රොහාන් ලලිත් ජයතිලක
ඉන්දීය භාරතීය කලා
කේන්ද්‍රයේ සාමාජික
භාග්‍යවතුන් වහන්සේ පළමු ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදායට
අශෝක අධිරාජ්‍යයා පැමිණ වැද පුදාගෙන පළමු ධර්ම දේශනාව වූ ධම්ම චක්ක
පවත්තන සූත්‍රය සංකේතවත්වීම පිණිස ද ගරාදී 24 ක් සහිත චක්‍රයක් ද සහිත
මහා සිහනාද සූත්‍රය සනිටුහන් කිරීම සතර දිසාවට මුහුණු ලා සිංහ රූප 4 ක්
ද සහිත සිංහ මස්ථකයක් සහිත කුලුනක් එම ස්ථානයේ
ස්ථාපිත කරන ලදී.
පසු ගිය පත්‍රය හා සම්බන්ධයි
කපිලවස්තු, කෝලි රජදහන, මල්ල රජදහන, අනෝමා නදිය, රාමග්‍රාමය,
ලොරියානන්ද නගර්, ලොරියා අරරාජ, කේසපුත්ත (කේසරියා) වෛශාල. ගංගා නදී
තරණය - මගධ රට - පාඨලී පුත්‍ර - රජගහ - තපෝදාරාමය - ගයාසිස - උරුවේලා -
සේනානිගම - බුද්ධගයා - බෝමැඩ ආදිය බුද්ධත්වයට පත්වීමට පැමිණි මාර්ගය
වේ.
රාමග්‍රාමය ඡන්න අශ්වාරෝහකයා සහ කන්ථක අශ්වයා ආපසු කපිල වස්තුවට හරවා
යවා තවුස් වස්ත්‍ර පැළඳි ස්ථානයයි. ලොරියා අරරාජ් ආලාර කාලාම තවුසාගේ
ආරාමයයි. එහි සිදුහත් කුමරු ඔහුගේ ශ්‍රාවකයකු ලෙස ඔහුගේ ධර්මය ඉගෙන
ගත්හ. එහි අශෝක රජු ධර්ම ලිපියක් සහිත කුලුනක් තනා ඇත. කේසපුත්ත
උද්දකරාම පුත්ත තවුසාගේ ආරාමයයි. එහිදීද ඔහුගේ ශ්‍රාවකයකු ලෙස කල්ගත
කලේය. එහිද අශෝක රජු ධර්ම ලිපියක් සහිත කුලුනක් තනා ඇත. වෛශාලියේද
කුසිනාරාව දෙස කඳුළු පිරි දෙනෙතින් වාඩි වී සිටින සිංහ රූප මස්ථකයක්
සහිත අශෝක කුලුනක් තනන ලදී.මෙම කුලුනු සියල්ල දැනුදු දැකිය හැකිය.
දඹදිව ශ්‍රී මහා බෝධිය |
රජගහට පැමිණියේ එම ස්ථානයේ වටා ඉසගිලි - වෙහාර - පාණ්ඩව , වේපුල්ල -
ගිජ්ජකූට යන නාමවලින් ප්‍රසිද්ධ තපස් ජීවිත ගත කරණ අයගේ අසපු තිබූ
බැවිනි. දැනුදු මෙම කඳුවල ලෙන් ඇත.
රජගහනුවර පිණ්ඩපාතයේ වඩින විලාශය බිම්බිසාර රජතුමා සිය මාලිගයේ සිට
දුටුවේය. එම ආගන්තුකයා ඉතාමත් ලක්‍ෂණ ශාන්ත ගමන් විලාශයක් ඇති බැව්
දුටු රජතුමා ඔහු සිය පණිවිඩකරුවන් යවා මෙම ආගන්තුකයා සිටින තැන සොයා
තමාට දන්වන ලෙස නියම කළේය. එම පණිවිඩකරුවන් පැමිණ එම ආගන්තුක උත්තමයා
පාණ්ඩව පර්වතයේ නැගෙනහිර බෑවුමේ සිටින බව දැන්වීය. රජතුමා වහාම සිය
රථයෙන් එහි ගොස් එම ආගන්තුක උත්තමයා ගේ වතගොත විමසීය. එවිට සිදුහත්
කුමරු පැවසූ දෑ බුදුරදුන්ගේ ජන්ම භූමිය ගැන නිශ්චිත වශයෙන්ම පසක් වෙයි.
