සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය
සීලය චාරිත්‍ර හා වාරිත්‍ර යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන්කොට ඇත.
මෙයින් “වාරිත්‍ර” සීලය පැහැදිලි කරන්න.
පිළිතුර
කය-වචනය-සිත යන තුන්දොරින් සිදුවන අකුසල (අයහපත්දේ) වලින්
වැලකීම-වාරිත්‍ර සීලය නම් වේ.
ප්‍රශ්නය
බෝසත් සිරිතෙහි දක්නට ලැබෙන මූලික ගුණාංග දෙකක් ඇත. ඒ මොනවාද?
පිළිතුර
මහා කරුණාව හා මහා ප්‍රඥාවය.
ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයේ දැක්වෙන රජවරුන් අතරෙන් තෙරුවන් සරණ ගිය මුල්ම රජු ලෙස
සඳහන් වන්නේ කුමන රජතුමාද?
පිළිතුර
මගධ රට සේනිය බිම්බිසාර රජතුමාය.
ප්‍රශ්නය
අනුරාධපුර විශාලතම ස්ථූපය වන ජේතවන ස්ථූපය කරවන ලද රජතුමාගේ නම කුමක්ද?
පිළිතුර
මහසෙන් මහරජතුමා
ප්‍රශ්නය
ගිහිගෙයින් නික්ම සසුන් ගත වුවන් සහ ගිහිගෙය වසන්නාවූත් ශ්‍රාවකයන්
පිළිබඳව පිළිවෙත කුමක්දැයි බුදුරදුන් වෙතින් “ධම්මික” උවසුවා විමසූ විට
පිරිපුන් මහණදම් උවදුරු බාධක සහිත ගිහියාට පුරන්නට නොහැකි බව වදාරා
ගිහිවත දේශනා කළහ. පැහැදිලි කරන්න.
පිළිතුර
අඹුදරුවන් සමගින් කම්සුව විඳින කසී සළු අඳින සඳුන් ඇඟ ගල්වන(මාලාගන්ධ
විලේපන) (පුත්තසම්බාධ සයන) රන්රිදී ඉවසන ගිහියන්ට මෙලොව පරලොව දෙකෙහිම
හිත සුව පිණිස පවත්නා මගක් සසුනෙහි ඇතිබවත්, ඒ අයද පැවිද්දන් මෙන්ම
ගිහියොත් ශ්‍රාවකයන් ලෙසම හඳුන්වන බව දීඝජානුකෝලිය සිටු පුත්‍රයාට
බුදුරදුන් වදාළහ. උජ්ජය බමුණාටද – උන්වහන්සේ සවිස්තරව පෙන්වා දුන්හ.
සදිසා නමදිමින් වෙසෙන ගිහියා ආර්යශ්‍රාවකයෙකු ලෙසත් දිසා නමස්කාරය
සසුනෙහි ඇතුළත් පිළිවෙතක් ලෙසත් (අරියස්සවිනයේ) සිඟාලක සිටුපුතුට
වදාළහ. අඹු සැමි සබඳතාවය උතුම් ගිහිගෙය යන අරුතින් සදාර බ්‍රහ්ම චරිය
යනුවෙන් ද ගිහි සැපය සදාර සන්තුටඨිය ලෙසින්ද දේශනා කළහ.
ප්‍රශ්නය
වටදාගෙය නමින් හැඳින්වෙන්නේ කුමන ගොඩනැගිලි විශේෂයක් පිළිබඳවද?
පිළිතුර
චෛත්‍යයක් ආවරණය කරමින් එම චෛත්‍යයෙහි ආරක්‍ෂාව සඳහා කරවන ලද
ගොඩනැගිල්ලකි.
ප්‍රශ්නය
පාලි සූත්‍රාගත දේශනා ඇසුරෙන් – බිරිඳකගේ යුතුකම් වගකීම් සහිත
කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර
බිරිඳ සැමියාට සැලකිය යුත්තේ සිඟාලෝවාද සූත්‍රදේශනාවට අනුව 1
(සුසංවිහිත කම්මන්නා) මැනවින් කරන ලද කර්මාන්තයෙන්. 2.( සුසංගහිත
පරිජනා) මොනවට සංග්‍රහ කරන ලද පරිවාර ජනයාගෙන් 3. අනතිචාරිනී අන්
පුරුෂයන් නොසෙවීමෙන් 4. (සම්භතං අනුරක්ඛති) එකතු කර ගත් - සැමියා
විසින් ගෙනෙන ලද -ධනය රැකගැනීමෙන් 5. සියලු කටයුත්තෙහි දක්ෂ හා
නොමැලිවීමෙන්ද යන පස් කරුණෙනි.
