මංගල සූත්‍ර දේශනාවේ
සම්මුති ලක්ෂණ
මොරටුව ශ්‍රී සුගතධර්මෝදය දහම් පාසලේ
එස්. නිමල් ප්‍රනාන්දු
බුදු දහමට අනුව ස්ථිර ලෙස හොඳ හෝ නරක මිනිසුන් නැත. පව්කාරයන්,
පුණ්‍යවන්තයන් නැත. පුද්ගලයකු හොඳ හෝ නරක වන්නේ ඒ ඒ අවස්ථාවේ ඔහුගේ
චිත්ත සන්තානය තුළ ක්‍රියා කරන චෛතසික වලට අනුවය. අද ලෝභ චෛතසිකය මුල්
වී සොරකම් කරන
පුද්ගලයකු හෙට සද්ධා, අලෝභ ආදි චෛතසික මුල් වී දානයක් දිය හැකිය. හොඳ,
නරක හෝ සත්පුරුෂ අසත්පුරුෂ භාවය, එක් එක් වෙලාවට වෙනස් වන දෙයකි.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොව
පහළ වන්නේ එකම කරුණක් සඳහාය. ඒ අන්කිසිවක් නොව අවිද්‍යාවෙන් දෑස අන්ධව
ජාති ජරා මරණ ආදී අනේක දුක් විඳිමින් සසර කතරෙ සැරිසරණ සත්ත්වයන් එම
දුකින් මුදා නිර්වාන ක්ෂේම භූ®මියට සැපත් වන මාර්ගය ඔවුනට පෙන්වා
දීමටය. සම්මා සම්බුදුවරයකුගේ එකම කාර්යය වන්නේ එයයි. ඒ සඳහා උන්වහන්සේ
උපයෝගී කර ගන්නේ අනුශාසනා ප්‍රාතිහාර්යයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ ගමින්
ගමට රටින් රටට වැඩම කරමින් ධර්මය දේශනා කරති. කුසල් පිරුණු සත්වයන්
සොයා ගොස් දහම් මග පෙන්වා දෙති. තමා වෙතට පැමිණි කාහට වුවද දහම් දෙසති.
ඒ ඔවුන් කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් සසර දුක නිවා සදා සැනසීම ලබාදීම
පිණිසය. එබැවින් උන්වහන්සේගේ සෑම දේශනාවකම ඇත්තේ නිවන්මගයි.
බුද්ධ දේශනාවේ ඇති එක් අසිරියක් නම් ‘සම්මුති’ හා ‘පරමාර්ථ’ වශයෙන්
අදහස් දෙකක් අන්තර්ගත වීමය. බුද්ධි මට්ටමින් එතරම් දියුණු නැති
සාමාන්‍ය ජනතාවට දේශනාවෙහි සම්මුති අදහස ගත හැකිය. එය මතුපිටින් දක්නට
ඇති සාමාන්‍ය ව්‍යවහාරික අදහසයි. පරමාර්ථය ඇත්තේ සම්මුතියට වැසී ගෙනය.
එය බුද්ධිය මෙහෙයවා මතුකර ගත යුතුය. එබැවින් පරමාර්ථ අදහස දැකිය හැක්කේ
බුද්ධිමතුනටය. සම්මුති අර්ථය ලෞකිකය. පරමාර්ථ අර්ථය ලෝකෝත්තරය. මද
බුද්ධිමතුනට සම්මුති අදහස ගෙන මෙලොව ජීවිතය යහපත් කරගෙන, මතු ජීවිතයද
(සතර අපායෙන් මිදී) සුගතිගාමී කරගත හැකිය. බුද්ධිමතුනට පරමාර්ථ අර්ථය
ගෙන ලෝකයෙහි ජීවිතයෙහි යථාර්ථය දැක මාර්ගඵල අවබෝධ කර සසර ගමන
සම්පූර්ණයෙන් කෙළවර කර උතුම් නිවන් සුවය සාක්ෂාත් කරගත හැකිය.
එම ලක්ෂණය මංගල සූත්‍රය තුලද දැකිය හැකිවේ. මතුපිටින් දක්නට ඇත්තේ
සාමාන්‍ය ව්‍යවහාරික අදහස වන සම්මුතියයි. ඊට යටින් පරමාර්ථ අදහස ඇත.
සම්මුති අර්ථය ගැනීමෙන් ජීවිතයේ තාවකාලික සතුටක් සැනසීමක් ලබාගත හැකිය.
නමුත් මංගල වන්නේ එසේ ලබන තාවකාලික සැනසීමක් නොව ස්ථිර ජීවිත
සැනසිල්ලය. එබැවින් මංගල සූත්‍රයෙන් වැඩි ප්‍රයෝජනයක් ගත හැක්කේ ද
පරමාර්ථ අදහස ගැනීමෙනි. සම්මුති අදහස ගැනීමේදී එම මංගල කරුණු වල එතරම්
තර්කානුකූල බවක් නැති අවස්ථාද දක්නට ඇත.නමුත් පරමාර්ථ අදහස ගැනීමෙන් ඒ
තුළ අන්තර්ගත නිවන්මඟ දැකගත හැකිය.
බුද්ධ දේශනාවල තවත් සුවිශේෂ ලක්ෂණයක් ඇත. එනම් ඉදිරිපත් කරනු ලබන කරුණු
එකකට එකක් සම්බන්ධ වී යන ආකාරයයි. කරුණු එකකට එකක් ප්‍රත්‍ය වන (පටිච්ච
සමුප්පන්න) බවයි. උදාහරණ වශයෙන් ත්‍රිලක්ෂණය ගෙන බැලීමේදී අනිත්‍ය
හේතුවෙන් දුක්ඛතාවයද, දුක්ඛතාවය හේතුවෙන් අනාත්මතාවයද ඇති වේ.
ත්‍රිශික්ෂාව ගෙන බැලීමේදී සීලය නිසා සමාධියද සමාධිය නිසා ප්‍රඥාවද
ඇතිවේ. මංගල සූත්‍රයේ දක්වා ඇති මංගල කරුණු ද එසේය. එකකට එකක්
සම්බන්ධය. නමුත් එම ලක්ෂණය දක්නට ඇත්තේ සූත්‍රයේ පරමාර්ථ අදහස
ගැනීමෙනි. සම්මුති අදහස ගැනීමේදී එසේ කරුණු වල එකිනෙක සම්බන්ධ වීමක්
එතරම් දක්නට නැත.
