා ද ඕල්කට් තුමා
අනුගමනය කළ වැඩ පිළිවෙළ අපට විශාල මඟ පෙන්වීමකි. ජාතිකවාදී
ව්‍යාපාරයකට තිබිය යුතු එම බුද්ධිමය ශ්‍රමය ඕල්කොට් -
බ්ලැවැස්කි සුසංයෝගය යටතේ විදේශීය වශයෙන් එදා අපට ලැබිණ. එහෙත්
අපට අද එය විදේශීය වශයෙන් බලාපොරොත්තු විය නො හැකි ය.
විසි එක් වන සියවසෙහි ජාතිකවාදී ව්‍යාපාරය සාර්ථක කැර ගත
හැක්කේ අප ගේ සංස්කෘතියෙන් පෝෂණය වී විදේශගත ශ්‍රී ලාංකික
බුද්ධිමය ශ්‍රමය යළි මවුබිමට දිනා ගැනීමෙන් පමණි. |