පිළිතුර මෙසේය. උත්තමය හිමාල පාමුල කඳු වලට ඉහලින් කෝසලයන් වාසය කරන
ඉතා දියුණු සහ සශ්‍රීක දේශගුණයක් ඇත. ඔවුන්ගේ ජාතිය නම් කර ඇත්තේ
සුර්යා පාදක කර ගෙනය. ඔවුන්ගේ වංශය ශාක්‍ය වේ. මා ගිහිගෙය අත් හැරියේ
සැප සම්පත් පිණිස නොවේ. ජීවිතයේ කම්කටුලු දැක එයින් මිදීමට මා ගිහිගෙය
අත් හළෙමි. එයයි මාගේ අභිලාශය.(සුත්ත නිපාත 3 -1 )
වජ්‍රාසනය |
අශෝක රජතුමා නැවත ඔහුගේ බිසවකගේ දුව වන චාරුමතී සමග වර්තමාන නේපාලයට
වන්දනා ගමනක යෙදුණි. චාරුවතී එහිදී සිටුවරයෙක් සමග විවාහ වී එහි
රැඳුනි. අශෝක රජතුමා ලුම්බිණිය වැඳ පුදාගෙන එනම් රාජ්‍යත්වයෙන් 20 වැනි
වසරේ එහි පහත සඳහන් සෙල්ලිපිය සහිත කලුනක් ස්ථාපනය කරණ ලදී. එහි
අන්තර්ගතය මෙසේය. දේවානම්පි‍්‍රය පි‍්‍රයදර්ශීන් රජු රාජාභිශේකයෙන් 20
වසරකට පසු මෙහි පැමිණ වන්දනාමාන කළේය. එසේ සිදු කළේ බුද්ධ ශාක්‍යමුනි
මෙහි උපත ලද බැවිනි.
තවද ඔහු සුදු අශ්වයෙක් සහිත ගලක් ද එහි ගල් කුලුනක් ස්ථාපනය කළේ එහි
භාග්‍යවතුන් වහන්සේ උපත ලද ස්ථානය බැවිනි. ඔහු මෙම ලුම්බිණී ග්‍රාමය
අයබදු වලින් නිදහස් කර සිය භවභෝග වලින් ගෙවිය යුතු බද්ද අටෙන් එකක්
ලෙසට නියම කළේය. මෙම කුලුන අදත් දැකිය හැකිය.
ඉන් පසු අශෝක රජතුමා නිග්ලමා සහ සඟරාම යන දැනුදු එම නාම වලින්ම නේපාලයේ
ස්ථාන දෙකට ගොස් පිළිවෙලින් එම ස්ථානවල කෝණාගමන සහ කකුසඳ පෙර
බුදුරවරයන්ගේ ජන්ම භූමි සහ පරිනිර්වාණයට පත් වූ ස්ථාන ලෙස සටහන් කරමින්
කුªලුනු දෙකක් පිහිටුවන ලදී. එම කුළුණු දැනට කැඩී බිඳී කොටස් ආරක්‍ෂිත
කුටිවල තැන්පත් කර ඇත.
අජපල් නුග රුක |
කෝණාගම බුදුරදුන්ගේ ස්තූපය දෙවැනි වරට සාදන ලද බැව්ද නේපාල රාජ්‍යයේ
බස්ති දිස්ත්‍රික්කයේ නිශ්ලිව් ගංඟාවේ බස්නාහිර ඉවුරේ නිග්ලි ග්‍රාමයේ
සෙල්ලිපියක අශෝක රජතුමා සඳහන් කරයි.
භාග්‍යවතුන් වහන්සේ 80 වැනි වියට පත්ව අවුරුදු 45 ක් ධර්ම දේශනා පවත්වා
මහා පරිනිර්වාණය සඳහා කුසිනාරාවට සැතපුම් 451 ක් පියවි ගමනින් වැඩම
කළහ. වර්ෂයක් තුළ ආනන්ද හිමියන් සහ භික්‍ෂු සංඝයා සමග වැඩි ගමන් මාර්ගය
මෙසේය.