පරමාර්ථ අර්ථය ගැනීමේදී මංගල සූත්‍රයේ දක්වා ඇත්තේ නිවන සාක්ෂාත් කර
ගැනීම සඳහා ක්‍රියා ආරම්භ කරන යෝගාවචරයකුගේ ගමන් මාර්ගය බව පැහැදිලි
වේ. නිවන් මගට බැස ගන්නා යෝගාවචරයා පියවරෙන් පියවර ඉදිරියට යන ආකාරය
දැකිය හැකිය. එම ගමන් මාර්ගය ‘අසේවනාච බාලානං’ යන කරුණින් ආරම්භ වී
‘අප්පමාදොච ධම්මේසු’ යන කරුණින් අවසන් වේ. ‘ගාරවොච නිවාතොච’ ආදී වශයෙන්
ඉන් ඉදිරියට විස්තර වන්නේ රහත් සිතක විද්‍යාමාන වන ලක්ෂණය. මංගල
සූත්‍රයේ අඩංගු එක් එක් ධර්ම කාරණයක් ගෙන එහි ඇතුලත් අදහස් විමසා බලමු.
අසෙවනාච බාලානං
මෙම කරුණ ව්‍යවහාරයට පැමිණ ඇත්තේ බාලයන් හෙවත් පව්කාර අසත්පුරුෂයන්
ඇසුරු නොකළ යුතුය යනුවෙනි. ඒ සම්මුති අදහසයි. නමුත් බුදු දහමට අනුව
ස්ථිර ලෙස හොඳ හෝ නරක මිනිසුන් නැත. පව්කාරයන්, පුණ්‍යවන්තයන් නැත.
පුද්ගලයකු හොඳ හෝ නරක වන්නේ ඒ ඒ අවස්ථාවේ ඔහුගේ චිත්ත සන්තානය තුළ
ක්‍රියා කරන චෛතසික වලට අනුවය. අද ලෝභ චෛතසිකය මුල් වී සොරකම් කරන
පුද්ගලයකු හෙට සද්ධා, අලෝභ ආදි චෛතසික මුල් වී දානයක් දිය හැකිය. හොඳ,
නරක හෝ සත්පුරුෂ අසත්පුරුෂ භාවය, එක් එක් වෙලාවට වෙනස් වන දෙයකි. එය
තීරණය වන්නේ පංචේන්ද්‍රි‍්‍රයන්ට ඒ ඒ අවස්ථාවේ ගෝචර වන රූප ශබ්ද ආදී
නිමිති වලට අනුවය.
පරමාර්ථයට අනුව පුද්ගලයන් නැති බවද අපි දනිමු. ඇත්තේ චිත්ත, චෛතසික,
රූප යන පරමාර්ථ ධර්ම පමණි. ඒ අනුව ‘අසේවනාච බාලානං’ යන්නෙහි පරමාර්ථ
අදහස වන්නේ ‘බාල ධර්ම’ හෙවත් අකුසල චෛතසික ඇසුරු නොකළ යුතුය යන්නයි.
එනම්, ලෝභ, දෝස, මෝහ ආදී තමාට (සිතට) දුක් දෙන ධර්ම ජීවිතයට සම්බන්ධ කර
නොගත යුතුය යන්නයි. සියලු බුදුවරයන්ගේ පණිවිඩයෙහි ‘සබ්බ පාපස්ස අකරණං’
යනුවෙන් සඳහන් වන්නේද එම අදහසමය. ඒ නිවන් මගේ ආරම්භක හා මූලික පියවරයි.
පණ්ඩිතානංච සේවනා
මෙම කරුණ ද ව්‍යවහාරයට පැමිණ ඇත්තේ සත්පුරුෂයන් හෙවත් යහපත් පුද්ගලයන්
ඇසුරු කළ යුතුය යනුවෙනි. හොඳ නරක වශයෙන් පුද්ගලයන් බෙදිය නොහැකි බව ඉහත
සඳහන් විය. එය වහා වෙනස් වන ධර්මතාවයක් බැවිනි. මෙහි පරමාර්ථ අදහස
වන්නේ ‘පණ්ඩිත ධර්ම’ හෙවත් සෝභන චෛතසික ඇසුරු කළ යුතුය යන්නයි. එනම්
සද්ධා, සති, හිරි, ඔතප් ආදී තමාට සැප දෙන ධර්ම ජීවිතයට සම්බන්ධ කරගත
යුතු බවයි. ‘කුසලස්ස උපසම්පදා’ යනුවෙන් සඳහන් වන්නේ ද එම අදහසය.
මෙහිදී කිවයුතු වැදගත් කරුණක් නම් සිතේ සැපය සඳහා බාහිරින් ලබාගත යුතු
කිසිවක් නැති බවත් එය සිත තුළින්ම මතුවන දෙයක් බවත්ය. අකුසල චෛතසික
සිතෙන් ඉවත්වන විට ඉබේම සිත කුසලයට පත්වේ. අඳුර ඉවත් වීමම ආලෝකය
වන්නාක් මෙනි. ඒ අනුව අසෙවනාච බාලානං යන්න ක්‍රියාත්මක වන විට ඉබේම
පණ්ඩිතානඤ්ච සේවනා තත්වයට සිත පත් වීමද සිදුවේ.
පූජාච පූජනීයානං
මෙහි සම්මුති වශයෙන් අර්ථ දක්වා ඇත්තේ වචන දෙකම එකට ගෙන ‘පිදිය යුත්තන්
පිදීම’ යනුවෙනි. නමුත් පරමාර්ථ අදහස හෙවත් නියම අදහස ගැනීමට මෙම වචන
දෙක වෙන වෙනම ගත යුතුය. එනම් ‘පූජා’ යන්න වෙනමත් ‘පූජනීය’ යන්න වෙනමත්
ගත යුතුය. පූජා යනු පිදීම හෙවත් ‘අත්හැරීම’ යන අදහසයි. යෝගාවචරයා
විසින් අත්හරින ලද්දේ බාල ධර්ම හෙවත් අකුසල චෛතසිකය. තමාව පාපයට පෙළඹ
වූ හෙවත් අසත්පුරුෂයකු බවට පත් කළ සිතිවිලිය.
