UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කාම්බෝජයේ ඇංකෝර් විහාරය

කාම්බෝජයේ ඇති “ ඇංකෝර් විහාරය “ මහාමේරු පර්වතය සංකේතවත් කරන විහාරයකි. පුදුම 7 න් එකක් ලෙස නාමිකව සලකනු ලබන එම විහාරය විශ්මය ජනක නිර්මාණයකි.

‘වම් අංකෝර් ‘ නමින් හඳුන්වනු ලබන මෙම විහාරය නැරඹීමට කාම්භෝජයට යාමද එතරම් ලෙහෙසි කටයුත්තක් නොවන බව පෙනේ. කවරෙකුගේ හෝ ආරාධනා ලිපියක්ද ඒ සඳහා අවශ්‍ය වේ. පළමුව තායිලන්තයේ බැංකොක් නුවරට ගොස් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් අනන්‍යතාව පෙන්වා අවසර ලිපියත් රැගෙන කාම්භෝජ තානාපති කාර්යාලයට යායුතු වේ. එහිදී ද අවසර ලිපි හා අනන්‍යතා ලිපි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වීසා ලබා ගත යුතුවේ.


ඇංකෝර් විහාරයට ඇතුළු වන ප්‍රධාන දොරටුව

කාම්බෝජයට යන අය පළමුව ගොඩබැසිය යුතුවන්නේ එහි අගනුවර වූ “ නොම්පේන් “ නගරයටයි. එහිදී රජ මාළිගය, රිදී ඇතිරූ ‘සිල්වර් පැගෝඩා ‘ පන්සලද, පොල්පොට්ගේ වධකාගාරයද නැරඹීමෙන් අනතුරුව ‘ඇංකෝර් විහාරය ‘ නැරඹීමට ‘සියම්රීප්’ නම් වූ පැරණි අගනුවරට යා යුතුවේ. කිලෝ මීටර් 300 පමණ වූ එම දුර යාමට බස් රථයට පැය 6 ක් පමණ ගතවේ. ගුවනින් යන්නේ නම් ගත වනුයේ පැය භාගයක පමණ කාලයකි. ‘සොන්ලේසැප්’ යන මහා සාගරය බඳු විල හරහා බෝට්ටුවලින්ද එම ගමන යා හැකිය.

මෙම විහාරය ඉතා විශ්මිත නිර්මාණයකි. ධ්ධ් වන සූර්යවර්නම් රජු විසින් 12 වන සියවසේදී ආරම්භ කර ඇති මෙම විහාර සංකීර්ණය නිම කිරීමට ලක්‍ෂ ගණනක් වූ ශිල්පීන් සහභාගි වී ඇත. මීටර් 1500 x1300 දිගට සහ පළලට සාදා ඇති මෙම විහාර සංකීර්ණය හෙක්ටයාර 81 පුරා විහිඳී පවතී. දිව්‍යලෝකය හා මහපොලොව යාකිරිමට මෙන් මෙම විහාර සංකීර්ණය මීටර් 213 ක් උසට සාදා තිබේ. සියලුම ගොඩනැගිලි පිළිම නෙලා ඇත්තේ තනි කළු ගලෙනි. වෙනත් ප්‍රදේශයක සිට කැටයම් කර එම ස්ථානයට ගෙනවුත් සවිකර තිබේ. ප්‍රධාන දොරටුව සූරයන් හා අසුරයන් ගේ කඹ ඇඳීම දැක්වෙන ගල් කැටයමින් නිර්මාණය වී තිබේ. දකුණු වාසලින් ඇතුළට යා හැක්කේ රාජකීය පරම්පරාවට පමණි. ගල්පොකුණු, දේදුනුපාලම් සියල්ල පසුකොට අංතෝර් විහාරය තුලට පිවිසෙන ඕනෑම අයෙකුට මෙම නිර්මාණය කෙසේ කලාදැයි අදහාගත නොහැකි තරම් වේ.පළමු කොරිඩෝරය පුරාම කැටයම් කර ඇත්තේ රාම , සීතා, රාවණා, කතාවය. ලංකාවේ සමහර ප්‍රදේශද එම කැටයම් තුල ගැබ්වී තිබේ.

