විරියෙන් දිනිය යුතු
සසර දුක
කැලණිය පෑලියගොඩ
විද්‍යාලංකාර පිරිවෙනේ
උඩගලදෙණියේ
ධම්ම විමල හිමි
උතුම් ආර්ය සත්‍ය සතරින් දුක හා එයින් විනිර්මුක්ත වීමේ ක්‍රියාවලිය
මොනවට සත්වයනට පෙන්වා දී ඇත. සිද්ධාර්ථ කුමාරයා මුල් අවධිය ගත කළේ ඉතා
සැප පහසු ජීවිතයකි. එහෙත් ඔහුට පසුව මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක්,
පැවිදි රුවක් යන සතර පෙර නිමිති දක්නට ලැබිණි. එයින් පසු තමා මේ සැප
යැයි ගත කරන ජීවිතය බොරු ආටෝප සාටෝපයකැයි වටහා ගෙන මේ ජීවිතය දුක් සහිත
ය; එයින් මිඳීමේ මාර්ගය සොයා ගත යුතු ය යන දැඩි අධිෂ්ඨානය ඇති කර ගත්තේ
ය. මේ අනුව අපට අවබෝධ වනුයේ අපට ඇති ප්‍රධාන ගැටලුව සසරගත දුක යන්න යි.
මානව ප්‍රජාවට පමණක් නොව මුළු මහත් සත්වයනටම උරුම වූ දෙයකි දුක. දුක
උරුම වූවක් ලෙස පෙන්වා දුන්න ද එයින් වියුක්ත වූ තැන පරම වූ සැපත
නැතුවා නොවේ. බෞද්ධයින් හැටියට අපගේ විශ්වාසය නම් නිර්වාණය වූ කලී පරම
සැපත ය යන්න ය. ලෞකිකව අපට අත්විඳින්නට මුහුණ දෙන්නට සිදුවන ඇතැම්
ගැටලු විසඳා, ගැනීම ද, ප්‍රධානතම ගැටලුව වන සසරගත දුක මුලිනුපුටා දැමීම
ද කළ යුත්තකි.
ආර්ථික ගැටලු, යුදමය ගැටලු, දේශපාලන ගැටලු, පාරිසරික ගැටලු, සාමාජික
ගැටලු, මානසික ගැටලු මේ ආදී ගැටලු සුළු කාලපරිච්ඡේදයක් අප අතර ගැවසී
වියුක්ත වී යයි. එහෙත් මිනිසා විඳින සසරගත දුක එසේ නොවේ. එය ගොනා බැඳි
කරත්ත රෝදය (චක්කංව වහතො පදං) මෙන් අප පසුපස හඹා එයි. මෙහිදී විශේෂයෙන්
දුක යන්න කෙබඳු අර්ථයක පිහිටියේ ද යන්න විමසා බැලීම සුදුසු ය. ව්‍යවහාර
ලෝකයේ කරදරය, අමාරුව, විපත, වේදනාව, කනගාටුව යන අර්ථ වලට අමතරව
අපරිපූර්ණතාව, අනිත්‍යතාව, තුච්ඡතාව, අසාරතාව යනාදී ගැඹුරු අර්ථයකින්
‘දුක’ යන්න භාවිත වන බව වල්පොල රාහුල හිමියෝ සිය බුදුන් වදාළ ධර්මය
නමැති කෘතියෙහි දක්වති. එසේම සංයුත්ත නිකායේ දුක්ඛතා සූත්‍රයේ දී දුක
ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වයි.
“තිස්සො ඉමා භික්ඛවෙ දුක්ඛතා කතමා තිස්සො, දුක්ඛ දුක්ඛතා, සංඛාර
දුක්ඛතා, විපරිණාම දුක්ඛතා” යනුවෙනි.