අකුසල චෛතසික ඉවත් වූ සිත පිරිසුදුය. එය කුසල සිතකි. එබැවින් එම සිතෙන්
තමන්ට හෝ අනුන්ට කරදරයක් හිරිහැරයක් ඇති නොවේ. ඔහු පූජනීය පුද්ගලයකු
හෙවත් අන්‍යයන් විසින් පුදනු ලැබීමට සුදුසු පුද්ගලයකු බවට පත්වේ. ඒ
අනුව පූජාච පූජනීයානං යනු අකුසල ධර්ම අත්හැරීම නිසා කුසලයට පත් වූ
යෝගාවචරයාගේ සිත පූජනීය තත්ත්වයට පත්වන බවය. අකුසල ධර්මයන්ගේ රත් නොවන
කුසල් සිත සන්සුන්ය. එබැවින් එහි ක්‍රමයෙන් සද්ධා වීර්යය, සති සමාධි,
ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් වැඩීමට පටන්ගනී. සද්ධා යනු සසර දුක නැතිකර
නිවන් සුව ලබා ගැනීම සඳහා ඇති වන වුවමනාවයි. එම වුවමනාව නිසා ඒ සඳහා
ක්‍රියාකිරීම පිණිස වීර්යය ඇතිවේ. ඒ සඳහා තම සිත දෙස අවධියෙන් යුක්තව
බලා සිටීම අවශ්‍යය. අවධියෙන් සිටින්නේ අකුසල චෛතසික (කෙළෙස්) සිතට
ඇතුල් වෙනවාද යන්න පිළිබඳ සෝදිසියෙනි. එය සතියයි. ඒ අනුව කුසල ධර්ම වලට
පමණක් ඉඩදීම නිසා සිතෙහි වැඩෙන්නේ කුසල ධර්ම පමණක් බැවින් සිත තව තවත්
නිවීමට පත්වී සන්සුන් තත්වයට පත්වේ. එය සමාධියයි. මේ හේතුවෙන්
යෝගාවචරයා තුල ප්‍රඥාව වැඩීමට පටන්ගනී. ප්‍රඥාව නම් නිවැරැදි තීරණ
ගැනීමේ හැකියාවයි. නොසන්සුන් සිතින් නිවැරැදි තීරණ ගත නොහැකිය.
නිවැරැදි තීරණ ගත හැක්කේ රත් නොවූ සන්සුන් වූ සමාධි සිතෙනි.
ඒ අනුව මංගල සූත්‍රයේ පළමු ගාථාවෙන් කියැවුනේ බාල ධර්ම හෙවත් අකුසල
ධර්ම ඇසුරු නොකර පණ්ඩිත ධර්ම හෙවත් කුසල ධර්ම වර්ධනය කරගත් සිත ලෝකීය
ආශ්වාදය පතා පංච ඉන්ද්‍රිය මගින් ලෝකය සමග ඇති ඇලීම් බැඳීම් අත්හරින
තත්ත්වයට පත්වන හැටිත්, ඒ මගින් සිත පූජනීය හෙවත් යහපත් බවට පත්වන
සැටිත්ය. ‘සචිත්ත පරියොදපනං’ යනුවෙන් සඳහන් වන්නේ ද එම අදහසය.
මෙය නිවන් මගේ් පියවරකි. හෙවත් නිවන් මගට බැසගැනීමයි. ඉදිරි ගාථා වලින්
විස්තර වන්නේ එම නිවන් මගේ් යෝගාවචරයා ක්‍රමයෙන් ඉදිරියට ගමන් ගන්නා
ආකාරයයි.
පතිරූප දෙස වාසොච
ව්‍යවහාරයට පත්ව ඇති සම්මුති අදහස වන්නේ ‘සුදුසු ප්‍රදේශයක විසීම’
මංගල හෙවත් සැපයට හේතුවන කරුණක් බවයි. එය විස්තර වන්නේ් යහපත් මිනිසුන්
වාසය කරන ප්‍රදේශ වාසයට සුදුසු ප්‍රදේශ ලෙසය. යහපත් මිනිසුන් පමණක්
වාසය කරන ප්‍රදේශ සොයාගත නොහැකිය. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ
පරිසරයේද එබඳු තත්ත්වයක් නොවීය. සොරුන්, මිනීමරුවන්, සතුන් මරන්නන්,
ගනිකාවන් මෙන්ම බුදුරජාණන් වහන්සේට හා ශ්‍රාවකයන්ට කරදර හිරිහැර කළ
තීර්ථකයන්ද, දේවදත්ත කෝකාලික ආදී විෂම භික්ෂූන්ද එම පරිසරයේ සිටි බව
අපි දනිමු.
ඒ අනුව එම පතිරූප දේසය කොහේවත් තිබෙන එකක් නොව තමා තුලම තිබෙන දෙයකි.
සිත ඇසුරු කරන හෙවත් සිත වාසය කරන ප්‍රදේශය නම් ඉන්ද්‍රිය පහයි. දැන්
යෝගාවචරයාගේ සිතේ අකුසල ධර්ම ඉවත් වී ඇති නිසා එම සිතෙන් පෝෂණය ලබන
පංච ඉන්ද්‍රියයන්ද සෞම්‍ය තත්ත්වයට පත් වී ඇත. දැන් සිත වාසය කරන්නේ
එම සෞම්‍ය වූ පංච ඉන්ද්‍රියයන් ඇසුරේ ය. එනම් සිතට වාසය කිරීමට සුදුසු
ප්‍රදේශයක් ලැබී ඇත. එබැවින් එම ඉන්ද්‍රියයන් හට කුමන නිමිත්තක් ගෝචර
වුවද ඉන් ජනිත වන්නේ සෞම්‍ය සිතිවිලිය. එම එක ඉන්ද්‍රියයක්වත් ඇසුරු
කොට සිතට රිදුම් දෙන සිතිවිලි පහළ නොවේ. මෙම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය
වන සිතේ සන්සුන් බව නිවුන බව තව තවත් ස්ථාවර තත්ත්වයට පත්වේ. එම
අවස්ථාව හඳුන්වන්නේ ධ්‍යාන මට්ටම ලෙසය. එය සැප දායකය. එබැවින් මංගලය.
පුබේබච කත පුඤ්ඤතා
මෙහිද ව්‍යවහාරයට පැමිණ ඇති අදහස වන්නේ පූර්ව භවයන්හි කරන ලද පින් ඇති
බව මංගල කරුණක් බවයි. පූර්ව භවයන්හි කරන ලද පින් වල විපාක වශයෙන් ගේ
දොර ඉඩකඩම් මිල මුදල් ආදී සම්පත් ලැබෙන බව සත්‍යයකි. නමුත් මෙම බාහිර
වස්තූ®න් තුල සැප තිබේද? සැප සෑදෙන්නේ අලෝභ අදෝස අමෝහ ක්‍රියාත්මක වූ
සිත තුළය. කුසලය වැඩෙන සිත තුළය.
