වේදනාව හා මරණය විෂයයෙහි භාවනාවේ භාවිතය
ධනිස්සරෝ හිමි
පරිවර්තනය
නාරාවිල පැට්රික්
මනස වඩ වඩාත් ස්ථාවර ලෙස වර්තමානය තුළ ගිලී තැන්පත ්වූ කල්හි නව
ශක්තියකින්
ආලෝකවත් වෙයි.
එයින් මනසට පූර්ණත්වය හා ඒකාබද්ධතාව පිළිබඳ බලවත් හැඟීමක්
ආරෝපණය වෙයි.
ඔබ මේ පූර්ණත්වය
පිළිබඳ හැඟීම වර්ධනය වීමට ඉඩ සලසන විට, එය ඔබේ සියලු ක්‍රියාකාරකම්හි
වඩ වඩාත්
ස්ථාවරත්වයක් ඇති වන බව ඔබට දැන ගන්නට ලැබෙයි. එවිට ඔබ මානසික
අසමතුලිතතාව
වළක්වාලිය හැකි වඩාත් සියුම් අන්තර් අවබෝධයක් ලබනවා ඇත. එකල්හි මුල්
පියවරේදී ම ඔබ ඔබට ම හෝ අනෙකකුට හානිකර කිසිවක් කරන්නේ නම් එයින් වැළකී
සිටීමේ
අවබෝධය
අත්දකින්නට පුළුවන.
වේදනාව, රෝගාබාධ සහ මරණය පිළිබඳ ප්‍රශ්න වලට මුහුණ පෑමේදී භාවනාවට ඉටු
කළ හැකි සේවාව ගැන සාකච්ඡා කිරීම සතුට දනවන මාතෘකාවක් නොවේ. එහෙත් එය
බෙහෙවින් වැදගත් වන්නකි. එසේ වුවත් කණගාටුවට කරුණක් නම්, මේ ප්‍රශ්න
ගැන පුද්ගලයන් සිතන්නට පටන් ගන්නේ මාරාන්තික රෝගයකට මුහුණ දුන් කල්හි
පමණක් වීම යි. එකල්හි නිතර ම වාගේ ගැටලුව වන්නේ, එහිලා ප්‍රමාණවත්
පරිදි සූදානම් වන්නට ප්‍රමාද වැඩි වීමකි.
ඒඩ්ස් සම්බන්ධයෙන් ඖෂධවලට කුමක් කළ හැකි වුවත්, අප එයින් පමණක් සෑහීමකට
පත්විය යුතු නොවේ. ඇතැම් විට ඒඩ්ස් හෝ එහි අනියම්, නැතහොත් අහඹු
බලපෑමකට ගොදුරු නොවුනත් නොසිතූ පරිදි වෙනත් කිසියම් අකරතැබ්බයකට මුහුණ
පාන්නට පුළුවන. එබැවින් ඕනෑ ම දෙයකට කල් තබා සූදානමින් සිටීම මැනවි.
එහිලා ඔබේ කුසලතා ප්‍රගුණ කිරීම වැදගත් ය. ඖෂධය චීන හෝ අපරදිග හෝ වෙනත්
එකක් විය හැකි ය. ඔබේ හිතුමතය අනුව පමණක් ගියොත් කිසිවකින් පලක් නොවේ.
මට තේරුම් ගත හැකිව ඇති පමණට නම්, මේ කුසලතා ප්‍රාගුණ්‍යයෙහිලා කළ යුතු
එක ම දේ වන්නේ සිත පුහුණු කිරීම යි. ඒ එක්ක ම ඔබ එවන් මාරාන්තික
රෝගයකින් පෙළෙන්නකු රැක බලා ගන්නේ නම්, එකල්හි කිසියම් දුෂ්කරතාවකට
මුහුණ පාන්නට සිදුවුවත් එය සමනය කර ගනු පිණිස, ඔබේ ආධ්‍යාත්මික සහ
භෞතික හැඟීම් යථා තත්ත්වයට පත් කර ගනු සඳහා භාවනාව ඔබට විශිෂ්ටතම මඟ
පෙන්වීම කරනු ඇත.
ජනමාධ්‍ය ග්‍රන්ථ, පුවත්පත්, සඟරා, රූපවාහිනී ආදියෙහි රෝගාබාධ සහ
හැඟීම් පාලනයෙහිලා පිළියම් යෙදීම සම්බන්ධයෙන් භාවනාවේ භූමිකාව ගැන
සම්භාරයක් උපදෙස් දකින්නට ලැබේ. මෙසේ විවිධ මාධ්‍ය විසින් කිසියම්
මාතෘකාවක් ඩැහැ ගත් විට ඒවාට පුරුදු පරිදි භාවනාව යනු කුමක් ද යනුත්,
එමඟින් ඔබ වෙනුවෙන් කුමක් කළ හැකි ද යනුත් ගැන අවතක්සේරු හෝ අධිතක්සේරු
කරන්නට නැඹුරුවනු දක්නට හැකි ය.මෙය ජනමාධ්‍යයන්ගේ ආදර්ශක ආකෘතිය යි.
මේවාට අවධානය යොමු කිරීම මොටෝරිය අලෙවි නියෝජිතයකුට ඇහුම්කන් දීමක්
වැනි ය. ඒ අලෙවි නියෝජිතයා මොටෝරියක් මෙහෙයවන්නේ හෝ නඩත්තු කරන්නේ කෙසේ
දැ යි නොදන්නවා විය හැකි ය. ඔහුගේ එක ම වගකීම වන්නේ මොටෝරියේ වාණිජ
වටිනාකම් උපුටා දැක්වීම යි. ඔහු සිතන්නේ අන් කිසිවක් ම නොව ඔහු කෙරෙහි
ඔබගේ විශ්වාසය තහවුරු කිරීමත්, ඉක්බිති මොටෝරිය මිලයට ගන්නට ඔබේ මුදල්
යොදවා ගැනීමත් ය. එහෙත් සැබවින් ම ඔබ මොටෝරිය පදවන්නට යතොත්, ඔබට
මොටෝරිය හිමිකරුගේ අත්පොත අධ්‍යයනය කරන්නට සිදුවෙයි. භාවනාව වනාහි ඔබගේ
කායික හා මානසික ඉන්ද්‍රීය නොමඟ යන කල්හි නිසි මඟට ගන්නට උපදෙස් සඳහන්
අත්පොතක් වැනි ය.