තවද උග්ගහ සූත්‍රයෙන්ද බිරිඳගේ යුතුකම් මෙසේ විස්තර කොට ඇත. 1. සිය
සැමියාට පළමුව අවදිවන්නී පසුව නිදන්නී, කළයුත්ත විමසා කටයුතු කරන්නී,
සැමියාගේ සිතැඟි පරිදි හැසිරෙන්නී, ප්‍රිය වචන කථාකරන්නීද වෙයි. 2.
සැමියාගේ මවද, පියාද, මහණ බමුණන්ද ගුරුහුද බුහුමන් කරන්නී. ආගන්තුක
පිරිස් සුහද පිළිගන්නී 3. සැමියාගේ කර්මාන්ත ව්‍යාපාර කෙරෙහි ද උපදෙස්
හා සහභාගීවන්නී දැසි දසුන් කෙරෙහි පරීක්‍ෂා කිරීමෙන් කළ නොකළ දෑ සොයා
බලන්නී ඔවුන් ගිලන් වූ විට උවැටැනින් හා වෙනත් උපකාර කරන්නී 5. සැමියා
සතු ධනය සුරකින්නී සැමියාට ධූර්තියක හෝ සෙරක නොවී සිටින්නීද වෙයි. මෙම
යුතුකම් විග්‍රහ කර බැලීමෙහිදී අඹුසැමි ප්‍රේමය වඩා තහවුරු වන අයුරුත්
පවුලේ ආර්ථිකය දෙදෙනා අතර විශ්වසනීයත්වය වැඩි දියුණු වන අයුරින් කටයුතු
කළ යුතු බව මෙයින් පැහැදිලි වෙයි.
ප්‍රශ්නය
ඉපැරණි ලක්දිව සිංහල රාජඋරුමය සංකේතය වශයෙන් සලකන ලද්දේ කුමන
සංකේතයක්ද?
පිළිතුර
ශ්‍රී දළදා වහන්සේ ආරක්‍ෂාව තහවුරු කළ තැනැත්තා රජකමට හිමිකම් ලබයි.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතූන් වහන්සේ නිදන් කොට ශ්‍රී
ලංකාද්වීපයෙහි තනවන ලද ස්ථූපය කුමක්ද?
පිළිතුර
අනුරාධපුර පූජනීය පෙදෙසේ දෙවනපෑතිස් මහරජතුමා විසින් කරවන ලද ථූපාරාම
ස්ථූපයෙහි දකුණු අකු ධාතූන් වහන්සේ නිදන්කොට ඇත.
ප්‍රශ්නය
පුරාණ “මණ්ඩලගිරි විහාරය” යන නමින් භාවිතාවෙන තමන්කඩුව දිස්ත්‍රික්කයේ
මැදිරිගිරියේ පිහිටා ඇති මෙම බෞද්ධ ආගමික ගොඩනැගිල්ල කුමක්ද?
පිළිතුර
මැදිරිගිරිය වටදාගෙය .
ප්‍රශ්නය
පළමුවරට ලක්දිව දළදා පෙරහරක් පවත්වන ලද්දේ කුමන රාජ්‍යපාලන කාලයෙහිදීද?
පෙරහර පැවැත්වූ දළදා වහන්සේ වැඩමකළ විහාරය කුමක්ද?
පිළිතුර
කිත්සිරිමෙවන් රජ දවස අනුරාධපුර – අභයගිරි විහාරස්ථානය වේ.
ප්‍රශ්නය
පරමාදර්ශී පාලකයා වන “සක්විති” රජුකෙරෙහි පිහිටිය යුතු ගුණාංග රාශියකි.
පෙළ දහමට අනුව චක්‍රවර්ති රජුගේ කාර්යභාරය චක්කවත්ති සිහනාද සූත්‍රාගත
තොරතුරු අනුව දේශීය මෙන්ම විදේශීය “සක්විති වත” විග්‍රහ කෙරේ. පැහැදිලි
කරන්න.