රජගහ ගිජ්ජකූට රජගහ අම්බපාලි උයනේ රාජාගාරය නාලන්ද හා පාවාරික අඹවනය
පාටලී ග්‍රාමය ගංගා නදී තරණය කෝං ග්‍රාමය ඤාති ග්‍රාම වෛශාලී අම්බපාලී
අඹවනය ,බේලුවගම (විශාලා මහනුවර සමීපයේ අවසාන වස් සමය ගත කළ ස්ථානය
භාණ්ඩ ග්‍රාම හථි ගාම , අම්බ ග්‍රාම ,ජන්බුග්‍රාම භෝගනගර (ආනන්ද
චේතිය) පාවා කුකුත්ථිකා නදිය තරණය “ හිරණ්‍යවතී නදී තරණය කුසිනාරා වේ.
මේ අනුව පන්සාලිස් වසක් භාග්‍යවතුන් වහන්සේ වර්තමාන බිහාර් ප්‍රාන්තය
උත්තර් ප්‍රදේශ් ඩැකානය යන අති විශාල ප්‍රදේශවල පියවි ගමනින් වැඩි දුර
ප්‍රමාණය සැතපුම් 72000 ක් පමණ වේ. (දීඝනිකාය 16 අංගුත්තර නිකාය 7.20
සංයුක්ත නිකාය 47 - 12 උදාන 8.61 විනය මහාවග්ග 6.28.29)
පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව |
භාග්‍යවතුන් වහන්සේ පළමු ධර්ම දේශනාව සිදු කල බරණැස ඉසිපතන මිගදායට
අශෝක අධිරාජ්‍යයා පැමිණ වැද පුදාගෙන පළමු ධර්ම දේශනාව වූ ධම්ම චක්ක
පවත්තන සූත්‍රය සංකේතවත්වීම පිණිස ද ගරාදී 24 ක් සහිත චක්‍රයක් ද සහිත
මහා සිහනාද සූත්‍රය සනිටුහන් කිරීම සතර දිසාවට මුහුණු ලා සිංහ රූප 4 ක්
ද සහිත සිංහ මස්ථකයක් සහිත කුලුනක් එම ස්ථානයේ ස්ථාපිත කරන ලදී. එහි
ඇති සෙල් ලිපියේ වාක්‍ය 10 ක් සහිත වන අතර පළමු වාක්‍ය සතර මෙසේය.
(කුලුන 7 )
1.දේවානම්පි‍්‍රය ...2.පාටලීපුත්‍ර....3......කිසිවෙකුට මහා සංඝයා භේද
බින්න කල නොහැක. 4. යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් සංඝ භේද සිදුකලහොත්
ඔවුනට සුදු වස්ත්‍ර පොරවා ආරාම වලින් පිටමන් කළ යුතුය.
ඉන්දියාවට නිදහස ලද පසු ව්‍යවස්ථා සම්පාදක සභාවට නවදිල්ලියේ පැවැති
1947 ජූලි මස 22 වෙනිදා ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා යෝජනාවක් ඉදිරිපත්
කිරීමෙන් අනතුරුව ඉන්දීය ත්‍රීවර්ණ ජාතික ධජය මධ්‍යයයට අශෝක කුලුනේ
ධර්ම චක්‍රය යෙදීමද ජාතික සංකේතය ලෙස සිංහ මස්ථකය ද ඒකඡන්දයෙන් අනුමත
විය. භාග්‍යවතුන් වහන්සේ භාරත පුත්‍රයෙක් නොවන්නේ නම් මෙවැනි ගෞරවයකට
පාත්‍ර නොවන්නේය.
ශාක්‍ය වංශයේ අභාවය
ගන්ධ කුටිය |
සිදුහත් කුමරු ශාක්‍ය රාජවංශයට හා ගෝතමී කුලයට අයත් වූ අතර බුද්ධත්වයට
පසු සිය ජන්ම භූමිය වන කපිල වස්තුවට වැඩියේ අවස්ථා තුනකදී පමණි. සිය
පිය රජු සුද්ධෝධන රජතුමා සිය අමාත්‍ය පුත්‍රයෙකු වූ කාලුදායි මගින් එවන
ලද ආරාධනය මගින් කපිලවස්තුවට වැඩම කල සේක. එහි නිග්‍රෝධාරාමයේ වැඩ හුන්
සේක.