‘පුබ්බෙ’ යන්නෙහි අදහස පූර්වයෙහි හෙවත් පෙර යන්නයි. එය පූර්ව භවයෙහි
යනුවෙන් ගතයුතු නැත. මේ කථා කරන මොහොතට පෙර යනුවෙන් ද ගත හැකිය. ‘කත’
යනු කරන ලද යන අදහසයි. මේ මොහොතට පෙර කරන ලද දෙය කුමක්ද? ධ්‍යාන මට්ටමට
සිත පත් කර ගැනීම සහ ඒ සමග යහපත් සිතුවිලි නිර්මාණය වන ආකාරයට
ඉන්ද්‍රිය වල තත්ත්වය සාදා ගැනීමයි. ‘පුඤ්ඤතා’ නම් පිනවීමේ ස්වභාවයයි.
එනම් ධ්‍යාන මට්ටමට සිත පත්වීම නිසා ඇතිවන කාය චිත්ත දෙකේ පිනවීමේ
ස්වභාවයයි. ධ්‍යාන සිත් ඇති පී‍්‍රති, සුඛ යන ධ්‍යානාංග නිසා මේ
තත්ත්වය ඇතිවේ. මේ අවස්ථාවේ සිතේ ඇතිවන සන්සුන් ස්වභාවය නිසා අරමුණු
වල යථාර්ථය පෙනෙන්නට පටන් ගනී. එනම් අරමුණු වල ඇති අනිත්‍ය දුක්ඛ
අනාත්ම තත්ත්වයයි. එයින් යෝගාවචරයා තුළ ප්‍රඥාව වැඩේ. ඒ අනුව ධ්‍යාන
චිත්තය විදර්ශනාවට යොමු කිරීමට ඔහුට හැකිවේ. එය සැප දෙන තත්වයකි.
එබැවින් මංගලය.
අත්තසම්මා පණිධි
ව්‍යවහාරික අදහස ආත්මය මනාකොට පිහිටුවා ගැනීම මංගල කරුණක් බවයි.
පරමාර්ථ වශයෙන් ආත්මයක් නැත. එබැවින් මෙහි අත්ත යන්නෙන් ගත හැක්කේ
ඉන්ද්‍රි‍්‍රය හයයි. විදර්ශනාවට යොමු කළ තම ධ්‍යාන චිත්තයත් ඊට රුකුල්
දෙන ඉන්ද්‍රි‍්‍රය හයත් පිරිහීමේ තත්ත්වයක් ඇති නොවන ආකාරයට පිහිටුවා
ගැනීම ‘අත්ත සම්මා පණිධි’ තත්වයයි. ඒ නිසා නිවන් මගේ තවත් ඉදිරියට යාමට
යෝගාවචරයාට හැකිවේ. එය සැපදායකය. එබැවින් මංගලය.
බාහු සච්චං
ව්‍යවහාරයේ ඇති අදහස නම් බහුශ්‍රැත භවය හෙවත් උගත්කම මංගල කරුණක් බවයි.
උගත්කම හොඳය. එය ජීවිතයේ බොහෝ දේ වලට ප්‍රයෝජනවත් විය හැකිය. නමුත්
උගත් කමෙන් හෙවත් විද්‍යා, කලා, වාණිජ ආදි විෂය ධාරාවන් පිළිබඳ
විශාරදයකු වීමෙන් ජීවිත සැනසීම ලැබේද? එවැනි උගතකුගේ ජීවිතය තුළට එබී
බැලුවහොත් සමහර විට අතෘප්තිය, තණ්හාව, අහංකාරය, තරගකාරි බව හා කෝපය ආදී
දහසකුත් එකක් කෙළෙස් වලින් ඔහුගේ් සිත පිරී ඉතිරී ගොස් මහත් පීඩාකාරී
තත්ත්වයක තිබෙනු දැකිය හැකිය. සැප ලබන්නේ කෙළෙස් කුණු රොඩු ඉවත් වී සිත
පිරිසුදු වූ පමණටය. එම දැනුම ලබාගෙන එය ක්‍රමයෙන් වැඩිදියුණු කරගෙන
ජීවිත පීඩාවෙන් මිදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෙනෙකු සූදානම්
වෙයිනම් එම රැස්කර ගත් දැනුම් සම්භාරය මෙහි ‘බහුශ්‍රැත භාවය’ හෙවත්
උගත්කම යන්නෙන් අදහස් වේ. එම උගත්කම ජීවිත සැනසිල්ලට හේතු වේ. එබැවින්
මංගලය.
සිප්පං
ව්‍යවහාරයට පැමිණ ඇති අදහස වන්නේ ශිල්ප දැනගැනීම මංගල කරුණක් බවයි.
ශිල්පීය දැනුම යනු ජීවිකාව උදෙසා කරනු ලබන රැකියාව පිළිබඳව ලබා ගන්නා
දැනුමයි. කෘෂිකර්මය, කර්මාන්ත, වෙළඳාම ආදී කුමන හෝ ශිල්පීය දැනුමක් සෑම
කෙනෙකුටම වාගේ ඇත. නමුත් ඒ කිසිවකු සිතේ සැනසීමෙන් ජීවත් වේද? ලෝභ දෝස
තුරන් වී තිබේද?
එසේනම් මෙහිදී ශිල්ප යනුවෙන් අදහස් කරන්නේ එවැනි ලෞකික ශිල්පයක් නොව
පෙර කී බාහුසච්ච නැගීමේ යන්නෙන් අදහස් කරන ලද දැනුම් සම්භාරය නිවැරැදිව
ක්‍රියාවට හුරුව බව කිව හැකිය. මේ සඳහා උපයෝගී කරගත යුතු ශිල්පීය ක්‍රම
තුනක් බුදුපියාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. එනම් අරඤ්ඤගතෝවා,
රුක්ඛමූල ගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා යන්නයි. එයද බොහෝ අය අර්ථ කථනය කරගෙන
ඇත්තේ කැළෑවකට ගොස් ගසක් මුලට ගොස් පාළු ගෙයකට ගොස් භාවනා කිරීම
යනුවෙනි. එසේ ගැනීම ප්‍රඥාගෝචර නොවේ.
විශ්වාන්තර දහමක් වන බුදු දහම සමග එය එකඟ වන්නේ ද නැත. මන්දයත්
වනාන්තර, රුක්මුල්, පාළු ගෙවල් නොමැති ස්ථාන විශ්වය තුල ඕනෑ තරම් ඇති
බැවිනි. එවිට එවන් ප්‍රදේශවල සත්වයන් එම ක්‍රමය අනුගමනය කරන්නේ් කෙසේද?
