ඩෙන්මාර්කයේ
බුදු සසුන
එදා සහ අද
කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති
ශාස්ත්‍රපති
කිරිඳිගල්ලේ ඤාණරතන හිමි
මෙහි උගත් ජනයා ලොව පුරා කතා බහට ලක්වන මෙම නව චින්තනවාදී
විප්ලවීය මත ධාරාවන් කෙරෙහි
විමසුම් ඇසින් බැලීමට
පෙළඹුණා පමණක් නො ව පිටරටින් සංක්‍ර‍්‍රමණය වූ මේ නව ආගම දෙසද ඔවුනට මේ
ස්වරූපයෙන් දකින්නට
කල්පනා කරන්නට, සාකච්ඡා
කරන්නට අවස්ථාව ලැබිණි.
මැවුම්කාර දේවවාදී
ආගම්වලට වඩා වෙනත්
ස්වරූපයේ ඉගැන්වීමක සේයාවක් මෙහි විද්‍යාමාන වන බව ඔවුනට
පෙනෙන්නට විය.
උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු රටවලට අයත් රටක් ලෙස ඩෙන්මාර්කය
හැඳින්විය හැකිය. මෙහි රාජ්‍ය ආගම රෝමානු කතෝලික ආගමයි. බුදුදහම
කෙරෙහිද ඇති වී ඇති පිඹිදීම ප්‍රසංශනීය වේ. මීට වසර 30 කට පමණ ඉහත කාල
සීමාව තුළ යුරෝපය පුරාම බුද්ධිමය සංවාදයකට ඉඩ සර විවර වීමත් සමඟ
පුද්ගලයා අලුතින් සිතීමටත් අලුත් සොයාගැනීම් වලටත් පුදුමාකාර විදියක
ප්‍රවනතාවයක් දක්වන්නට ලැබුණි. එම පසු බිම තුළ දී ඉතාම සුළුතර බෞද්ධ
පිරිසක් විසූ ඩෙන්මාර්කයේ වර්තමානය වන විට 20000 - 25000 ක් පමණ ජීවත්
වේ.
මේ ප්‍රමාණය දවසින් දවස ඉහළ යන බව සමීක්ෂණ වාර්තාවලින් සනාථ වී ඇත. මේ
කාලවකවානුව තුළ දී ආගමන විගමන ගැටලු ද අද තරම් ප්‍රබලව නොතිබුණ නිසා
ආසියාකරයෙන් පැමිණ මෙහි පදිංචිවන්නන්ගේ සංඛ්‍යාව වැඩි වන්නට විය. එසේ
පැමිණි පිරිස 80% ක් පමණ වන අතර එයින් 20% ක් ටිබෙට් බෞද්ධයන් ලෙස
සඳහන් වේ. ඩේනිෂ් ජාතිකයන් 0.5% ක ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන වලින්
විද්‍යාමාන වුවත් එය දිනෙන් දින වැඩිවන ස්වභාවයක් දක්නට ලැබේ.
ඩෙනිෂ් ජාතිකයන් බොහොමයක් බුදු දහම වැළඳ ගනු ලබන්නේ පොත්පත් කියවීමෙන්
හා භාවනා මාර්ගයට පිවිසීමෙනි. ඇතමුන් මෙය ජනපි‍්‍රය ආගමක් නිසා
විලාසිතාවට ද බෞද්ධයැයි කියා ගන්නා අවස්ථා ද නැතුවා නොවේ.
බුදුදහම පිළිබඳ පළ වී ඇති පොත්පත් සාප්පුවල හා පුස්තකාලවල බොහොමයක් ඇති
නිසා ඒවායින් ද අවබෝධය ලබා ගනී. බුද්ධාගමට නැඹුරු වූ අය ඒ චාරිත්‍ර
විධි වලට කැමැත්තක් දක්වන අතර ඒවා වඩවඩාත් ප්‍රගුණ කිරීමට කැමැත්තක්
දක්වයි.
