සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය - තණ්හාව - රාගය හෙවත් ආශාව මුල්කොටගෙන සිතත් ක්‍රියාවනුත්
කෙලසීමට පත්වෙයි. මේ ක්ලේශ ධර්ම දහයක් - ධර්මයෙහි සඳහන් වේ. ඒ ක්ලේශ
ධර්ම දහය නාමික වශයෙන් සඳහන් කරන්න.
පිළිතුර - ලෝභ ,දෝෂ,මෝහ , මාන , දිට්ඨි , විචිකිච්ඡා , ථීන ,උද්ධච්ච ,
අහිරික අනොත්තප්ප
ප්‍රශ්නය - කාමරාග - ව්‍යාපාද යන සංයෝජන නැතිවන්නේ කුමන මාර්ග ඵලයකට
පැමිණීමෙන්ද?
පිළිතුර - අනාගාමී මාර්ග ඵලයට පැමිණීමෙනි.
ප්‍රශ්නය - සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන සතර කර්ම ක්ලේශ මොනවාද?
පිළිතුර - ප්‍රාණඝාත - අදත්තාදාන - කාම මිථ්‍යාචාර මුසාවාද යනු එම සතර
කර්ම ක්ලේශ වේ.
ප්‍රශ්නය - පරමාර්ථ ධර්ම මුල්කරගෙන දේශනා කරන ලද ධර්මය හැඳින්වෙන්නේ
කුමන නමකින්ද?
පිළිතුර - අභිධර්මය වශයෙනි.
ප්‍රශ්නය - මරණින් මතු නැවත උපතක් නැතැයි සිතා ඉන්ද්‍රියයන් සතුටු
කිරීම පිළිබඳ තෘෂ්ණාව හැඳින්වෙන්නේ කුමන නමකින්ද?
පිළිතුර - විභව තණ්හාව ලෙස හැඳින්වෙයි.
ප්‍රශ්නය - පව් කම් කළ උපත ලබන ස්ථාන හතරක් ගැන ධර්මයෙහි සඳහන් වේ. එම
ස්ථාන සඳහන් කරන්න.
පිළිතුර - නරක තිරිසන් - පේ‍්‍රත අසුර යන සතර වේ
ප්‍රශ්නය - කුසල් සිතිවිලි වලක්වන සිතිවිලි 05 ක් ගැන සඳහන් වේ.මේවාට
පංච නීවරණ ධර්ම යනුවෙන්ද දැක්වේ. එම නීවරණ ධර්ම මොනවාද?
පිළිතුර - කාමච්ඡන්ද - ව්‍යාපාද , ථීනමිද්ධ , උද්ධච්ඡ කුක්කුච්ච ,
විචිකිච්චා
ප්‍රශ්නය – චක්‍ෂුරාදී ඉන්ද්‍රියයන් ඔස්සේ පාපචේතනා පහළ නොවන පරිදි
හික්මීම හැඳින්වෙන්නේ කුමන නමකින්ද ?
පිළිතුර - ඉන්ද්‍රිය සංවර සීලය ලෙස හැදින්වේ.
ප්‍රශ්නය - බුද්ධ කාලීන පැරණි භාරතය ප්‍රබල රාජ්‍ය 04 කට බෙදී තිබුණි.
ඒ රාජ්‍ය 04 මොනවාද?
පිළිතුර - මගධ, කෝසල, වත්ස, අවන්ති යනු එම රාජ්‍ය හතර වේ.
ප්‍රශ්නය - ඇසළ පෝදිනයේ සිදුවුණු ශාසනික සිද්ධීන් කීපයක් සඳහන් කරන්න.
පිළිතුර – සිදුහත් කුමරු, මවුකුස පිළිසිඳ ගැනීම, අභිනිශ්ක්‍රමණය ,
දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම. මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය
දේශනා කිරීම, යමා මහ පෙලහර පෑම යනු කරුණු ප්‍රධාන වේ.