ඔබේ ආගමික පසුබිම කුමක් වුවත් කමක් නැත. එහෙත් ආනාපාන සති භාවනාව නම්
අපූර්ව මාතෘකාවකි. මගේ ගුරුවරයා මට කී පරිදි ශ්වසනය හෙවත් ආශ්වාස
ප්‍රශ්වාසය කොහෙත් ම බුදුදහමට, කිතුදහමට හෝ වෙනත් කිසි ම පුද්ගලයකුට හෝ
අයිති යමක් නොවේ. එහි පොදු සම්පත වන්නේ ඕනෑ ම කෙනෙකුට භාවනාවේ යෙදිය
හැකි බව යි.
ඒ එක්ක ම භාවනාව පිළිබඳ විෂය අන්තර්ගතයෙන් ඇතැම් විට අත්‍යන්තයෙන්
හිතකර ප්‍රතිඵල අත්කර දෙන්නේ අපේ කයට ය. ඇයි ද යත්, ශ්වසනයෙහි නිරත වන
විට අපි වාතය පෙණහලු වලට ඇතුළු කර ගන්නාහු සහ පිට කරන්නාහු පමණක්
නොවෙමු. අපි එක් එක් ශ්වසන වාරයක් පාසා මුළු සිරුර පුරා දිවෙන මහා
ශක්තියකින් ද පිරී යමු.
එනම් අපේ හැඟීම් හෙවත් විඳීම් ධාරාව යි. ඔබට ඔබේ හැඟීම් විෂයයෙහි
සංවේදී වන්නටත්, බාධාවකින් තොරව ඒවාට සුමටව ගලා යන්නට ඉඩ හරින්නටත් උගත
හැකි නම්, ඔබේ සිරුරට පහසුවෙන් ක්‍රියා කරන්නට සහ වේදනාව පාලනය කර
ගන්නට මනසට ජවයක් ලබා දෙන්නටත් ඔබට උපකාර කළ හැකි ය. සමතුලිත
ඉරියවුවකින් කඳ කෙළින් තබා සුවපහසු ලෙස වාඩි වන්න. ඔබ සොල්දාදුවකු මෙන්
දරදඬු ලෙස සෘජු විය යුතු නොවේ. ඉදිරියට, පසුපසට, වමට හෝ දකුණට ඇල වන්නට
උත්සාහ නොකරන්න. ඉක්බිති ඔබේ දෙනෙත් පියා ගෙන තමාට ම මෙසේ කියා ගන්න.
“මම සොම්නස් වෙම්වා! මම දුකින් මිදෙම්වා!” භාවනාව පටන් ගන්නට ආරම්භයක්
ලෙස මේ හඬෙහි අමුත්තක් දැනෙනු ඇත. ආත්මාර්ථකාමී බවක් පවා ඇඟෙන්නට හැකි
ය. එහෙත් එය එසේ නොවේ. එයට සාධාරණ හේතු ඇත.
එනම්, පළමුවැනිව ඔබට ඔබේ සොම්නසට සුබ පතන්නට නොහැකි නම්, අනුන්ගේ
සොම්නසට ගෞරවාන්විතව සුබ පතන්නට ඉඩ ලැබෙන්නේ නැත. තමන් සොම්නස හෙවත්
සතුට ලබන්නට සුදුසු බව නිරන්තරයෙන් මෙනෙහි කරන්නට ඇතැමුනට වුවමනා ය.
සැබවින් ම අපි සියලු දෙනා ම එයට සුදුස්සෝ වෙමු. එහෙත් අපි ඒ කෙරෙහි
විශ්වාසය නොතබමු නම්, අප නිතර ම අප විසින් අපට ම දඬුවම් කර ගන්නට මාර්ග
සොයන්නෝ වෙමු. අපි එමඟින් අප්‍රකට හා දුෂ්ට මාර්ග වලින් අනෙක් අයට
දඬුවම් පමුණුවමින් සැනසෙන්නට බලන්නෝ වෙමු.
දෙවැනිව සැබෑ සොම්නස කුමක් ද යනුත්, එය ලබා ගත හැකි කෙසේ ද යනුත්
මෙනෙහි කිරීම වැදගත් ය. මොහොතක් මෙනෙහි කිරීමෙන් පසු එය ඔබට
අතීතයෙහිවත්, අනාගතයෙහිවත් සොයා ගත නොහැකි බව පෙනෙනු ඇත. අතීතය ගෙවී
ගොස් තිබේ. ඒ පිළිබඳ ඔබේ මතකය වියැකී ගොසිනි. අනාගතය සැක සහිත හිදැසක්
පමණි. එබැවින් සත්තකින් ම අපට සොම්නස සොයා ගත හැකි එක ම මොහොත වන්නේ
වර්තමානය යි. එහෙත් වර්තමාන මොහොතේ පවා එය සොයා බැලිය යුත්තේ කොතැනක දැ
යි ඔබ විසින් දැන ගත යුතුව තිබේ.
ඔබ ඔබේ සොම්නස මොහොතින් මොහොත වෙනස් වන දර්ශනය, ශ්‍රවණය ආදී මූලික
විසින් සියලු ඉන්ද්‍රීය ආරම්මණ ද, පුද්ගලයන් සහ වෙනත් පරිබාහිර
ද්‍රව්‍ය ලෝකය ද මත පිහිටුවන්නට ගියහොත් ඒවා ඔබේ කලකිරීමට හේතු විය
හැකි ය. කෙසේ ද යත්, අතීතයේ පුනපුනා නාය ගිය කඳු බෑවුමක ඔබේ නිවහන යළි
යළිත් ගොඩනගන්නා සේ ය. එබැවින් සැබෑ සොම්නස සොයන්නට සිදුව ඇත්තේ තමා
තුළින් මය. එනම් ආධ්‍යාත්මිකව යි. ඒ නිසා භාවනාව යනු, නිධානයක් සොයා යන
ගමනක් සේ ය. එය සොයා ගන්නට සිදුව ඇත්තේ, අදිසි ගන බහල ආවරණයක් තුළ
පිහිටි කිසිදා අගයෙහි වෙනසක් නොවන මනස තුළ ය. එය මාරයාටවත් අත තැබිය
නොහැකි අමිල වස්තුවකි.