දෙවනුව සිය මෑණියන්ගේ ඥාතීන් වන කෝලිය වංශයේ ලිච්ඡවී ජනයා ශාක්‍යයන්
සමග රෝහිණී ගංගාවේ ජලය පූර්ණයෙන් තම තමන්ගේ කෘෂි කටයුතු වලටම අවශ්‍ය
යැයි අවි අමෝරා ගෙන සිටි අවස්ථාවේ එම ගංතෙරට පැමිණ මෙම සංග්‍රාමශීලි
පිරිසට යථාවබෝධය සිදුකර අරගලය සංසිදුවන ලදී. තෙවනුව පිය රජතුමා රෝගීව
මරණාසන්න අවස්ථාවට එළඹ සිටි අවස්ථාවේ කපිලවස්තුවට වැඩ පිය රජුට දහම්
දෙසා මරණයෙන් පසු ආදාහන කටයුතු වලට සහභාගි වී පෙරලා ශ්‍රාවස්තියට වැඩම
කළ සේක.
මේ අතරතුර ශාක්‍යවංශික කුමාරවරුන් වන රාහුල භද්දිය, අනුරුද්ධ, ආනන්ද,
භගු, කිම්බිල, දේවදත්ත බුදුරදුන් මල්ල රජදරුවන්ගේ අනුපිය අඹ වනයේ වැඩ
සිටි අවස්ථාවේ එහි පැමිණ පැවිදි වූහ. (විනය චුල්ල වග්ග 7 -1 උදාන 2
-10)
ඒ අනුව ශාක්‍ය රාජ්‍යය පරපුර අභාවයට පත් විය. එයට අමතරව බුදුරදුන්ගේ
සුළු මෑණියන් වූ ප්‍රජාපතී ගෝතමිය ද ශාක්‍ය කාන්තාවන් 500 ක් කැටුව
වෛශාලි අගනුවර විදේහ වැඩ සිට භාග්‍යවතුන් වහන්සේ හමුවී අටවැදෑරුම්
ශික්‍ෂා පදවලට යටත්ව පැවිදි වූවෝය. කෝසල රාජ්‍යයේ පසේනදී රජතුමාට දාව
වහල් කාන්තාවකට ලැබුණ විදුදභ නමැති කුමරු නිසි වයස පැමිණි අතර සිය
පියාගේ ශාක්‍ය වංශයේ කුමාරිකාවක් විවාහ කර ගැනීමට කපිල වස්තුවට යන ලදී.
රාජ්‍යත්වයට පත්වීමට අනිවාර්යෙන්ම ශාක්‍ය බිසවක් සිටිය යුතු. කපිලවස්තු
රජ මාලිගයේදී ශාක්‍ය කුමාරියක් විවාහ කරදීම ප්‍රතික්‍ෂේප කරන ලදී.
සැවැත්නුවර ආනන්ද බෝධිය |
විදූදභ රජ මාලිගයෙන් පිටවෙන අවස්ථාවේ ඔහු රජ මැදුරේ ආසනයක අසුන්
ගැනීමේදී එම ආසනය අපවිත්‍ර කරන ලදැයි විදූදභට පෙනෙන්නට ආසනය කිරියෙන්
සෝදන ලදී. මේ ගැන විදූදභ තුළ ශාක්‍යයන්ට එරෙහිව වෛරයක් හටගත් අතර
ශාක්‍යයන් සමූල ඝාතනයට කපිල වස්තුවට දෙවරක් සේනාවක් රැගෙන ගිය අතර එම
අවස්ථා දෙකේදීම භාග්‍යවතුන් වහන්සේ ඔහුට කරුණු පැහැදිලි කර එම සංග්‍රාම
දෙකම වලක්වන ලදී. ඔහු භාග්‍යවතුන් වහන්සේ මහාපරිනිර්වානයට රජගහ සිට
කුසිනාරාවට භික්‍ෂු සංඝයා සමග 80 වන වියේදී වර්ෂයක් පුරා පියවි ගමනින්
වඩින බැව් දැන ශාක්‍ය රාජ්‍ය ආක්‍රමණය කර ශාක්‍යයන් සමූල ඝාතනය කරන
ලදී.