ප්‍රශ්නය - බුදු ගුණ විස්තර කරමින් විද්‍යාචක්‍රවර්ති පඬිවරයා විසින්
පොලොන්නරු යුගයේ රචනා කරන ලද ග්‍රන්ථය කුමක්ද?
පිළිතුර - බුත්සරණ
ප්‍රශ්නය - තම දරුවා මළ සෝකයෙන් පසුවුණු එක්තරා ස්ත්‍රියක් බුදුරජාණන්
වහන්සේ ගේ මහා කරුණාව නිසා සැනසිලි සුවය ලබා පැවිදිව රහත්ඵලයට ද
පත්වූවාය. ඇය කවුද?
පිළිතුර – කිසාගෝතමි
ප්‍රශ්නය - බහුශ්‍රැත ශ්‍රාවිකාවන් අතර ප්‍රධානත්වය ලබා සිටියේ කවුද?
පිළිතුර - ඛුජ්ජුත්තරා ශ්‍රාවිකාව
ප්‍රශ්ණය- පැරැණි කැටයම් අතර ‘මුරගල’ මෙයින් අදහස් කෙරෙන්නේ කුමක්
ගැනද?
පිළිතුර - බෞද්ධ සිද්ධස්ථානයක ට පිවිසෙන පියගැට පෙළ දෙපස දක්නට ලැබෙන
ආරක්‍ෂක රූපයක් ඇතුළත් කැටයමකි.
ප්‍රශ්නය - අනිමිස ලෝචන පූජාව කෙටියෙන් විස්තර කරන්න.
පිළිතුර - බුද්ධත්වය අවබෝධ කරගැනීමට සෙවණ දුන් බෝධීන් වහන්සේ දෙස
ඇසිපිය නොහෙළා බලා සිට කළ ගුණ දැක්වීමය.
ප්‍රශ්නය - බුද්ධ කාලයේ භාරතීය සමාජය කුල නැත්නම් වර්ණ වශයෙන් කොටස්
කීයකට බෙදී තිබුණා ද? ඒවා මොනවාද?
පිළිතුර - කොටස් සතරකි. බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය , වෛශ්‍ය , ශුද්‍ර, යනු
එම සිවු කොටස වේ.
ප්‍රශ්නය - සමනළ කඳු මුදුනේ සිරිපා සටහන පිහිටුවූවේ බුදුරජාණන් වහන්සේ
ගේ කීවෙනි ලංකාගමනේද?
පිළිතුර - තුන්වන ලංකා ගමනේ දී මණිඅක්ඛික නාරජු ගේ ආරාධනයෙන් කැලණියට
වැඩි ගමනේ දීය.
ප්‍රශ්නය - සිදුහත් කුමරා ගේ ජන්ම භූමිය අයත් වන්නේ දඹදිව කුමන ජනපදයට
ද? පැහැදිලි කරන්න.
පිළිතුර - කෝසල ජනපදයට අයත් ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුරයයි.
ප්‍රශ්නය - සුද්ධෝදන රජතුමා තම පුත් සිදුහත් කුමරා කවරෙකු වෙනවා දැකීමට
වැඩි ආසාවක් දැක්වූයේද?
පිළිතුර - සක්වති රජෙකු වෙනවා දැකීමට බලවත් කැමැත්තක් තිබිණි.
ප්‍රශ්නය - අංගුලිමාල දමනය සිදුවුණේ බුදුරජාණන් වහන්සේ ගේ කීවෙනි වස්
කාලයේද?
පිළිතුර - 20 වෙනි වස් කාලයේ දී ය.
ප්‍රශ්නය - බුදුගුණාලංකාරය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?
පිළිතුර - වීදාගම මහා මෛත්‍රෙය හිමිපාණන් විසිනි.
ප්‍රශ්නය - මහින්දාගමනයෙන් පසු අපේ රටේ බිහිවුණු මුල් ම අධ්‍යාපන ආයතනය
කුමක්ද?