දැන් ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ සංවේදනයට ඔබේ අවධානය යොමු කරන්න.
ඉක්බිති වරක් දිගට ආශ්වාස කරන්න. අනතුරුව දිගට ප්‍රශ්වාස කරන්න.
දෙවාරයක් මෙසේ කරන්න. එහිදී ආශ්වාස ප්‍රශ්වාසය පහසුවෙන් අවධානයට ලක් වන
පරිදි සිරුරේ ඕනෑ ම තැනක් කේන්ද්‍රගත නිමිත්තක් සේ සිතන්න. එවිට ඔබේ
මනසට සුවපහසු කේන්ද්‍රගත සංවේදිතාවක් හැඟෙනු ඇත. මෙකී කේ්න්ද්‍රස්ථානය
නාසයෙහි, උරයෙහි, උදරයෙහි හෝ වෙනත් ඕනෑ ම තැනක විය හැකි ය. ඔබ හුස්ම
ඉහළට ගනිද්දීත්, පහළට හෙළද්දීත් ඔබට එය දැනෙන්නේ කෙසේ දැ යි සිහිමත්
වන්න. කේන්ද්‍රගත සිතිවිල්ලෙන් සාවධාන වන්න. මහා බරක් ඔසොවන්නාක් සේත්,
යළි එවන් බරක් බහා තබන්නාක් සේත් ආශ්වාස ප්‍රශ්වාසයෙහි නොයෙදෙන්න.
ආශ්වාස ප්‍රශ්වාසයට ස්වාභාවික සැහැල්ලුවෙන් ගලා යන්නට ඉඩ දෙන්න. එය ඔබේ
සරල වින්දනයට ඉඩ සැලසෙන සේ පවත්වා ගෙන යන්න. එය ඔබට දිගින් දිගට පවත්වා
ගෙන යන්නට වුවමනා තීක්ෂණ වින්දනයක් වන්නේ නම් එය විඳින්න, ආස්වාදනය
කරන්න. ඔබේ මනස මංමුළාවී ඉබාගාතේ යන්නේ නම්, සන්සුන් ලෙස ආපසු හරවා
ගන්න. අන්දමන්ද නොවන්න, නොකලකිරෙන්න. මනස සිය වරක් මංමුළා වන්නේ නම්,
සිය වරක් ආපසු ගෙනෙන්න. එය ඔබ වුවමනාවෙන් කරන්නක් බව මනසට පෙන්වන්න.
අවසානයේදී එය ඔබට ඇහුම්කන් දෙනු ඇත. ඔබට වුවමනා නම් නන්විධ ආශ්වාස
ප්‍රශ්වාස රටා වලින් පර්යේෂණ කරන්නට පු‍්‍රළුවන. දීර්ඝ ආශ්වාස
ප්‍රශ්වාසයෙන් සුවපහසුවක් දැනේ නම්, එහි නියැලෙන්න. එසේ නොදැනේ නම්,
ඔබේ සිරුරට සන්සිඳීමක් හෝ සහනයක් දැනෙන රිද්මයකට මාරු කරන්න. එහිදී ඔබට
කෙටි, වේගවත්, විලම්බ, ගැඹුරු ආදී විසින් තමාට වැඩිතමයෙන් සුව පහසු
දනවන රිද්මයක් තෝරා ගන්නට අත්හදා බැලීමට පුළුවන. ඔබ තෝරා ගන්නා ලද
පියවරේදී, ඔබට සුව පහසු ආශ්වාස ප්‍රශ්වාස රිද්මය අත්දුටු හණික, සිරුරේ
අනෙක් අංගෝපාංග කෙරෙහි එය කවර සංවේදනයක් ජනනය කරන්නේ දැ යි අවබෝධ කර
ගන්නට ඔබේ අවධානය යොමු කරන්න.
ඉක්බිති හරියට ම ඔබගේ නාභියෙන් පහළ පෙදෙසට එල්ල කරමින් ශ්වසනය පටන්
ගන්න. එනම් හුස්ම ඉහළට ගන්න, පහළට හෙළන්න. ඒ අතර එහිදී ඔබට දැනෙන්නේ
කුමක් ද යන්න ගැන සැලකිලිමත් වන්න. එහිදී ඔබට ඒ පිළිබඳ කිසිදු සංඥාවක්
නොදැනෙන්නේ නම්, එහිලා කිසිත් සංඥාවක් නැති බවට හරියටම සහතික වන්න. ඔබට
කිසියම් සංඥාවක් දැනේ නම්, එහි ගුණාත්මක භාවය ගැන සාවධාන වන්න. ඒ කුමක්
සඳහා ද? එනම්, හුස්ම ඉහළ පහළ යැවීම විසමතුලිත නම් හෝ යම් පමණකට ආතතියක්
(දෙගිඩියාවක්) හෝ ස්තබ්ධතාවක් (දැඩි ගතියක්) දැනේ නම් ඒ බව අවබෝධ කර
ගනු පිණිස යි. එවන් ආතතියක් හෝ ස්තබ්ධතාවක් දැනේ නම්, කිසියම් ලිහිලක්
හෙවත් විරාමයක් ගැන සිතන්න.