සාමාන්‍ය දුක – දුක්ඛ දුක්ඛතා ලෙසත්
වෙනස්වීම නිසා හටගන්නා දුක – විපරිණාම දුක ලෙසත්
පඤ්ඤ උපාදානස්කන්ධ හා එකතුව සාංසාරිකව හටගන්නා දුක - සංඛාර දුක ලෙසත්
පෙන්වා දී ඇත. මේ අනුව බලන විට දුක පිළිබඳ ගැඹූරු අර්ථ කථනයක් බුදුදහම
තුළින් පෙන්වා දී ඇත්තේ එයින් විනිර්මුක්ත වීමෙහි ඇති වටිනාකම කෙතරම් ද
යන්න තව තවත් සත්ත්වයාට ප්‍රත්‍යක්‍ෂ කරමිනි. සසරගත දුකට ප්‍රධාන හේතුව
ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ ජාති, ජරා, ව්‍යාධි, මරණ
යන්නයි. (දම්සක් පැවතුම් සූත්‍රයෙහි)
“ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං
අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති
තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් ඉපදීම
ජරාව, ව්‍යාධිය, මරණය මෙන්ම අපි‍්‍රයයන් හා එකතුවීම, පි‍්‍රයයන්ගෙන්
වියුක්ත වීමාදිය දුක් සහගත බවත්, සංක්‍ෂේපයෙන් කිවහොත් පංචස්කන්ධය ම
දුක බවත් පෙන්වා දී ඇත. මෙසේ සංක්‍ෂිප්තව දුක යන්න පෙන්වා දී තිබුණ ද
සච්ච විභංග සූත්‍රයේ දී,
“කතමාචාවුසො ජාති? තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති,
සඤ්ජාති, ඔක්කන්ති, අභිනිබ්බන්ති, බන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො
අයං චුච්චතාවුසො ජාති”
යනුවෙන් ඇවැත්නි, ජාතිය වනාහි ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙහි
උපන්නා වූ යම් ආකාර වූ ඉපදීමක් වේද? හටගැනීමක් වේද? උත්පත්ති ස්ථානයට
ඇතුළුවීමක් වේද? විශේෂයන් ඉපදීමක් ඇත්ද? ස්කන්ධයන්ගේ පහළ වීමක් ඇත්ද?
ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද? ජාතිය යැයි කියනු ලැබේ. යනුවෙන් ජාතිය යනු
කුමක්ද? ජරාව යනු කුමක්ද? ව්‍යාධිය යනු කුමක් ද? මරණය යනු කුමක්ද? යන්න
විස්තරාත්මකව දක්වා ඇත.
එපමණක් නොව බුදු දහමෙහි එන ප්‍රධාන ඉගැන්වීම වන චතුරාර්ය සත්‍ය දුක
කේන්ද්‍ර කරගත් ප්‍රධාන ඉගැන්වීමයි.
දුක
දුකට හේතුව
දුක නැති කිරීම
දුක නැති කිරීමේ මඟ
උතුම් ආර්ය සත්‍ය සතරින් දුක හා එයින් විනිර්මුක්ත වීමේ ක්‍රියාවලිය
මොනවට සත්වයනට පෙන්වා දී ඇත. සිද්ධාර්ථ කුමාරයා මුල් අවධිය ගත කළේ ඉතා
සැප පහසු ජීවිතයකි. එහෙත් ඔහුට පසුව මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක්,
පැවිදි රුවක් යන සතර පෙර නිමිති දක්නට ලැබිණි. එයින් පසු තමා මේ සැප
යැයි ගත කරන ජීවිතය බොරු ආටෝප සාටෝපයකැයි වටහා ගෙන මේ ජීවිතය දුක් සහිත
ය; එයින් මිඳීමේ මාර්ගය සොයා ගත යුතු ය යන දැඩි අධිෂ්ඨානය ඇති කර ගත්තේ
ය. මේ අනුව අපට අවබෝධ වනුයේ අපට ඇති ප්‍රධාන ගැටලුව සසරගත දුක යන්න යි.