එබැවින් එහි අදහස එවන් සංඥාවයි. අරඤ්ඤගතෝවා යනු අරඤ්ඤ සංඥාව ගැනීමයි.
එනම් ජීවිතය වනාන්තරයක් සේ සැලකීමයි. වනාන්තරය උවදුරු සහිතය. භයානකය.
රුදුරු වන සතුන්ගෙන් ගහනය. කෙළෙස් නමැති වන සතුන්ගෙන් ගහන ජීවිතය ඊටත්
වඩා උවදුරු සහිතය. මෙවැනි සිතිවිල්ලක් ඇතිකර ගැනීම අරඤ්ඤ සංඤාවයි.
එසේම රුක්ඛමූල සංඥාව නම් ගසක් මුලකට පැමිණියාක් මෙන් ඇතිවන හැගීමයි.
ගසක් මුල සෙවන ඇත. ගමන් විඩාවට සහනය දෙන තැනකි. නමුත් එතැන රැඳී සිටිය
යුත්තේ ටික වෙලාවකට පමණි. සහනය ඇතැයි දිගටම ගස මුල රැඳී සිටියහොත්
පීඩාවට පත්වේ. ජීවිතයද එසේය. තාවකාලික සැප ලැබුණද එය සුළු මොහොතකට
පමණි. නැවත සුපුරුදු දුකට පත්වේ. එබැවින් එතැනින්ද හැකි ඉක්මණින්
ඉවත්විය යුතුය.
සුඤ්ඤාගාරයක හෙවත් පාළු නිවසකද (අම්බලමක) සිත් ඇලවිය යුතු කිසිත් නැත.
අම්බලමකට පැමිණෙන්නේ රැයක් ගත කිරීමට පමණි. එහි උපයෝගිතාවය ඇත්තේ එක්
රැයකට පමණි. එබැවින් එතැනින්ද හැකි ඉක්මණින් පිටව යා යුතුය. මෙසේ සිතීම
සුඤ්ඤාගාර සංඤාවයි. මෙය කෙළෙස් ප්‍රහීන කිරීම පිණිස විදසුන් වඩන්නකු
විසින් දතයුතු ශිල්පයයි. මේ ශිල්පය අභ්‍යාස කිරීමෙන් සිතේ ඇලීම හීන වී
යයි. එය මහත් සුවයකි. එබැවින් මංගලය.
විනයො
ව්‍යවහාරයෙහි ඇති අදහස නම් යම්කිසි නීතිරීති පද්ධතියකට හෝ නියෝගවලට
යටත්ව විසීම යනුයි. නමුත් මෙහිදී විනය යන්නෙන් අදහස් කරන්නේ යෝගාවචරයා
විසින් පෙර කී ශිල්පය ක්‍රියාවට නැගීමේදී අවශ්‍ය කෙරෙන ශික්ෂණය හෙවත්
හික්මීමයි. ශිල්පිය භාවිතා කිරීමේදී පිළිපැදිය යුතු ආකාරයයි.
සතිපට්ඨානයෙහි ‘ආතාපි සම්පජානො සතිමා විනෙය්‍ය’ යනුවෙන් දැක්වෙන්නේ
එයයි. නොසැනසිල්ලට හේතුවන්නේ අභිජඣා දොමනස්ස හෙවත් ලෝභ දෝස දෙකයි. එම
ධර්මතා දෙක විනයනය කිරීම හෙවත් ඉවත් කිරීම සැනසිල්ලට හේතු වේ. එය
කෙරෙන්නේ අනුපස්සනාවෙනි, හෙවත් අනුව බැලීමෙනි. ක්‍රියාව දෙස බැලීම මෙම
විනයේ ප්‍රධාන ලක්ෂණය වේ. එය කායනුපස්සනාවයි. එසේ බැලීමේදී වින්දනයක්
ඇතිවේ. ඒ අනුව බැලීම වේදනානුපස්සනාවයි. ඊට අනුව සිතිවිලි පහළ වේ. ඒ
අනුව බැලීම චිත්තානුපස්සනාවයි.
එසේ සිත් පහළවීමේදී සිතේ ඇතිවන රත්වීම හා ඒ අනුව ඇතිවන කුසලා’කුසල
ධර්ම දෙස බැලීම ධම්මානුපස්සනාවයි. අකුසල ධර්ම ඇතිවන්නේ සිත රත්වීමෙනි.
සිතේ නිවීමෙන් කුසල ධර්ම ඇතිවේ. මෙසේ බැලීමෙන් සිත අධික ලෙස රත්වෙන්නට
ඉඩ නොදී ජීවත්වීම සඳහා පමණක් අවශ්‍ය කරන තාප මට්ටම රඳවා ගැනීමට කටයුතු
කිරීම හෙවත් පාලනය විනයයි. ඒ නිසා යෝගාචරයාට තම සිත සෞම්‍ය මට්ටමේ තබා
ගැනීමට හැකිවේ. එය සැපදායකය. එබැවින් මංගලය.
සුසික්ඛිතො
යෝගාවචරයා නිවන් මගේ් මෙසේ තවත් ඉදිරියට ගමන් කරයි. ඔහුගේ් සිත තවම
පවතින්නේ ධ්‍යාන මට්ටමේය. නමුත් සිත විදර්ශනාව දෙසට හරවා ඇත. අභිජ්ඣා
දොමනස්ස දෙක සන්සිදුවා ගැනීම සඳහා පෙර කී පරිදි විනය පුරුදු කරගෙන
යාමේදී බාහිර හේතු නිසා ඊට බාධා සිදුවිය හැකිය. ශරීරයේ මෙන්ම පරිසරයේ
තත්ත්වයන්ද, පූර්ව කර්ම ආදී කරුණු ද නිසා මෙසේ සිදුවිය හැකිය. ඉහත කී
විනය මාර්ගය මෙබඳු බලපෑම් වලින් දුර්වල වීමට ඉඩ නොදී ස්ථිරව පවත්වාගෙන
යාමට කටයුතු කිරීම සුසික්ඛිත යන්නෙන් අදහස් වේ. මෙයද සැනසීම සඳහා
හේතුවන බැවින් මංගල වේ.