ශ්වසනය රළු හෝ විසමතුලිත බව දැනේ නම්, වෙනත් තැනක් කෙරෙහි මනස යොමු
කරන්න. ඒ අනුව ඔබේ අවධානය උදරයෙහි පහළ දකුණු කොනේ නියමිත තැනක් වෙත
යොමු කර එය යළි යළිත් මෙනෙහි කරන්න. ඉක්බිති උදරයෙහි පහළ වම් කොනට යොමු
කරන්න. අනතුරුව නාභියට, දකුණට, වමට සහ නාභියට යටින් පිහිටි ස්නායු
මණ්ඩලයට සහ ඉනුත් දකුණට වමට සහ පපුවේ මැදටත්, නැවත එහි දකුණට, වමට සහ
උගුරේ පත්ලටත්, එයින් ද දකුණට, වමට සහ හිස් මුදුනටත් යොමු කරන්න. මේ
එක් එක් තැන වෙත මිනිත්තු දෙක තුන බැගින් යොමු කිරීම මැනවි. ඔබ ඔබේ
නිවසේ භාවනාවේ යෙදී සිටින්නේ නම්, මේ කාර්යාවලිය ඔබේ මුළු සිරුරේ හැම
තැනක් ම එල්ල කරමින් භාවනාවේ යෙදෙන්නට පුළුවන. එනම් හිස්මුදුන, තුනටිය
පෙදෙස, අත්, කකුල්, ඇඟිලිතුඩු ආදී විසිනි. එහෙත් අපේ කාලය සීමාසහිත
නිසා, අප මෙහි සඳහන් කළ ඕනෑ ම එකක් වෙත ඔබේ අවධානය යොමු කරන ලෙස සඳහන්
කරමි. ඔබේ අවධානය සහනශීලී ලෙස ස්ථාවර වන්නට ඉඩ සලසන්න. ඉක්බිති ඔබේ
සිහිමත් මානසික ස්වභාවය හිස්මුදුනේ සිට දෙපා ඇඟිලිතුඩු තෙක් මුළු සිරුර
පුරා විනිවිද ගොස් ව්‍යාප්ත වන්නට ඉඩ සලසන්න. එකල්හි ඔබ මකුළු දැලක්
මැද කුසු බැල්මෙන් සිටින මකුළුවකු වැන්න. එවන් මකුළුවා දැල මැද
කේන්ද්‍රගතව සිටී. එහෙත් ඌ සමස්ත ජාලය කෙරෙහි සංවේදී වෙයි. ඔබේ අවධානය
මෙසේ ව්‍යාප්ත වන්නට ඉඩ සලසන්න. ඔබට එසේ කරන්නට සිදුව තිබෙන්නේ ඔබේ
සිතිවිලි වල නැමියාව හුදු එක් අරමුණක් වෙත එල්ලවී ඇති නිසා ය. ඉක්බිති
හුස්ම ඉහළට ගැනීමේදී මුළු සිරුර පුරා ව්‍යාප්තව රෝම කූපයක් පාසා
විනිවිද යන බවත්, පිට කිරීමේදීත් රෝම කූ®පයක් පාසා ඇදී ගෙන යන බවත්
සිතන්න. ඔබේ අවධානය පැහැදිලි ලෙස තත්පර කීපයක් රඳවා ගන්නට ඉඩ සලසන්න.
ඉන් ඔබ්බට ඔබ කළ යුතු දෙයක් නැ. ඒ හැර ඔබ විසින් සිතිය යුතු දෙයක් ද
නැත. ඉක්බිති භාවනාවෙන් මිදී සන්සුන්ව නැඟී සිටින්න.
දැන් මම මා කලින් සඳහන් කළ අදහසක් වෙත ආපසු යමි. රෝගාබාධ සහ මරණය
පිළිබඳ භූ®මිකාව හා භාවනාව විෂයයෙහි අධිතක්සේරුවකට හා අවතක්සේරුවකට
නැඹුරුවක් දක්නා ලැබේ.අපි මෙසේ සිතමු. ඔබ භාවිත කරන මෙවලම් ගැන නියම
තක්සේරුවක් ඇති කල්හි ඔබට ඒවා ඉතා නිවැරදිවත් පලවත් ලෙසත් පරිහරණය කළ
හැකි ය.මම එහිලා කියයුතු කරුණු අංශ දෙකකට බෙදමි. එනම් භාවනාව යනු කුමක්
ද සහ ඔබ වෙනුවෙන් එයට කුමක් කළ හැකි ද යනු යි.
සැබවින් ම භාවනාව යනු කුමක් ද? කනගාටුදායක ලෙස අද එයින් ගම්‍යවී ඇත්තේ
අවතක්සේරුවට නැඹුරුව ඇති ජනප්‍රිය සංකල්පනාවන්ගෙන් යුක්ත අවකාශයකි.
භාවනාව පිළිබඳ ලියැවුණු ඉවරයක් නැති පතපොත ඇත. ඒවායේ රෝගාබාධ වලට
භාවනාවෙන් යෙදිය හැකි පිළියම් දැක්වෙයි. එහෙත් ඒවායේ කේන්ද්‍රගතවී
ඇත්තේ භාවනාව පිළිබඳ ආකෘති දෙකක් පමණි. එයින් ගම්‍ය වන්නේ භාවනාව
විෂයයෙහි එහිලා ඇත්තේ ඒ පිළියම් දෙක පමණක් බවකි. ඒ දෙක නම්, විවේකය
හෙවත් විරාමය සහ අක්ෂි ගෝචර ආකෘතියක් හෙවත් බාහිර සන්දර්ශනයක් පමණි.
බහුල අත්දැකීමකට අනුව නම්, භාවනා සැසිවාරවලදී එහි ආරම්භක පියවරේ සිට ම
ආකෘතික ලක්ෂණය වන්නේ ඉහත සඳහන් අංග දෙක බව ඇත්ත ය. එහෙත් භාවනාව යනු
හුදෙක් එය ඉක්මවා යන ඊට වැඩි සංසිද්ධියක් බව කිය යුතු ය.
මානව ඉතිහාසයේ විශිෂ්ට භාවනා යෝගීහු හුදෙක් විශ්‍රාම ප්‍රතික්‍රියාව
විෂයයෙහි විශාරද බවට පත්වීමට අමතරව, ඊටත් වැඩිමනත් යමක් කළහ. පරිපූර්ණ
කාර්යාවලියක් හැටියට භාවනාව පියවර තුනකින් සමන්විත ය. පළමුවැන්න නම්
සාවධාන විශ්‍රාමය යි. එහිදී වර්තමාන මොහොතේ මනස සුවපහසු අස්වැසිල්ලකට
පත් කරනු ලැබේ. එහිදී ඒ තත්ත්වය ස්ථාවර කොට සන්සුන් කැරෙයි. මේ
විග්‍රහයේදී ඉතා ම වැදගත් වන්නේ “සාවධාන” යන්න වුවත්, ඔබ විසින් තරයේ
තමා කරන්නේ කුමක්ද යන්න ගැන සැලකිලිමත් විය යුතුය.එකල්හි ඇතැම් විට මනස
අදාළ අරමුණෙහි රැඳී සිටින්නට හෝ නොසිටින්නට පුළුවන. ඇතැම් විට අරමුණ
ගිලිහී ගොස් මනස නිද්‍රාශීලී විය හැකි ය. ඉදින් ඔබ හුදෙක් විශ්‍රාමික
සහ පාවී යන බවක් දැනෙන තත්ත්වයක සිටිත් නම්, එය භාවනාව නොවේ. ඒ තත්ත්වය
මත ඔබට භාවනාවේ ඉදිරියට ගොඩනඟා ගතහැකි යමක් නැත. කෙසේ වෙතත් ඔබට
වර්තමාන තත්ත්වය තුළ මනස සන්සුන්, සුවපහසු පියවරක තබා ගත හැකි නම්, ඊළඟ
පියවරට එළඹීම පහසු විය හැකි ය.