පණ බේරාගත් සමහර ශාක්‍යයන් වර්තමාන බංගලා දේශයට චිතගොන් වෙතද මගධ
රාජ්‍යයටද දකුණු ඉන්දියාවේ පාණ්ඩ රාජ්‍යයටද ශ්‍රී ලංකාවේ සමහර පලාත්
වලට ද සරණාගතයන් ලෙස සංක්‍රමණය වූහ. විජය කුමරු සහ පිරිස ක්‍රි.පූ. 485
- 445 ශ්‍රී ලංකාවට සැපත් වූයේය. බටහිර ඉන්දියාවේ සුප්කාරක (වර්තමාන
කොප්රා) සිට නොව ගංගා නිම්නයේ ලාට ප්‍රදේශයෙන් දැයි සැකයක් මතු වන අතර
ඔහු ද මෙම ශාක්‍ය සරණාගතයන්දැයි අවධානයට යොමු විය යුතුව ඇත.
විජයගෙන් පසු ශ්‍රී ලංකාවේ රජ බවට පත් වූ පඬුවස්දේව (ක්‍රි.පූ.445 -
444) නාමය අනුව පාණ්ඩ්‍යයේ වැසි දේව බැව් හැඟී යයි. ඔහුද ශාක්‍යයකු විය
හැක්කේ ඔහුගේ බිසව වීමට පැමිණි බුදුරදුන්ගේ ඥාතියෙක් වන භද්දකච්චායනා
සිය සොහොයුරන් සමග පැමිණි දස දෙනා (දස භාතික රජවරු) ද ශාක්‍යයන් වූවෝය.
මෙම ශ්‍රී ලංකාවට පැමිණි ශාක්‍යයන් රෝහණ දේශයේ කජරගම (වර්තමාන කතරගම)
සහ චන්දනගම දේවානම්පියතිස්ස රජ දවස (ක්‍රි.පූ.247 - 207) අශෝක රජුගේ
පුත් වන මහින්ද මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දුන්
අතර සිය සොහොයුරිය සංඝමිත්තා තෙරණිය මගින් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධියේ
දක්‍ෂිණ ශාඛාවක් අනුරපුරයේ රෝපණය කළ පූජෝත්සවයට කජරගම සහ චන්දනගම
ශාක්‍යයන්ටද ආරාධනය කර එම ශාක්‍ය රජතුමා වංශික පාලකයන්ටද සහභාගි වූව.
(මහාවංශ 60 - 6)
ධර්ම - සංගායනා
භාග්‍යවතුන් වහන්සේ මහාපරිනිර්වාණයෙන් හා ආදාහනෝත්සවයෙන් ද අනතුරුව මහ
කස්සප රහතන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ 500 ක් සමග පාවා නුවර සිට
වැඩමවමින් සිටි අවස්ථාවේදී එම පිරිස සමග වෘක්‍ෂ මූලයක වැඩ සිටින ලදී.
එවිට මහා කස්සප හිමියන් මන්දාර පුෂ්පයක්ද රැගෙන පැමිණෙන පිරිවැදියෙක්
දුටු සේක. ඔහුගෙන් මෙසේ විචාළේය.
“ආයුෂ්මත! ඔබ අපගේ ශාස්තෘවරයා දන්නේද? එසේය ආයුෂ්මත්ති ගෝතම හිමියන්
පරිනිර්වාණයට පත් වූ සේක. දැනට දින සතකට පෙර එසේය මම මේ මන්දාර පුෂ්පය
කුසිනාරාවේදී ලබා ගත්තේ “යැයි පිලිතුරු දෙන ලදී. එම භික්‍ෂු පිරිස හඩා
වැලපුණි. එම සංඝයා අතර සිටි වියපත්ව පැවිදි වූ සුභද්ද නමැති භික්‍ෂුව
මෙසේ පැවසීය.
“අප එම ප්‍රධාන භික්‍ෂුවගෙන් දැන් නිදහස් වී ඇත. මෙය කල යුතුය. නොකළ
යුතු යැයි සැමවිට පවසන බැවින් අප කනස්සල්ලට පත්ව ඇත. දැන් අපට අවශ්‍ය
අන්දමට කල් ගත කළ හැකිය.