රට්ඨපාල සූත්‍රයේ දී ‘උපනීයති ලොකො අද්ධුවො’ යනු ලෝකය නිතර නිතර ජාති,
ජරා, ව්‍යාධි, මරණවලට ඇදගෙන යනු ලබන අතර, එවිට සත්වයා අසරණ වන බව
පෙන්වාදී ඇත. ලෝකය අතහැර දමා යා යුතු එකක් බව ‘අස්සකො ලොකො සබ්බං පහාය
ගමනීයං’ යන්නෙන් මැනවින් පෙන්වා දී ඇත. ආර්ය පර්යේෂණ සූත්‍රයේ දී ආර්ය
පර්යේෂණය හා අනාර්ය පර්යේෂණය යයි පර්යේෂණ දෙකක් පෙන්වා දී ඇත. අනාර්ය
පර්යේෂණය නම් සත්ත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට හේතු සාධක වන කරුණු
කාරණා පසු පසම හඹා යෑමයි. ආර්ය පර්යේෂණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ
සත්ත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතරින් අත්මිඳීමේ ක්‍රමය සොයාගෙන
යාමේ ක්‍රමයයි.
මේ අනුව බලන කල ධම්මචක්ක, රට්ඨපාල, සච්චවිභංග, අරියපරියේසන වැනි
සූත්‍රවල දුක පිළිබඳ විග්‍රහ විභාග මැනවින් දක්නට ලැබේ. එසේ ම මේ
කරුණුවලින් අපට පෙනෙන ලක්‍ෂණය නම් දුක යනු මිනිස් ජීවිත කෙරෙන් දක්නට
ලැබෙන සැබෑ වූ යථාර්ථයකි. එය, සර්ව ව්‍යාපිය, සර්වකාලීනය, සර්ව දේශය.
දුක නැති කිරීම.
සත්ව ප්‍රජාවගේම යථාර්ථ ස්වභාවය නම් දුක ය. දුක නැති කළ තැන යථාර්ථ
ස්වභාවයක් වන සැපය එනම්, නිර්වාණය දක්නට ලැබෙයි. නිවන පරම සැප යැයි
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ‘නිබ්බාණං පරමං සුඛං’ යනුවෙනි.
මෙකී පරම වූ සදාකාලික වූ සැප සාක්‍ෂාත් කර ගන්නේ කෙසේද? එයට දුක නැති
කළ යුතු ය. දුක නැති කළ හැක්කේ කෙසේද? දුක වීර්යයෙන්, උත්සාහයෙන්,
කැපවීමෙන් නැති කළ යුතු ය. වීර්යයෙන්, උත්සාහයෙන් හා කැපවීමෙන් කුමක්ද
කළ යුත්තේ? එයට දිය හැකි පිළිතුර නම් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි
ශික්‍ෂාවන් පිරීමයි. එවිට දුකින් නිදහස්් වීමේ ශක්‍යතාව ලබාගැනීමට
පුළුවන්කම ලැබේ යන්නයි. ආලවක සූත්‍රයේ දී ආලවක යක්‍ෂයා බුදුරජාණන්
වහන්සේගෙන් දුක නැති කරන්නේ කෙසේද යනුවෙන් විමසීමක් කරයි.