මනස වඩ වඩාත් ස්ථාවර ලෙස වර්තමානය තුළ ගිලී තැන්පත්වූ කල්හි නව
ශක්තියකින් ආලෝකවත් වෙයි. එයින් මනසට පූර්ණත්වය හා ඒකාබද්ධතාව පිළිබඳ
බලවත් හැඟීමක් ආරෝපණය වෙයි. ඔබ මේ පූර්ණත්වය පිළිබඳ හැඟීම වර්ධනය වීමට
ඉඩ සලසන විට, එය ඔබේ සියලු ක්‍රියාකාරකම්හි වඩ වඩාත් ස්ථාවරත්වයක් ඇති
වන බව ඔබට දැන ගන්නට ලැබෙයි. තුන් වැනි පියවරට ඔබ මෙහෙයවනු ලබන්නේ මේ
පූර්ණත්වය පිළිබඳ හැඟීම ආරක්ෂා කර ගැනීමේලා ඔබ වඩාත් ඒකාත්මික අවකාශයකට
එළඹෙන විට යි. එවිට ඔබ මානසික අසමතුලිතතාව වළක්වාලිය හැකි වඩාත් සියුම්
අන්තර් අවබෝධයක් ලබනවා ඇත. එකල්හි මුල් පියවරේදී ම ඔබ ඔබට ම හෝ අනෙකකුට
හානිකර කිසිවක් කරන්නේ නම් එයින් වැළකී සිටීමේ අවබෝධය අත්දකින්නට
පුළුවන.
එවිට ඔබ තෘෂ්ණාව, කාමුකත්වය, කෝපය, මෝහය සහ බිය වැනි මනස සමඟ බැඳුනු
සාමාන්‍ය අවස්ථා එළඹෙන ආකාරය අවබෝධ වන කල්හි ඒවා වළක්වා ගනු ඇත. එකල්හි
ඔබට ඔබේ මනස වෙළා ගත් තෘෂ්ණාව ආදියේ ශක්තිය මැඬලන උපක්‍රම පැහැදිලිව
දකින්නට පුළුවන. එහි ප්‍රතිඵලය වන්නේ තෘෂ්ණාදියෙන් හෝ වෙනත් ඕනෑ ම
දෙයකින් ඔබට නිදහස් විය හැකි සාවධාන පියවරකට එළඹෙන්නට හැකි වීම යි.
භාවනාවේ අත්‍යන්තයෙන් පලදායක විය හැකි වඩාත් උසස් පියවරවල් වන්නේ ඉහත
දැක්වුණු ඒවා ය. ඔබ හුදෙක් විවේක සුවය පිණිස භාවනාව ප්‍රගුණ කරන්නේ
නම්, ඔබේ රෝගාබාධ විෂයයෙහි මූලික කරුණක් ලෙස තෙහෙට්ටුව ගැන සිතා බැලීම
වැදගති. එහෙත් හුදෙක් තෙහෙට්ටුව පිළිබඳ සඳහන් කරනවාටත් වඩා කායික හා
මානසික විසින් ඒඩ්ස් විෂයයෙහි කියන්නට බොහෝ දේ ඇත. ඔබ විශ්‍රාමය සහ
බාහිර සන්දර්ශන ආකල්පයට සීමා කරන්නේ නම්, භාවනාව මඟින් ඔබට පිරිනැමෙන
පරිපූර්ණ ප්‍රතිලාභයට උරුමය කියන්නට නොහැකි වන්නේ ය.
දැන් අපි ඔබ බරපතළ රෝගාබාධයකට සහ මරණයට මුහුණ දීමේදී භාවනාවට කළ හැකි
වන්නේ කුමක් ද යන මාතෘකාවට එළඹෙමු. ඒවාට මුහුණ දෙන්නට සහ ඒවා ඉක්මවා
යන්නට භාවනාව යොදා ගන්නේ කෙසේ ද යන්න කෙරෙහි සාවධාන වන විට පළමුවෙන්
අත්දකින්නට ලැබෙන්නේ කටුක වේදනාව යි.එහිදී පළමුවෙන් ම එවැන්නක් ඇති බව
පිළිගන්නට ඔබට සිදුවෙයි. මෙය එක්තරා ප්‍රමුඛ පියවරකි. ඇයි ද යත්, බොහෝ
දෙනා තමන් වේදනාවක් අත්දකින විට, එය එසේ නොපැවතිය යුත්තක් සේ දකින්නට
උත්සාහ කරති. ඔවුන් සිතන්නේ එකී වේදනාව ඉවතට තල්ලු කර දැමීමෙන් වළක්වා
ගත හැකි බවකි.එහෙත් එය නම් බදු ගෙවන්නකු එය ගෙවීමෙන් මඟ හරින්නට, තමා
වෙත එවන ලද අයබදු තක්සේරු පිටපත කුණු කූඩයට දැමීමක් වැන්නකි. එයින්
ඔහුට බදු ගෙවීමෙන් ටික දිනකට මඟ හරින්නට පුළුවන.