මෙම අවස්ථාව වන විට දෑගසව්වන් වූ සාරිපුත්ත, මොග්ගල්ලාන රහතුන්
වහන්සේලාද පිරිනිවන් පා හමාරය. මෙම විනය විකෘත කිරීම මග හැරවීමට
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් තෙමසකට පසු අජාසත්ත රජුගේ
අනුග්‍රහය සහිතව මගධ රාජ්‍යයේ සප්තපර්ණී ලෙන අබියස උස් භූමියට රහතුන්
වහන්සේලා 500 ක් රැස්කර පළමු ධර්ම සංඝායනාව සිදු කරන ලදී. දැනුදු එම
ස්ථානයේ ඇති උස් ගල් පතුරේ ශාලාවක් තාවකාලිකව තැනීමට පරාල යෙදූ කුහර
දක්නට ඇත.
සූත්‍ර පිටකයේ සූත්‍ර ආනන්ද රහතන් වහන්සේ සජ්ඣායනය කොට කර සූත්‍ර පිටකය
දීඝ නිකාය මජ්ජිම නිකාය සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය
යනුවෙන් වෙන් වෙන්ව එක් රැස් කරන ලදී. උපාලි රහතන් වහන්සේ එම නිසා නීති
සජ්ඣායනය කරන ලදී. උපාලි රහතන් වහන්සේ එම නිසා නීති සජ්ඣායනය කර
මහාවග්ග , චුල්ලවග්ග, පරාණික, පාචිත්තිය සහ පරිවාර යනුවෙන් විනය පිටකය
එක් රැස් කරන ලදී. මේ අනුව කට වචනයෙන් පවත්වා ගෙන යෑමට පිටක දෙකක්ද
මහානාම රහතන් වහන්සේ අභිධර්මය සජ්ඣායනය කර ධම්මසංගනී , විභංග ධාතු කතා
පුද්ගල කථාවත්තු , යමක, පට්ඨාන නමින් අභිධර්ම පිටකය කට වචනයෙන් පවත්වා
ගෙන යාමට සලසා මෙසේ ත්‍රිපිටකය නිර්මාණය විය.
පළමු සංඝායනාවෙන් සියවසකට පසු වෛශාලියේ භික්‍ෂූන් රන් රිදී ලබා ගැනීම
යන විනය විරෝධී ක්‍රියාවල යෙදීමට ක්‍රියා කල අතර කාලාශෝක රජුගේ
අනුග්‍රහය යටතේ වෛශාලියේම වාලුකාරාමයේ දෙවැනි සංඝායනාව පවත්වා
(භික්‍ෂූන් 700 ක් සහභාගි වී එම වෛශාලි භික්‍ෂූන්ගේ විනය විරෝධී යෝජනා
ප්‍රතික්‍ෂේප කරන ලදී. මෙහිදී සංඝයා මහා සාංඝික සහ ස්ථවිරවාදී යන
දෙකොටසක් බිහි විය. මහා සාංඝික භික්‍ෂූන් කාශ්මීරයට ගොස් සංගායනාවක්
පවත්වා එමගින් මහායාන බිහි වූ අතර සිය ධර්ම භාෂාව සංස්කෘත ලෙස යොදා
ගත්තේ ස්ථවිර වාදීන්ය.
ඉක්බිති අශෝක රජතුමා දවස රජතුමාගේ අනුග්‍රහය යටතේ සිය ගුරුවරයා වූ
මහාමොග්ගලීපුත්තතිස්ස හිමියන්ගේ (උපගුප්ත සභාපතිත්වයෙන් පාටලීපුත්‍ර
(වර්තමාන බිහාර් ප්‍රාන්ත අගනුවර පැට්නා ) තෙවැනි බෞද්ධ සංඝායනාව
පවත්වන ලදී. මෙසේ සිදු කළේ විනයානුකූල ජීවිත ගත නොකරන භික්‍ෂු පිරිස් 8
ක් එකල පැවැති බැවිනි.