ඩෙන්මාර්කයේ බෞද්ධ ඉතිහාසය පිළිබඳව මදක් කරුණු විමසීමේදී අවධානය යොමුකළ
යුතු විශේෂ අංශයක් පෙන්වා දිය යුතුය. 19 වෙනි සියවසේදී පමණ බෞද්ධ තර්ක
න්‍යාය මෙන්ම භාෂා ශාස්ත්‍ර කෙරෙහි බටහිර ලෝකය පුදුමාකාර පිබිදීමකින්
ක්‍රියා කොට ඇත.
උගත් ජනයා පමණක් නොව සාමාන්‍ය ජනයාද නව සොයා ගැනීම් මෙන්ම නව ඉපදීම්
බිහිවීම් කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කරන්නට පෙළඹුන බව පෙනේ.
මෙහි උගත් ජනයා ලොව පුරා කතා බහට ලක්වන මෙම නව චින්තනවාදී විප්ලවීය මත
ධාරාවන් කෙරෙහි විමසුම් ඇසින් බැලීමට පෙළඹුණා පමණක් නො ව පිටරටින්
සංක්‍ර‍්‍රමණය වූ මේ නව ආගම දෙසද ඔවුනට මේ ස්වරූපයෙන් දකින්නට කල්පනා
කරන්නට, සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබිණි. මැවුම්කාර දේවවාදී ආගම්වලට වඩා
වෙනත් ස්වරූපයේ ඉගැන්වීමක සේයාවක් මෙහි විද්‍යාමාන වන බව ඔවුනට
පෙනෙන්නට විය.
ඔවුන් ගේ මෙම බුද්ධියේ නව පිබිදීම හා බද්ධ වී ගමන් කරණ ආගම බවට ඔවුන්
බුද්ධාගම හඳුනා ගත්හ. ඒ අනුව බුදුදහමේ දාර්ශනික ඉගැන්වීම් ඉතා ඉක්මනින්
මේ උගත් පිරිසට ග්‍රහණය වූ අතර ඔවුන් ජීවිතයට සමීප කර ගනිමින් ඒ අනුව
සිතීමට පුරුදු විය.
මෙම පසුබිම යටතේ 1921 දී Doctor Christian F.
Melbye මැතිතුමා
ප්‍රථම වරට ඩෙන්මාර්කයට බුදු දහමේ අධ්‍යාත්මික පණිවිඩය ගෙන එනු ලැබූ
අතර එතුමාගේ මූලිකත්වයෙන් Founded the Buddhist
society in Denmark නම් සංවිධානය පිහිටුවන ලදී. මෙතුමා අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් හා
D.T. Suzuki යන දෙදෙනා සමග ඉතා ලඟ ඇසුරක් ලැබූ පුද්ගලයෙකි. ඒ නිසාම
මෙතුමා ගේ කාලයේ දී තවත් ජාත්‍යන්තර සංවිධාන දෙකක් මෙතුමාගේ
ප්‍රධානත්වයෙන් ආරම්භ කරන්නට යෙදුණි. එනම් Bund
fuir Buddhistische Leben and Mahabodhi Society යනුවෙනි. මෙම සංවිධාන දෙකම තත්ත්වයක්
ඇති සංවිධාන දෙකක් බවට පත්වන්නට විය.
මෙම සංගම් දෙක ඇති කලත් මෙම අලුත් ආගමට හුරුවීමට ඩේනිෂ් ජනයාට එතරම්ම
ලෙහෙසි නොවන බව ඔහු තේරුම් ගත්හ. 1953 දී Melbye ලොවින් සදටම සමුගන්නට
විය. අනුක්‍රමයෙන් බෞද්ධ සිතිවිලි තුඩින් තුඩ තැනින් තැන ඩේනිෂ් සමාජයට
කාන්දු වෙන්නට පටන් ගැනුණි. විශේෂයෙන් ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තේ
බෞද්ධාගම නොව එහි අන්තර්ගත අධ්‍යාත්මීය ගුණ සමුදාය බව කාටත් පාහේ අවබෝධ
වන්නට විය.
මතු සම්බන්ධයි
|