එහෙත් ඉක්බිති බලධරයෝ ඔහු ලුහු බඳින්නෝය. එය ඔහුට තිබුණු තත්ත්වයට වඩා
බෙහෙවින් බරපතළය. එබැවින් වේදනාවට ඔරොත්තු දී සිටින්නට නම්, පළමුවෙන්
එය තේරුම් ගත යුතුය. එහිලා සාවධාන වීම යනු, ඉවසා දරා ගැනීමයි. කෙසේ
වෙතත් ඔබ වේදනාව සමග ජීවත් වන විට ඔබට එයින් සහනයක් ලබා දෙනු පිණිස
භාවනාවට කිසියම් කැපවීමක් කරන්නට පුළුවන. එහෙත් වේදනාව එසේම තිබුණත්,
එය විඳීමෙන් වළකින්නට ඔබට හැකියාවක් නැත.
ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි යොමුවීමේ තාක්ෂණයේ ඔබ විශාරද නම්, එය සමතුලිත
වූ කල්හි ඒ අනුව ඔබට සුව පහසුවක් දැනෙයි. එවිට සිරුරෙහි කවර තැනක්
කෙරෙහි ඔබේ අවධානය යොමුවිය යුතු දැයි තෝරා ගන්නට ඔබට හැකි බව තේරුම්
යයි. ඔබට වුවමනා නම්,වේදනාව ඇති තැන කෙරෙහි යොමුවිය හැකිය. එහෙත් මුල්
පියවරේදීම, සිරුරේ සුව පහසු කොටස් කෙරෙහි යොමු වෙතොත් වඩාත් හොඳය.
වේදනාව ඇත්තේ ඔබ සිතන කොටසේ නොවිය හැකිය. එබැවින් වේදනාව ඉවත් කරන්නට
ඔබට නොහැකි වන්නට පුළුවන. එහෙත් ඒ එක්ක ම වේදනාව සමඟ ඔබට පවතින්නට ද
නුපුළුවන. සාමාන්‍ය තත්ත්වයෙන් සිතා බලතොත් එය ස්වාභාවිකය.
අත්‍යවශ්‍යයෙන් එය ඔබට පමණක් විශේෂයෙන් සිදුවන්නක් නොවේ.
තවත් උපක්‍රමයක් නම් වේදනාව පවතිද්දී ඒ අතරින්ම ආශ්වාස ප්‍රශ්වාසයෙහි
යෙදීමයි. ඔබ හුස්මගන්නා හැම වාරයක් පාසා සිරුර තුළින් වාතය ගමන් කරන
විට ආශ්වාස , ප්‍රශ්වාස හැඟීම කෙරෙහි සංවේදී වන්නට ඔබට හැකි නම්, සිරුර
තුළ ශක්තිය නිදහස්ව විනිවිද නොයන්නේ කොතැන්හි දැයි ඔබට දැන ගන්නට
පුළුවන. එය ප්‍රතිෂේධාත්මක උපක්‍රමයක් වුවහොත් සත්තකින්ම වේදනාව වැඩි
වනු ඇත. එබැවින් හුස්ම ඉහළට ගනිද්දීත්, පහළට හෙළද්දීත් එය කෙළින්ම
වේදනාව විනිවිද යන්නේ දැයි අවධානය යොමු කරන්න. ඒ අනුව ඔබේ මනස වෙළා ගත්
නොරිස්සුම් පටලය විසිරී, වියැකී යනු ඇත.
ඔබේ චිත්ත සමාධිය පිළිබඳ ශක්තිය වඩා ප්‍රබලත්, ස්ථාවරත් වන විට, ඔබට
වේදනාවේ ව්‍යුහය විශ්ලේෂණය කරන්නට වුවමනාවක් ඇති විය හැකිය. එහිදී පළමු
පියවර වන්නේ එහිලා කායික හා මානසික අංගෝපාංග බෙදා විග්‍රහ කිරීමයි.
එවිට පවත්නා වාස්ත්වික කායික හා මානසික වේදනාව අතර වන යථාර්ථවත්
ස්වභාවය පැහැදිලිව වටහා ගත හැකිය. කෙසේ වෙතත් සාධාරණව හෝ අසාධාරණව
පීඩාකාරිවීම පිළිබඳ බියට කරුණක් වන්නේ වේදනාව වඩාත් උග්‍රවීම හෝ එහිලා
අවසාන අනතුරු ඇඟවීමයි.
එහෙත් ඔබ ඉහත දැක්වුණු සිතිවිලි ඔස්සේ ඒවාට එකඟ වන්නට නැඹුරු විය යුතු
නොවේ. ඉදින් මනස ඒවා හඹා යන්නට සූදානම් වන්නේ නම්, ඔබ ඒ ගමනට එකඟවීම
නොමැනවි. ඔබ එසේ ඒ සිතිවිලි පෝෂණය කරන්නට සූදානම් නැති කල්හි ඒවා
කෙමෙන් ඔබ අත්හැර යන්නට පටන් ගන්නා බව ඔබට දැන ගන්නට ලැබෙනු ඇත. කෙසේ ද
යත්, ඔබ සමග මිතුරු වන්නට පැමිණි උමතු පුද්ගලයකු ඔබ අත්හැර යන්නාක්
මෙනි.යම් ලෙසකින් ඔබ උමතු පුද්ගලයකු සමඟ කතාබහ කරන්නට පටන් ගතහොත් ටික
වේලාවකින් ඔබත් උමතු බවට යනු ඇත. කෙසේ වෙතත් ඔබට උමතු පුද්ගලයකු සමග
වල්පල් දොඩන්නට සිදු වුවහොත්, දිගින් දිගට එය ගෙන යෑම නම්
නොමැනවි.එකල්හි ඔහු ඔබ අත්හැර යනු ඇත.ඔබේ මනස තුළ කුණුකසළ බඳු සිතිවිලි
තිබේ නම්, ඒවායේ ස්වභාවයත් එබඳුය. ඒ පිළිබඳ සියලු වගකීම ඔබ සතුය.