සුභාසිතාච යාවාචා
බුද්ධාදි මහෝත්තමයන්ගේ දේශනා සුභාසිත වචන නම් වේ. එසේ දේශනා කර ඇති
වචනවල සත්‍යතාවය යෝගාවචරයා හට දැන් ප්‍රත්‍යක්ෂ වේ. එසේ වන්නේ ඒවා
භාවිතා කර අත්දැකීම් ලැබුණු විටය. ධර්මය අකාලිකය, එහි එහිපස්සික නම් වූ
විවෘත ස්වභාවය ඇත්තේය. ආදි කරුණු ඔහුට අත් දකින්නට ලැබේ. විනයත්
සුසික්ඛිත භාවයත් ඇතිකර ගත් යෝගාවචරයාට මෙසේ ධර්මයේ සත්‍යතාවය (සුභාසිත
බව) දැනෙන්නට පටන් ගනී. යහපත් වචන කථා කිරීම නොව දේශනා කර ඇති වචන හරි
බව වැටහීම සුභාසිතාචයාවාචා නම් වේ. මේ තත්ත්වය ඔහුට මහත් සුව ගෙන
දෙන්නකි. ඒ නිසා මංගලය.
මාතා පිතු උපට්ඨානං
මවට හා පියාට උපස්ථාන කිරීම මංගල කරුණක් බවයි ව්‍යවහාරයේ ඇති අදහස.
මවුපිය උපස්ථානය යහපත් සිරිතක් බවට විවාදයක් නැත. නමුත් එකල එම යහපත්
සිරිත දැනටත් වඩා හොඳින් ක්‍රියාත්මක විය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ්‍යක්
පෙරුම්පුරා ලොව්තුරා බුදුවරයකු ලොව පහළ වන්නේ සමාජයේ තිබෙන දෙයක්
හොඳයැයි අනුමත කිරීමට නොවේ. ලෝකයේ එතෙක් කිසිවකුත් විසින් නොදැන සිටි
අලුත් දෙයක් ප්‍රකාශ කිරීමටය.
මෙහි මවට උපමා වී ඇත්තේ මනෝධාතුවයි. පියාට උපමා වී ඇත්තේ ඉන්ද්‍රිය
පහයි. ජනිත කිරීම හා පෝෂණය කිරීම දෙමවුපියන්ගේ කාර්යභාරයයි. පියා
නොයෙක් ආකාරයෙන් දරුවන්ට අවශ්‍ය දේ උපයා සපයා දෙයි. මව ඒවා තැන්පත් කර
තබා ගෙන අවශ්‍ය අවස්ථාවල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදෙයි.
අලුත් චිත්ත මට්ටමක (විදර්ශනා චිත්තය) නමැති දරුවා නිර්මාණය කරන ලද්දේ
ඉන්ද්‍රිය පහත් මනෝ ධාතුවත් විසිනි. එහි පෝෂණය සඳහා එම ක්‍රියාව
තවදුරටත් සිදුවේ. එනම් ඉන්ද්‍රිය පහ මගින් කුසල අරමුණු රැගෙන එන අතර
ඒවා මනෝ ධාතුව තුළ තැන්පත් වේ. එයින් වන්නේ සිත තුළ ඇති ඉතිරි අකුසල
ධර්මද ක්‍රමයෙන් ප්‍රහීණ වී සිත සම්පූර්ණයෙන් කුසල තත්ත්වයට පත්වීමට
කටයුතු සිදුවීමයි. යෝගාවචරයා විසින් මේ තත්ත්වයට තව තවත් රුකුල් දීම
ආධාර අනුබල දීම මාතාපිතු උපට්ඨානං නම් වෙයි. මෙයද යහපතට හේතු වන බැවින්
මංගලය.
පුත්තදාරස්ස සංගහො
ඉහත මාතාපිතු උපට්ඨානං යටතේ දැක් වූ ඉන්ද්‍රිය පහටත් මනෝ ධාතුවටත් සිය
කාර්යය සඳහා තව තවත් අනුබල දීම නිසා හෙවත් එම තත්ත්වය තව තවත් වර්ධනය
කිරීම නිසා සිත ක්‍රමයෙන් ලෞකික තත්ත්වයෙන් ලෝකෝත්තර තත්ත්වයට පත් වේ.
සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, යන සංයෝජනයන් ක්‍රමයෙන්
ප්‍රහීණ වී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදි ගුණාංග වැඩීමට පටන්ගනී.
මෙම ගුණංග හැඳින්වෙන්නේ බ්‍රහ්ම විහාර නමිනි. බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨ යන
අදහසය. මෙම ශ්‍රේෂ්ඨ ගුණාංග හතර ඇත්තේ දෙමවුපියන් තුළ දරුවන් කෙරෙහිය.
එබැවින් සිතේ සිව්බඹ විහරණ මතුවීම අඹුදරුවනට සංග්‍රහ කිරීම හා සමානය.
මේ දැක්වෙන්නේ් යෝගාවචරයා ක්‍රමයෙන් සෝවාන් තත්ත්වයට පත්වන අවස්ථාවයි.
මෙය සැනසිල්ල ගෙනදෙන විත්ත මට්ටමක් බැවින් මංගලය.
අනාකුලාච කම්මන්තා
ව්‍යවහාරයේ ඇති අදහස වන්නේ කර්මාන්ත ව්‍යාපාර ආදී රැකී රක්ෂා කටයුතු
අවුලක් නැතිව කරගෙන යාම මංගල කරුණක් බවයි. නමුත් එයින් සැනසිල්ලක්
ලැබේද? වස්තු රැස් කිරීමේ ආශාව, තරගකාරී බව, ක්‍රෝධය, වෛරය ඇති තැන
සැනසිල්ල නැත. නමුත් ඉහත සඳහන් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා ලක්ෂණ
වලින් යුත් සිතින් (සෝවාන් සිතින්) කෙරෙන ක්‍රියාවල කිසිම අවුලක් ඇති
නොවේ.
සිතේ ක්‍රියාකාරීත්වය අවුල්සහගත තත්ත්වයකට පත්වෙන්නේ කාමරාග ව්‍යාපාද
දෙකේ් ක්‍රියාකාරීත්වය නිසාය. මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා මතු වූ
සිතෙහි කාමරාග ව්‍යාපාද දෙකට ඉඩක් නොලැබේ.
සෝවාන් තත්ත්වයට පත් යෝගාවචරයා තවත් ඉදිරියට ගොස් සකදාගාමී වන අවස්ථාවේ
මෙම කාමරාග ව්‍යාපාද දෙක දුර්වල කරන අතර, අනාගාමී වන අවස්ථාවේ එම
සංයෝජන දෙක සම්පූර්ණයෙන් නැතිකර දමයි. එවිට සිතේ ක්‍රියාකාරීත්වය
නිරවුල්ව සිදුවේ. එම නිරවුල් චිත්ත ස්වරූපය අනාකුලාච කම්මන්තා නම් වේ.