පිළිතුර - අනුරාධපුර මහා විහාරය
ප්‍රශ්නය – කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතින් වටාපතක් පිළිගෙන ලක්දිව
වැඩසිටි පළමුවන සඟරාජ මාහිමිපාණන් වහන්සේ කවුද?
පිළිතුර – වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සිරි සරණංකර සඟරාජ මාහිමිපාණන්
වහන්සේ
ප්‍රශ්නය - කාන්තාවනට මෙහෙණි සස්නට ඇතුළු වීමේ වරප්‍රසාදය බුදුරජාණන්
වහන්සේ වෙතින් ලබාදීමට උනන්දු වුණේ කවුද?
පිළිතුර - ආනන්ද හාමුදුරුවෝ
ප්‍රශ්නය - සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට පසුවූයේ
කීවෙනි වියේද?
පිළිතුර - 35 වන වියෙහිදී .
ප්‍රශ්නය - අනුරාධපුර පූජනීය භූ®මියේ බෞද්ධ බලය තහවුරු කිරීම සඳහා
මූලිකත්වය ගෙන කටයුතු කළ තැනැත්තා කවුද?
පිළිතුර - බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා
ප්‍රශ්නය – බුද්ධ කාලයේ පිරිස් බලය අතින් මහ පිරිස් ඇති ව සිටි
ශ්‍රාවකයන් වහන්සේ කවුද?
පිළිතුර - උරුවෙල කාශ්‍යප තෙරුන් වහන්සේ
ප්‍රශ්නය - පස්වන සියවසේ මහානාම රජ දවස ලංකාවට පැමිණි චීන ජාතික
දේශාටකයන් වහන්සේ කවුද?
පිළිතුර - පාහියන් භික්ෂූන් වහන්සේ
ප්‍රශ්නය -බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව විස්තර කෙරෙන අපේ
ජනපි‍්‍රය ජාතක කථාව කුමක්ද?
පිළිතුර - උම්මග්ග ජාතකය
ප්‍රශ්නය - බුද්ධ කාලයේ ජන සම්මත සමූහාණ්ඩු ක්‍රමයක් පැවතියේ පැරැණි
දඹදිව කුමන ප්‍රදේශයේද?
පිළිතුර - වජ්ජිරට (විශාල මිථිලා )
ප්‍රශ්නය - බුද්ධ පරිනිර්වාණයෙන් සියක් වසක් ගිය තැන විනය විරෝධී
දසවස්තුවක් ඉදිරියෙහි තබා මහා සාසන අර්බුදයකට මුලපිරූ භික්ෂු පිරිස
කවුද?
පිළිතුර - වජ්ජිපුත්තක ප්‍රධාන භික්ෂු පිරිසක්.
ප්‍රශ්නය - දෙවැනි ධර්ම සංගීතියෙහි ප්‍රධානත්වය ගත් මහා තෙරුන් වහන්සේ
කවුද?
පිළිතුර - ආනන්ද හිමියන්ගේ ශිෂ්‍ය සබ්බකාමී මාහිමි.
ප්‍රශ්නය - දෙවැනි ධර්ම සංගීතිය පැවැත් වූ ස්ථානය කුමක්ද?
පිළිතුර - වජ්ජිරට - විශාල මහනුවර වාලුකාරාමය
ප්‍රශ්නය - මනසින් කෙරෙන අකුසල්වලින් එකකි අභිධ්‍යාව. එය සම්පූර්ණ
අකුසලයක් වීමට අංග කීයක් අවශ්‍යද? ඒ මොනවාද?
පිළිතුර - 02 යි.අන්වස්තුවක් වීම, එය තමා සතු වේවායි ප්‍රාර්ථනා කිරීම
ප්‍රශ්නය - ධර්මානුකූල ව කුසල් සිත් සියල්ල කොටස් 04 කට බෙදේ. ඒ කොටස්
04 නම් කරන්න.
පිළිතුර - කාමාවචර කුසල් සිත, රූපාවචර කුසල් සිත, අරූපාවචර කුසල් සිත,
ලෝකෝත්තර කුසල් සිත.
|