වේදනාවක් ඇති වන්නේ ඔබට පමණකි හෝ වේදනාවට හිමිකරුවකු වන්නේ ඔබ පමණකි යි
සිතා ඔබේ වේදනාව වෙළා ගත් මානසික පටලය ගලවා දමන විට, අන්තිමට ඔබට
පහසුවෙන් එළඹෙන්නට සිදුවන්නේ මෙවන් නිගමනයකට ය. “මෙය හුදෙක් වේදනාවක්
පමණි.එය එහි අයිතිය යි, “ යනුයි.ඔබ එය තේරුම් ගත් කල්හි ඔබේ භාවනාව බිඳ
වැටීමෙන් වළකිනු ඇත. ඒ එක්ක ම එකී නිගමනය මනසෙහි ඇදී මැකී යයි. නැවත එය
මනස තුළ හිස එසවුවහොත් වේදනාව උත්සන්න වෙයි. එසේම යටපත් වුවහොත් වේදනාව
මැඬ සිටී. ඉක්බිති, කය වේදනාව සහ ඔබේ අවධානය යන මේ තුන් ආකාර දේ එකට
ගැටගැසූ ලණුපටක කැබලි තුනක් සේ දකින්නට උත්සාහ දරන්න. එහෙත් දැන් ඒවා
ඇත්තේ ලිහා දමන ලද කැබලි සේ වෙන් වෙන්ව ය. එසේ තේරුම් ගත් කල්හි ඔබට
ඉවසා දරා ගත නොහැකි වේදනාවක් නැති බව දැන ගත හැකිය.
ඔබට සරණක් වීමට භාවනාවට හැකි තවත් ඉඩකඩක් නම්, ඔබේ සිරුර රෝගීවීම
පිළිබඳ සරල සත්‍යය සමග ජීවත්වීමයි. ඒ අතර ඇතැම් දෙනා මේ සත්‍යය
පිළිගැනීම වනාහි රෝගීවීම පිළිබඳ බැරෑරුම් කම ලක්ෂණ විෂයයෙහි අංගයක්
වීමයි. එහෙත් වරක් ඔබ ඔබේ මනසෙහි ප්‍රබල කේන්ද්‍රීය ශක්තියක් වැඩි
දියුණු කර ගත් කල්හි ඔබට ඔබේ සන්තුෂ්ටිය එහි පදනම කර ගත හැකිය. එවිට
වඩාත් බලගතු උපේක්‍ෂාවකින් රෝගය දෙස බලන්නට ඔබට හැකි වනු ඇත. මෙහිදි අප
විසින් මතක තබාගත යුත්තක් වෙයි. එනම් බාහිර කිසි ම බලපෑමක හේතුවෙන්
රෝගය අප නොරවටන බවයි. රෝගය හෙවත් ලෙඩවීම යනු පැහැදිලිව ම ජීවිතයේ
කොටසක් වන්නේය.
මා මෙතෙක් කී පරිදි රෝගීවීම හෙවත් ලෙඩවීම ස්වාභාවික, සාමාන්‍ය
සංසිද්ධියක් පමණි. එහෙත් කායික හා මානසික සෞඛ්‍යය නම් ප්‍රාතිහාර්යයක්
මැ යි. යථා යෝග්‍ය පරිදි හෙවත් හරියට ම ශරීර ක්‍රියාකාරිත්වයේ සමස්ත
සංකීර්ණ ක්‍රම පද්ධතිය අප සිතන තරම් සරල ලෙස සිදුවන්නක් නොවේ. ඒ පිළිබඳ
ක්‍රම පද්ධතිය බිඳ වැටෙන්නට පටන් ගත් කල්හි එකී සංසිද්ධිය විෂයයෙහි අප
පුදුම විය යුතු නොවේ.
ඒඩ්ස් හෝ පිළිකාව වැනි රෝගයක් සමග ජීවත්වීමේ දුෂ්කරතම අවස්ථාව වන්නේ,
තමනට සිය සිරුර පාලනය කර ගැනීමේ හැකියාව නැතැ යි යන හැඟීම බව බොහෝ දෙනා
පැමිණිලි කරති. එහෙත් ඔබ වරක් ඔබේ සිත පාලනය කර ගත් විට, ඔබ විසින් ඔබේ
සිරුර පාලනය කරගෙන තිබුණු ආකාරය මුළාවක් බව මුල්තැන් ගන්නවා ඇත.
කවර දාකවත් ඔබට වුවමනා හැටියට ඔබේ සිරුර පාලනය කර ගැනීමේ බලයක්, ඔබේ
සිරුර ඔබට පවරා ඔබ සමඟ ගිවිසුමකට එළඹ නැත. ඔබ නිරායාසයෙන් ක්‍රියා
කරවීමට උපතින් ම ඔබට පවරා දෙනු ලැබ ඇත. ඔබට කන්නට, යන්නට , කතා කරන්නට
ආදී ක්‍රියා කරන්නට බල කරනු ලැබ තිබේ. මේ අනුව එහිදී ඔබ , ඔබේ සිරුරේ
බාරකාරයා පමණක් වන්නෙහිය. එහෙත් එවිට පවා ඔබේ සිරුරට වුවමනා හැටියට
බඩගිනිවීම, මල පහ කිරීම, ඇදගෙන වැටීම, තුවාලවීම , අසනීපවීම , මහලුවීම
ආදිය පවත්වා ගෙන යන්නට ඔබට බල කරනු ලැබේ. ඔබ වෙනත් පුද්ගලයන් කෙරෙහි
බලපෑම් කරන විට, තමන් විසින් තමන්ගේ සිරුර පාලනය කර ගන්නට ඔවුනට සිදුව
තිබියදී, ඔබේ බලපෑමක් දරා ගන්නට සිදුවීම, තමන් පාලනය කර ගැනීමේලා
බෙහෙවින් අසීරු කාරියක් වනු ඇත.
මෙසේ භාවනාවේ කාර්ය සාධනය වන්නේ ඔබට ස්ථාවර පදනමක් සකසා දීමයි. එය ඔබට
ජීවිතය එහි යථා ස්වරූපයෙන් දකින්නට අදාළ යහදායක පදනමක් දමා දෙයි. තවද
සිරුර පුනපුනා සිය ස්වාධීනත්වය සහතික කරන්නට වෙර දරද්දී ඔබට තර්ජනය කරන
හෝ ඔබ මවිතයට පත් කරන හැඟීමෙන් වළක්වනු ලබයි. තවද අපේ මොළය පවා සාවද්‍ය
ලෙස ක්‍රියා කරන්නට පටන් ගනිද්දී භාවනාව මගින් සාවධානය වැඩි දියුණු කර
ගෙන ඇති පුද්ගලයනට යථාර්ථය කෙරෙහි සංවේදී වන්නට හැකිය. එසේ තිබියදී ඒ
කාරියෙහිලා තමන්ගේ සිරුර විෂයයෙහි වගකීම බාර ගන්නට බැරිකමක් නැත.