මෙය අප්‍රමාණ සැනසිල්ලක් ගෙන දෙන බැවින් මංගලය.
දානං
දාන යන්නෙහි සම්මුති අදහස දීම යනුයි. නමුත් එහි පරමාර්ථ අදහස අත්හැරීම
යන්නයි. ඉහත පූජා යනුවෙන් දැක්වූයේ ලෝකීය බැඳීම් අත්හැරීමයි. දාන යන්න
ඊට වඩා සියුම්ය. ඤාණවන්තයා විසින් ආමිස හා ප්‍රතිපත්ති මාර්ගයෙන් සිතේ
ඇති ඇලීම් බැඳීම් අත්හැරීමට උත්සාහ කිරීම මෙහි දාන යනුවෙන් අදහස් වේ.
අනාගාමි ඵලයට පැමිණ ඇති යෝගාවචරයා තුළ තවත් සංයෝජන ධර්ම පහක් ඉතිරිව
ඇත. එනම් රූපරාග අරූපරාග ආදි උද්ධම්භාගීය සංයෝජනය පහය. සක්කාය දිට්ඨි
ආදි ගොරහැඬි ඕරම්භාගීය සංයෝජන ප්‍රහීණ කර ඇති ඔහුගේ සිත මේ අවස්ථාව
වනවිට බොහෝ සේ නිවුනු තත්ත්වයකට පත්වී ඇත. ඒ නිසා ඔහුට ඉමහත් සුවයක්
දැනේ.
එම සුවදායක තත්ත්වය හොඳ බව ඔහුට දැනී යයි. එනම් එම සුවදායක තත්ත්වය
කෙරෙහි ඇලීමක් ඇතිවිය හැකිය. ඒ රූපරාග හා අරූපරාග යන තත්වයන්ය.
රූපරාග නම් වින්දනයක් ඇතිවන ආකාරයට වන රුප්පනය කෙරෙහි ඇළුම් කිරීමයි.
අරූපරාග නම් එසේ නොවන තත්ත්වයට ඇළුම් කිරීමයි. ඇලීම ඇතිවන්නේ නම් ඒ
කාමය ඇති බවට සාධකයකි. එබැවින් එම ඇලීම හෙවත් රූපරාග අරූපරාග තත්ත්වය
කාමරාගයේම පිරිවර කොටස් බව යෝගාවචරයා දැනගනී. එයද ප්‍රහීණ කළ යුතුය.
එබැවින් දාන යනු අනාගාමී ඵලයට පත් යෝගාවචරයා රූපරාග අරූපරාග දෙක
අත්හැරීමට දරණ උත්සාහයයි. මෙම උත්සාහය ඔහුගේ සැපයට හේතුවන බැවින් මංගල
කරුණකි.
ධම්ම චරියා
ව්‍යවහාරයෙහි ඇත්තේ ධර්මයෙහි හැසිරීම උතුම් කරුණක් බවයි. නමුත් මෙය ඉහත
කී දාන යන්නට සම්බන්ධ කර දැක්විය යුතුය. එහිදී එහි අදහස වන්නේ රූපරාග
අරූපරාග යන සියුම් ඇලීම් තත්ත්වයන් අත්හල පසු සිතෙහි ක්‍රියාත්මක වන
ධර්මතාවය දකිමින් දනිමින් (කිසිවක් නොකර) සිටීමයි. එම ධර්මතාවයන් නම්
සිව් බඹ විහරණ සහ සප්ත බොජ්ඣංග ආදියයි. මෙයද උතුම් කරුණක් බැවින්
මංගලය.
ඤාතකානංච සංගහො
සාමාන්‍ය ව්‍යවහාරය නම් නෑයන්ට සංග්‍රහ කිරීම මංගල කරුණක් බවයි. නමුත්
එය හැම විටම සත්‍ය නොවේ. මන්දයත් එක් එක් ආකාරයේ නෑයන් සිටින බැවිනි.
හිතවත් මෙන්ම අහිතවත් නෑදෑයෝ ද සිටිති. අහිතවත් නෑයන්ට සංග්‍රහ
කිරීමෙන් සිතේ සැනසීම ඇති නොවේ. එසේ නම් එය මංගල නොවේ. නියම නෑයානම්
දුකේදී හා සැපේදී තමාට එකසේ උපකාරි වන තැනැත්තාය. ඉහත කී ධම්මචරියා
තත්ත්වය නිසා මනෝධාතුවේ ඇතිවන සෞම්‍ය සටහන් ඤාති නම් වේ. දුක පහකර සැප
ලබාදෙන බැවිනි. සංග්‍රහ කිරීම නම් රුකුල් දීමයි. එය සැනසීමට හේතුවන
බැවින් මංගලය.
අනවජ්ජානි කම්මානි
මෙහිද ව්‍යවහාරයෙහි ඇති අදහස වන්නේ නිවැරදි ක්‍රියාවල යෙදීම මංගල
කරුණක් බවයි. එයින් හැඟෙන්නේ අකුසල් හෙවත් වැරැදි ක්‍රියා නොකර පුණ්‍ය
හෙවත් යහපත් ක්‍රියා වල යෙදීම සැපයට කරුණක් බවයි. පුණ්‍ය ක්‍රියාවල
යෙදීමද සංස්කාර හෙවත් කර්ම රැස් කිරීමකි. එය සසර දිගු කරයි. නමුත් ඉහත
කී ඤාතකානංච සංගහො තත්ත්වයෙන් පසුවීමේදී සිතෙහි අකුසල විතර්ක ක්‍රියා
කරන්නේ නැත. ක්‍රියා කරන්නේ කුසල විතර්ක පමණි. එබැවින් වැරැදි ක්‍රියා
සිදුවීමට ඉඩක් නැත. සිත කය වචනය තුනම ක්‍රියාකරන්නේ යහපත් ආකාරයටය.
නූපන් අකුසල් ඉපදෙන්නේ නැත. උපන් කුසල් දියුණු වේ. ‘වජ්ජ’ හෙවත් වැරැදි
කිසිවක් නොකරන මේ අවස්ථාව ‘අනවජ්ජානි කම්මානි’ නම් වේ. මෙයද සැප ගෙන
දෙන්නක් බැවින් මංගලය.
