බස නසන්නෝ
සිංහල හා පාලි වචන තමන් කැමැති ආකාරයට අරුත් ගන්වන අමුතු ධර්ම
දේශනා රැල්ලක් මේ දිනවල මතු වී තිබේ. මීවනපලානේ සිරි
ධම්මාලංකාර හිමියන් ගේ ‘සං’ දේශනාව,කුලරත්න නක්කාවත්ත මහතා ගේ
අනුසෝතගාමී පටිපදාව ආදී දේශනා මෙන් ම එ බඳු අරුත් සහිත ලිපි
ලේඛන ද දැන් බහුල ය. භාෂාවේදීන් සතු කර්ය භාරය තමන් වෙත පවරා
ගෙන ඇති මේ ඊනියා ධර්ම දූතයන් ගේ දැන ගැනීම පිණිස අප රටේ නූතන
වාග් විද්‍යාවේ ආදි කර්තෘවරයා වශයෙන් සැලැකෙන මහාචාර්ය සුගතපාල
ද සිල්වා ලියූ ‘ භාෂා විෂයක ලිපි’ නමැති කෘතිය මෙහි උපුටා
දක්වමු. භාෂාව යනු කුමක් දැයි අවබෝධ කැර ගැනීමට මේ කරුණු
ප්‍රමාණවත් වනු ඇත.
“ භාෂාව යනු මිනිසුන් ඇති කර ගෙන තිබෙන පුරුද්දකි. ඒ පුරුද්ද
ඇති කරගනු ලබන්නේ අනුකරණයෙනි. දරුවා භාෂා පුරුද්ද ඇති කර ගන්නේ
වැඩිහිටියන් අනුකරණය කිරීමෙනි. අනුකරණයෙන් පුරුදු කර ගනු
ලබන්නේ භාෂා ව්‍යවහාරය යි. භාෂා විග්‍රහය නො වේ. භාෂාව
ව්‍යවහාර කරනු ලබන්නේ වාගාලාප මාධ්‍යයෙනි. වාගාලාප නම් කියමන්
ය. වාගාලාප හා කියමන් තවදුරටත් විග්‍රහ කිරීම වාග් වේදියා ගේ
වැඩකි. භාෂාව කථා කරන හැම ජනයා ම ඊට පොහොසත් නො වෙති. භාෂා
විග්‍රහය විද්‍යාවකි. කථා කිරීම විද්‍යාවක් නො වේ.”
තමන් කැමැති ආකාරයට වචන වලට අරුත් ඔබ්බන මේ භාෂා විශේෂඥයන් දැන
සිටිය යුතු ම කරුණු කිහිපයක් මහාචාර්ය සුගතපාල ද සිල්වා මෙ සේ
විස්තර කැර තිබේ.
“වර්තමානයේ ලිවීමට යොදා ගනු ලබන ගද්‍ය භාෂාව පැරැණි සෙල්ලිපිවල
භාෂාවට වඩා වෙනස් ස්වරූපයකින් යුක්ත යි. මේ වෙනස හිටි හැටියේ
ඇති වූවක් නෙවි. ඒ අනුක්‍රමයෙන් කාලයත් සම¼ග ඇති වූ විපරිණාමයක
ප්‍රතිඵලයක් . පුරාණ ම සෙල්ලිපි භාෂාව දහවැනි හෝ දොළොස් වැනි
ශතවර්ෂයන්හි සෙල්ලිපිවල භාෂාවෙන් වෙනස් වන්නේත්, දහවැනි හෝ
දොළොස් වැනි ශත වර්ෂවලට අයත් සෙල්ලිපි භාෂාව ඉන් පසු ව රචනා
කරනු ලැබූ සාහිත්‍ය ග්‍රන්ථයන්ගේ භාෂාවෙන් වෙනස් වන්නේත්
කාලයත් සමග සිද්ධවන එම විපරිණාමය හේතු කොට ගෙන යි. වෛදික
සංස්කෘත භාෂාව ප්‍රාකෘත භාෂා බවටත් ප්‍රාකෘත භාෂා වර්තමාන
ඉන්දියානු භාෂා බවටත් පෙරැළුණේ කාලයත් සමග සිද්ධ වන එම
විපරිණාමය නිස යි. සංස්කෘතයත් සිංහලයත් නැත්නම් පාළියත්
සිංහලයත් සැසඳුවොත් කාලානුරූප ව සිදු වී තිබෙන විපරිණාමය
කොතරම් ද යන්න කාට වුවත් පැහැදිලිව ම බලා ගන්නට පුළුවනි.”