“කථංසු දුක්ඛං අච්චෙති”
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ ‘විරියෙන දුක්ඛං අච්චෙති’ වීර්යයෙන්
තමයි දුක නැති කළ යුත්තේ යන්නයි. මෙයින් අපට ප්‍රකට වන කාරණය දුක නැති
කිරීමේ එකම ක්‍රමය වීර්යය යන්නයි. ගිහියාගේ අත්පොතක් ලෙස සේම, ධර්ම
භාණ්ඩාගාරයක් ලෙස සැලකෙන ධම්මපදයෙහි අප්පමාද වග්ගයෙහි
අප්පමාදො අමතපදං
පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති
යෙ පමත්තා යථා මතා
යනුවෙන් නොපමා බව නිවනට මාර්ගය ලෙසත්, පමා බව මරණයට මාර්ගය බවත්,
අප්‍රමාද නොවූවන් නොමියෙන බවත්, පමාද වූවන් මළවුන් වැනි බවත් සඳහන්
කරයි. එමෙන්ම
උට්ඨානෙන, අප්පමාදෙන
සඤ්ඤමෙන දමෙන ච
දීපං කයිරාථ මෙධාවි
යං ඔඝො නාභිකීරති
නුවණැත්තා කෙලෙස් මහ වතුරෙන් නොනසා ලියහැකි රහත් ඵල නමැති පිහිට
කරගන්නේ යැයි සඳහන් ය. මෙයින් ද උත්සාහය, වීර්යය යන්නෙහි ඇති අගය පසක්
කර දෙයි. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී, උට්ඨාන සම්පදා, ආරක්‍ඛ සම්පදා,
කල්‍යාණ මිත්තතා, සමජීවි කතා යනුවෙන් සැපවත් ජීවිතයකට අවශ්‍ය කරන
මාර්ගය පෙන්වා දෙයි. එයින් ද මුලින් ම පෙන්වා දී ඇත්තේ උත්සාහයයි.
“ආරහථ, නික්ඛමථ, යුඤ්ජථ බුද්ධ සාසනෙ”
අරඹව්, නික්මෙව්, යෙදෙව් බුද්ධ ශාසනයේ යනුවෙන් ද පෙන්වා ඇත්තේ යමක්
ආරම්භ කරන්න. එය පවත්වාගෙන යන්න යනුවෙනි. එනම් ඒ උත්සාහය මතය.
“ධුණාථ මච්චුනො සෙනං නලාගාරං ව කුඤ්ජරො’ ඇතෙක් බට පඳුරු සුණු විසුණු
කරමින් දුවන්නා සේ සත්වයා ද කෙලෙස් දූවිලි විනාශ කළ යුතු බව දක්වා ඇත.
මේ අනුව බලන විට දුක නැති කිරිම, උත්සාහය මතම පදනම් වූවකි. උත්සාහය
ඇතිනම් දුකින් මිදීම අපහසු නැත.
දුක පිළිබඳ මේ ආකාරයට සාකච්ඡා වන විට බුදුදහම යනු දුක කේන්ද්‍ර කරගත්
දහමකි යනුවෙන් ඇතැමෙක් සිතන්නට ඉඩ ඇත. එහෙත් බුදු දහම තුළ එය
අසුබවාදයක් ලෙස නොසලකයි. එහෙත් එය මිනිස් ජීවිත කෙරෙන් දක්නට ලැබෙන
යථාර්ථයක් ලෙස පෙන්වා දෙයි. වල්පොල රාහුල හිමියෝ ප්‍රකාශ කරන්නේ ‘බුදු
දහම අසුබත් නැහැ, සුබත් නැහැ යථාර්ථයක් බවයි’ බුදුදහමෙහි දුක පිළිබඳ ම
නොව සැප පිළිබඳ ව සාකච්ඡා කර ඇත.
අත්ථි සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ යනුවෙන් සැප හතරක් බුදුදහම
තුළ සාකච්ඡාවට බඳුන් වී ඇත. එහෙයින් මෙයින් අප තේරුම් ගත යුතු දුක
යථාර්ථ ස්වභාවයක් බවත්, එය උත්සාහයෙන් දුරුකළ හැකි බවත් ය.
උට්ඨානය, අප්පමාදය, වීර්ය, පධාන, වායාම, බල මේ සෑම පදයකින්ම ගම්‍ය
කෙරෙන්නේ දුක නැති කිරීම වීර්යයෙන් කළ යුතු බවය. එහෙයින් අපි සැවොම
උත්සාහයෙන් වීර්යයෙන් දුක් නැති කිරීමට අවැසි සීල, සමාධි, ප්‍රඥා
සපුරමු. |