1860 දී ප්‍රංශ මිෂනාරිවද විසින් මෙම ස්ථානය සොයා ගනිද්දී ඔව්හු සිතා ඇත්තේ මෙය දෙවිවරු හෝ යෝධයන් විසින් නිර්මාණය කළ ස්ථානයක් බවය. පළමු කොරිඩෝරය දිගේ ඇවිද දෙවැනි තට්ටුවට නැගි විට දක්නට ලැබෙනුයේ 2000 ක් පමණ වූ අප්සරාවියන්ගේ කැටයම් රූපපෙලකි. ඊට පසු මද ආලෝකය මැදින් පඩිපෙල නැග ඇතුලට ගිය විට බෞද්ධයන් වන්දනා කරන විහාරගෙය හමුවේ. ථෙරවාද බුදුදහම සඳහා වෙන්වූ එම කුටිය තුළ දහසක් බුදුන්ගේ ශාලාව නම් වූ ස්ථානයට ලඟාවිය හැකිය.


බයොන් විහාරය

1970 දී පමණ කේමුර් විප්ලවවාදී පොල්පොට් ගේ කාලයේදී මෙහි තිබූ බොහොමයක් බුද්ධ ප්‍රතිමා ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන ගොස් තිබේ.

ඊළඟ මහලට නැගි විට විශාල කණු 5 ක් දක්නට ලැබේ. එක් පැත්තක පුස්තකාල ගොඩනැගිල්ලකි. නැවතත් ඉහළම මහලට නැගිවිට බුද්ධ ප්‍රතිමා නෙළා තිබේ. මෙම අංකෝර් විහාරයෙහි ඇති විශේෂම ලක්‍ෂණය වනුයේ හින්දු බැතිමතුනට හා බෞද්ධ බැතිමතුනට එකවර එය වන්දනාමාන කර ගැනීමට ආගම් දෙකටම අයත් ප්‍රතිමා නෙලා තිබීමය. කුවේරයෝ , යම, ක්‍රිෂ්ණා, විෂ්ණු, රාවණා, සීතා, රාම, යමයා, වාසුකී, හනුමන්තා, මේ ආදී හින්දු දේවස්ථාන වල එන චරිත සියල්ලම මෙහි නිර්මාණය කර තිබේ. කාම්බෝජයේ ඇති විශේෂිත බෞද්ධ සිද්ධස්ථාන වලින් දෙවැනි වැදගත් ස්ථානය හිමිවනුයේ ‘බයොන් ‘ විහාරයටයි.

මෙම විහාරය තුළ පිහිටි මීටර් 3 1/2 ක් උස ප්‍රතිමාව විශේෂ වේ.

මෙම විශ්මකර්ම නිර්මාණ ඇති කැටයම් බැලීමට නම් කාම්බෝජයේ මසක් නේවාසිකව සිටිය යුතුයි. බෞද්ධ රටක් වන කාම්බෝජයට යෑමට වන්දනා ගමන් සංවිධානයක් නොමැතිවීම විශාල පාඩුවකි. වීසා ප්‍රශ්නය ප්‍රධාන තැන ගනී. මේ නිසා මෙම වීසා ලබා ගැනීමේ ක්‍රමය ලිහිල් කර දී ලාංකිකයනට කාම්භෝජයට ගොස් වැඳ පුදාගෙන ඒමට ඉඩ සැලැස්වීමට කටයුතු කිරීම පරමාර්ථය විය යුතුවේ.

 

 

 

උඳුවප් අමාවක පෝය
 
දෙසැම්බර් 15 වන දා අඟහරුවාදා අපරභාග 04.10 ට ලබයි.
16 වන බදාදා අපර භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]