මෙහි දී අපට වඩාත් අදාළ කරුණ වන බුදුන් වහන්සේ ගේ දේශනා පිළිබඳ
ව ද මහාචාර්යවරයා සිය අවධානය යොමු කැර ඇත. සිංහල වචන තම රුචිය
අනුව අරුත් ගන්වා, ප්‍රාකෘතයෙන් දේශනා කළ බුදු දහම විවරණය
කිරීමට උත්සාහ ගැනීම කෙතරම් බොළ¼ඳ දැයි මෙහි පහත දැක්වෙන
ඡේදයෙන් අවබෝධ විය යුතු ය.
“ලියන භාෂාව මෙ සේ අනුක්‍රමයෙන් වෙනස් වන්නේ කථා ව්‍යවහාරයේ
බලපෑම නි සයි. වෛදික සංස්කෘතය කථා කළ ජනයා දඹදිව පුරා පැතිරී
යෑමෙන් පසු ව ඒ ඒ ප්‍රදේශ අතරේ සම්බන්ධය අඩු වීම නිසා එම මුල්
භාෂාව වෙන වෙන භාෂාවල් හැටියට අනුක්‍රමයෙන් වෙනස් වුණා. ශබ්ද
මාලාව හා අර්ථ නිරූපණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නට වීම
නිසා මුල් වෛදික භාෂාවට වඩා වෙනස් භාෂා ගණනාවක් ඇති වුණා. ඒවා
ප්‍රාකෘත නමින් හඳුන්වනු ලබනවා. ප්‍රාකෘත භාෂා අවධියේ දීත්
සංස්කෘත ලිවීම පැවතුණත් විශේෂයෙන් හදාරන්නේ නැතුව එම සංස්කෘත
රචනා තේරුම් ගැනීමට බැරි තත්ත්වයක් හට ගැනුණා. ඒ නිසා තමයි
බුදුන්වහන්සේ, මහාවීර ජිනතුමා වැනි ආගම් කර්තෘවරු ස්වකීය ධර්ම
සංස්කෘතයෙන් නො වදාරා ප්‍රාකෘතවලින් දේශනා කළේ. මුල් සංස්කෘතය
ප්‍රාකෘත බවට පෙරැළීමේ දි ශබ්ද හා අර්ථ නිරූපණ ක්‍රම පමණක්
නෙවී, ව්‍යාකරණ ලක්‍ෂණත් වෙන් වුණා.”
මහාචාර්ය සුගතපාල ද සිල්වා ගේ මේ මතය මහාචාර්ය සෙනරත් පරණවිතාන
විසින් ද පිළිගෙන තිබේ. ‘ලිපිමාලා ‘ නමැති කෘතියෙහි එය විස්තර
කැර ඇත්තේ මෙ සේ ය.
“වේදසුක්ත, බ්‍රාහ්මණ, උපනිෂද්, සූත්‍ර යන මේ අංශයන්ට අයත්
පුරාතන භාරතීය (සංස්කෘත) භාෂාව මාගධී (පාළි) හා සෙසු ප්‍රාකෘත
භාෂාවන් ද ඇතුළත් මධ්‍යකාලීන භාරතීය භාෂාව හා සසඳා බලන කල
(වර්ණාගමාදී ) නිරුක්තය හා පදරූප සිද්ධිය ද පිළිබඳ සැලකිය යුතු
පරිණාමයක් සිදු වූ බව අපට පෙ නේ.”
සැබෑ තත්ත්වය මෙය වුව ද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්
පවසන්නේ ඉන්දියාවේ කිසි ම තැනක, කිසි ම කාලයක මාගධී ප්‍රාකෘත
නමින් භාෂාවක් භාවිතා කැර නැති බව ය. අනුසෝතගාමී යනු කන
අනුගමනය කිරීම යැයි කුලරත්න නක්කාවත්ත මහතා පවසයි. එහෙත් එහි
තේරුම දියපාර ඔස්සේ යන හෝ කාමභෝගීදිවි ගෙවන පුද්ගලයා යන්න මිස
ඔහු ගේ අදහස නො වේ.
එ බැවින් මේ විකාර ධර්ම දේශනාවන්ට දක්වන අනුග්‍රහය නතර විය
යුතු ය. |