මෙම ධර්ම සංඝායනාවෙන් අනතුරුව ඉන්දියාවේ නානා ප්‍රදේශවලටද ශ්‍රී
ලංකාවටද බුරුමයටද (සුවන්න භූමි) සහ ගී‍්‍රක රාජ්‍යය පාලනය යටතේ වූ
පුවත්පත් වලටද ධර්ම දූත භික්‍ෂූන් (ප්‍රදේශ 8 කට ) යවන ලදී. ශ්‍රී
ලංකාවට ධර්ම දූතයන් වහන්සේ ලෙස සිය පුත් මහින්ද මහ රහතන් වහන්සේ,
භික්‍ෂූන් 4 නමක්ද ගිහි උපාසකයකුද දේවානම්පියතිස්ස රජ දවස (ක්‍රි.පූ.
247 - 207) එවන ලදී. මහින්ද මහ රහතන් වහන්සේගෙන් ධර්මයට සවන් දී රජතුමා
බුදුදහම වැළඳගෙන භික්‍ෂු භික්‍ෂුණී ශාසනයද ආරම්භ විය. රජතුමා සිය
මහමෙවුනා උයන මිහිදු මාහිමියන්ට පූජා කළ අතර රජතුමා සමග උයනේ සැරි සරා
මිහිදු හිමියන් සංඝ කර්මයන් සඳහා උපෝසථ ශාලාවක් උණුවතුර සහිත තටාකයක්
සංඝයා වහන්සේලාට ලැබෙන දාන මාන බෙදාදීමට ස්ථානයක් සංඝාරාමයක් සහ
මහාථූපය ඉදිකිරීමට ස්ථාන වෙන් කරන ලදී. (මහාවංශ 27 -72) ඉක්බිති
දේවානම්පියතිස්ස රජතුමා මිහිදු මා හිමියන්ගෙන් දැනට බුදු දහම ශ්‍රී
ලංකාවේ ස්ථාපනය වී ඇත්දැයි විමසන ලදී. සමන්තපාසාදිකාවේ සටහන් වී ඇති
අයුරු (පිටු 60) මිහිඳු හිමියන්ගේ පිළිතුර වූයේ තම්බපන්නියේ
දෙමාපියන්ගෙන් උපත ලද අයෙක් පැවිදිව විනය හදාරා විනය දේශනා කළ විට
පමණක් බුදුදහම ශ්‍රී ලංකාවේ මුල් බැස ගන්නා බවය.
මිහිඳු මාහිමියන් ත්‍රිපිටකයේ අටුවා රැගෙන විත් වාචික භාෂාවක් පමණ වූ
සිංහල භාෂාවට බ්‍රාහ්මී අක්‍ෂර අනුව අක්‍ෂර ක්‍රමයක් ද හඳුන්වා දී එම
අටුවා සිංහලට පරිවර්තනය කරන ලදී.
මේ අනුව ශ්‍රී ලංකාවේ අගනුවර වූ අනුරාධපුර බෞද්ධ ලොව පළමු වරට
ත්‍රිපිටකය හදාරන ආයතනයක් ලෙස මහා විහාරය අරඹන ලදී. 32 වන වියේදී ශ්‍රී
ලංකාවට වැඩි මිහිඳු මා හිමියන් අවුරුදු 48 ක් ධර්ම සේවයේ යෙදී වැඩම වූ
අතර 80 වැනි වියේදී ශ්‍රී ලංකාවේදී පිරිනිවන් පෑ සේක.