ආරති විරති පාපා
මෙහි සාමාන්‍ය අදහස වන්නේ පාපයන්ගෙන් වෙන්වීමත් ඒවායෙහි නිරත නොවීමත්
සැපයට හේතුවන බවයි. ආරති යනු අස්කිරීමය. තෝරාබේරා ගැනීමය. විරති යනු
ඉවත් කිරීමය. පාප යනු පීඩාවයි. අකුසල ධර්ම පීඩාකාරී බව අපි දනිමු.
පීඩාව මතුවන්නේ ඇලීම නිසාය.
නිවන් මගේ තවත් ඉදිරියට යන යෝගාවරචරයා පීඩාව මතු කරන අකුසල ධර්ම සුළු
වශයෙන් හෝ තම චිත්ත සන්තානය තුළ ඇත්නම් ඒවා තෝරාබේරා ගෙන සිතින් ඉවත්
කිරීම ආරති විරති පාපා යන්නෙන් අදහස් වේ. එසේ කළ හැකි වන්නේ සිත දෙස
බලා සිටීමෙනි. අනවජ්ජ කම්ම තත්ත්වයට පත් සිතෙහි ඊළඟට මතුවන්නේ මෙම ආරති
විරති ස්වභාවයයි. එයින් සිත තව තවත් පිරිසුදු තත්ත්වයට පත්වේ. එය
සැනසිල්ල මතු කරයි. එබැවින් මංගලය.
මජ්ජපානා ච සඤ්ඤාමො
ව්‍යවහාරයෙහි ඇති අදහස වන්නේ මත්පැනින් වෙන්වීම මංගල කරුණක් බවයි.
මත්පැනින් වෙන්වීම ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තියක් බව කිවමනා නොවේ. නමුත්
අනාගාමී තත්ත්වයේ පසුවන පිරිසුදු සිතක් ඇති පුද්ගලයකු මත්පැන් සමග
සම්බන්ධයක් ඇති විය නොහැකිය. එබැවින් මෙහිදී ගත යුතු වන්නේ මත්පැන්
පානයෙන් ඇතිවන ස්වභාවයයි. එනම් මත් වීමයි. මදය හා ප්‍රමාදයයි. මත්වීම
ඇති වන්නේ මත්පැන් පානයෙන් පමණක් නොවේ. තම උසස් තත්ත්වයන් ගැන
පුද්ගලයකු මත්විය හැකිය. ධනය නිලය බලය ආදියෙන් මෙනි.
යෝගාවචරයාද තමා දැන් පත් වී සිටින උසස් තත්ත්වය ගැන මත්විය හැකිය. එනම්
ආරති විරති පාපා තත්ත්වය නිසා ඇති වී ඇති පිරිසුදු උසස් තත්ත්වයයි.
ඇතැම් විට තමා නිවන් මගේ ඉහළම තත්ත්වය පත්වී ඇත යනුවෙන් සිතීමට
පුළුවන. තවත් ඉදිරියට කළ යුතු දෙයක් නැත යනුවෙන් සිතිය හැකිය. එය ඉදිරි
ගමනට බාධාවකි. එබැවින් එසේ මත් නොවී සිටීම ඔහුට හිතකරය. එබැවින් මංගලය.
අප්පමාදොච ධම්මේසූ
ධර්මයෙහි නොහොත් යහපත් කටයුතු වල ප්‍රමාද නොවිය යුතුය. ඒවා කල් නොදමා
සිදුකළ යුතුය යනු ව්‍යවහාරයෙහි ඇති අදහසයි. ධර්මය යන්නෙන් මෙහිදී
ගැනෙන්නේ කුසල් දහම් ය. මෙතෙක් දියුණු වූ සිත ඉහත සඳහන් කළ ආකාරයට
ප්‍රමාදයට පත්වුවහොත් ආපස්සට ගමන් කළ හැකිය. බොජ්ඣංග ධර්ම බ්‍රහ්ම
විහරණ, බෝධි පාක්ෂික ධර්ම, අරි අටඟ මග ආදී ගුණධර්ම පිරිහෙන්නට නොදී
ආරක්ෂා කළ යුතු ඒවාය.
නිවන් මගේ ඉදිරියට යන යෝගාවචරයා ආරති විරති යනුවෙන් ඉහත දැක්වූ ආකාරයට
අකුසල ධර්ම ඉවත් කිරීමෙන් ඇතිවන තත්ත්වය කෙරෙහි මජ්ජපානාච සඤ්ඤමො
යනුවෙන් දැක්වූ ආකාරයට උද්දාමයට පත් නොවී සිටින විට සතිය සහ විදර්ශනාව
ඔහු තුල ඉතා සියුම් ලෙස හා වේගවත් ලෙස ක්‍රියාත්මක වීමට පටන්ගනී. මේ
තත්ත්වය බිඳ වැටෙන්නට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට උත්සුක වීම, කල්පනාකාරී
වීම මෙහි ඇති අප්‍රමාදයයි.
එකී ධර්ම ස්වරූප යථාපරිදි මනසිකාරයට නොවැටහුනහොත් මෙතෙක් ඔහු ගමන් කළ
මාර්ගය වෙනස් වීමට හෝ ඉන් ඉවත් වීමට පුළුවන. එවැනි තත්ත්වක් ඇති කර
නොගෙන පෙර කී මුලාවෙන් තොරව සිටීමේදී මතුවන ධර්ම ස්වරූප නොපිරිහෙලා
තවදුරටත් ඉදිරියට ගෙනයාම අප්පමාදොච ධම්මේසු යන්නෙන් අදහස් කෙරේ.
මෙසේ සිතෙහි මතුවන ධර්මතාවය මනා පරීක්ෂාවෙන් යුතුව පාරිසරික හෝ ශාරීරික
බාධාවකින් තොරව අතරමග නතර නොවී නොකඩවා ක්‍රියාත්මක වන්නට ඉඩ හරින
යෝගාවචරයාට කල් නොයවාම රහත්මග ප්‍රත්‍යක්ෂ වේ. (මාන, උද්ධච්ඡ, අවිජ්ජා
යන ඉතිරි සංයෝජන ධර්මද ප්‍රහීණකර) එය අති උතුම් මංගලයයි. ‘ගාරවොච
නිවාතොච’ ආදි වශයෙන් මින් ඉදිරියට විස්තර වන්නේ රහත් සිතේ ලක්ෂණ හෙවත්
රහත් සිත ඉදිරියට ක්‍රියා කරන ආකාරයයි.
(අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද
නාහිමිපාණන් වහන්සේගේ ධර්ම විග්‍රහයක්
ඇසුරිනි)
|