පිළිතුර
දස “සක්විති වත” යනුවෙන් දේශීය පිළිවෙත මෙසේ සඳහන් වෙයි. මෙයින්
විශේෂයෙන් හඳුන්වන්නේ පහත සඳහන් සමාජ කොටස් කෙරෙහි දැහැමි රැකවරණය
සලස්වාලීම පාලකයාගේ පරම යුතුකම සේ සැලකීමයි. 1 අන්තෝජනයා 2 බලසෙන් 3
අනුයුක්ත ක්‍ෂත්‍රියයන් 4 බ්‍රාහ්මණයන් ගෘහපතීන් 5 නිගම්වැසි දනව්වැසි
ජනයා 6 මහණ බමුණන් පමණක් නොව 7 මෘග පක්‍ෂීන් කෙරෙහිය. 8 රටෙහි අදැහැමි
කටයුතු නොපවත්නා ලෙසට කටයුතු සැලැස්වීම 9 රටතුළ නිර්ධනීන් ඇත්නම් ඔවුනට
ධනය දීම හා 10 උසස් චරිත ශක්තියෙන් යුත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇසුරුකොට
උපදෙස් ලබා බොහෝ කල් ජනහිතසුව පිණිස කටයුතු කිරීමය. සක්විති රජුගේ
විදේශ ප්‍රතිපත්තියට පන්සිල් රැකීමට අනුශාසනා කිරීම හා දැහැමි දිවි
පෙවෙත අනුගමනය සඳහා ජනතාව උනන්දු කිරීමද අනුමත කොට තිබේ.
ප්‍රශ්නය
පංච නීවරණයන්ගෙන් ආවරණය වූ සිත මෘදු නොවේ. උදාසීන වූ සිත වැඩෙහි යෙදවිය
හැකි නොවේ. පැහැබර නොවූ සිත කෙලෙස් ප්‍රහීණය සඳහා සමාධිගත නොවෙයි. ඒ
නීවරණ පස් නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධය උද්ධච්ච කුක්කුච්චය සහ
විචිකිච්චාවයි. මෙයින් කාමච්ඡන්ද නීවරණය පිළිබඳව කෙටි හැඳින්වීමක්
කරන්න.
පිළිතුර
රූප-ශබ්ද-ගන්ධ රස හා ස්පර්ශ යන පංචවිධ ප්‍රිය ජනක අරමුනු විෂයෙහි ඇලීම
කාමච්ඡන්දයයි. මෙය සත්වයා සසර බැඳ තබන සංයෝජනයක් වශයෙන්ද හැඳින්වෙයි.
සිත්ගන්නා සුලු කාම වස්තූ®න් නිසා සාමාන්‍ය පුද්ගල නම්‍යතාවය ඇතිවෙයි.
ආත්ම දමනය හා සංවරය නැතිකම නිසා ක්ලේශයන් වර්ධනය වීම නොවැලක්විය
හැකිය.මෙම නීවරණය චිත්ත ඒකාග්‍රතාව මගින් මර්දනය වෙයි. ඒකාග්‍රතාව
ධ්‍යානාංගයකි. සකදාගාමී වනවිට කාමච්ඡන්දය දුර්වල කරන අතර අනාගාමී
වීමෙහිදී මුලුමනින්ම සිඳලනු ලැබේ. (කාමරාගයට වඩා) සියුම්වූ රූප රාගය හා
අරූප රාගය (රූප හා අරූප ලෝක වලට ඇති බැඳීම) දුරුවන්නේ රහත් බව ලැබීමෙන්
පසුවයි.කාමච්ඡන්දය දුරුකර ගැනීම පිණිස පහත දැක්වෙන කරුණු හය උපස්ථම්භක
වෙයි. 1. අරමුණෙහි පිළිකුල් බව මෙනෙහි කිරීම 2. පිළිකුල් භාවනාව නිතර
නිතර වැඩීම 3. ඉඳුරන් සංවරකරගැනීම 4. පමණ දැන ආහාර ගැනීම 5 කළ්‍යණ
මිත්‍ර සේවනය 6 දැහැමි පිළිසඳර |