මෙම කාලය තුළදී ද ඉන් පසුවද රාජ්‍ය අනුග්‍රහය සහිත මහා විහාරය වර්තමාන
විශ්වවිද්‍යාලයකට සමාන වූ විද්‍යාස්ථානයක් විය. රෝහණයේද මෙවැනි
ධර්මායතන බිහි විය. සමන්තපාසාදිකාවේ සඳහන් පරිදි (පිටු 577 - 578)
අනුරාධපුර මහා විහාරයේ ධර්ම ධර භික්‍ෂූන් කොටස් තුනක් වූහ. මෙම කොටස්
තුන ප්‍රාථමික මධ්‍යම හා හා අවසාන යන ශ්‍රේණි අනුවද එක් එක් ශ්‍රේණියට
වෙන වෙනම විෂය මාලා තිබුණි. මූලික ශ්‍රේණියේ භික්‍ෂුවක් හඳුන්වන ලද්දේ
නිස්ස යාමුච්චනක (ස්වාධීන) උපසම්පදාවෙන් අවුරුදු 5 ක් ගතව ඇති භික්‍ෂුව
මතකයෙන් (වවුග්ගන) මාතික දෙකක් සජ්ඣායනා කරීම සහ සුත්තාන්තයෙන් බණවර
සතරක් ඉගෙනීම දෙවැනි ශ්‍රේණියේ භික්‍ෂුව (පරිසුපත්තාහක) උපසම්පදාවෙන්
10 වසරක් ඉක්ම වූ මතකයෙන් විනය පිටකයෙන් ඉගෙනිය යුතුය. උසස්තම
ශ්‍රේණියේ භික්‍ෂුව ත්‍රිපිටකය සහ අටුවා ඉගෙන ගත යුතුය. එසේ ඉගෙනුම ලත්
භික්‍ෂූන් වහන්සේට එක් එක් පිටක අනුව භාණක යන නාමය ලැබීය. අධ්‍යාපන
කාලය අවුරුදු 15 ක් විය. තවද පුස්කොළ වල පොත් සැකසීම සඳහා ග්‍රන්ථකාර
යන අංශයක්ද විය.මේ අනුව ධර්ම ග්‍රන්ථ රාශියක් බිහි වූහ. ක්‍රි.ව. 6
වැනි සියවස මහාවිහාර නිකායික මහානාම හිමියන් මහාවංශය රචනා කරන ලදී.
මහාවංශය
1837 වර්ෂයේදී ප්‍රතිභා පූර්ණ නවකයකු වූත් කල්කටාවේ කාසි මුද්‍රණාලයේ
නිලධාරියෙකු වූ ජේම්ස් පින්සෙප් පැරණි බ්‍රාහ්මී අක්‍ෂර මගින් කියවීමට
හැකියාව ලබා ගනු ලැබීය. 1862 - 1835 කාලය තුළ බ්‍රිතාන්‍ය ඉංජිනේරු
බලකායේ නිලධාරියෙකු වූ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් භාරතයේ පැරණි
ස්ථාන කැණීම් කළ අතර අශෝක රජතුමා ගේ සෙල් ලිපි විශාල සංඛ්‍යාවක් සොයා
ගනු ලැබීය. එම සෙල් ලිපිවල දේවානම්පිය පි‍්‍රයදර්ශීන් වමම්
ආහ. දේවානම්පි‍්‍රය පි‍්‍රයදර්ශීන් මෙසේ කියයි. ලිපි ආරම්භක පාඨය විය.
ඉන්දියාවේ වංශ කථා කිසිවක් නොමැති බැවින් මෙම පුද්ගලයා කවරෙක්දැයි
අවබෝධ කර ගැනීමට නොහැකි විය. භාග්‍යයකට මෙන් ශ්‍රී ලංකාවේ සිවිල්
සේවාවේ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් ටර්නර් 1837 දී මහාවංශය පාලියෙන්
ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කරන ලදී. එහි දේවානම්පි‍්‍රය පි‍්‍රයදර්ශීන්
අශෝක රජතුමා බැව් සඳහන් වී තිබුණි.
මේ අනුව ඉන්දීය පුරා විද්‍යාඥයන් වැඩිදුර ගවේෂණය කිරීමේදි භාරතයේ මස්කි
යන ස්ථානයේ තිබී සෙල් ලිපියක් හමු විය. එහි මූලික පාඨය වූයේ “ දේවානම්
පි‍්‍රය අශෝකය යනුවෙන් සඳහන්ව තිබුණි.
ඒ අනුව සියලු සෙල්ලිපි අශෝක රජතුමාගේ බවට සනාථ වූයේ අනුරාධපුර මහාවිහාර
වංශික මහානාම හිමියන්ගේ මහාවංශ ග්‍රන්ථය මගිනි.
බුදුරදුන් දවස බිම්බිසාර රජතුමා ඉදිකළ රාජගිරි වේළුවනාරාමය අනුව
ක්‍රි.පූ. 3 වැනි සියවස ශ්‍රී ලංකාවේ අනුරාධපුර මිහිඳු මහ රහත් හිමියන්
ථූපාරාමය නමින් විහාරස්ථානයක් ඉදි කළේය. ඒ අනුව විහාරය ගම සහ කෙත
ඒකාබද්ධ සිංහල බෞද්ධ සංස්කෘතියක් බිහි විය. |