මා කලිනුත් කියා ඇති පරිදි භාවනාවේ වැදගත් පියවර වලින් එකක් වන්නේ, ඔබ
මනස තුළ සංජානන කේන්ද්‍රයක් හඳුනා ගත් කල්හි, ශරීරය මැරෙන මොහොතෙහි
සංජානන කේන්ද්‍රය නොමියෙන බවයි. ඔබේ භාවනාවේදී ඔබට එකී සංජානන
කේන්ද්‍රය වෙත එළඹෙන්නට හැකි නම්, එවිට මරණයට කොහොත්ම ගැටලුවක් ඇති
වන්නේ නැත. ඇතැම් විට එසේ සංජානන කේන්ද්‍රයට එළඹ නොසිටියත්, ඔබට මරණයට
සූදානම් වීමට බැරිකමක් නැත. එබඳු පියවරකින් ඔබට සන්සුන් මරණයකට මුහුණ
දෙන්නට පුළුවන. එය වැඩිතමයක් දෙනාගේ මෙන් දූෂිත අර්ථශූන්‍ය මරණයක්
නොවනු ඇත.
ඔබ භාවනාව නිසි පරිදි පුහුණු කර නැති නම්, ඉහත දක්වන ලද ආකාරයේ
අත්දැකීම යටපත් වී යනු ඇත. ඒ අතර මනස කවර අරමුණක් ග්‍රහණය කළත්, එයට
කවරක් පිරිනැමුණත් ඒ කිසිවක් ගණනකට නොගෙන තමනට හුරු පුරුදු අතට ම ගමන්
කරනු නියතය .
යම් සේ ඔබ භාවනාව පුහුණු කරනු ලැබ සිටියත්, ඒ අතර ඔබේ සිතිවිලි ඔස්සේ
බුද්ධිමත්ව ක්‍රියා කරන්නට හැකිව හෝ කවර සිතිවිල්ලක තරයේ එල්බ ගත යුතු
දැයි සහ කවර සිතිවිල්ලකට ඉවත්ව යන්නට ඉඩ සැලසිය යුතු දැයි දැන ගෙන
තත්ත්වය පාලනය කර ගන්නට ඔබට හැකිය. එහිදී උපරිතම ගුණාත්මක භාවයෙන් තොර
මානසික තත්ත්වයක් පෙළ ගැසෙන්නට එන විට එය ප්‍රතික්ෂේප කරන්නට ද හැකි
වනු ඇත.
යම් සේ ඔබේ චිත්ත සමාධිය ස්ථාවර ද ඒ අනුව ඔබ ප්‍රගුණ කර ඇති කුසලතාව
පිළිබඳ පහත දැක්වෙන පරිදි අවසාන පරීක්ෂණය පැවැත්විය හැකිය. එනම්, එහිදී
කිසියම් වේදනාවක් දැනේ නම් , පළමුවෙන් නොදැනී යන්නේ වේදනාව ද, නැතහොත්
ඔබේ සාවධාන අරමුණ දැ යි ඔබට දැන ගන්නට හැකිවීම යනුයි. කෙසේ වුවත් ඔබට
විශ්‍රාමය සහතික කළ හැකිය. පළමුවෙන් වේදනාව වියැකී යනු ඇත. ඇයි ද යත්,
සාවධානික අරමුණ වියැකී නොයන හෙයිනි.
මේ සියල්ලෙහි විරාමයක් හෙවත් සන්සිඳීමක් යනු ඔබට ජීවත් වන්නට හැකිතාක්
කල් භාවනාව ඔබේ ජීවිතයේ ගුණාත්මක භාවය වඩා යහපත් ක්ෂේත්‍රයකට පත් කරනු
ඇත යනුයි. එමගින් ඔබට වේදනාව සහ රෝගීභාවය උපේක්ෂාවෙන් දකිනු හැකිය.
එයින් ඔබට ජිවිතය පිළිබඳ පිරිපුන් යමක් උගත හැකිය.
අප කාටත් අපේ ආයු කාලය නිමි කල්හිත්, අන් කිසිත් පිළිසරණක් නැතිව,
වෛද්‍යවරයා පවා අප වෙතින් ඉවත්ව ගිය කල්හිත්, ඔබ හුදකලා නොකරන එකම
පිළියම වන්නේ ඔබ භාවනාවේදී වැඩි දියුණු කර ගත් කුසලතාව පමණක් බව කියනු
කැමැත්තෙමි. ඔබේ මරණය තීක්ෂණ උපාය මාර්ගයෙන් පාලනය කරන්නට භාවනාව ඔබට
ශක්තිය ලබා දෙනු ඇත. අප මරණය ගැන සිතන්නට කැමති නැති වුණත්, එය ඉදිරියේ
සිදුවන්නට ඇති නියතියකි. කෙසේ වෙතත් කාරියක් නැත. එහෙත් අප මරණය දෙස
යථාර්ථයෙන් බැලිය යුත්තේ කෙසේ දැයි උගත යුතුය. අවසන් විසින් මෙසේ කීම
මැනව යි සිතමි. මැනවින් පාලනය කරන ලද මරණය වනාහි, සාර්ථක ලෙස ගත කරන ලද
ජීවිතයක නිසැකකම උදාර ලක්‍ෂණයන්ගෙන් එකක් වන්නේ ය.
(2009.08.13 සහ 2009.08.20 දෙදින බුදුසරණ පුවත්පතේ පළ කරන ලද පූජ්‍ය
ධනිස්සරෝ හිමියන්ගේ Using Meditation to Deal with
Pain and Death ලිපියේ පරිවර්තනයකි. එය උන්වහන්සේ විසින් ඒඩ්ස්, එච්අයිවී සහ
වෙනත් ප්‍රතිශක්ති හීනතා ව්‍යාධි පිළිබඳ සම්මන්ත්‍රණයකදී ඉදිරිපත් කරන
ලද දේශනයකින් උපුටා ගන්නා ලද්දකි.) |